31 October 2013

හැලොවීන් දවස

බස් එකේ වාඩි වෙලා නිදිකිරා වැටි වැටි එනකොට නාවල කිට්ටුවෙනකොටම දැක්කා මොන්ටිසෝරියක් ඉස්සරහා අමුතු විදිහට සරසලා. අමුතු විදිහට කිව්වේ වට්ටක්කා භූත රූප එහෙම එල්ලලා. වට්ටක්කා භූත රූපයක් දැක්කහම තමා මට ක්ලික් උනේ ඒ හැලොවීන් රූපයක් කියලා. :)

ඊට පස්සේ ඔපීසියට ඇවිත් කොම්පීතරේ ඔන් කරපු හැටියෙම බැලුවේ හැලොවීන් දවස අදද කියලා. ඔවු හැලොවීන් දවස අදයි ලූ !!!!

ඔය හැලොවීන් දවස මුලින්ම සමරලා තියෙන්නේ රෝම ජාතිකයන්ලූ. ඒ අයගේ මිය ගිය ඥාතින් එයාලගේ ගෙවල් වලට එන්නේ එදාය කියලා ඔවුන්ගේ විශ්වාසයක් තියෙනවාලූ.

පසු කාලීනව ඉංග්‍රීසි ජාතින් හැලොවීන් දවස එයාලගේ ආගමේ සියළුම සාන්තුවරයන් සිහි කරන බවට පත් කරගෙන. පරණ ඉංග්‍රීසි වචනයක් වෙච්ච  Hallow (හැලෝ) කියන වචනයෙනුත් කියැවෙන්නේ "සාන්තුවරයා" කියලාලූ. ඒ වචනයෙන් මුල් කරගෙන හැදිච්ච වචනයක් ලූ හැලෝවීන් කියන්නේ.

හැලොවීන් දවසට ප්‍රසිද්ධම සැරසිල්ලට තමා වට්ටක්කා ගෙඩියක් මදේ හාරලා ඒකෙන් මිනිස් මූනක් මතුකරගෙන ඒක මැද ඉටිපන්දමක් පත්තු කරලා තියෙන සැරසිල්ල. ඒකට  කියන්නේ "ජැක් ඕ ලන්තෑරුම " කියලා !
 පහලින් තියෙන්නේ 'ජැක් ඕ ලන්තෑරුමක්' !



අපට ආගන්තුක දවසක් උනත් බටහිර ජාතීන් සියළු දෙනා විවිධ භූතයන් වගේ ඇඳ පැලඳගෙන බාල මහලු සියළු දෙනා එක විලසට සතුටු වෙන දවසක් තමා මේ හැලෝවීන් දවස!

එහෙනං,

හැලෝවීන් සමරන අයට සුබ හැලෝවීන් දවසක් වේවා !

------------------------------------------------

ප.ලි. - Halloween කියන වචනේ මං උච්ඡාරණය කරපු විදිහ හරිද මන්දා :)

29 comments:

  1. මධූටත් සුභම සුභ හැලෝවීන් දිනයක් වේවා!!
    :-D

    ReplyDelete
  2. දැන් නම් මඟුල් ගෙවල්වල හෙමත් තියෙන්නෙ මෙහෙම හදලා.

    ReplyDelete
  3. මමත් දැනුයි ඒක බැලුවේ. මම හිතුවේ හෙට කියලා. හිකිස්.

    ReplyDelete
  4. mage podi ekage montisoori eketh ada haloween day kolla adan giye bat man vidiyata

    ReplyDelete
  5. එංගලන්තයේ අද අඳුර වැටුනාම ළමා ළපටින් නානාප්‍රකාර විදිහට වෙස් මාරැ කරගෙන ඒ කියන්නේ සමහරැ ඩ්‍රැකියුලා වගේ සමහරැ නපුරැ මංත්‍රකාරියෝ වගේ වීදි බහිනවා. ඒ ගොල්ල ගෙයින් ගෙට ඇවිත් දොරට තට්ටු කරනවා. ඒ අයත් ඔය වගේ වට්ටක්කා ළාම්පු එහමත් අරන් එනවා. ගොඩක් නිවාසත් ඔවැනි විවිධ සැරසිලි වලින් අලංකාර කරනවා. ඉතිං ගෙහිමියා දොර ඇරියාම ළමුන් "trick or treat " කියලා අහනවා. ගෙහිමියා trick කිව්වොත් ළමයි සිංදුවක් හෝ රැඟුමක් ඉදිරිපත් කරනවා. Treat කිව්වොත් ගෙහිමියා ඔවුනට මොනවා හරි ටොෆී චොකලට් වැනි ස්වීට් එකකින් සංග්‍රහ කරනවා. මොනවා හරි රංගනයක් නම් සුළු මුදලකින් සංග්‍රහ කරනවා. ඉතිං පාරවල් කීපයක කරක් ගැහුවාම ළමයින්ට අතක් බරට ස්වීට්ස් හා පවුන් කීපයක් උපයා ගන්න හැකි වෙනවා. අද රෑට ඕක තමයි ළමයින්ගේ විනෝදය.

