27 February 2024

විකුණනු ලැබේ

 මගේ පළවෙනිම වාහනය උනේ පැන්ඩා ක්‍රොස් එකක් කියලා කලින් බ්ලොග් සටහනක මම කියලා තියෙනවා. ඉතින් ඒ පැන්ඩා වාහනය, මම අවුරුදු දෙකක් පැද්දට පස්සේ විකුණන්න හිතුනා. ඒ වාහනය විකුණන්න මට හේතු කිහිපයක් බලපෑවා.

පළවෙනිම හේතුව තමයි මැනුවල් වාහනක් පැදලා තියෙන නිසා ඔටෝ වාහනයක් පැදලා අත්දැකීමක් ගන්න ඕන කියලා හිතුන එක. මොකද අපේ උන්දෑ නාහෙන් අඩනවා අපි ඔටෝ එකකට ගියා නම් එයාටත් ගොඩක් ලේසියි කියලා. ඉතින් ඒක තමයි පළවෙනිම හේතුව උනේ.

දෙවෙනි හේතුව මේකයි. පැන්ඩා කියන්නේ ඉතින් චයිනීස් වාහනයක්. ඒකේ සේරම පාර්ට්ස් ගේන්නේ චීනයෙන්. ඒ කරලා ලංකාවේ තමා ඇසෙම්බල් කරන්නේ. අමුවෙන් කියනවා නම් පැන්ඩා කාර් වල Build Quality එකයි ෆිට් ඇන්ඩ් ෆිනිශ් එකයි මදි. දොර හැන්ඩ්ල් එහෙම හරිම පරිස්සමින් පාවිච්චි කරන්න ඕන. මොකද ඒවා නිකන් කැඩෙන්න ඔන්න මෙන්න වගේ තියෙනවයි කියලා මට හිතෙන්නේ.

10 February 2024

පැන්ඩා ක්‍රොස් එක

 මීට අවුරුදු දෙකකට ඉහත මම රෝද හතරකට ගොඩ උනා. ඒ ගොඩක් හොඳ වාහනේකට නම් නෙමෙයි. ඒක පැන්ඩා ක්‍රොස් එකක්. චීනයේ හදලා ලංකාවේ මයික්‍රෝ සමාගමෙන් එකලස් කරපු වාහනයක්. මේකේ මැනුවල් සහා ඔටෝ වාහන දෙවර්ගයම ලංකාවේ දකින්න තියෙනවා.

ඒ දෙවර්ගයෙන්ම මගේ බජට් එකට සෙට් උනේ මැනුවල් එකක්. මම වාහනයක් ගන්න යනවයි කියලා කියපුවහම මගේ යාළුවෝ සෙට් එක මට එක එක සිලෙක්ශන් එවුවා. 

ඒ හැම දේකින්ම මම හොඳම ඔප්ශන් එක විදිහට දැක්කේ පැන්ඩා වාහනයකට යන එක හොඳයි කියන එක. ඇල්ටෝ ව්ලට වඩා හ්ඳ ඔප්ශන් ටිකක් එහෙම පැන්ඩා වාහනේ තියෙනවා. 

ගන්න පළවෙනිම වාහනේ හන්දා ළඟ අවුරුද්දක එකකට යන එක නුවණට හුරුයි කියලා තමා කට්ටිය වැඩිමනක්ම කිව්වේ. ඒක නම් ඇත්තා තමයි. මොකද මම පාවිච්චි කරපු අවුරුදු දෙකටම එංජින් ලෙඩ එහෙම ආවේ නෑ. රෙපයාර් ආවත් පොඩි පොඩි ඒවා තමයි සෙට් උනේ.