tag:blogger.com,1999:blog-59408208338297408502024-03-11T14:00:41.980+05:30සිතක සංකල්පනාසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger708125tag:blogger.com,1999:blog-5940820833829740850.post-38381997858328984032024-03-08T08:15:00.002+05:302024-03-08T08:17:03.537+05:30මගේ ඩෙමියෝ එක
කලින් ලිපි දෙක වගේම මේකත් මේ වාහන ගැනම පොඩි දෙයක් ලියලා දාන්න ඕන කියලා හිතුනා.

දැන් නම් ලංකාවේ වාහන මාර්කට් එක ගැන නම් කතා කරලා වැඩක් නෑ. වාහන වල මිල තියෙන්නේ වාහනයේ තියෙන වටිනාකමට නෙමෙයි. අවුරුදු 20ක් විතර පැදපු ඒවත් සෑහෙන්න මිලෙන් වැඩියි.

මේ මිල වැඩි වීමට එක හේතුවක් තමයි ලංකාවට වාහන ගෙන්වන්නේ නැති වීම. අනිත් හේතුව තමයි වාහන බයින් ඇන්ඩ් සෙලින් කරන කට්ටියගේ වාහන මාෆියාව.

මමත් මගේ පැන්ඩා ක්‍රොස් එක විකුණුවට පස්සේ ගන්න වාහනයක් හෙව්වා. හොඳ වාහනයක් හොයන එකත් ලේසි නෑ.

මුලින්ම අපි කළේ මාලබේ පැත්තේ පොඩි රවුමක් දාන එක. මාලබේ අහවල් කාර් නිවස කියලා හෙන ලොකුවට බිස්නස් එක කරගෙන ඉන්න තැනකට ගියා වාහනයක් බලන්න. ඒකේ අපි හෙව්ව වර්ග මොකුත්ම තිබ්බේ නෑ. අපි හෙව්වේ යාරිස්, වියෝස් හෝ 121 වගේ මොඩල්.

ඒවා නම් තිබ්බේ නෑ. ඒ උනාට 50+ වගේ මිලකට සෑහෙන්න වැගන් ආර් නම් තිබ්බා. වැගන් ආර් කියන්නේ හොඳ වාහනයක්. නමුත් වැගන් වල දුර ගමනක් එහෙම යනවා නම් ඩිකි ස්පේස් මදි. අනික ලංකාවේ වැගන් ආර් නම් පට්ට යනකන් පැදපුවා ඇත්තේ. ඒ නිසා වැගන් ආර් නම් බැළුවේ නෑ.

ඉතින් අහවල් කාර් නිවසෙන් එලියට ඇවිල්ලා මාලබේ තියෙන කාර් සේල් වලට ගොඩ වෙලා බැළුවා. තැන් දෙකක වියෝස් දෙකක් තිබ්බා.

එක වියෝස් එකක් බලලා ඒක එන්ජිම පොඩ්ඩක් රේස් කලහම අමු පෙට්‍රල් සුවඳක් එනවා සයිලන්සරෙන්. ඊට අමතරව එක පැත්තක රෝදයක්, ටියුබ් එක වෙනකන් ග්විලා ශුවර් එකට ඉ පැත්තේ සස්ප්න්ශන් කේස් එකක් ඇති. තව තව ඔය වගේ කේස් ටිකක් තිබ්බා. ඒවා හදාගෙන ගන්න නම් ගාන ටිකක් අඩු කරන්න එපෑ. මුන් ගාන අඩු කලේ නෑ. අපි ඉතින් එලියට ආවා.

අනිත් වියෝස් එකත් ඔය වගේ. ඒකේ රේඩියේටර් බ්ලොක් එකක් තියෙනවා. වාහනේ පට්ටෙට හීට් වෙනවා. චෙcක් එන්ජින් ලයිට් එකත් පත්තු වෙනවා. ඒකත් අත ඇරලා දැම්මා.

ඒත් එක්කම කාර් සේල් වලින් වාහන ගන්න අදහස මම අත ඇර ගත්තා. කාර් සේල්කාරයෝ මිනිස්සුන්ව අන්දලා වාහන විකුණන්න හදන්නේ. ඒ නිසා සිල් එකඉන් ගන්නවා නම් සෑහෙන්න හ්ඳට බලලා ගන්න.

එදා දවසේ සෑහෙන සේල් ගොඩකට ගිය නිසා පට්ට මහන්සියි. වෙන දවසක වාහනයක් බලනවයි කියලා හිතාගෙන අපි ආයෙම ගෙදර ආවා.

ඔහොම ටිකක් හොයලා බලලා මට මැස්ඩා ඩෙමියෝ එකක් සෙට් උනා. ඒකේ මොඩිෆිකේශන් ටික අයින් කරගන්න ඕන කියලා ගානකුත් එහෙට මෙහෙට කරලා අරගෙන ආවා. කලර් එකත් ටිකක් අමුතුයි. පොඩි ස්පොර්ටි ගතියකුත් තියෙනවා..

ඊළඟ අවුරුදු දෙක මේක පැදලා විකුණලා වෙන එකකට මාරු වෙනවයි කියලා හිතාගෙන අරගෙන ආවා. කොහොමත් සදහටම ඔබ මගේ කියලා හිතාගෙන වාහන ගන්න එක ලංකාව වගේ රටක කරන්න හොඳ දෙයක් නෙමේ කියලා බලපු වාහන වලින්ම මට හිතුනා.

සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com2tag:blogger.com,1999:blog-5940820833829740850.post-36865886183387717112024-02-27T10:00:00.004+05:302024-02-27T10:05:12.578+05:30විකුණනු ලැබේ
මගේ පළවෙනිම වාහනය උනේ පැන්ඩා ක්‍රොස් එකක් කියලා කලින් බ්ලොග් සටහනක මම කියලා තියෙනවා. ඉතින් ඒ පැන්ඩා වාහනය, මම අවුරුදු දෙකක් පැද්දට පස්සේ විකුණන්න හිතුනා. ඒ වාහනය විකුණන්න මට හේතු කිහිපයක් බලපෑවා.

පළවෙනිම හේතුව තමයි මැනුවල් වාහනක් පැදලා තියෙන නිසා ඔටෝ වාහනයක් පැදලා අත්දැකීමක් ගන්න ඕන කියලා හිතුන එක. මොකද අපේ උන්දෑ නාහෙන් අඩනවා අපි ඔටෝ එකකට ගියා නම් එයාටත් ගොඩක් ලේසියි කියලා. ඉතින් ඒක තමයි පළවෙනිම හේතුව උනේ.

දෙවෙනි හේතුව මේකයි. පැන්ඩා කියන්නේ ඉතින් චයිනීස් වාහනයක්. ඒකේ සේරම පාර්ට්ස් ගේන්නේ චීනයෙන්. ඒ කරලා ලංකාවේ තමා ඇසෙම්බල් කරන්නේ. අමුවෙන් කියනවා නම් පැන්ඩා කාර් වල Build Quality එකයි ෆිට් ඇන්ඩ් ෆිනිශ් එකයි මදි. දොර හැන්ඩ්ල් එහෙම හරිම පරිස්සමින් පාවිච්චි කරන්න ඕන. මොකද ඒවා නිකන් කැඩෙන්න ඔන්න මෙන්න වගේ තියෙනවයි කියලා මට හිතෙන්නේ.

අනිත් හේතුව තමයි සමහර පාර්ට්ස් එහෙම දැන් ලංකාවේ හොයාගන්න අමාරුයි. ඒවා චීනෙන් ගෙන්නන්නෙත් නෑ මම හිතන්නේ. උදාහරණයක් විදිහට පැන්ඩා එකේ ඒසී කවුළු දෙක මට හොයාගන්න සෑහෙන්න කට්ටක් කන්න උනා. අහන අහන තැනින් කිව්වේ ඒවා දැන් එන්නේ නෑයි කියලා.

ඔය වගේ තව තව පොඩි හේතු කිහිපයක් තියෙනවා. ඉතින් මේ සේරම හිතලා බලලා මම වාහනේ විකුණලා දැම්මා.පැන්ඩා ක්‍රොස් එක මගේ පළවෙනිම කාර් එක විදිහට තෝරගත්තු දවසේ ඉඳලා මට තේරුණ දෙයක් තමයි ලංකාවේ මිනිස්සු අතරේ මේ වාහනය ගැන වැඩි කැමැත්තක් නෑයි කියන එක.

හැබැයි පැන්ඩා කාර් එක නම් ඇල්ටෝ මරුටි වගේ ඉන්දියන් කාර් වලට වඩා නම් සෑහෙන්න හොඳයි. ඇල්ටෝ තරම්ම තෙල් කරන්නේ නැති උනාට හොද Fuel Consumption එකක් තියෙනවා.

ඇල්ටෝ, මරුටි වලට වඩා Power Steering, Power Mirrors, Power Shutters වගේ ඔප්ශනුත් තියෙනවා. ඒත් එක්කම ABS/ EBD , Air Bags වගේ ඔප්ශන් එහෙමත් තියෙනවා. කොටින්ම මම හයිවේ එකේ 100ට වගේ ගිහින් තියෙනවා. කිසිම කරදරයක් නැතිව 100ක වේගය හිට් කරන්න පුලුවන්.

එන්ජින් කැපෑසිටි එකත් 1300ක් නිසා කඳු අදිනකොටත් ලොකු කරදරයක් නෑ. නමුත් ඒසී දාගෙන නම් කඳු අදිනවා හොරයි. ඒක කියන්න එපෑ. :)

ඔය ටික තමයි මට පැන්ඩා කාර් එක ගැන කියන්න තියෙන්නේ. මම පැන්ඩා එක පැදපු අවුරුදු දෙකට සෑහෙන දුර දුවලා තියෙනවා. මග තොටදි කිසිම බ්රේක් ඩවුන් එකක් නැතිව ගමන ගිහිල්ලා එන්න පුලුවන් වෙලා තියෙනවා. මම උඩ කියලා තියෙන අවාසි ටික ඇරුනහම සමස්ථයක් වශයෙන් පැන්ඩා කාර් කියන්නේ බජට් කැටගරියට හරියන හොද තේරීමක්. නමුත් අනිත් වාහන ගන්නවා වගේ තමා පැන්ඩා කාර් එකක් උනත් ගන්නවා නම් හොඳට හොයලා බලලා ගන්න ඕන.

ගොඩක් වාහන පට්ට ගහලා තියෙන නිසා නිශ්පාදන වසර 2016න් උඩ තියෙන එකක් ගන්නවා නම් සෑහෙන කාළයක් කරදරයක් නැතිව දුවලා විකුණලා දාන්න පුලුවන්.

එහෙනම් මම ගියාවේ. ජය වේවා !

සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com4tag:blogger.com,1999:blog-5940820833829740850.post-2740280409648734532024-02-10T00:43:00.000+05:302024-02-18T00:44:22.649+05:30පැන්ඩා ක්‍රොස් එක
මීට අවුරුදු දෙකකට ඉහත මම රෝද හතරකට ගොඩ උනා. ඒ ගොඩක් හොඳ වාහනේකට නම් නෙමෙයි. ඒක පැන්ඩා ක්‍රොස් එකක්. චීනයේ හදලා ලංකාවේ මයික්‍රෝ සමාගමෙන් එකලස් කරපු වාහනයක්. මේකේ මැනුවල් සහා ඔටෝ වාහන දෙවර්ගයම ලංකාවේ දකින්න තියෙනවා.

ඒ දෙවර්ගයෙන්ම මගේ බජට් එකට සෙට් උනේ මැනුවල් එකක්. මම වාහනයක් ගන්න යනවයි කියලා කියපුවහම මගේ යාළුවෝ සෙට් එක මට එක එක සිලෙක්ශන් එවුවා.

