11 October 2013

අපොයි පොතට ගිය සල්ලි

මං බ්ලොග් ලියන්ඩ කම්මැලි වෙලා හිටපු මාස අටක විතර කාලේ පුරාම කම්මැලිකම යවා ගන්ඩ කරපු දේවල් වලින් පලවෙනි තැන තිඋනේ පොත් කියවීම. ඒ කාලේ සෑහෙන නවකතා කෙටි කතා ගොඩක් කියෙව්වා. කොටින්ම ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වෙච්ච පොත් වලින් සෑහෙන ගොඩක් ඒ වෙනකොට කියවලා තිඋනා.

ඔන්න ඔය පුරුද්දටම මෙදාපාර කොළඹ පොත් ප්‍රදර්ශනෙන් පොත් ටිකකුත් ගත්තා.ඒ පොත් අතරේ මෙදාපාර ස්වර්ණ පුස්තක සම්මානය හිමි වෙච්ච පොතත් තිබුනා. මම පොත් තෝරන්නේ ඇඳුං තෝරන ක්‍රමේට, කෝච්චර කවුරුත් ලස්සනයි කිව්වත් මට ගැලපෙන්නේ නැත්තං මම ගන්නේ නෑ. හැබැයි ඇඳුං ගන්නවා වගේ නෙමේ පොත් ගද්දි අනිත් අයගේ අදහසුත් හොයලා බලනවා. ඒත් මේ පොත ගද්දි අදහස් විමසීමටත් වඩා අපේ අම්මෑ ඉල්ලීම නිසා ගත්තා කිව්වොත් හරි !

ගෙනාපු පොත් එකතුවෙන් හත අටක් කියවලා ඉවර කලාට පස්සේ සම්මාන ගහපු කාල සර්ප (ලේඛක - කීර්ති වැලිසරගේ) පොත අතට ගත්තා. ටිකක් ඉතර හයේ හතරේ පොතක්. පොතේ ගානත් ඒ වගේමයි !

කතාවේ පටන් ගැන්මයි මුල ටිකයි ටිකක් ඉතර හොඳයි.. ඊට පස්සේ කතාව මැද්දෙන් පිටු සීයක විතර ලොකු පරිච්ඡේදයක් තියෙනවා කතාවට ලොකු අදාලත්වයක් නැති. හිතන්ඩකෝ නාට්ටිය මැද්දෙන් ඇඩ් එකක් යනවා කියලා.අන්න ඒ වගේ පරිච්ඡේදයක්. ඊට පස්සේ තුන්වෙනි පරිච්ඡේදය ආයෙම මුල පරිච්ඡේදයත් එක්ක පූට්ටු වෙනවා.

කොහොමින් කොහොමහරි කතාව ඉවර වෙනකොට ටිපිටිප් කෑවා වගේ ! ගත්තු දේකුත් නෑ !කියෝපු දේකුත් නෑ ! මං නං කියන්නේ මේ පොත කියවනවනං කාගෙං හරි ඉල්ලගෙන කියවන්ඩ... එහෙම කියවලා හොඳයි කියලා හිතුනොත් විතරක් ගන්ඩ !

මේක නවකතා පොතක් කිව්වට කෙටි කතා පොතක් වගේ. කොහොම සම්මාන දුන්නද මන්දා. මේ සම්මානයට නිර්දේශ වෙච්ච පොත් වලින් මං ආසම පොත තමා මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලියපු සෙංකොට්ටං නවකතාව. ඒ පොත නම් මරු !

එක හුස්මටම කියෝගෙන යන්න ආස හිතෙන පොතක්. මං හිතුවෙම සෙංකොට්ටං වලට සම්මානය හම්බුවේවිය කියලා. අපි හිතන එවුවම හරියනවා නං කොහෙද ඉතිං !

සෙංකොට්ටං පොත ගති ! ඒ හැටි ලොකු පොතකුත් නෙමේ. ! ආසාවෙන් කියවතෑකි !

මේ ලඟදි අපේ වැඩපොලේ අයියා කෙනෙක් ඊ බුක් අඩවියක් සම්පූර්ණයෙන්ම බාගත කලා. සෑහෙන ගොඩක් තිබ්බේ මල් නවකතා.  ඒ අතරේ සෙංකොට්ටං පොතත් තිබුනා. ඔන්න සෙන්කොට්ටං පොත කියවන්ඩ කැමති කෙනෙක් ඉන්නවනං මෙතනින් බා ගන්ඩලා !

සෙංකොට්ටං වලට අමතරව කියවන්ඩ හොඳයි කියලා හිතුන පොතකට තිබ්බේ ගුරු ගීතයයි හත්පණයි විතරයි. අනිත් සේරම මල් නවකතා ! හත්පණ ආයෙම කියවන්ඩ ඕන කෙනෙක් ඉන්නවනං මෙතනින් බාගත කරගන්ඩ !

---------------------------------------------------------------------
ප.ලි. - පොත් දෙකේම ලින්ක් අයින් කළා !

