10 January 2018

The Prestige නම් වූ චිත්‍රපටිය

ඕනෑම මැජික් එකක කොටස් තුනක් තියෙනවා.

1. The Pledge - මැජික්කරු ඔබට සාමාන්‍ය දෙයක් පෙන්වනවා. ඔබ ඒ දිහා හොඳට බලාගෙන ඉන්නවා.උදාහරණයක් විදිහට කුරුල්ලෙක්, කාඩ් එකක් හෝ මනුස්සයෙක්.

2. The Turn - ඊට පස්සේ ඔහු ඒ සාමාන්‍ය දෙයින් අසාමාන්‍ය දෙයක් බවට කරනවා. දැන් ඔබ හොයනවා ඒ සාමාන්‍යය දෙයට මොකද උනේ කියලා.නමුත් ඔබට හොයාගන්න බෑ. මොකද ඔබ උවමනාවෙන් බලන්නේ නෑ.

3. The Prestige - සාමාන්‍ය දෙයකින් අසාමාන්‍ය දෙයක් කිරීම පමණක් ප්‍රමාණවත් නෑ. උදාහරණයක් විදිහට කාඩ් එකක් අතුරුදහන් කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. මැජික්කරු එය ආපහු ගෙනවිත් පෙන්විය යුතුය. එවිටයි ඔබ මැජික් එකට අත්පොලසන් ලබා දෙන්නේ.


මං ඔය ඉහත කියලා තියෙන කොටස් තුනම මැජික් එකක අන්තර්ගත වෙලා තියෙනවයි කියලා සදහන් වෙන්නේ 2006 වර්ශයේ තිරගතවූ The Prestige නම් වූ සිනමා පටයේ ය.

මෙම චිත්‍රපටිය ක්‍රිස්ටෝපර් නොලන්ගේ අති සාර්ථක සිනමා නිර්මාණයක්. ඒ වගේම මේ වනවිට 8.5 ක ඉම්ඩ්බ් අගයක් ලබා ගැනීමටත් මේ චිත්‍රපටිය සමති වී තිබේ. එසේම මේ චිත්‍රපටිය ඇමරිකානු ඩොලර් මිලියන 109ක පමණ ආදායම් වාර්ථාවක් ලබා තිබෙන චිත්‍රපටියක් බව මා සදහන් කල යුතු ය.

චිත්‍රපටියේ කතාව ගැන කෙටියෙන් සදහන් කරන්නේ නම් මේ චිත්‍රපටිය පුරාම දිව යන්නේ මැජික්කරුවන් දෙදෙනෙක් වටායි. එක්කෙනෙක් රොබර්ට් ඇන්ජියර් සහ අනෙකා ඇල්ෆ්‍රඩ් බෝර්ඩ්න් වේ. ඔවුන් දෙදෙනාම එකිනෙකාට නොපරදින්නට කැමති මැජික්කරුවෝ ය.

දිනක් එක් මැජික් එකකදී ඇන්ජියර්ගේ බිරිඳ මිය යයි. ඒ මිය යාමට බෝර්ඩ්න් වග කිවයුතු බව ඇන්ජියර් නිතරම සිතුවේ ය. මේ නිසා ඇන්ජියර්, බෝර්ඩ්න් කෙරෙහි වූ උපන් තරහවකින් ජීවත් වේ. ඇන්ජියර් කෙසේ හෝ බෝර්ඩ්න්ගෙන් පලි ගනී. ඒ සිදු වූයේ කෙසේ ද ?

ඇන්ජියර් විසින් බෝඩ්න්ගෙන් පලිගැනීමට යෙදවූ උපක්‍රමය කුමක් ද ? යන ප්‍රශ්න වලට පිළිතුරු චිත්‍රපටිය තුලම අන්තර්ගත වේ.

නමුත් ඔබ මේ චිත්‍රපටිය අවධානයෙන්ම බැලිය යුතු වේ. මුළු චිත්‍රපටිය පුරාම දිව යන්නේ මැජික් එකකි. මේ නිසා ඔබ මැජික් එකෙහි අවුල ලිහා ගැනීමට නම් එය අවධානයෙන්ම බැලිය යුතු වේ.

4 comments:

  1. මාත් ඕක දෙපාරක් බැලුවා. හොද චිත්‍රපටයක්. ටෙස්ලා ගැනත් සඳහන් නිසයි දෙවැනි වතාවට බැලුවේ

    ReplyDelete
  2. මමත් බලල තියෙනවා. මරු ෆිල්ම් එකක්

    ReplyDelete
  3. මං හත් අට පාරක් බලල තියනවා ..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.