10 January 2018

මගේ ලයිසං ගැනිල්ල

මේකත් මේ ලයිසං කතාවක්ම තමයි.  දැනට මාස තුනකට විතර උඩදි මාත් ලයිසං  ගන්න කියලා ගම්පහ කච්චේරියට ගියා. මට ඕන උනේ සැහැල්ලු වාහන ලයිසං ගන්ඩ නෙමේ  බයිසිකල් ලයිසං ගන්ඩ. සැහැල්ලු වාහන ලයිසං එක් පස්සේ ගන්නවා කියලා හිතලා වැඩේ කල් දැම්මා. ඒ වෙනුවට මම බයිසිකල් ලයිසං ගන්ඩ ඉල්ලුම් කලා.

මම ගියේ ලර්නර්ස් එකක් හරහා නෙමේ. ඒ නිසා මම ලයිසං ගන්න පාවිච්චි කරපු සහ මට කන්න සිද්ධ වෙච්ච කටු ගැන තමයි මේ ලිපියෙන් ලියවෙන්නේ.

ඊට කලින් කියන්ඩ ඕන ලයිසං ගන්න කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් ලර්නර්ස් එකක් හරහාම යන්න. එහෙම නැතුව ලයිසං  ගන්න එක ටිකක් කේස්. මොකද අපේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ ලර්නර්ස් එකකින් කලොත් විතරක් ගොඩ යෑමේ සම්භාවිතාවක් තියෙන විදිහටයි.
ලයිසං ගන්න යන ඕනම කෙනෙක් මුලින්ම කරන්න ඕන මෙඩිකල් රිපෝට් එකක් ගන්න එක. ඒකට රථවාහන දෙපාර්තුමේන්තුවේ අනුමැතිය ඇතුව පිහිටවපු ආයතන පිහිටවලා තියෙනවා. අන්න ඒ ආයතනයකින් ගන්න මෙඩිකල් විතරයි රථවාහන දෙපාර්තුමේන්තුවෙන් පිලිගන්නේ.

එක දිස්ත්‍රික්කයකට එක ගානේ වගේ මෙඩිකල් ගන්ඩ පුලුවන් රජයේ ආයතන පිහිටවලා තියෙනවා. අන්න ඒ වගේ ආයතනයකින් මෙඩිකල් එකක් ගෙනාවා නම් හරි.


ගම්පහ දිස්ත්‍රික්කයේ රථවාහන වෛද්‍ය අයතනය තියෙන්නේ කච්චේරිය කිට්ටුවමයි. ඒ නිසා වැඩිය කරදරයක් නැතුව මෙඩිකල් අරගෙන එහෙම්ම කච්චේරියට ගිහින් එන්ඩ පුලුවන්.

මුලින්ම මෙඩිකල් එකක් අරගෙන කච්චේරියට යන්ඩ ඕන. මෙඩිකල් එකත් එක්කම උප්පැන්න සහතිකයේ ඔරිජිනල් එකකුයි ජාතික හැදුනුම්පතයි අරගෙන යන්න ඕන. ඊට පස්සේ කච්චේරියෙන් ෆෝර්ම් එකක් දෙනවා. ඒ ෆෝර්ම් එකේ P අකුර තියෙන සීල් එකක් ගහනවා. ඒක නිකන් හරියට අපයට වීසා හම්බවෙන්ඩ සීල් කල වගේ. එතනින් එහාට අපේ ෆෝර්ම් එක ගැන වැඩිය තකන්නේ නෑ. පෝලිමක උනත් ලර්නර්ස් එකෙන් එන අයට ප්‍රමුඛතාවය දෙනවා මිසක් අපි ගැන සලකන්නේ නෑ.

ෆෝර්ම් එක පුරවලා ලංකා බැංකුවට සල්ලි ගෙවන්ඩ ඕන. අපි ගන්න ලයිසං එක අනුව ගෙවන්ඩ ඕන මුදල වෙනස් වෙනවා. මම ගත්තේ බයිසිකල් ලයිසං එකක් විතරක් නිසා මට ගෙවන්ඩ උනේ රුපියල් 1800ක් විතරයි. ඔන්න ඒක ගෙවනකොට අමතර රුපියල් 30ක් ගන්නවා ලංකා බැංකුවෙන්. ඒක නම් මොකට ගන්නවද දන්නේ නෑ. සල්ලි ගෙව්වහම කහපාට රිසිට් එකක් දෙනවා. ඒක අරගෙන ආයෙම කච්චේරියට එන්ඩ ඕන.