ඒ හැම දේකින්ම මම හොඳම ඔප්ශන් එක විදිහට දැක්කේ පැන්ඩා වාහනයකට යන එක හොඳයි කියන එක. ඇල්ටෝ ව්ලට වඩා හ්ඳ ඔප්ශන් ටිකක් එහෙම පැන්ඩා වාහනේ තියෙනවා.

ගන්න පළවෙනිම වාහනේ හන්දා ළඟ අවුරුද්දක එකකට යන එක නුවණට හුරුයි කියලා තමා කට්ටිය වැඩිමනක්ම කිව්වේ. ඒක නම් ඇත්තා තමයි. මොකද මම පාවිච්චි කරපු අවුරුදු දෙකටම එංජින් ලෙඩ එහෙම ආවේ නෑ. රෙපයාර් ආවත් පොඩි පොඩි ඒවා තමයි සෙට් උනේ.

පැන්ඩා වාහන වල බිල්ඩ් කොලිටිය නම් සෑහෙන්න මදි. දොරවල් වල ලොක් එහෙම අල්ලපු ගමන් කැඩෙන සයිස් එකට තියෙන්නේ. ඒ වගේම තමයි වාහනේ බොඩියේ තහඩුවත් ලොකු ගණකමක් නෑ. පොඩි වලක වැටුනත් එහෙන් මෙහෙන් පොඩි පොඩි සද්ද බද්ද එහෙම දොරවල් වලින් එන්න ගන්නවා.

හැබැයි වාහනේ හතර දෙනෙක් දාලා යනකොට නම් ශොක්ස් වලට හොඳටම දැනෙන්න ගන්නවා. ඒ නිසා ඒ වෙලාවට වලවල් ළඟින් යනකොට ගොඩක් පරිස්සම් වෙන්ඩ ඕන.

ඒ ඇරෙන්න නම් වාහනේ හොඳයි.

ඔය පහලින් තියෙන්නේ මගේ පැන්ඩා එකේ පින්තූරයක්. ලක්ෂරි සැප නැති උනාට බජට් කැටගරියේ යන හොඳ වාහනයක් කියලා කියන්න පුලුවන්. සමහරු නම් මේ වාහනේ හොඳ නෑයි කියලා කියනවා. එක එක එක්කෙනාගේ එක එක අදහස් නෙහ්.

මම හයිවේ එකේ 100ට ගියත් ලොකුවට දැනෙන්නේ නම් නෑ. ඒත් 110 වගේ ලයින් එකේ යන්න ගියහම නම් ටිකක් දෙදිරීමක් දැනෙන්න ගන්නවා.

මම වාහනේ ගත්තේ 2022 අවුරුද්දේ ජනවාරි මාසේ 13 වෙනිදා. මම ගත්තු පැන්ඩා ක්‍රොස් එක 2016 නිශ්පාදනය කරපු එකක්.

ඒ වාහනේ මම ගන්න දවස්වල වාහන මිල සෑහෙන්න වැඩි අගයක තිබ්බේ. ඒ නිසා මම වාහනේ විකුණන කොට ලක්ෂ 4ක විතර පාඩුවට තමයි දෙන්න සිද්ධ උනේ. මේ වෙනකොට වාහන මිල ටිකක් පහත වැටිලා තියෙන එකත් ඒකට හේතුවක් උනා කිව්වොත් හරි.

ඒත් මොනවා කරන්නද. මම වාහනේ දීලා දැම්මා.

හැබැයි මොනවා උනත් මම ලංකාව ඇතුලේ සෑහෙන දුරක් පැන්ඩා එකේ ගිහින් තියෙනවා. කිසිම ලෙඩක් දුන්නේ නෑ. ගානට සර්විස් කරගෙන හිටියා. ඉදලා හිටලා ආපු ලෙඩ දෙක තුනක් ඇරෙන්න වෙන කිසිම කරදරයක් උනේ නෑ.
සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com3tag:blogger.com,1999:blog-5940820833829740850.post-60839315919587799972024-01-28T07:33:00.005+05:302024-01-28T07:34:51.981+05:30පාර්කින් (Parking)
පහුගිය දවස් ටිකේ එලකිරි එකේ පොඩ්ඩක් එහා මෙහා කැරකිලා බලනකොට කවුද මන්දා කෙනෙක් දාලා තිබ්බ ත්‍රෙඩ් එකේ තිබ්බා චිත්‍රපටයක් ගැන. ඒක දමිල චිත්‍රපටියක්.

චිත්‍රපටියේ නම තමයි මේ බ්ලොග් සටහනේ ටයිටලේට දාලා තියෙන්නේ.

චිත්‍රපටයේ නම වගේම තමයි මි කතාව දිවෙන්නේත් පාර්කින් ස්ලොට් එකක් ගැන

එකම පාර්කින් ස්ලොට් එකකට රණ්ඩු කරන පවුල් දෙකක් ගැනයි මේ චිත්‍රපටියෙන් කියැවෙන්නේ. කොමඩි චිත්‍රපටියක්ම නෙමෙයි හැබැයි මේක. පොඩ්ඩක් සීරියස් විහිහට දුවන චිත්‍රපටියක්. ඒත් මේ පවුල් දෙකේ මිනිස්සු කරන කියන දේවල් දිහා බලපුවාම නම් හිනා යනවා.

අමුතු ගතියක් තියෙන චිත්‍රපටිය. ඒ වගේම කාළයකට පස්සේ මම බලපු වෙනස් විදිහේ තේමාවක් උඩ දුවන චිත්‍රපටියක් කියලා කිව්වොත් මම වැරදි නෑ. මුලින් මුලින් පොඩියට පටන් ගන්න මේ දෙගොල්ලොන්ගේ හිත් අමනාපකම් පස්සේ පස්සේ සෑහෙන්න උඩු දුවන්න ගන්නවා. ඒක වෙන්නේ කොහොමද කියලා දැනගන්න නම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා. මෙතනින් එහාට මම චිත්‍රපටිය ගැන මොකුත්ම කියන්නේ නෑ. මොකද එතකොට බලන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට පොඩි අසාධාරණයක් වෙන නිසා.

එහෙනම් ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ. මම ගියාවේ.

ජය වේවා !
සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com4tag:blogger.com,1999:blog-5940820833829740850.post-30908899000866348902024-01-01T00:30:00.002+05:302024-01-01T00:30:00.138+05:30ඇඟට දැනෙන නව වසරක්
ලැබුවා වූ නව වසර, කරදර අඩුවෙන වසරක් වේවා කියලා මුලින්ම පතන්නම්.

ඒ උනාට මේ අවුරුද්ද නම් කලින් අවුරුද්දට වඩා මිනිස්සුන්ගේ ඇඟ පතට එහෙම නැත්නම් මුදල් පසුම්බියට දැනෙන අවුරුද්දක් වේවි ය කියලා හිතෙන තරමේ පෙරමඟ සලකුණු 2023 අවුරුද්දේ අග භාගයේදි අපට මාධ්‍යයන් ඔස්සේ අහන්න දකින්න හම්බ උනා නෙව.

ජනවාරි පළවෙනිදා ඉඳලා මිනිස්සුන්ට ලැබෙන්න නියමිත සහන රැසක ඉඟි කලින්ම අපට දීලා තියෙන නිසා ඇස් දෙක නළලේ තියාගෙන සර්ප්‍රයිස් වෙන්න දේකුත් නෑ මම හිතන්නේ. තෙල් මිල නම් කොහොමත් 360 වෙනකන් යයි. ( මැති ඇමති ඉන්ධන සහනාධාරෙත් ටිකක් වැඩි කරගනීවී )

ඊට අමතරව බස් ගාස්තු, අත්‍යවශ්‍ය ආහාර පාන වල මිල වගේ දේවල් ටිකක් වැඩි වෙන්න ගනීවි. ඒ නිසා ගායිස්, පටි තදකරගෙන හිටියා වගේම බිත්තියට හේත්තු වෙලා ඉන්න තියෙන්නේ.

පුළුවන් එවුන් අවුරුදු 2500යේ අහවල් එක කිය කියා වංසේ කබල් ගාන්නේ නැතුව ඉන්දියාවට හරි පැන ගන්ඩ තියෙන්නේ. ඕක මන්තරේ වගේ කිය කියා හිටියා කියලා අපට වෙන සෙතක් නෑ.ඊට අමතරව හරියට බැලුවොත් ඡන්ද දෙකක් පවත්වන්න ඕන වසරක් මේක. (මහමැතිවරණයක් හා ජනාධිපතිවරණයක් ) ඒ නිසා කල්පනාවෙන් මේ වසරේදිවත් හරියට හිතලා බලලා ඡන්දේ පාවිච්චි කරමු. නැත්නම් වෙන එකාලගේ මෝඩ කතිරයක් නිසා දීපු නොදීපු හැම එකාගෙම බත් පතට වැලි දාගන්න වෙන්නේ.

එහෙනම් ජය විවා !
සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com4tag:blogger.com,1999:blog-5940820833829740850.post-53814713840999863082023-12-25T07:17:00.004+05:302023-12-25T07:17:32.793+05:30සුබ නත්තලක් වේවා
සෑහෙන කාළයකට පස්සේ බ්ලොග් එක මතක් වෙලා මේ පැත්තට ආවේ. දවස දවස ගෙවිල ගිහින් අවුරුද්දත් ඉවර වෙන්නත් දවස් කිහිපයයි තියෙන්නේ. ඊට කලින් නත්තල ඇවිල්ලා නෙහ් තියෙන්නේ.

එහෙනම් ඒකට සුබ පතලා ඉම්මුකෝ..

ලෝ වැසි සියළු කිතුණු බැතිමතුන්ට සුබම සුබ නත්තලක් වේවා කියලා පතනවා.

මේ නත්තලෙන් පස්සේවත් ගාසා තීරයට සාමය උදා උනොත් හොඳයි. නිස්කාරණේ සෑහෙන මනුස්ස ජීවිත ගොඩක්, දේපල රාශියක් හානි වෙන එක විතරයි මේ යුද්ධයෙන් වෙන්නේ. එහෙනම් අපි හැමෝමත් එකතුවෙලා ඒ ප්‍රාර්ථනය කරමු.

එහෙනම් මම ගියාවේ.
සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com4tag:blogger.com,1999:blog-5940820833829740850.post-31753557634277647972023-10-09T09:07:00.003+05:302023-10-09T09:08:08.800+05:30සලංහන්තේ කළාකරුවාණනි !
ජැක්සන් ඇන්තනී දිවියෙන් සමු ගනී !

අද උදෑසනම මා හෙලකුරු වලින් ලද පළමු ප්‍රවෘත්තිය වේ. මෙය පුවත ඇස ගැටුමත් සමඟ සියුම් දුකක් මා තුළින් හට ගැනුණ බව මා පැවසිය යුතු ය. ඒ මා ප්‍රිය කරන කලාකරුවන් ගොන්නට අයත් කළාකරුවන්ගෙන් අයෙකි.

ජැක්සන් ඇන්තනීගේ දේශපාලන දැක්ම මට අපූල ය. ! මා ඒ ගැන කතා නොකරමි !

ඒ හැරුණකොටගෙන ජැක්සන් ඇන්තනී ගැන කතා කරතහොත් ඔහු දක්ෂ කළාකරුවෙකි. සංචාරකයෙකි. වේදිකා කාට්ය ශිල්පියෙකි. ගායකයෙකි.

කොටින්ම ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන අතේ පැළවෙන බොරුවක් ය යන වග සනාත කළ අයෙකි ය.