20 comments:

  1. මධුරංග නිකන් පොර වගේ " අපිට මේ බ්ලොග් පඩංගු වැඩක් නැහැ ඩෝ " කියලා ගියා නේද ?

    දැන් මොකද මල්ලි කියන්නේ ..? මටත් ඕක උනා... සියල්ල ගැන සලකා බැලීමේදී කම්මැලි කමට කරන්න හොඳ වැඩක් තමයි බ්ලොග් එකක් ලියන එක....මගේ බ්ලොග් එක රෝල්ට දාගන්න ...

    පොත් වලට් ස්තූතියි... නමුත් නිකන් පයිරසි වගේ නේද ...?

    ReplyDelete
  2. ඔන්න ඕක තමයි ඔය වගේ දේවල් සල්ලි දීලා ගන්න ගියාම වෙන්නේ.මම හිතාගත්තා සෙංකොට්ටං සල්ලි දීලම ගන්ඩ.හැබැයි පුතෝ පොත චොර නං එහෙම මම කනව උඹේ @#$$#&^

    ReplyDelete
  3. හැමෝම ඔය පොත ගැන කතා වෙනව දැක්කා.. පොත ගන්න එක ලේසි බං.. මම කැමති නැහැ ස්ක්‍රින් එක දිහා බලං කියවන්න.. ඒත්.. මේක එහෙම ආස උදවියට උදව්වක්.. පොත් ස්කැන් කරල දාන්න කියල මට වද දෙන කෙනෙක් ඉන්නවා.. පිටරටක. එයාට මේ ලින්ක් එක දාමි..

    ජය !

    ReplyDelete
  4. ගත්ත ඒවයින් ටොට්ටෝ චං විතරයි තාම කියෙව්වෙ.. අනිත් ඒවා කියවන්න තාම හිතනවා... කවර දැක්කමත් පොත් එපා වෙනවා මේ පාර නං මට... හ්ම්ම්....

    ReplyDelete
  5. බෙහොම කාළෙකින් මධුරංග , ....හත්පණ පොත බා ගන්න ලිංක් එක හොයල දීපු එකටම බොහොම පිං , 
    පහුගිය කාළේ දකින්න මධුරංග මාමා දකින්න නැති එක ගැන දිනිති-මිතිලිත් කතා කළා .
    ස්තුතියි ඒ වගේම සතුටක් ආයෙත් ලියන්න ගත්ත එක ගැන

    ReplyDelete
  6. බය වෙන්න එපා බන්ස්ල සෙන්කොට්ටං පොත හොඳටම හොඳයි,කාල සර්ප පොත මම ගත්තෙ නෑ පස්සෙ ගන්නයි හිටියෙ එහෙනං නොගන්න එක හොඳයි නේද.

    ReplyDelete
  7. සෙංකොට්ටං ගැන විචාරයක් තිබුනා බ්ලොග් එකක මට දැන් මතක නෑ හරියටම කෝකෙද කියලා...

    ReplyDelete
  8. itnishantha

    නොදකින් මේ මඟුල් office server එකේ මේ දෙක බාන සයිට් වලට යන්න දෙන්නේනැ

    ReplyDelete
  9. මේ බුද්ධිමය දේපල හොරකම වැරදියි. මෙහෙම ගියොත් පොත් පලකිරීම නවතියි.
    දැන් ෆන්නට නැති පරණ පොත් නම් කමක් නෑ කියමු. ඒත් මේ අළුත් පොත්?

    ReplyDelete
  10. සෙංකොට්ටං පොත නම් කියවන්න ඕන කමක් මටත් තියෙනවා බලමු..

    ReplyDelete
  11. හත් පන හොයල දුන්නට නම් ගොඩාක් ස්තුතියි...
    අර අයිය කෙනෙක් ඊ බුක් අඩවියක්ම භාගත කලා කිව්ව සයිට් එකෙ ලින්ක් එක දාපන්කො මචන්.....

    ReplyDelete
  12. මේ දවස්වල පොඩ්ඩක් අසනීප හන්දා ඇඳට වෙලා ඉන්න ගමන් මධුගේ කතාවක් බාගෙන කියෙව්වා. පුදුම දුක හිතෙන කතාවක්නේ. කුලය නිසා මිනිස්සුන්ට සලකලා තියෙන හැටි. ඒ මිනිස්සුත් මෝඩයෝ වගේ ඒවා ඉවසලා තියෙන හැටි.

    'සෙංකුට්ටන්' කියන්නේ මොනවද? අනෙක තමා කතාවේ අවසානය හදිසි වැඩි උනා වගේ දැනුනා. එකපාරම ඉවර කරලා. ගොඩක් ස්තූතියි බාගන්ට ඉඩ සැලැස්සුවට. මේ විදියට අපි මේ පොත කියවනබව පොතේ කර්තෘ දන්නවද? එයා ඒකට කැමතිද කියන එක ඔලුවට ආවා...