දැං එන කරන ලියකියවිලි ටික හරි. ඊට පස්සේ කච්චේරියෙන් අපේ ෆොටෝ එකක් ගන්නවා. ඒ ෆොටෝ එක තමයි අපේ ලයිසං එකේ පින්තූරය වෙන්නේ.

ඔය සේරම කරගත්තට පස්සේ ආයෙම පල්ලෙහා කවුන්ටරයකින් විභාගයට දිනයක් දාගන්ඩ පුලුවන්.

විභාගයට දින දාගන්න කවුන්ටරේ ලඟ උනත් අපේ ෆෝර්ම් එකේ තියෙන සීල් එක ගැන පොඩ්ඩක් බලනවා. ඒකත් බලලා තමයි දින දෙන්නේ.

අදාල දිනයට ඇවිත් විභාගයට ලිව්වට පස්සේ සතියකින් ප්‍රථිපල බලන්ඩ පුලුවන්. පුද්ගලික ඉල්ලුම්කරුවෙක් නිසා අපි කච්චේරිය්ටම එන්න ඕන ප්‍රථිපල බලන්න. ඔන්ලයින් බලන්න පුලුවන් ක්‍රමයක් නෑ.

මම එක වතාවෙන්ම පාස් වෙච්ච නිසා මට තාවකාලික පුහුණු වසර පත්‍රය ලැබුණා. ඒකත් අරගෙන පහලට එනකොට මගෙන් මනුස්සයෙක් ඇහුවා ට්‍රයල් පෙන්වන්නඩ ආවේ කියලා. මම උත්තර දෙන්නත් කලින්ම ඒ මනුස්සයා මගේ පුහුණු අවසර පත්‍රයේ තිබ්බ P අකුර දැක්කා.

ඊට පස්සේ මට කිව්වා. ඔයා ට්‍රයල් පෙන්වන්නේ ඔයගෙම සයිකලයකින් ද ? පර්මිට් එකක් තියෙනවද අනම් මනං ප්‍රශ්න ගොඩක්.. මම ඒ ටික අහගෙන ගෙදර ආවා.

මාස තුනක් ඉක්මනින්ම ගෙවුනා.

ට්‍රයල් දවසේ මම උදෙන්ම කච්චේරි ආවා. ඇවිත් ට්‍රයල් පෝලිමේ හිටියා. මගේ වාරේ එනකොට ම්ගෙන් අදාල ලියකියවිලි ටික ගත්තා. ඊට පස්සේ,

"ලර්නර් පර්මිට් එක ගෙනාවද ?" කියලා ඇහුවා.

මම දන්න ලර්නර් පර්මිට් එකක් නෑ. මම ඇහුවා මොකද්ද ඒ කියලා. ඊට පස්සේ ඒ නිලධාරියා මට කිව්වා ලර්නර් පර්මිට් නැතුව ට්‍රයල් පෙන්වන්න දෙන්නේ නෑ. ඒක ගන්න ඕන බයිසිකලය රක්ෂණය කරපු තැනින් කියලා.

මම ඊට පස්සෙ කච්චේරියෙන් එලියට ඇවිත් අපේ සයිකලය රක්ෂණය කරලා තිබ්බ පුද්ගලික රක්ෂණ ආයතනයෙන් කෝල් එකක් අරන් ඇහුවා පුහුණු රක්ෂණාවරනයක් ගන්න පුලුවන්ද කියලා. එයාලා පුලුවන් කිව්වා. මම එහෙම්මම ගම්පහ ශාඛාවට ගියා. ගිහින් පුහුණු රක්ෂණයක් ගන්න ඕන කියලා කිව්වා. ඒගොල්ලෝ මගේ රක්ෂණ සහතික බලලා කිව්වා,

"තර්ඩ් පාර්ටි ඉන්ශුවරන්ස් වලට ලර්නර් පර්මිට් දෙන්නේ නෑ... !" කියලා.

මම ඊට පස්සේ ඇහුවා කොහොමද ලර්නර් පර්මිට් එහෙම නැත්නම් පුහුණු රක්ෂණාවරණයක් ගන්නේ කියලා.

"ඔයා සයිකලය ෆුල් ඔප්ශන් ඉන්ශුවරන්ස් එකක් ගන්න ඕන..." කියලා.

මම ඊට පස්සේ ඇහුවා ෆුල් ඔප්ශන් එක කීයක් වේද කියලා. එයාලා සයිකලයේ වටිනාකම අනුව ෆුල් ඔප්ෂන් එකේ වාරිකය 16,500ක් කියලා තක්සේරු කලා. හුටා... එච්චර ලොකු වාරිකයක් ? දැන් මොකේද දන් වලදන්නේ ?