මා මුලින්ම ජැක්සන් ඇන්තනීව හදුනාගන්නේ අවාරේ සිරිපා කරුණා කළ සංචාරකයෙක් ලෙස ය. ඔහුගේ අවාරයේ සිරිපා කරුණාව මා තුළ වූ සංචරණයට ඇති ආසව තීව්ර කරවී ය.

ඉන් පසුව මා ඔහුව හන්දුනාගන්නේ මධුර ජවනිකා වේදිකා නාට්‍යයේ අපූරු ගීය ගායනයත් සමග ඔහු දැක්වූ නර්තන හැකියාවෙන් ය. මහවැලි ගඟ දිගේ, සළංහන්තේ හා කළු ගඟ දිගේ වැඩ සටහන් වලින් ද මා ඔහුගේ සංචාර ගැන ඉගෙන ගත්තෙමි.

මීට අමතරව මා ඔහුගේ ලේඛන කළාවට ට බොහෝ සෙයින් ඇළුම් කරමි. ඔහු විසින් ලියූ ඔහුගේ විත්ති කතාන්තරය වන පනාපුත්‍රගේ මතක වස්තුව ද අවසන් වශයෙන් ඔහු විසින් රචිත කන්ද උඩ ගින්දර යන කෘතීන් ද්විත්වය තුලින් මා ඔහුගේ ලේඛන හැකියාව හදුනා ගත්තෙමි.

රිදී තිරයෙන් අග්නි දාහය, මහරජ ගැමුණු හා ඇඩ්රස් නෑ යන සිනමා පට ද මා ඔහුගේ රංගන හැකියාවන් හදුනාගත් අවස්ථාවන් ය.

මීට මාස 14කට උඩදි වූ අනතුරකින් (වන අලි ගැටුමකින්) ඔත්පලව දැඩි සත්කාර ඒකකයේ ඇතුලත් කරවූ ඔහු අද සිය දිවියෙන් සමුගෙන තිබේ.

සමාදානයේ සැතපීම ලැබේවා ආරදරණීය කළාකරුවාණනි !
සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com2tag:blogger.com,1999:blog-5940820833829740850.post-20797270629615862862023-09-28T16:04:00.003+05:302023-09-28T16:04:50.306+05:30හවස් වෙද්දිවත් පායයිනේඅද නිවාඩු දිනයකි.
මා වෙනදා මෙන් උදෑසන හයට පමණ අවදි වූවෙමි. කෙතරම් උත්සහ කලද නිවාඩු දිනවල පවා උදෑසන හයෙන් පසුව නිදා ගැනීම මා හට කළ නොහැක්කකි. එක් අතකට එය වාසියක් උවත් අනෙක් අතට මා විඳින කරුමයක් මැයි. පෙරදා රාත්‍රියේ පටන් ගත් මුරුගසන් වරුසාවේ අඩුවක් තිබුණත් කළු වලාකුලින් බර අඳුරු අහසක් මිසෙක පායන හිරුගෙන් පිබිදෙන පැහැදිලි අහසක ඡායා මාත්‍රයකවත් සේයාවක් දිස් නොවිනි.

අද දින මා විසින් නිම කළ යුතු කාර්යයන් කිහිපයක් තිබුණත් ඒ සියල්ල කිරීමට මා තුල වූ උද්යෝගය අදුරු අහස විසින් උදුරාගෙන ඇති බව මට හැඟුණි. මා ගෙයි ඉදිරිපස දොර හැරගෙන එකක් පසුව එකක් වැටෙන වැහි බිඳු දිහා බලාපොරොත්තු සුන් වූ හැඟීමකින් බලා සිටියෙමි. මගේ උද්යෝගය සුන් වූවත් මුළු පරිසරයම ප්‍රබෝධමත් වූ සෙයක් දිස් වේ. ගහකොළ පවා ප්‍රබෝධමත් වූ සෙයක් දිස් වේ. පහුගිය දිනවල එකා සීරුවට වැටුණ චණ්ඩ හිරු රැසින් කහ ගැහී වියැලී ගිය මිදුලේ තිබෙන තණ පලසත් අළු ගසා නැගිටින ෆීනික්ස් කුරුල්ලෙක් සේ ලා දළු දමමින් නැගී සිටින්නේ මින් පෙර අත්විඳි නියඟය ගැන කිසිදු වග විභාගයක් නැති සේ ය.

වෙනදට මිදුලේ තිබෙන කුරුළු ලෑල්ලට එන ගිරවු, ලේනුන් අද නැත. උනුන් තම තමන්ගේ කූඩු වලට වී මේ වැස්සේ විපාක විඳිනවා වන්නට ඇත. කුසගින්නේ ම කූඩුවලට වී කල් ගත කරනවා වන්නට පුළුවන. මට මේ වෙලේ මතක් වන්නේ මා කුඩා කළ ඉගෙනගත් ගීයක පද කිහිපයකි.

පායනා කාළේදී රෑ
දවල් මහන්සි වී
කන්න දේ රැස් කරයි
කූබියෝ….!

ගීයෙන් කියන්නා සේ කුහුඹියන්ට නම් මේ වැස්සෙන් එතරම් හානියක් නැතුවත් ඇති. උන් ඊට කලින් රැස් කර ගත් කෑම කමින් තම තමන්ගේ ගුල් වලට වී කම්මැලිකමේ කල් ගෙවනවා වන්නට පුළුවන.

"ඒයි… ඔය දොර වහලා ඇවිත් මේ තේක බොන්න…" යැයි කී බිරිඳගේ හඩින් මා පියවි සිහියට ආවෙමි. ඒ වනවිටත් මගේ උදෑසන තේ කෝප්පය දුම් දමමින් සාලයේ මේසය මත විය. තේක නිමෙනවාටත් වඩා පුතා මේසයට නැග තේක හලාවී යන සැකය මා තුළින් පැන නැඟුන නිසා වහා වහා මේසය වෙත ගොස් තේක අතට ගත්තෙමි.

බලමු… හවස් වෙද්දිවත් පායයි නේ.. !
සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com2tag:blogger.com,1999:blog-5940820833829740850.post-71772849136000075282023-09-27T16:02:00.000+05:302023-09-27T16:02:06.291+05:30රුපියල
මේ රුපියලේ කාසි නම් මහ සාපයක් වෙලා තියෙන්නේ දැන් නම් !

මේ කාළේ හැටියට රුපියලේ කාසියකින් කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ. අපි පොඩි දවස්වල නම් රුපියලක් කඩේට අරගෙන ගියොත් සත දහයේ ටාටා 10ක් ගන්ඩ පුලුවන්. එහෙම නැත්නම් සත පනහේ කිරිටොපි හරි පොල් ටොපි හරි දෙකක් ගන්ඩ පුලුවන්. එහෙමත් නැත්නම් රුපියලේ ටොපියක් හරි ගන්ඩ පුලුවන්.

දැන් මේ කිසිම දෙයක් කරන්ඩ බෑ. !

කොටින්ම රුපියලක් ඉතුරු හම්බ වෙනවා නම් ඒක අරගෙනත් වැඩක් නැති ගානයි (එහෙම ඉතුරු හම්බ වෙන එකකුත් නෑ මම හිතන්නේ...)

රුපියලේ කාසි නිකන් ගෙදර ගොඩ ගැහෙන එක විතරයි වෙන්නේ.

මොකද ඉතින් රුපියලේ කාසි වලින් 10ක් කඩේට දීලා මොනාහරි ගන්න ගියොත් කඩේ මුදලාලි එච්චර හිත හොඳින් නෙමෙයි ඒක ගන්නේ. බස් එකක කොන්දොස්තරට රුපියලේ කාසි වලින් දුන්නොත් හොඳවයින් කතාවක් අහ ගන්ඩ පුලුවන්.
සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com1tag:blogger.com,1999:blog-5940820833829740850.post-81694053894458936302023-09-27T08:00:00.004+05:302023-09-27T08:00:00.145+05:30Por Thozhil
කාලෙකට පස්සේ දෙමල චිත්‍රපටයක් බලන්න සෙට් උනා. මම චිත්‍රපට වලින් ආදර කතා නම් බලන්න කැමතිම නෑ. මම බලන්නෙම අපරාද ගණයේ හරි ත්‍රිලර් ගණයේ චිත්‍රපට... ඒවායේ ටිකක් කම්මැලි නැතුව බලන්න පුලුවන් ගතියක් තියෙනවා.

ඒත් සමහර ත්‍රිලර් කතා වල මැද්දෙන් මැද්දෙන් ආදර කතා සිංදු වගේ ඒවා දාලා මුළු චිත්‍රපටයම චොර කර ගත්තු වෙලාවලුත් නැතුවම නෙමෙයි.

ඒ ඇරෙන්න බහුතරයක් කතා නම් හොදයි.

මේකත් මම අර කියපු ජාතියේ ත්‍රිලර් කතාවක්. මේ කතාව ගෙතෙන්නේ දාම ඝාතකයෙක්ව හබාගෙන යන පොලිසියක් වටායි. කුතුහලය නම් නොඅඩුවම තියෙනවයි කියලා කියන්න පුලුවන්.

එකම විදිහට සිදුවන කාන්තා මරණ කිහිපයක් සිදු කරන දාම මිනිමරුවෙක්ව කොටු කරගන්න දරන හරි අපූරු වෑයමක් මේ චිත්‍රපටය පුරාම දිගහැරෙනවා....

කතාවේ නම තමයි Por Thozhil !

එහෙනම් ට්‍රේලර් එකත් බලලම ඉම්මුකෝ..

මෙන්න IMDB විස්තර සියල්ලම...

මේකෙත් මම අර මුලින්ම කියපු ජාතියේ ආදර කතාවක් ඔබ්බවන්න හදලා පස්සේ ඒක නවත්තලා දාන්න ගත්තු උත්සහයක් වගේ දෙයක් දැනෙනවා. ඒ ඇරෙන්න කතාව නම් සු..පි..රි.. !

ඔයාලත් මේ කතාව රසවිඳලා බලන්න.

සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com0tag:blogger.com,1999:blog-5940820833829740850.post-43266163666282253652023-09-26T19:45:00.002+05:302023-09-26T19:45:11.951+05:30කොස් ගහට පර්මිට්
පහුගිය ටිකේ ගේ ඉස්සරහ වැවිලා තිබ්බ කොස් ගහක් කපලා දාන්න උනා. ඒකට හේතු භූත උනේ කොස් ගහේ යට කොටහා දිරාගෙන ගිහින් තිබ්බා. දිරලා විතරක් යෑ බෙණයක් මතු වෙලා තිබ්බා. ඔය ගහ කඩාගෙන වැටුනොත් එහාපැත්තේ වත්තේ ස්ලැබ් එක උඩට තමා පත බෑ වෙන්නේ.

ඒ නිසා ඊට කලින්ම කපලා දාන්න ඕන කියලා තමයි සූදානම් උනේ.

වෙන ගස් වගේ නෙමෙයි කොස් ගහක් හෝ දෙල් ගහක් කපනවා නම් පර්මිට් ගන්න ඕන. එන්න ඒ ක්‍රියාපටිපාටිය ගැන පොඩි අදහසක් දෙන්නයි මම මේ පෝස්ට් එක දාන්නේ.

මෙහෙමයි වැඩේ වෙන්නේ.

මුලින්ම ඉඩමේ ඔප්පුවේ කොපියක් ගහගන්න ඕන. ඒකටම ඉඩමේ ග්‍රවුන්ඩ් ප්ලෑන් එකේ කොපියත් අමුණන්ඩ ඕන. ඊට පස්සේ ඉඩමේ පත් ඉරු අංකය හොයාගෙන ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයට යන්න ඕන. එතනදි ඉඩමේ පත් ඉරු ගන්න ඕන.