    සම්මානයක් දෙන්ට වටින කතාවක්!!!

    ReplyDelete
  13. SilentSahan :
    කම්මැලි උනහම ලියන්ඩ දේවල් නෑ.. මාතෘකා හිතෙන්නෙත් නෑ. අනික හිතුනත් ලියන්නේ නෑ.. ඒ නිසයි බ්ලොග් පැත්තේ ආවෙම නැත්තේ..
    පයිරසි කියන්නේ මොක ?

    දිනුක :
    ගන්ඩ ගන්ඩ පාඩුවක් වෙන්නේ නෑ !!

    sAm (සෑම්) :
    අපට ඉතින් පොත සල්ලි දීලා ගන්ඩ පුලුවන් නිසා අවුලක් නෑ. පිටරට ඉන්න උන්ට තමා මේකේ අගේ තියෙන්නේ..

    හිරු :
    ටොට්ටෝ චං කිව්වේ ලීලානන්ද ගමාච්චි පරිවර්තනය කරපු හරි පුදුම ස්කෝලේ පොත ද ?

    Mahesh Nishantha (www.nursinglk.com) :
    කාලයක් ඒ පැත්තේ නං එන්ඩ බැරි උනා. දිගටම එන්නම්. මම හැබැයි වීඩියෝ එහම බැලුවා.

    ReplyDelete
  14. Helapa kade :
    ඔවු නොගන්න තරමට හොඳයි. නමුත් පොඩ්ඩක් කියවලා බලන්න. සමහරවිට මට හරි නැති උනත් ඔයාට හොඳ ඇති !

    සිරාගෙ කාමරේ :
    පුලුවං උනොත් හොයලා ලින්ක් එක දාන්ඩ... සමකය වටේ බ්ලොග් එකේ ද ?

    Anonymous :
    අපරාදේ.... නැත්නං බාගන්ඩ තිබ්බා.

    කතන්දර කාරයා :
    ඉතිං මම ඈ මේවා අප්ලෝඩ් කරලා තියෙන්නේ...

    Dinesh :
    ගන්ඩ ගන්ඩ ! ලස්සන පොතක් !

    ReplyDelete
  15. ගිනිසිළුව :
    මෙන්න ඒ සයිට් එක...

    http://www.sinhalaelibrary.com/

    Podi Kumarihami :
    මිනිස්සු මෝඩයෝ වගේ කියන්ඩත් නෑ.. කුලවන්තයෝ ඔක්කොම එක පැත්තක් හැදිලා එනකොට ඒ මිනිස්සු විතරක්ම තනි වෙනවා නෙහ්...

    අර කිව්වත් වගේ කතාව ඉක්මනින්ම ඉවර වෙන ගතියක් නං මටත් දැනුනා...

    ReplyDelete
  16. ලින්කුවලට සහ උපදෙස්වලට බෝ තුති!

    ReplyDelete
  17. ඇත්තටම සෙංකොට්ටං වගේ පොතක් මෙහෙම පීඩීඑෆ් දාපු එක හරිම වැරදියි. පොත ගන්න බලං හිටපු කීදෙනෙක් දැං ඉතින් මේක නොගෙන ඉඳීවිද. මධුරංග මල්ලි කිව්වට " මමයැ කරේ කියලා " , මෙහෙම දේවලට උල්පන්දම් දෙන්නත් නරකයි.

    ReplyDelete
  18. දිලිනි :
    ලින්ක් දීලා මං බැනුන් අහනවා.... :)

    හරී- පිණිපලස :
    ඔන්න එහෙනං මං ලින්ක් එක අයින් කරනවා !!

    ReplyDelete
  19. කාල සර්ප නෙවෙයි ඒක... කාල සල්ලි.. අපරාදේ යකෝ...
    කීර්ති ගොයියා තනිකරම පොත ලියලා තියෙන්නේ සම්මාන බලාගෙන.. පහුගිය ටිකේ හිට් වෙච්ච ස්වයංජාත/සක්කාරං/සෙංකොට්ටං වගේ කතා ආභෘෂය අරගෙන.. හැබැයි එහෙම පුරුද්ද පුරුද්ද කරපු හරුපයක් නිසා මෙලෝ රහක් නැහැ... ඕකට සම්මාන දුන්න උන් සෑහෙන ප්‍රබුද්ධ පොරවල් වෙන්ට ඕන.. :D

    සෙංකොට්ටං නං හොඳ පොතක්.. හැබැයි අන්තිම පිටු ටික හින්දි චිත්‍රපටියක් කිරිල්ල තමා අවුල...

    ReplyDelete
  20. මධූ කාලෙකින් ඇවිත්. සතුටුයි ඒ ගැන. සෙං කොට්ටන් කියන්නේ හොද පොතක්. මාත් ඒක කියෙව්වා. හොද වෙලාවට කාල සර්ප නොගත්තේ. ඉස්සර වගේ දිගටම ලියන්න . ජය!!!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.