    ReplyDelete
  6. ඔය කියන්නේ අර නාවල ජනාධිපතිය ගාව තියෙන මොන්ටිසොරිය නේද ../ මාත් දැක්කා ඕක. එහෙනම් හැපී හැලෝවීන් මධු

    ReplyDelete
  7. අපෙත් ඔන්න ඕක සමරලා පාටියක් තිබ්බලු. ගිය උං පොටෝ දාලා තිබ්බේ.

    ReplyDelete
  8. හැලොවීන් කිව්වම මට මතක් වෙන්නෙ දෙරණෙද කොහෙද ගිය ප්‍රෝග්‍රෑම් එකක්. ඒකෙ නිවේදකය හැලොවීන් දවසෙ ඇමරිකාවට ගිහිල්ල. හැමෝම අරුමෝසම් ඇඳගෙන පාරෙ යනව. අපේ මෑන් අහනව මොකද්ද හැලොවීන් කියන්නෙ කියල. එකෙක්වත් දන්නෙ නෑ. උන් කියන්නෙ මේ විදියට ඇඳගෙන යන එක තමයි හැලෝවීන් කියල. අන්තිමට ටිකක් වයසක කලු ජාතිකයෙක් තමයි තේරුම කියන්නෙ.

    ReplyDelete
  9. මෙහෙත් එහෙමයි හරි උඩින්ම සමරනවා ඔය හැලොවින් එක ..... මුන්ව දැක්කම මටනම් හිතෙන්නේ හැමදාම හොල්මන් වගේ ඉන්න එවුන් අද රෑට විතරක් සැබෑ ස්වරුපයෙන් එනවා වගේ කියලා

    ReplyDelete
  10. අනේ මන්ද මම නම් ඔහොම එකක් දැනගෙන උන්නෙ නෑ.

    ReplyDelete
  11. It’s a dark night with a moon so bright,
    Strange ghosts and goblins give you a chill,
    Here’s a Halloween wish for you,
    That tonight will bring you a thrill! :)

    ReplyDelete
  12. මන් පොඩි කාලේ බලපු ෆිල්ම් දෙකක් තියෙනවා හැලෝවීන් දවසක.. දෙකේම තියෙන්නේ ලව් ස්ටෝරි..ඒ ෆිල්ම් එකේ උන්නු විදිහේ කෙනෙක්ව බඳින්න මන් එදා ඉඳලා ආස කරා.. .

    ෆිල්ම් විතරයි බන් ඒවා අන්තිමට...

    ReplyDelete
  13. අපිත් (ස)මරමු හෙනම්..

    ReplyDelete
  14. මම හිතුවේ ඊයේ කියලා ..., ඇයි වෙබ් පිටුවල මම දැක්කා හැලෝවීන්ලව

    ReplyDelete
  15. Chathuranga Priyashad :
    එසේම වේවා... තිත් දෙකයි ඩී අකුරයි ! :)

    දිලිනි :
    මාත් දැකලා තියෙනවා... :)

    සිහින මදාරා :
    ඔයත් සමරනවද හැලෝවීන් !

    methu's world :
    ඕගෝල්ලොත් නාවල කිට්ටුවේද ඉන්නේ ? නාවල ජනාධිපති විද්‍යාලය කිට්ටුව :)

    ReplyDelete
  16. sandunsevana.blogspot.com :
    බොහොම ස්තූතියි මම නොදන්න දේවල් ටිකක් එකතු කලාට.. මේ කතාව මම දැනන් උන්නෙම නෑ.. ඔය කොයි රටේ වෙච්ච දේවල් ද ?

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    අන්න හරි.. එහේ තමා... ඒ කිට්ටුවද වැඩ කරන්නේ ?

    තරුවා :
    උං කොයි රටේ ඉන්න සෙට් එකක් ද ?