ඉඩමේ පත් ඉරු ගන්න එක වරුවක වගේ සුළු වැඩක් !

ඔන්න දැන් ලියකියවිලි වලින් ගොඩක් දුරට හරි.

ඊට පස්සේ ඉඩමේ පත් ඉරුවයි, ඔප්පුවේ කොපියකුයි, ඉඩමේ ග්‍රවුන්ඩ් ප්ලෑන් එකයි අරගෙන ගිහින් ග්‍රාම නිලධාරි තැනට දීලා කොස් ගහ කපාගන්න පර්මිට් එකක් ගන්න ඕන කියලා කිව්වහම එයා ෆෝරම් කොළයක් අරගෙන පුරවනවා.

ඒ පුරවලා දීපු පෝරම් කොළයයි මම ඉහත කියපු ලියවිලියි එකතු කරලා එකට අමුණලා අපට ආපහු දෙනවා. ඔය සෙට් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අරගෙන ගිහින් ඉඩම් අංශයට බාර දෙන්න ඕන.

ෆෝරම් පුරවලා දෙනවා වගේම ග්‍රාම නිලධාරි තැන ඇවිත් ගහ තියෙන තැන එහෙම බලලා පොඩි සැලැස්මක් එහෙම ඇඳ ගන්නවා. ඒකත් අර ලියකියවිලි ගොන්නට අමුණනවා.

ලියකියවිලි බාර දුන්නට පස්සේ සතියක් වගේ ඇතුලත පර්මිට් එක සූදානම් වෙනවා. ඒ පර්මිට් එක ලැබෙන්නේ සති දෙකකට. ඒ නිස පුලුවන් ඉක්මනින් ගහ කපාගන්න එක තමා හොඳ. එහෙම කපන්න බැරි උනොත් ආයෙම ග්‍රාම නිලධාරියාට ගිහින් කියන්න වෙනවා ගහ කැපුවේ නෑ කියලා. ඊට පස්සේ ඒකට වෙනම ප්‍රෝසෙස් එකක් යනවා. ඒක නම් මම හරියටම දන්නේ නෑ. ඒ නිසා හැකි තරම් ඉක්මනටම ගහ කපා ගන්න එක තමයි කරන්ඩ ඕන.

දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් ගහ ස්වබාවිකවම මලා නම් පර්මිට් ඕන නෑනේ කියලා. එහෙම බෑ !

ඒකටත් පර්මිට් ගන්න ඕන. එහෙම නැතුව ගහ කපලා දඩයක් එහෙම කන්න වෙන සීන් එකක් තියෙන්නේ. ඒ නිසා හොඳම වැඩේ පර්මිට් අරගෙනම වැඩේට බහින එක තමයි. ගහ හිටිව්වෙත් අපි නම් ගහ පැළවුනෙත් අපේ ඉඩමේ නම් ගහ කපන්න අපි මොකටද කාගෙන්වත් පර්මිට් ගන්න ඕන කියලා ලොකු ලොකු කතා දාලා වැඩ වරද්දගන්න එහෙම එපා.

ඔය පර්මිට් එක හම්බ වෙන්නේ ගහ කපන්න මිසක් ගහ ලොරියක පටවගෙන ගිහින් ලී ඉරාගන්නම නෙමෙයි. ලී ඉරන්න නම් දැව ප්‍රවාහන බලපත්‍රයක් ගන්න ඕන. ඒක වෙනම ප්‍රෝසස් එකක්.

ඒකට ගහ කපපු පර්මිට් එක ඕන වෙනවා. ගහ ගෙනියන්න හදන ලොරියේ නම්බර් එකත් ඕන වෙනවා. ඒක ගැනත් මට ලොකු අදහසක් නෑ. ඒ නිසා මම ගහ විකුණුවේවත් ලී ඉරුවේවත් නෑ. ගහ කපපු විදිහටම කොට ටික වැට අයිනේ හේත්තු කරලා තිබ්බා.

එහෙනම් මම ගියාවේ !
ජය වේවා !

සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com2tag:blogger.com,1999:blog-5940820833829740850.post-75667882145914762992023-09-18T12:59:00.001+05:302023-09-18T12:59:02.034+05:30කන්ද උඩ ගින්දර
සෑහෙන කාලෙකින් බ්ලොග් අඩවියේ ලිපියක් ලියලා දාන්න බැරි උන නිසා අද මොනවමහරි කොටනවයි කියලා හිතලා මේ පැත්තේ ආවා. මම පහුගිය සෙනසුරාදා පොඩි එක්කෙනාගේ මොන්ටිසෝරියට ඕන කරන පොතක් ගේන්න ගුණසේන එකට ආවා. ඒකෙන් පොඩි එක්කෙනාට ඕන කරන පොත තෝරගෙන ඊට පස්සේ නවකතා ටික අතරේ පොඩි රවුමක් දැම්මා.

මීට අවුරුදු දෙකකට උඩදි නම් මාසෙකට පොතක් දෙකක් ගන්න එක පුරුද්දක් වෙලා තිබ්බා. දැන් නම් පොත් ගන්නේ නැති තරම්. පොතුත් ගණන් තමයි ඉතින්. ඊට වඩා යූ ටියුබ් එකේ කරක් ගහන්න පුරුදු වෙලා පොත් කියවද්දි පොඩි කම්මැලිකමක් එනවා.

හරි ඒවයින් කාරි නෑ. මම ගුණසේන එකේ පොත් රාක්ක අතරේ හක්කලං කරනකොට දැක්කා අපේ ජැක්සන් ඇන්තනී ලියපු කන්ද උඩ ගින්දර කියන පොත. ඒක අතට අරගෙන පිටුවක් දෙකක් කියවගෙන යනකොට ඒක ලියැවිලා තියෙන භාෂා විලාශය නිසා පොත සම්පූර්ණයෙන්ම කියවලා බලන්න ආසාවක් ආවා.

ඉතින් ඒ පොතයි පොඩි එක්කෙනාගේ පොතයි දෙකම අරගෙන ගෙදර ආවා. ගෙදර ගෙනල්ලා කන්ද උඩ ගින්දර පොත කියවගෙන යන්න ගත්තා. ඒක ලියලා තියෙන භාෂා විලාශය අපූරුයි.

උපමා උපමේය වර්ණනා එහෙම ගානට මිශ්‍ර කරලා හෙන රහට ලියලා තියෙන පොතක් ඒක. දන්නවනේ ජැකා (ආදරේට එහෙම කියමු.) කියන්නේ වර්ණනා කරන්නම ජාතක වෙච්ච පුත්තර රත්නයක් කියලා. පහුගිය අවුරුදු වලදී ඊට කදිම නිදසුන් එහෙම හම්බ වෙන්න ඇති නෙහ්.

මේ වෙනකොට පොතේ පිටු 200+ ගණනක් කියවලා තියෙනවා. මේ පොතෙන් කියැවෙන්නේ කන්ද උඩ නරේන්ද්‍රසිංහ රජ කාලේ පොඩි පොඩි සිද්ධි දාමයක්. පොතේ පිටු 200ක් කියවලා තිබුණත් කතාවේ නම් පිටු දහයක තරම්වත් කියැවිලා නැතිව වගේ මට නම් හැඟෙන්නේ. ඒතරමටම උපමා උපමේය රූපක !

වෙලාවක් තිබ්බොත් ඒ පොත හොයාගෙන කියවලා බලන්ඩකෝ. මේ වහින දවස්වල පොත රහටම කියවගෙන යන්න පුලුවන්. අපූරු ගතියක් තියෙන පොතක් ඒක. ජැකාගේ (ආයෙමත් ආදරේට එහෙම කියමුකෝ.) දේශපාලනික දැක්ම මොකක් උනත් සෑහෙන දක්ශතා තියෙන කලාකරුවෙක්. චිත්‍ර නම් චිත්‍ර, සිංදු නම් සිංදු, නාට්ටි, නිවේදන, සංචාර ඔය වගේ එකිනෙකට වෙනස් වෙච්ච ක්ෂේත්‍ර ගණනකින් දක්ශතා පෙන්නපු දක්ශයෙක්. නිස්කාරණේ දේශපාලනේ කරලා චවු වෙනවා ඉතින්. ඒක ඉතින් එයාගේ කැමැත්ත නෙහ්. අපි මක් කොරන්ඩ ද.

ජැකා සාහිත්යකරණයේදි ලොකු පොත් ගණනක් නම් ලියලා නෑ. මේ පොතට අමතරව පොත් දෙකක් හෝ තුනක් ලියලා ඇති. එක පොතක් තියෙනවා පණාපුත්රගේ මතක වස්තුව කියලා. ඒකත් මරු විත්ති කතා පොතක්. ඒක නම් මම කැම්පස් දවස්වලම කියවලා තියෙනවා.

කාලයක් ස්වර්ණවාහිණියේ ඉන්න දවස්වල කරපු මහා සිංහලයේ වංශ කතාව ඇසුරින් පොතකුත් ගැහුවයි කියලා මතක තියෙනවා. ඒත් ඒ පොතේ නම මතක නෑ. පොතේ නම හම්බ උනොත් මේ පෝස්ට් එක යාවත්කාලීන කරන්නම්.

එහෙනම් ඉතින් අදට ඇති නෙහ්. මම ගිහින් ආයෙම දවසක එන්නම්. පොත සම්පූර්ණයෙන්ම කියවලා කතාව ගැන පොඩි අදහසක් දෙන්නම්කෝ.

ජය වේවා !

සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com1tag:blogger.com,1999:blog-5940820833829740850.post-21915423125124557582023-06-03T15:16:00.001+05:302023-06-03T15:16:49.601+05:30පින්බර පොසොන් මංගල්ලයක් වේවා !
මිහිඳු හිමියන් ප්රමුඛ පිරිවර ලංකාවට බුදු දහම ගෙන ආ ඒ අසිරිමත් පොසොන් පොහෝ දිනය අදයි.

මෙදාපාර වෙසක් එකට වඩා පොසොන් එක සරුයි වගේ. දකින දකින හැම තැනම දන්සල් තියෙනවා. නිකන්ම දන්සල් නෙමේ. බත් දන්සල් ! පාන් දන්සල් !

ඒ වගේම තමයි හවසට සිසිල් බීම දන්සලුත් හෙන ගොඩක් තියෙනවා. මමත් දවාලේ බයිසිකලයෙන් රවුමක් ගිහින් දන්සල් තොගයක් වැඳගෙන ආවා.

ආයේ හවස් වෙලා පොඩි රවුමක් දාල එන්ඩ ඕන. කට්ටියම මේ පොසොන් දවස සතුටින් ගත කරන්ඩෝන එහෙනං !

සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com2tag:blogger.com,1999:blog-5940820833829740850.post-44355322767005442822023-05-05T16:40:00.000+05:302023-05-05T16:40:16.970+05:30සුබ වෙසක් මංගල්ලයක් වේවා !
අද වෙසක් පෝය දවස !
පහුගිය ටිකේම වේලිලා යන්නම පායලා ඕං අද උදේ ඉදන් වහින්න ගත්තා කියහන්කෝ. ඉදලා ඉදලා කාලයකට පස්සේ තමයි වෙසක් බලන්නවත් යන්න හම්බ උනේ ඒකත් අල වෙන පාටක් තමයි උදේ ඉදන් දකින්න හම්බ උනේ.

ඒත් හිතපු තරම් කරදරයක් මේ වෙලාව වෙනකොට නම් නෑ වගේ. දැන් නම් ආකාහේ ටිකක් වැහි වලාකුළු නැති ගතියක් තමයි තියෙන්නේ. තවත් හවස් වෙනකොට නම් කොහොමට හිටීවිද දන්නේ නෑ. ඒ නිසාම පුංචවත් බයිසිකලයේ දාගෙන පොඩි රවුමක් ගිහින් ආවා.