මම බලාපොරොත්තු කඩවීමකුත් එක්කම ආයේ කච්චේරියට ආවා. ඇවිත් කිව්වා මේකේ පුහුණු රක්ෂනයක් ගන්න ලොකු වාරිකයක් ගෙවන්න ඕන කියලා.

"රක්ෂණ සංස්ථාවෙන් ගන්න පුලුවන්. ඔච්චර ලොකු වාරික ගෙවන්ඩ ඕන නෑ. " කියලා කච්චිරියෙන් මට කිව්වා. සයිකලය රක්ෂණය කරන්න අපේ තාත්තා ඉන්ඩ ඕන නිසා මට අදම ට්‍රයල් පෙන්වන්ඩ වෙන්නේ නෑ කියලා හිතුනා.

මම එහෙම්ම ගෙදර ආවා.

තාත්තට කියලා ලර්නර් පර්මිට් එකකුත් ගෙන්නගෙන ආයෙම ට්‍රයල් වලට දිනයකුත් දාගත්තා. අදාලා දිනයට ඇවිත් ට්‍රයල් පෙන්නුවා.

ට්‍රයල් එකේදි තියෙන්නේ 8 ගහන්න. 8 ගහන්න කලින් අපි හෙල්මට් දාගෙන හෙල්මට් එකේ ලොක් එකදාගන්න ඕන. ඊට පස්සේ කකුල තියන්නේ නැතුව 8 ඉලක්කම අනුව වට තුනක් විතර යන්න ඕන. ඒ යන ගමනේදී හිටවලා තියෙන කෝන් වල වැද්දුවොත් ෆේල් වෙනවා.

වට තුනක් යන අතරදි එක වතාවක්වත් කකුල බිම තියන්න බෑ. එහෙම තිබ්බොත් ෆේල් වෙනවා.වට තුනක් ඉවර වෙනවත් එක්කම අයින් කරලා නවත්තන්න කියනවා. අයින් කරලා නවත්තද්දි වම් කකුල විතරයි බිම තියන්න පුලුවන්. අනිත් කකුලත් තිබ්බොත් ෆේල් වෙනවා. වම් කකුල බිම තියලා.

මේ ටික හරියට කලොත් පාස් වෙනවා. මගේ වාසනාවට කිසිම කරදරයක් උනේ නෑ ඒ නිසා මම පාස් උනා.

පාස් වෙලා සති දෙක තුනක් ඇතුලත වාහන ලයිසන් එක ගෙදරට එවනවා.

4 comments:

  1. රෝද හතරෙ වාහනයකට රියදුරු බලපත්‍රය නම් ඔය ක්‍රමේට ගන්න ගියොත් දවස් ගානක් රස්තියාදු කරනව.
    ඔයාට මෝටර් බයිසිකලයක් ඔතන හිටපු රියදුරු පාසැලේ කෙනෙක්ගෙන් අඩු මුදලක් ගෙවල ගන්න තිබ්බ

    ReplyDelete
  2. රෝද හතරෙ වාහනයකට රියදුරු බලපත්‍රය නම් ඔය ක්‍රමේට ගන්න ගියොත් දවස් ගානක් රස්තියාදු කරනව.
    ඔයාට මෝටර් බයිසිකලයක් ඔතන හිටපු රියදුරු පාසැලේ කෙනෙක්ගෙන් අඩු මුදලක් ගෙවල ගන්න තිබ්බ

    ReplyDelete
  3. මම 8 ගහන්න ගිය දවසෙ කෙල්ලෙක් කකුල බිම තිය තිය 8 ගහලත් පාස් වුණා..

    තව එකෙක් 8 ගහ ගහ ඉන්නකොට ඒක බලන්න හිටපු මනුස්සයට කෝල් එකක් ආවා. අර 8 ඒවා 10ක් විතර ගැහුවා.. අර මනුස්සය කෝල් එක ඉවර වෙලා ඒ කොල්ලට බැනල එලෙව්ව මොනවද කරන්නෙ කියලා .. 😂😂

    ReplyDelete
  4. අපෝ මතක් කරන්න එපා. ලර්නර්ස්වලින් ගියේ නැත්නම් පාස් කරන්නේ නැහැ.මම පලවෙනි සැරේ ප්‍රයිවට් ගියපු නීසා කිසිම වැරැද්දක් නැතුවත් මාව ෆේල් කලා.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.