ශිෂ්‍යත්වය, ළමයින්ට වඩා අම්මලාගේ තරඟ විභාගයක් කියලා කිව්වොත් සාධාරණයි. මොකද ඒ තරමටම මහන්සි වෙන්නේ දෙමව්පියෝ හන්දා.ළමයි බෑ කියලා කියද්දි ඇදගෙන ගිහින් ශිෂ්‍යත්ව පංති වලට ගිහින් අතාරිනවා. ඉතින් එදා ඉදන් ප්‍රශ්න පත්තර කිරීම්, යුගල පද තනි පද සමාන පද විරුද්ධ පද කටපාඩම් කිරීම් වලින් වලින් ඉවරයක් නෑ.
ඔය සේරම පාඩම් කරවලා ප්‍රශ්න පත්තරත් ලියවලා විභගයට යැවුවයි කියමුකෝ. එදා ඉදන් බලන් ඉන්නේ කොයි මොහොතෙද ප්‍රථිපල එන්නේ කියලා.
ප්‍රතිපල ආපු දවසට සෑහෙන උනන්දුවක් තියෙන්නේ තමන්ගේ ළමයා පාස් උනාද කියලා දැනගන්න. ළමයා පාස් වෙලා නං දෙමව්පියන්ට ඊට වඩා සතුටක් නෑ. ඉල්ලපු තෑගි බෝග අරන් දෙනවා ! ට්‍රිප් එක්කං යනවා ! පාර්ටි දානවා ! නානාප්‍රකාර වැඩ කෝටියයි !
හැබැයි ලකුණක් දෙකක් හරි අඩුවෙලා ෆේල් උනා නං ළමයා ගෙදර ඉදලත් හමාරයි !
ලඟදි දවසක ප්‍රවෘත්ති වලටත් කිව්වා ශිෂ්‍යත්ව විභාගේ ෆේල් උනා කියලා ගෑල්ලමයෙක්ව ගෙදරින් පිටමං කලායි කියලා. හොඳම වැඩේ තමා ඒ ළමයගේ දෙමව්පියෝමයි ළමයට යන්න කියලා ඇදුං ටික ලෑස්ති කරලා දීලා තියෙන්නේ.
මේ අම්මට විලිරුදාව නැතුව වෙන්ඩෑ ඒ ළමයව හම්බ වෙලා තියෙන්නේ. ඇරත් ගෑනු ළමයෙක්ව මේ විදිහට ගෙවල් වලින් පිටමං කරනවා යෑ ! ළමයගේ වෙලාවට ඒ ළමයා තමන්ගේ ඉස්කෝලේ යාළුවෙක්ගේ ගෙදරට ගිහින් තියෙන්නේ.
ඒ වගේම තව ළමයෙක් ෆේල් උනැයි කියලා උන්දෑ තාත්තා යකඩයක් රත් කරලා මේ ළමයව හොඳටෝම පුච්චලා. තාත්තව රිමාන්ඩ් කලත් එක්ක !
දෙමව්පියෝ උනහම තේරුං ගන්න ඕන විභාගයක් කියන්නේ ජීවිතයම නෙමේ කියලා. අනික ශිෂ්‍යත්ව විභාගය කියන්නේ එච්චර වටින කියන විභාගයක් නෙමේ කියලත් උන්දැලා තේරුං ගන්ඩ ඕනා. ශිෂ්‍යත්වය ෆේල් උනා කියන්නේ එතනින් එහාට්ට ළමයගේ මුළු අධ්‍යාපනයම කඩා කප්පල් උනා කියන එක නෙමේ කියලත් තේරුං ගන්ඩ ඕන.
විභාග පැත්තකින් තියමු.කොයි දේ උනත් තමන්ගේ ළමයට තමන්ගේ දෙමව්පියන් ඇර වෙන සරණක් නෑ කියලා තේරුම් ගන්ඩ ඕන. ඒවා තේරුං නොගන්න තාක්කල් මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙන එක අඩුවෙන එකක් නෑ.....
හැබැයි ඉතිං අපරාදේ කියන්ඩ බෑ. අපේ අම්මට නං මායි අපේ මලයයි ෆේල් උනා කියලා කිසි ගානක්වත් නෑ. අපේ අප්පොච්චට අපි කියනකන් දන්නේ නෑ ප්‍රථිපල ආවයි කියලවත්. මොකද ඒයැයිට ඒ හැටි තේරුමක් නෑ. උදේ හිට මහන්සිවෙවී කන්න අදින්න දුන්නා මිසක් ඔය ගැන වැඩිය හාර අවුස්සලා බලන්ඩ ගියේ නෑ. ඒ සේරම අම්මට බාර දීලා තිඋනේ.
අම්මගේ උත්සහය නිසා තමා මේ හැටිවත් යහතින් ඉන්නේ !
බලාගෙන ගියහම ශිෂ්‍යත්වයත් හිතපු තරං ලේසි පාසු තරඟයක් නෙමේ.... !
ලකුණු 150 ක් ගත්තට පස්සෙත් ළමයින්ට දොස් කියනවනං මොකක්ද අප්පා මේකේ තත්වේ...