ඒ යන මගදි පොඩි පොඩි සිසිල් පැන් දන්සල් දෙක තුනකුත් වැඳගෙනම ආවා. පහුගිය අවුරුදු කිහිපයම ඒ තරම් හොඳට වෙසක් සමරන්න හම්බ උනේ නැති නිසා මෙදා අවුරුද්දේ ටිකක් ජයටම වෙසක් සමරණ ගතියක් රට පුරාම දකින්න හම්බ වෙනවා. එහෙං මෙහෙං තොරණක් දෙකක් උනත් දකින්න පුලුවන් අවුරුද්දක්.

මේ විදිහට ගියොත් ඊළඟ අවුරුද්දේ මීට වඩා වෙසක් සැමරීමක් අත්දකින්න පුලුවන් වේවි.

එහෙනං හැමදෙනාටම සුබ වෙසක් මංගල්ලයක් වේවා !

සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com2tag:blogger.com,1999:blog-5940820833829740850.post-39420200331318908832023-04-14T05:30:00.005+05:302023-04-24T18:53:00.070+05:30සුභ අලුත් අවුරුද්දක් වේවා

සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටමත් සාමය, සතුට හා සෞභාග්‍යය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා... !!!

இனிய சிங்கள தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்… !!!

Wish you a Happy and Prosperous Sinhala & Hindu New Year… !!!

සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com0tag:blogger.com,1999:blog-5940820833829740850.post-45285992861391758922023-04-10T20:38:00.003+05:302023-04-10T20:38:32.246+05:30ඉඳිගහ තොටුපොළ
මේ දවස්වල පොඩි එක්කෙනාගේ මොන්ටිසෝරියේ නිවාඩු නිසා එයාට ටිකක් කම්මැලියි. මොන්ටිසෝරි දවස්වල නම් ඉතින් උදේ වරුවේ යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න, ටීචර් එක්ක එක එක ක්‍රියාකාරකම් එහෙම කරන නිසා පාළුවක් නෑ. ආයේ ඉතින් මොන්ටිසෝරි ඇරෙන වෙලාවට එයාට හම්බ වෙන අයිස් ක්‍රීම් එක එහෙම මේ ටිකේ ලැබෙන්නේ නැති නිසා පුංචට පොඩ්ඩක් කම්මැලි ගතියකින් ගෙවෙන දවස් ටිකක් තමයි මේ ගෙවෙන්නේ.

කොලූගේ කම්මැලිකම නැති වෙන්නත් එක්ක බයිසිකලයේ දාගෙන පොඩි රවුමක් ගිහින් ආවා. කොලූ හරි ආසයි ගඟ බලන්න, ඒත්තෙක්කම මාළු බලන්න. ඉතින් අපි දෙන්න බයිසිකලයෙන් ගියා ඉඳිගහ තොටුපොළ බලන්න.

ඉඳිගහ තොටුපොළ කියන්නේ බොල්ගොඩ ගඟට අයිති තවත් තොටුපොළක්. මීට කලින් බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපොළ, මහබෙල්ලන තොටුපොළ ගැන එහෙම මම පොඩි ලිපි ලීවා මතකැති නෙහ්.

ඉඳිගහ තොටුපොළ තියෙන හරියේ පරිසරය නම් හරි ලස්සනයි. ඒත් හරු පාළු ගතියක් තමයි තියෙන්නේ. පින්තූර දෙක තුනක් එහෙම බලලා ඉම්මුකෝ එහෙනම්.

ඔය පහලින් තියෙන්නේ ඉඳිගහ තොටුපොලට එන්න තියෙන පාර. පානදුර - ඉඳිගහ තොටුපොළ (මාර්ග අංක 466) කියලා බස් එකක් තියෙනවා. ඒ බස් එක නවත්වන තැන තියෙන්නේ ඊට ටිකක් උඩහින්. ඊට පස්සේ තමයි ඔආර මේ තරමටම පටු වේගෙන එන්නේ.

අපි ඉඳිගහ තොටුපොලේ ටික වේලාවක් ඉඳලා ආයෙමගෙදර ආවා. ඒ එන ගමන් වෙලක් මැද්දේ එහෙම නැවතිලා ආපු නිසා කොලූ හෙන ආසාවෙන් හිටියා. සමහර දවස්වල අපි දෙන්න ඔය වෙලේ සරුංගල් එහෙමත් උඩ යවන්න එනවා. ඒ නිසා වෙල් වල නියරවල් දිගේ දුවන්න අපේ පොඩි එක්කෙන හරි ආසයි.

එහෙනම් මම ගියාවේ.

සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com4tag:blogger.com,1999:blog-5940820833829740850.post-10577278773406962272023-03-28T09:13:00.003+05:302023-03-28T09:27:02.600+05:30හිච්චි උපාලිගේ මෙගා වංචාව
කාලෙන් කාලෙට මොන මොනවා හරි සිද්ධි ඇවිල්ලා බුකිය ඇඉලෙන එක සාමාන්‍ය දෙයක් වෙලා. මේ දවස්වල බුකිය හොඳටම ඇවිලිලා තියෙන්නේ විනී ප්‍රඩක්ශන්ස් ලාගේ පට්ට ස්කෑම් ප්‍රොමෝශන් වීඩියෝ එක නිසා. වීඩියෝ එකේ නම හිච්චි උපාලි !

ඉතින් මේ වීඩියෝ එක දැක්කට පස්සේ මටත් හිතුනා වීඩියෝ එක පිළිබඳ මගේ සත දෙක ගැන පෝස්ට් එකක් ලියලා දාන්න.

මුලින්ම පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්කෝ මොකද්ද මේ ස්කෑම් එකෙන් වෙන්නේ කියලා. එක්තරා රෙස්ටුරන්ට් එකක ශාඛාවන් යුරෝපා රටවල් වල ආරම්භ කරන්න යනවලූ. කලින් වීඩියෝ එකක නම් කිව්වේ ලැට්වියාවෙත් මේ රෙස්ටුරන්ට් එකක ශාඛාවක් දාලයි තියෙන්නේ කියලා. ඉතින් ඒකේ වැඩ කරන්න ඕන කරන ශ්‍රමිකයන්ව ලංකාවෙන් තෝරගෙන අදාල යුරෝපා රටවල් වලට නොමිලේම පිටත් කරනවයි කියලා තමා මේකීන් කියැවෙන්නේ. ඊට අවශ්‍ය වෙන වීසා ෆී එක, ටිකට් වී වගේ ඔය එකී මෙකී නොකී හැම ෆී එකක්ම අදාල රෙස්ටුරන්ට් එකෙන් දරනවයි කියලා තමයි වීඩියෝ එකෙන් කියැවුනේ. අයදුම් කරුවන්ට කරන්න තියෙන්නේ ෆොර්ම් එක ඩවුන්ලෝඩ් කරලා රුපියල් 1500ක මුදලක් රෙස්ටුරන්ට් එකේ ගිනුමට බැර කරලා ෆෝර්ම් ඒක එවන එක විතරයි. එතැනින් එහාට හැමදේම ඒගොල්ලෝ බලාගන්නවා කියලා තමයි ඔය ස්කෑම් එකෙන් කිව්වේ.

මුලින්ම කියන්න ඕන ඔය වීඩියෝ එකට සල්ලි ගෙවපු රෙස්ටුරන්ට් කාරයාගේ මාර්කටින් මැනේජර් හෝ මාර්කටින් ටීම් එකේ ප්ලෑන් එක පට්ටම පට්ට ! සුපිරි ඩයල් එකක් හොඳටම හිතලා ගහපු මාස්ටර් ප්ලෑන් එකක් තමයි මේ ප්‍රොමෝශන් එක.

ප්ලෑන් එක සුපිරියක් වෙන්නේ මෙහෙමයි. පළවෙනිම දේ තමයි ප්ලෑන් එක ක්‍රියාත්මක කරගන්න තෝරගත්තු කස්ටමර් බේස් එක ! විනීලා එක්ක ගොඩක්ම එකතු වෙලා ඉන්නේ ගම්වල ජීවත් වෙලා ඉන්න දුප්පත්, එහෙත් ගේමක් ගහලා ගොඩ එන්න දඟලන කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක්. බොහෝ දුරට මේ අය ටිකක් ඉමෝශනල් සෙට් එකක්. කොටින්ම ඕනෑම ප්‍රශ්නයකට මොළයට කලින් හදවත ඉස්සරහට දාලා කටයුතු කරන සෙට් එකක්. ඒ නිසා ඒ අය අතරේ ස්කෑම් එක ස්ප්‍රෙඩ් කරන එක සෑහෙන්න ලෙහෙසියි.

දෙවෙනි කාරණාව තමයි මේ දවස්වල රටේ තියෙන ආර්ථික අර්බුදත් එක්කම මිනිස්සු උත්සහ කරමින් ඉන්නේ කොහොමහරි ගේමක් ගහලා රට ගිහින් එහේ ස්ථීරවම ජීවත් වෙන්න පුලුවන් විදිහේ ප්ලෑන් එකක් ගහන්න. ඒ නිසා මේ වගේ ස්කෑම් එකක් මේ කාලේ හැටියට ඉක්මනින්ම පැතිරෙන්න ලේසියි.

තුන්වෙනි කාරණාව තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ගොඩක්ම අඩු මුදලක්. අඩු මුදලක්, වැඩි පිරිසකගෙන් ලබා ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ. හොර ඒජන්සි, පිරමිඩ් කාරයෝ වගේ ලොකු මුදලක් එක සැරේම ඉල්ලන්නේ නෑ. අනික නැති උනත් නැති වෙන්නේ රුපියල් 1500ක් වගේ ගොඩක්ම පොඩි මුදලක් නිසා ගොඩක් දෙනා නඩු කියන්න යන්නෙත් නෑ. බොහෝ දුරට පොලිසි යන එකකුත් නැති වෙයි. ඒ නිසා වැඩේ චොර උනත් ඔහේ අත ඇරලා දාන සීන් එකක් තමයි තියෙන්නේ.

හතරවෙනි කාරණව තමයි වැඩේ චාටර් උනත් ඒකේ හානිය කෙලින්ම රෙස්ටුරන්ට් එකේ සෙට් එකට එන්නේ නෑ. ඒක විනීලාගේ ගිනුමට බැර වෙලා උන්ගේ කිර්තිනාමයට හානි වෙලා තත්වය සමනය වෙනවා. එතකොට රෙස්ටුරන්ට් එකට සිද්ද වෙන හානිය අවමයි.

ඔන්න ඔය වගේ සිද්ධි කිහිපයක් නිසයි මම කියන්නේ මේ ස්කෑම් ප්ලෑන් එක පට්ටම පට්ට ප්ලෑනක් කියලා.

මේ ස්කෑම් එක ගැන සමාජ මාධ්‍ය වල දිගින් දිගටම පහර දෙන්න ගත්තහම ස්කෑම් එක ස්ප්‍රෙඩ් කරපු සෙට් එකට තේරෙනවා ප්ලෑන් එක බැක්ෆයර් වේගෙන යනවයි කියලා. ඒ කියන්නේ හිතන තරම් කට්ටියක් මේකට රැවටෙන්නේ නැති වේවි ය... නීතිමය ප්‍රශ්නත් පැන නගින්න පුලුවන් වේය කියලා හිතෙන්න ගන්නවා. ඔන්න ඊට පස්සේ තමයි දෙවෙනි ප්ලෑන් එක ක්‍රියාත්මක වෙන්නේ. ඒක සිද්ධ වෙන්නෙත් විනීලා හරහා.

