24 March 2015

සත්‍යය සොයා

ජීවිතය එකම සත්‍යය ගවේෂණයකි.
මනුෂ්ය ආත්මය නමැති අසහනශීලි හංසයා
සත්‍යයේ නිර්මල ජලාශය
සොයා නිති සැරි සරයි .
සහස්‍රයෙන් සහස්‍රයට හංසයා
පියාපත් සලමින්
අහස් කුසේ ඉහළට ඉහළට ,
පියාඹයි
අසහනශිලිව
අනන්තය සොයා

ඇත්ත හා බොරුව

මේ උසාවියේ නඩුකාරයා මමයි,
තමුසෙ නෙමෙයි.
කීවා නඩුකාරයා නීතිඥයාට
"ගරු උතුමාණනි, මට සමාවන්න"
මම කිව්වේ
ඔය සාක්කිකරු පෙන්නපු භාණ්ඩය,
සෙල්ලම් පිස්තෝලයක්
ඇත්ත එකක් නෙමෙයි කියලයි.
කීවා නීතිඥයා
වැන්දේ නැති ටික විතරයි

06 March 2015

නුවර එළියට යන අතරමග රම්බොඩ ඇල්ල ලඟදී

හුඟ දවසකින් කොහේවත් ඇවිදින්ඩ උනේ නෑ. ඒකට ආසන්නතම හේතුව වෙන්නේ අපේ නෝනා සෙනසුරාදා ඉරිදා දෙකේම අමතර පංති කරන්ඩ පටන් ගැනීම. ඒ නිසා එයාට ඒ දවස් දෙකේම කොහාට්ටවත් යන්ඩ බෑ. ඒ නිසාම මටත් ගෙදෙට්ට වෙලා ඉන්ඩ වෙනවා.

හැම සතියක්ම ගෙදරට වෙලා ඉන්න එක එපාම වෙන වැඩක්. ඒත් ඉතිං මොනව කරන්ඩ ද... :(

මේ අවුරුද්දේ ජනවාරි මාසයේ දි තමයි මම අන්තීමට ට්‍රිප් එකක් ගියේ. ඉස්සර නං මාසෙකට සැරයක් ගානේ කොහේ හරි ඇවිදිනවාමයි.

ජනවාරියේ අන්තිම සතියේදි මට නුවර එළියේ යන්න චෑන්ස් එකක් හම්බ උනා. නුවර එළි ගිහින් අලුතින් මොනාහරි බලන්න ලැබුනේ නැතත් ගෙදරට වෙලා ඉන්නේ නැතුව කොහේ හරි ඇවිදලා එන්න ලැබුන එකම මදෑ.

මේ ගමනෙදි මගේ දිය ඇලි එකතුවට තව දිය ඇල්ලක් එකතු උනා. ඒ තම රම්බොඩ අල්ල. කිහිප වතාවක් රම්බොඩ ඇල්ල දැකලා තිබුනාට වාහනයෙන් බැහැලා රම්බොඩ කිට්ටුවටම ගිහින් බලන්ඩ ලැබුනේ එදා..

03 March 2015

දේදුනු මනමාලියේ

හිරුට හොරෙන් කෙමින් කෙමින්
නිලබරට නුඹ ඇවිදින්..
සිහින් බිදුවක් රැගෙනවිත්
සිසිලස එක්කල...
හමන පවනත් සමඟින්
මැකීයන්නට තතනන...
සප්ත වර්ණයෙන්
හිස් අඹර සැරසූ....
කුමරියයි නුඹ
දේදුනු මනමාලියේ....