    රාජ් :
    ගොඩක් දේවල් ඔහොම්මමනේ.. කරනවට කරනවා මිසක්කා තේරුමක් ඇතුව කරන්නේ නෑ.. :)

    ReplyDelete
  17. S. L. මැලේ රාළ :
    හික්ස්.. :)
    මරු කතාව.. සමහරු දැක්කහම මටත් එහෙම හිතිලා තියෙනවා.

    Anonymous :
    ඔන්න ඔයා අද ඉදන් දන්නවා නෙහ්.. අමතක කරන්නේ එහෙම නෑ ඕං !

    පොඩ්ඩි :
    ශා... ලස්සන විෂ් එකක්.. මරු !

    ReplyDelete
  18. SilentSahan :
    මොකද්ද බලපු චිත්‍රපටි දෙක ?
    ඒක නෙමේ, අර කමෙන්ට් සිට්ටම් වැඩේ හිතට ඇල්ලුවේ නෑ සහන්.. ඒ හන්දා අයින් කොරලා දැම්මා..

    Roshan Herath :
    සමරමු සමරමු !

    රෙහානි :
    මම නම් ඔය වගේ වගක් දන්නේ නෑ.. අද තමා දිනෙත් දැනගත්තේ :)

    ReplyDelete
  19. යකඩෝ...ලංකාවෙ දැන් සමරන්නෙ නැත්තෙ මොනවද බන්...

    ReplyDelete
  20. Its not a holiday in USA, but people comes to work wearing Halloween costumes.

    ReplyDelete
  21. අදයි දන්නෙ මෙහෙම එකක් ගැන .ස්තුතියි

    ReplyDelete
  22. අඩේ අද නිවාඩුද? අපරාදේ මම ඔෆිස් ආවේ. දන්නවනම් ගෙදර ඉන්නවා :-)

    ReplyDelete
  23. හැලෝවින් සමරන්න මේ රටෙත් අද හැමෝම ලෑස්තිවෙනවා. පොඩි ලමයි එක එක හොල්මන් වගේ ඇදුම් ඇදගෙන. රෑට උත්සව වලට යන්න ලෑස්තිවෙනවා. මේ රටවල නම් ඒ උත්සවය සාම්ප්‍රදායික දෙයක්. ඒත් අපේ රටේ නම් මම දන්නේ නෑ.

    ReplyDelete
  24. හැලෝවීන් කියන්නේ පාටිය ඉවර වෙලා හෙලුවෙන් නටන එකටද බං?

    ඔය කියන පාටියෙ පොටෝ කෑලි මම එහෙන් මෙහෙන් දැකල තියෙනවා. හොම්මං වගේ ඇන්දට පට්ට සැපක් ගන්නව ඇති නේ ?

    ReplyDelete
  25. සිරාගෙ කාමරේ :
    අනිවාර්යෙන්ම... දැන් ගොඩක් දේවල් සමරනවා..

    Dinesh_Silva :
    I saw an article it said that it is a holiday for USA. ok dear, I will make necessary changes on this post.

    Damith Gunawaredane :
    නොදන්න දෙයක් දැනගත්තා නම් සතුටුයි මට... :)

    Anonymous :
    ඇනෝත් USA ඩයල් එකක් ද... හරි ඇනෝ මං පෝස්ට් එක අප්ඩේට් කරන්නම්.. :)

    ReplyDelete
  26. පුංචි කුමාරිහාමි :
    මං දන්නෙත් නෑ අපේ රටේ නම්... :)

    sAm (සෑම්) :
    අනිවර්යෙන්ම පට්ට සැපක් ගන්නවා ඇති.. සැප කනේ නෙහ්.. :)

    ReplyDelete
  27. අඩේ දැන් ලංකාවෙත් හැලොවින් සමරනවද? කවුද දන්නෙ,මම හිතං හිටියෙ යුරෝපෙ විතරයි හැලොවින් ගැන දන්නෙ කියල, ඒ දවස්වල නං අපේ කොල්ලත් විකාර විදියට ඇඳගෙන යාලුවොත් එක්ක ගෙවල් ගානෙ ගියා,ළමයි ඇවිදින් දොරට තට්ටු කරපුවම දෙන්න ස්වීට්ස් තියාගෙන ඉන්න ඕනෑ.

    ReplyDelete
  28. Helapa kade :
    මේක නං මොන්ටිසෝරියක තිබ්බ පිස්සු කේස් එකක්ද කොහෙද... තාම නම් මහ ඉහලින් සමරන්ඩ පටං අරගෙන නෑ.. ඒකත් පටං ගනීවි !

    ReplyDelete
  29. අපිටනම් අද තමයි නිවාඩු හැලෝවීන් එකට..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.