විනීලා හරහා තව වීඩියෝ එකක් කරවලා මේ 1500 අවශ්‍ය නැති කතාවක් කියලා වීඩියෝ එකක් කරවනවා. මෙතනදි විනීලා සෑහෙන උත්සහයක් දරණවා රු 1500යේ කතාව සාධාරණීකරණය කරන්න. ඒක හරියට තමන්ගේ හෙලුව අතින් වහගන්න හදන වෑයමක් වගේ. කොච්චර වහන්න හැදුවත් පේන්න ගන්නවා. අනිත් එක තමයි මේ ස්කෑම් එක ගැන දැනුවත් කරපු සෙට් එක හෑලි ලියන සෙට් එකක් විදිහට පල් එකත් දාලා කතා කරන සීන් එකක් වෙන්නේ.

මෙතැනදි තවත් අපූරු දෙයක් සිද්ධ වෙනවා. මේ මාර්කටින් ප්ලෑන් එක ගහපු රෙස්ටුරන්ට් එකේ සෙට් එකට හිතෙනවා තමන් වියදම් කරපු වුදලවත් පියවගන්න බැරි සීන් එකක් යන්නේ කියලා. මොකද දැන් 1500යේ කෑලි ටික ආයේ රිෆන්ඩ් කරන්න වෙනවා. අළුතින් රෙජිස්ටර් වෙනකොට ගානක් අය කරන්නෙත් නෑ දැන්. මේ නිසා ඒ අයගේ පාඩුව පියවගන්නේ අපූරු විදිහකට... ඒ අය දැන් කියනවා ඔයාලාට ෆෝර්ම් වල ප්‍රොසෙසින් ෆී එක විදිහට ගෙවන්න සිද්ධ වෙච්ච 1500 ගෙවන්න ඕන නෑ. ඒ වෙනුවට තමන්ව තේරුනොත් පොඩි ගානක් ගෙවන්න වේවි ය කියලා.

මුල්ම වීඩියෝ එකට අපි ආයේම ගියොත් එතැනදි කියව්වේ කිසිම ගාස්තුවක් ගෙවන්න ඕන නෑයි කියලා. ඔන්න දැන් කියනවා තේරුනොත් පොඩි ගානක් ගෙවන්න ඕන කියලා. ඔන්න ඕක තමයි ඔය ස්කෑම් කැම්පේන් එකේ ප්ලෑන් බී එක. බොහෝදුරට පළවෙනි ඉන්ටර්විව් එකෙන් ගොඩ දෙනෙක්ට පාස් කරවලා දෙවෙනි ඉන්ටර්විව් එකට එන්න කියන්න කලින් යම් මුදලක් අය කරන්න ගනියි. එතකොට වෙන්නේ මේ ස්කෑම් එක ගැන තිබ්බ රශ් එක හොඳටම නිවිලා ගිහින් කට්ටියට මේ සීන් අමතක වෙලා යනවා. ඊට පස්සේ කට්ටිය ආයෙම මේ ප්ලෑන් එකට රැවටෙන්න ගන්නවා. මොකද ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක තියෙන්නේ ටික කාළයයි නෙහ්.

කලින් සම්පූර්ණයෙන්ම ෆ්‍රී කරපු වැඩක් දෙවෙනි සැරේට සල්ලි ගෙවන්න වෙන එක සැක හිතෙන කාරණාවක් නෙහ්.

මෙතැනදි විනී සෙට් එක කිසිමදෙයක් නොතේරෙන ගානට ඇන්දිලා හෝ මේ සේරම දැනගෙන ඒවා වහන්න හදන සීන් එකක් තමයි අපිට පේන්න තියෙන්නේ.

මොකද ඒ සෙට් එකට වීසා ප්‍රෝසෙස් එක ගැන මේ ලෝකේ අදහසක් නෑ කියලා තේරෙනවා කරන කියන කතා වලින්. කිසිම පුද්ගලික ආයතනයකට වීසා ලබාදීමට හැකියාවක් නෑ. ඒක වෙන්නේ අදාල රජය හරහා. ඒක ගැනවත් විනී සෙට් එකට අවබෝධයක් නැති වීම කනගාටුවට කරුණක්.

අවසාන වශයෙන් මේ මාර්කටින් ප්ලෑන් එක ස්කෑම් ප්ලෑන් එකක් විදිහට අඳුන ගන්න තියෙන දේවල් ටිකකුත් කියලා ඉන්නම්.

පළවෙනි කාරණාව තමයි මේ මාර්කටින් ප්‍රොමෝශන් ප්ලෑන් එක සිදු වෙන්නේ ජීමේල් එකක් හරහා. ප්‍රොෆෙශනල් විදිහට මාර්කටින් ප්ලෑන් එකක් ක්‍රියාත්මක වෙනවා නම් ඒක සිදු වෙන්න ඕන අදාල ආයතනයේ හෝ සමාගමේ නිල ඊමේල් ගිනුමක් හරහා. උදාහරණයක් විදිහට පීසාහට් වැනි ආයතනයක් තමන්ගේ ප්‍රොමෝශන් හෝ මාර්කටින් ඊමේල්ස් යවන්න ජීමේල් ගිනුමක් භාවිතා කරන්නේ නෑ. තමන්ගේ නිල වෙම් අඩවියට අදාල ඊ මේල් ගිනුමක් හරහායි මේ දේවල් සිදු වෙන්නේ.

දෙවෙනි කාරණාව තමයි මේ මාර්කටින් ප්ලෑන් එක ප්‍රොමෝට් කරන්නේ විනී ප්‍රොඩක්ශන්ස් ලා උනාට අදාල රෙස්ටුරන්ට් එකේ කිසිම නියෝජිතයෙක් මේකට සම්බන්ධ වෙලා නෑ. කොටින්ම ඒ අයගේ වෙබ් අඩවියේ අදාල දැන්වීමේවත් කිසිම වගකිවයුතු පුද්ගලයෙක්ගේ කන්ටෑක් ඩීටේල් එකක් නෑ.

තුන්වෙනි කාරණාව තමයි මේ ක්‍රියාවලිය සිදු කරන්න භාවිතා කරපු ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක කිසිම වෘත්තිමය භාවයක් නොමැති වීම. උදාහරණයක් ලෙස රැකියා බැංකු හෝ වෙනත් රැකියා ලබාදෙන ආයතනයක් හෝ වෙබ් අඩවියක් හරහා මේ කැම්පේන් එක ප්‍රොමෝට් නොකිරීම්.

හතරවන කාරණය වෙන්නේ අදාල දැන්වීමේ අවශ්‍ය කරන සුදුසුකම් හෝ පුරප්පාඩු තියෙන ජොබ් ඩෙසිග්නේශන් ටිකවත් හරියට සඳහන් වෙලා නෑ. කොටින්ම එනි කොලිෆිකේශන් ගැන කියලා තිබ්බට අඩුමගානේ මොන සුදුසුකමද කියලාවත් මේ දැන්වීමේ කියවෙන්නේ නෑ. (දැන්වීම කියලා කිව්වේ අදාල ආයතනය, එයාලගේ වෙබ් සයිට් එකේ දාලා තිබුන දැන්වීම )

ඔය වගේ තව නොයෙක් කාරණා නිසා මේක ස්කෑම් කැටගරියට දාල කතා කරන්න සුදුසු මාර්කටින් කැම්පේන් එකක් කියලා මම ස්දහන් කරන්න කැමතියි.

අවසාන වශයෙන් කියන්න කැමතියි මේ සිද්ධියෙන් අන්තීමට උනේ විනී ප්‍රොඩක්ශන්ස් මේ වෙනකන් ලබාගෙන තිබුණු කීරිතිනාමයට හානියක් සිද්ධ වෙච්ච එක විතරයි උනේ. කීර්තිනාමය ගොඩනගාගන්න ලොකු කාළයක් ගත උනාට ඒක නැති වෙන්න යන්නේ බොහොම සුළු වේලාවක් කියලා තේරුම් ගන්න තරම් ඔවුන් බුද්ධිමත් වේවි කියලා හිතනවා.

අනිත් දේ තමයි අන්තර්ජාලයේ මීට අමතරව තව තවත් මේ වගේ ස්කෑම් අනාගතයෙත් එන්න පුලුවන්. ඒවා අපට නවත්වන්න බෑ. මේ වගේ සල්ලි ඉල්ලන ඒවාම නොවෙන්නත් පූවන්. සමහර ස්කෑම් වලින් සල්ලි ඉල්ලන්නේ නෑ. ඔවුන් අපේ දත්ත එකතු කරන්නේ. උදාහරණයක් විදිහට අපේ දුරකතන අංක, ඊමේල් ලිපින වගේ අපටම විශේෂිත වෙච්ච දත්ත. ඒවා වලට අහු නොවි සිහි බුද්ධියෙන් කටයුතු කරන්න කියලා අන්තර්ජාලය පරිශීලනය කරන ඔබගෙන් කාරුණීකවම ඉල්ලනවා.

සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com8tag:blogger.com,1999:blog-5940820833829740850.post-52841099703903910222023-03-24T09:30:00.003+05:302023-03-24T09:30:51.959+05:30ගුරුවරු, දඬුවම් හා මානව හිමිකම්
මේ බ්ලොග් සටහන දමන්න හිතුනේ අපේ පුතාගේ කලින් ටීචර් කෙනෙක් දාලා තිබුන පෝස්ට් එකක් හන්දා. ඔන්න මම ඒ පෝස්ට් එක පහලින් දාන්නම්.

මේ පෝස්ට් එකේ විදිහට කියැවෙන්නේ දරුවෙක්ව හොඳ මාර්ගයට ගන්න දඬුවම් කරන්නම ඕන කියලනේ. දඬුවම් කලහම දෙමව්පියන් මානව හිමිකම් කොමිසමට යනවයි කියනවනේ.

මම දන්න විදිහට දෙමව්පියන් හැම දඬුවම් දීමකටම මානව හිමිකම් එකට දුවලා නෑ. ප්රවෘත්ති වල ගියපු හැම මානව හිමිකම් කේස් එකකින්ම දරුවට සෑහෙන හානියක් වෙච්ච සිද්ධි තිබුනේ. එක්කො කන් අඩි පැලෙන්න ගහලා එක්කෝ තුවලාව වෙන්නම ගහලා වගේ සිද්ධි තමයි අපට අහන්න දකින්න හම්බ උනේ. ඒවට ඉතින් මානව හිමිකම් කොමිසමට නොයා ඉන්නේ කොහොමද ?

අනිත් එක තමයි ද්ඬුවම් දීම කියන්නේ එකක්, හිතේ කේන්තියට ඇරියස් අල්ලනවයි කියලා කියන්නේ තව එකක්.ගුරුවරු උනත් දැනගන්න ඕන මේ දෙක දෙකක් කියලා. හිතට කේන්තියක් ආ පලියටම ඒ කේන්තිය අදාල ශිෂ්‍යාගෙන් පිට කරව ගන්න එකට දඬුවමක් කියලා කියන්න නම් බෑ.

තවත් සමහරු දෙමව්පියන් කියන දෙයක් තමා ගුරුවරු අපට ගහලා හදපු නිසා තමයි අද අපි මේ තැන ඉන්නේ කියලා වගේ දේවල්. ඒ නිසා ගැහුවට කමක් නෑ කියලා. අනේ ඉතින් ඔය කියන තරමට දෙමව්පියන්ගේ පරම්පරාවට දඬුවම් කරලා හැදුනා නම් රටේ අපරාධ ගොඩක් අඩු වෙන්න එපෑ. කොයි එහෙම වෙලා තියෙනවද? පිස්සුනේ !

දැන් තියෙන විදිහට නම් ගුරුවරු, ළමයින්ට දඬුවම් නොකර ඉන්න තරමටම හොඳයි..

සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com4tag:blogger.com,1999:blog-5940820833829740850.post-77857529236826285152023-03-21T18:37:00.001+05:302023-03-21T18:37:16.952+05:30බිලියන 3ක්
මගේ සත දෙකේ කතාව ලියලා ඉවර වෙනවත් එක්කම වගේ දැක්කේ බිලියන 3ක කතාවක්.

අද 2023 අවුරුද්දේ මාර්තු මාසයේ 21 වෙනි අඟහරුවාදා දිනයක්. අද වන විට ලංකාව වැටි ඇති ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට යම්කිසි සහනයක් වශයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3ක් ලැබීමට නියමිතයි.

එක අතකට මේ ප්‍රවෘත්තිය සතුටට කාරණයක් ද එහෙමත් නැත්නම් තවත් ණය ගොන්නක හිරවීමක් ද යන්න අදහසක් මා තුල නම් නෑ.

ඒත් කොහොමින් කොහොමහරි ජන ජීවිතය යථා තත්වයට පත් වනවා නම් එයම අපේ සතුටට හේතු වනු ඇත.

මේ වන විට රටේ වත්මන් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ රනිල් වික්‍රමසිංහ වේ.

මේ ටික ලියලා තියාගන්න එක පොඩ්ඩක් වටිනවයි කියලා හිතුන නිසා බ්ලොග් පෝස්ට් එකක් දැම්මේ. පස්සේ කාලෙක ඡන්ද වලදි තීරණ ගන්න පහසුවක් වෙන්නේ නැතෑ. :)

සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com3tag:blogger.com,1999:blog-5940820833829740850.post-87808947480802355202023-03-21T18:09:00.001+05:302023-03-21T18:12:42.440+05:30මගේ සත දෙක
දවසක් අපේ කම්පනි එකේ මීටිමක් තිබුණා. එකේදි මැනේජ්මන්ට් එක මතු කරපු ප්‍රශ්ණයක් ගැන එක එක්කෙනා අදහස් පළ කලා. ඔක්කොම අදහස් පළ කළේ ඉංග්‍රීසියෙන්. මෙහෙම අදහස් පල කිරීම් වලදි එක්කෙනෙක් කතාව පටන් ගත්තේ,

"හිය ඊස් මයි ටූ සෙන්ට්ස් අබවුට් දිස් ඉශූ..." කියලා.

ඉතින් මට ඔය ටූ සෙන්ට් එහෙම නැත්නම් සත දෙකේ ඉඩියම් එක ගැන තව ටිකක් දුරට හොයලා බලන්න ඕන කියලා හිතුනා. මට ඇත්තටම ඕන උනේ ඔය ඉඩියම් එකේ තේරුමට එහා ගිය ආරම්භක කතාව හොයාගන්න...

ඔහොම අන්තර්ජාලය පුරාම පීරලා බැලුවහම මට මෙහෙම උත්තරයක් හම්බ උනා. ඒක තියෙන්නේ බයිබලයේ. බයිබලයේ ජේසුස් වහන්සේගේ ඉපදීමේ ඉඳලා උකුත්වෙන අවස්ථාව දක්වා කතාව ලියවිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් කතුවරු හතර දෙනෙක්ගෙන්. එක්කෙනෙක් ලූක්. අනිත් එක්කෙනා මාර්ක්. තව එක්කෙනෙක් ඉන්නවා මතෙව් කියලා. අන්තිමයා තමා ජොහාන්. මෙයාලට සුවිශේශකවරු කියලා කියනවා.

ඔය හතරදෙනාගෙන් මාර්ක් කියන ලේඛකයා ලියපු පොඩි කතාවක ඉන්නවා දිළිඳු වැන්දඹුවක්. දන්නවනේ වැන්දඹුවක් කියන්නේ ස්වාමි පුරුෂයා මළ ස්ත්රීයයක් කියලා.

ජේසුස් වහන්සේ දේවමාලිගාව ඉදිරිපිට වාඩි වෙලා ඉන්න වෙලාවේ ගොඩක් ධානපතියෝ ඇවිත් දේව මාලිගාවේ කැටයට මුදල් දැමුවාලූ. ඒ අය තමන් සතු ධනයෙන් ලොකු කොටසක් අනිත් අයටත් පෙනෙන්නම මාලිගාවේ කැටයට දැම්මාලූ.

ඔය අතරේ දිළිඳු වැන්දඹුවක් ඇවිත් තමන් අතේ තිබුණු කාසි දෙක (සත දෙකක්) දේව මාලිගාවේ කැටයට දැම්මා ලූ. ජේසුස් වහන්සේ ධනවතුන්ගේ ආධාරයන්ට වඩා මේ දිළිඳු වැන්දඹුවගේ ආධාර කිරීම ගැන බොහෝ ප්‍රශංශා වූ බවයි බයිබලයේ කියවෙන්නේ.

ඒක හරියටම බයිබලයේ ලියැවිලා තියෙන්නේ මෙන්න මෙහෙම,

"උන්වහන්සේ මුදල් ගබඩාව ඉදිරියෙහි වැඩහිඳ සෙනඟ ගබඩාවට මුදල් දමන හැටි බලාහුන්සේක. වස්තුකාරයෝ බොහෝ දෙනෙක් හුඟක් දැමුවෝය. දිළිඳු වැන්දඹුවක් ඇවිත් ශතයක් වටිනා සල්ලි දෙකක් දැමුවාය. උන්වහන්සේ ගෝලයන් තමන් වෙතට කැඳවා: සැබවක් නුඹලාට කියමි–ගබඩාවේ මුදල් දමන සියල්ලන්ට වඩා මේ දිළිඳු වැන්දඹුව දැමුවාය. මක්නිසාද ඒ සියල්ලෝ තමුන්ගේ වැඩිමනත් දෙයින් දැමුවෝය. නුමුත් මෑ වනාහි තමාගේ හිඟකමෙන් තමාගේ රක්ෂාවීමට තිබුණු සියල්ලම දැමුවායයි කී සේක."

මේ සත දෙකේ කතාව ඉංග්‍රීසි භාෂාවට එන්නේ අන්න එතැනින්. කිසියම් දෙයක් ගැන තමන් දන්න සියළුම දේවල් කියනවට තමයි කියන්නේ "හියර් ඉස් මයි ටූ සෙන්ට්ස්.." කියලා.

සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com0tag:blogger.com,1999:blog-5940820833829740850.post-91259998294588602092023-03-10T18:24:00.001+05:302023-03-10T18:24:16.127+05:30අපූරු පංකාවක්
මාතර තානායමේදි අපි හරි අපූරු සුළං පංකාවක් දැක්කා. සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන්නේ අවර පෙත්තක් විදුලි මෝටරයක ආධාරයෙන් කරකවලා සුළං ලබාගන්නා ආකාරයෙ විදුලි පංකා නෙහ්. මේක එහෙම එකක් නෙමෙයි.

මම කියනවට පොඩ්ඩක් මේ පහල වීඩියෝ එකේ තත්පර කිහිපය බලලා ඉන්ඩකෝ.

මේක ටිකක් පැරණි තාලේ සුළං පංකාවක්. මේ පංකාව නිසාම මාතර තානායමේ තියෙන පෞරාණික ගතිය සෑහෙන්න වැඩි කරන්න සමත් වෙනවා. (මට ඒක වීඩියෝ එකකට හරියටම රෙකෝර්ඩ් කරගන්න බැරි උනා. මේක අන්තර්ජාලයෙන් හොයාගත්තු වීඩියෝ එකක්)

දහඩිය දමන වේලාවට අපි පොතකින් හුළං ටිකක් ගහගෙන දහඩිය නිවා ගන්න ආකාරයට තමයි මේ පංකාවේ පෙත්ත චලනය වෙන්නේ. මෙතනින් එහාට මාතර ගමනේදි අපි ඇසූ දුටූ දේවල් ඉවරයි. එහෙනම් හැමෝටම ජය වේවා !සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com4tag:blogger.com,1999:blog-5940820833829740850.post-17196834655260976902023-03-09T08:30:00.001+05:302023-03-09T08:30:00.231+05:30මාතර කොටුව
මාතර තානායමේදි උදේම නැගිට්ටා.කීයට නිදියෑවත් උදේ හය වෙද්දි වගේ අනිවාර්යෙන්ම මට ඇහැරෙනවා. එතනින් එහාට ඉතින් ආයේ නින්ද යන්නෙම නෑ. නැගිටලා උදේ තේ එකකුත් බීලා ඊට පස්සේ ටවුම පැත්තේ පොඩි රවුමක් දාලා එන්න ආවා. ඒ වෙනකොට පොඩි පහේ මීදුම් ගතියකුත් තිබුනා. ඒ මුහුද ළඟ හන්දා වෙන්ඩැති.

පන්ති යන්ඩ ආපු ළමයි කිහිපදෙනෙක් එහෙම බස් ස්ටෑන්ඩ් එකට වෙලා හිටියා. ඊට අමතරව ඉතින් දුර ගමන් සේවා වල සෙනග ලෝඩ් කරන බස් ටික පෙලට ස්ටෑන්ඩ් එකේ නතර කරලා තිබ්බා.

මම ස්ටෑන්ඩ් එකට ගිහින් අනිත් රවුම කොටුව පැත්තට ආවා. ගාලු කොටුව තරම්ම මාතර කොටුව ජනප්‍රිය නොවුනට මාතරත් ලන්දේසින් විසින් ගොඩනගපු කොටුවක් තියෙනවා. ඒ කොටුවේ ඔර්ලෝසු කණුවකුත් තියෙනවා.

වෙලාව හම් හරියට වැඩ කරන්නේ නෑ. :)

මේ පින්තූරය අන්තර්ජාලයෙනි.

මුලින්ම මාතරදි කොටුවක් නිර්මාණය කරන්නේ පෘතුග්‍රිසි ජාතිකයින් විසින්. ඒ ක්‍රිස්තු වර්ෂ 1595 අවුරුද්දේ දී. පෘතුග්‍රීසින්ගේ ඇවෑමෙන් පස්සේ මාතර කොටුවේ බලය ලන්දේසින්ට නතු වෙනවා. මාතර කොටුව හා ඒ ආශ්රිත ප්‍රදේශය ලන්දේසීන්ට යටත් කරගන්න ලැබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1780දී.

මීට අමතර මාතරට තාරකා කොටුව කියලා තවත් පොඩි පහේ බලකොටුවක් තියෙනවා. ඒක නම් බලන්න යන්න උනේ නෑ. මාතර කොටුවත් බලාගෙන අපි ආයෙම තානායම පැත්තට ආවා. ඒ උදේ කෑම ගන්න කියලා.

එහෙනම් මම ගියාවේ...

සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com3tag:blogger.com,1999:blog-5940820833829740850.post-46863661034307882762023-03-08T17:36:00.000+05:302023-03-08T17:36:31.626+05:30මාතර තානායමේ ගෙවු දිනක්
කුශ්ඨරාජගල බලලා ආයෙම ගාළු පාරට එනකොට වෙලාව හැන්දෑවේ දෙක විතර වෙලා තිබුණා. ඊට පස්සේ අපි ගාළු පාරේ මාතර දිහාවට එනකොට පාර අයිනේම තිබ්බ පොඩි කඩේකින් දවල්ට කෑවා. දැන් ඉස්සර වගේ නෙමේ කඩේකින් පොඩි දෙයක් කෑවත් රුපියල් 500ට එහා ගානක් යනවා.

දවල්ට කාලා අපි කෙලින්ම ආවේ මාතර තානායමට. මාතර තානායම තියෙන්නේ ටවුන් එකේමයි. හරියටම මාතර - කොළඹ හයිවේ බස් නැවතුම්පොළ කිට්ටුවෙන් තියෙන්නේ. තානායම මුහුද කිට්ටුවෙන්ම තියෙන නිසා මුහුදෙන් නැගෙන අතොරක් නැති රල හඬ හැම වෙලේම ඇහෙනවා. ඒත් එක්කම මුහුදු හුළඟ නිසා කොච්චර රස්නයක් තිබ්බත් ඒක වැඩිය දැනෙන්නේ නෑ. ටවුන් එක කිට්ටුවෙන්ම තිබ්බත් ටවුන් එකේ තියෙන ලොකු ඝෝෂාවක් නම් මේ තානායමට ඇහෙන්නේ නෑ.

මේක නාගරික සංවර්ධන අධිකාරියෙන් කරවන ආයතනයක් නිසා කාමර ගාස්තු ලොකු ගානක් උනේ නෑ. (රුපියල් 7,500ක් වෙනවා ඩබල් රූම් එකක්) ගිය අවුරුද්දේ නම් මීටත් වඩා ගණන් අඩුයි. හැබැයි කෑම බීම නම් වෙනම ගන්න ඕන. ඒවත් ඉතින් එච්චර ලොකු ගානක් වෙන්නේ නෑ.

වෙනත් තරු පන්තියේ හෝටල් වල වගේ හෝටලය වටේ ඇවිදලා බලන්න තරමේ ලොකු දේවල් ටිකක් නම් නෑ. ඉදිරියෙන්ම තියෙන ලොකු නුග ගහ යට තියෙන බංකු පේළියේ වාඩි වෙලා මුහුද දිහා බලාගෙන පොඩි කතාවක් දාලා ඉන්න නම් මරු තැනක්. ඒ වගේම කඩා වැටුන පරෙවි දූවේ පාළමයි පරවි දූවයි ඈතින් පේනවා. ඒ ඇරෙන්න වැඩි යමක් නෑ.

අපි ඇවිල්ලා ටික වේලාවකින් වොශ් එකක් එහෙම දාලා මාතර ටවුම පැත්තේ පොඩි රවුමක් දාලා එන්න ගියා. හවසට මාතර වෙරල පාරේ තැනින් තැන ස්ට්‍රීට් ෆුඩ්ස් එහෙම තියෙනවා. අපි ඒවයින් එක එක දේවල් කකා පොඩ්ඩක් වෙරල දිගේ ඇවිද ඇවිද හිටියා. ඊට පස්සේ රෑ වේගෙන ආපු නිසා අපි ආයෙම තානායම දිහාවට ආවා.

මේ තානායම ලන්දේසි පාළනය කරන කාළයේදි ලන්දේසි වෛද්‍යවරුන් නවාතැන් ගත්තු තැනක් කියලා මට අන්තර්ජාලයේ පීරනකොට ලංකාදීප ලිපියකින් දැන ගන්ඩ ලැබුනා. කොටින්ම මේ තානායමේ ගෘහ නිර්මාණ ශිල්පය දිහා බැලුවහමත් පොඩි ඇන්ටික් ලුක් එකක් තියෙන්නේ. ඒ නිසා ඒ කතාව බොරු වෙන්ඩත් බෑ.

එහෙනම් අපි පහුවදාට හමු වෙමු... ජය වේවා !

සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com0tag:blogger.com,1999:blog-5940820833829740850.post-20914191534900696192023-03-07T09:30:00.002+05:302023-03-07T09:55:41.852+05:30කුශ්ඨරාජගල
අපි මාතර යන ගමනේදි මට ඕනකමක් තිබුණා වැලිගම හරියේ තියෙන කුශ්ඨරාජගල බලලා එන්ඩ. ඒක තියෙන්නේ ගාල්ල - මාතර පරණ පාරේ. ගාල්ල පැත්තේ ඉදලා එනකොට කුඹල්ගම දුම්රිය ස්ථානය පහු කරල ටික දුරක් වැලිගම පැත්තට එන්ඩ ඕන.

මේ ගල ට කුශ්ඨරාජගල කියලා නම වැටිලා තියෙන්නේ හතරවන අග්බෝ රජතුමාට වැළදුන කුශ්ඨ රෝගයක් සුව වෙන්න කියලා මේ ආසන්නයේම තිබ්බ අග්‍රබෝධියට බාරයක් වෙලා තියෙනවා. ඒ බාරය වෙලා තියෙන්නේ තමාට වැළදුන කුශ්ඨ රෝගය සුව උනොත් මේ පර්වතයේ නාථ දෙවියන්ගේ පින්තූරයක් කරවනවයි කියලා. කොහොමහරි රජතුමාගේ රෝගය සුව උනාට පස්සේ දැන් තියෙන ගලේ නාථ දෙවියන්ගේ පින්තූරයක් ඇඹෙව්වාලු.

කුශ්ඨය හැදුන රජතුමා බාර වූ ගල පස්සේ කාලෙක කුශ්ඨරාජගල උනා ලූ. මේ කුශ්ඨරාජගලේ තියෙන්නේ මහායාන බුදු දහමට අදාල අවලෝකිතේශ්වර බෝසත් පිළිමයක් ලූ.

තමන්ගේ කුශ්ඨය හොඳ වෙන්ඩයි කියලා රජතුමා බාර උනේ අග්‍රබෝධි විහාරයේ තියෙන බෝධි වෘක්ෂයටලූ. මේ බෝධි වෘක්ෂය දෙතිස් මහ බෝධීන්ගෙන් එකක් ලූ. ගමන යන්න කලින් මම ඔය අග්‍රබෝධි කතාව දැනගෙන හිටියේ නෑ. එහෙම දැනගෙන හිටියා නම් විහාරයටත් ගිහින් එන්ඩ තිබුණා.

ශ්‍රී මහා බෝධියෙන් හටගත් දෙතිස් බෝධි පල වෘක්ෂයන්ගෙන් එකක් දකුණු රටට ගේන කොට රෑ බෝ උනා ලූ. ඊට පස්සේ බෝධියත් පැත්තක තියලා නිදාගෙන පහුවදා බලනකොට බෝධි වෘක්ෂය මුල් ඇදලා ගලව ගන්ඩ බැරි උනා කියලා ජනප්රවාදයේ සදහන් වෙනවා. ඊට පස්සේ දේවානම්පියතිස්ස රජතුමාගේ අනුදැනුම යටතේ බෝධි වෘක්ෂය දැන් තියෙන අග්‍රබෝධි විහාරයේම ස්ථාපනය කරලා එතැන විහාරයක් කරවූවා ලූ.

ඔය දෙතිස් පල බෝධි කතාව ගැන මම තව දුරටත් හොයලා බලන්න ඉන්නේ. මතකනේ එක බෝධි වෘක්ෂයක් බෙල්ලන්විලත් තියෙනවයි කියලා මම කලින් ලිපියක ලිව්වා.

හරි. ඒවයින් කාරි නෑ. පින්තූර ටිකක් බලලා ඉම්මු එහෙනම්.

කුශ්ඨරාජගල බෝධිසත්ව ප්‍රතිමාව උසින් අඩි අටක් පමන වන බවයි සදහන් වෙන්නේ. තවත් විස්තර දැන ගන්ඩ ඕනම නම් පහල වීඩියෝ එක බලන්ඩ. ඒකෙත් පොඩි පොඩි විස්තර වගයක් සදහන් වෙනවා.

එහෙනම් මම ගියාවේ... ජය වේවා !

සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com2tag:blogger.com,1999:blog-5940820833829740850.post-155743651533058172023-03-06T20:32:00.001+05:302023-03-06T20:32:49.030+05:30මාතර යන ගමන් ගාළු කොටුවේදී
සෑහෙන කාළයකට පස්සේ සති අන්තයේ දීර්ග නිවාඩුවක් ලැබුන නිසා පොඩි ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කලා. එක එක තැන් ටිකක් යෝජනා කරගෙන එයිනුත් අන්තිමේදි තීරණය කර ගත්තේ දකුණු රටට ගිහින් එනවයි කියලා. දකුණු රටේ මාතරට ගිහින් දවසක් එහේ ඉඳලා එන්න තමයි අන්තිම අදහස උනේ.

හයිවේ එකේ නිකන්ම මාතරට ගිහින් එනවට වඩා ගාල්ලේ ගිහින් ගාළු කොටුවත් බලලා එතනත් ටික වෙලාවක් ඉඳලා මාතර එමුයි කියලා මම යෝජනා කළා. ඒකට අපේ උන්දැත් කැමති උන නිසා අපි උදෙන්ම හයිවේ එකට දාලා පින්නදූවෙන් ගාල්ලට ආවා.

ඒ එනකොට උදේ හත හමාර වගේ උනා. ඒ වෙලාවට නම් අවුව අඩු නිසා ගාළු කොටුවේ ඇවිදින එකේ අමුතු ගතියකුත් තියෙනවා. ගාළු කොටු බැම්මේ ඉඳලා ඈත මුහුද බලාගෙන ඉන්න එකත් මරු හැබැයි. ඒත් ගාළු කොටුව ඇතුලේ තියෙන පාරවල් වල ඇවිදින කොට නම් හිතෙන්නේ වෙනම රටකට ගියා වගේ. හැම පාරකම තියෙන ගොඩනැගිලි පැරණි ඕලන්ද සම්ප්‍රදායට හදපුවා.

ඒ වගේම තමා පාරවලුත් ඇතිරුම් ගල් අල්ලලා වෙනස්ම ක්‍රමයකට හදලා තියෙන්නේ. සාහිත්‍ය පොත් වල තියෙන විදිහේ අපූරු සැලැස්මක් තමයි ගාළු කොටුව ඇතුලේ තියෙන්නේ. මේ කාලෙට සංචාරකයෝ අඩුවෙන් එන කාළයක් නිසාද මන්දා ඒ තරම්ම කට්ටියක් අපිට දකින්න හම්බ උනේ නෑ.

එහෙනම් පින්තූර ටිකක් බලලා ඉම්මුකෝ.

ගාළු කොටුවේ ඇවිදින එක අපිට ෆන් එකක් උනාට අපේ පොඩි එක්කෙනාට එක එච්චරම සෙට් නෑ. මොකද කොල්ලා මූදට මාර බයයි. ඒ නිසා මූද තියෙන හරියටවත් යන්න කැමති නෑ. පොඩ්ඩා හිතන්නේ මුහුදේ රැල්ල පෙරලිලා ඒවා අපි ගාවට එයි කියලා.

ගාළු කොටුවේ ඇවිද්දට පස්සේ අපි ඊළඟට ගියේ ඒ කිට්ටුවම තිබ්බ පොඩි පාර්ක් එකකට. ඒකට කියන්නේ ධර්මපාල උද්‍යානය කියලා ලූ. ඒකට ඇතුලුවෙන්ඩ ඕනෑම කෙනෙක්ගෙන් රුපියල් 20ක මුදලක් අය කරනවා.

ඒකේ පොඩි අයට සෙල්ලම් කරන්න එක එක අයිටම් ගොඩක් තියෙනවා. ඒ නිසා පොඩි එක්කෙනා ඒකට නම් මාර කැමැත්තෙන් හිටියා. තුන්මුනින් දහඩිය දානකන්ම එහේ මෙහේ දුව දුවා සෙල්ලම් කරලා මහන්සි උනහම අපි ආයෙම වාහනේට ආවා. ඒ මාතර යන්න ඕන නිසා.
සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com2