ReplyDeleteමේක අම්මලගෙ විභාගෙ නෙව. අපි කියන්නෙ එහෙමයි. අපේ එකෙකුගෙ(ගාමිනී) පුතෙක් පාස් වෙලා එකස්ය අසූ ගනනක් තියනව. අපි කියන්නෙ "ගාමිනීගෙ නෝනත් පාස්!" කියල
ReplyDeleteශිෂ්‍යත්වේ හින්දා ළමයින්ට ගොඩක් දේවල් නැති වෙනවා...
ReplyDeleteතමන්ට ඉටු කරගන්ට බැරි උණු දේවල් ලමයි ලව්වා කරගන්ට හදන දෙමව්පියන් අද කාලේ වැඩී. ලමයින්ගේ කැමැත්තයි, හැකියාවයි අනුව එයාලාටම කරන දේවල් තෝරගන්ට ඉඩ දුන්නානම් මීට වඩා ලමයිනුත් ඉගෙනගනී. මේකට එක හේතුවක් තරඟයනේ? :)
ReplyDeleteada kaale exams walata liyanne lamayi neweyi ammala wage thamayi ready wenne.
ReplyDeleteඅම්මලා තාත්තලා ළමයින් පිට පටවන්න හදන මේ බර සාධාරණීකරනය කරන්න බැරි වුනත් පිලිගත්ත ස්කෝලෙකට ළමයව දාගන්න බැරිව එයාලා කොච්චර මානසික පීඩනයකින්ද ඉන්නේ..
ReplyDeleteතමන්ගේ ලමයා වැදගත් ඉස්කොලෙකට ගියේ නැත්තම් කොහොමද ඒ ළමයා රස්සාවක්වත් හොයාගන්නේ..මේක නම් සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්..
පොල් ගෙඩියක් තරන් ඔළු ගෙඩියක් තිබුනට අබ ඇටයක් තරන් මොළයක් නැති දෙමව්පියෝ ලබන්නත් පෙර අත් භවයක ලොකු පවක් කරල තියෙන්න ඕනා..යාලු....අපි ඒ අතින් ගොඩක් වාසනාවන්තයි නේද හිතෙනවා...
ReplyDeleteපොල් ගෙඩියක් තරන් ඔළු ගෙඩියක් තිබුනට අබ ඇටයක් තරන් මොළයක් නැති දෙමව්පියෝ ලබන්නත් පෙර අත් භවයක ලොකු පවක් කරල තියෙන්න ඕනා..යාලු....අපි ඒ අතින් ගොඩක් වාසනාවන්තයි නේද හිතෙනවා...
ReplyDeleteඕකට විසඳුමක් විදිහට ශිෂ්‍යත්වය නැති කරල බෑ. දෙමාපියන්ට ඔළුව කල්පනා කරලා වැඩ කරන්න කියනව මිස.
ReplyDeleteඉතිං ඒකමනෙ බොලං ඔය විභාගෙට අම්මලාගෙ විභාගෙ කියන්නෙ....ඔය විභාගෙට ළමයි එක්ක ගිහිං තමයි සමහර අම්මලා තාත්තලට පොල්ල තියලා වෙන උන් එක්ක වහං උනෙත්...
ReplyDeleteඅපි ඒ කාලෙම මේවා පාස් කරලා ශේප් උන එක හොදයි කියලා දැන් තමයි හිතෙන්නේ.. නැත්නම් අපිටත් ලේසි වෙන්නේ නෑ..
ReplyDeleteමේ සැරේ 150 අරන් ඉන්න ළමයත් ෆේල්ලු අනේ අහිංසක දරැවෝ...... ඇත්තටම ඒකනම් අම්මලගෙ විභාගෙම තමයි.... මමගෙත් පිටිපස්සෙන් අම්ම හිටිය ඕකට.නමුත් මැරීගෙන පන්තිගාන දුව දවු නෙවෙයි. ඉස්කෝලෙයි අම්මගෙ පන්තියයි විතරයි. අම්ම ටීචර් කෙනෙක් නෙවෙයි නමුත් විභාගෙට එන දේවල් හොයාගෙන ඒව අධ්‍යනය කරල ගෙදරදි මට කියල දෙනවා.එයා තමා මගේ ශිෂ්‍යත්ව ටීචර් එයා අකමැති වුනා පන්ති වලින් මට කරදර කරන්න.ශිෂ්‍යත්වෙට යන දවසෙ මගදි පාරෙදි එයා මගෙන් ප්‍රශ්න අහ අහ මට මතකද බැලුවා ඒ දවස්වල ඔය මොනාද රටා අරින්බුව ගල්බින්දුව වගේ රටා වලට කියපු තනි නම ඕන් ඒක මතක නෑ. ඒව මතකද ඇහුවා.මට අමතක වේව පාරෙ කෝටුවකින් අැදල පෙන්නුවා හරියටම ලකුණු 20ක පුශ්නයක් ඒකෙන් ආව...කෙල්ල ගොඩ.... අදටත් එයා කියල දුන්න පහ වසරෙ දේවල් මතකයි. විභාග අංකය 101530330 ඉතිං හිතන්නකෝ මගේ මතකෙ දැන් අවුරැදු 16 කට කලින් ඒකට අද ළමයින්ට අම්මට බයේම අමතක වෙනවා හැම දේම...පවු
ReplyDeleteසිහින සිත්තම ලියූ සිත්තමී කෙල්ල
මෙහෙමයි. මේකෙ කීප පැත්තක් තියෙනවා. මම ශිෂ්‍යත්වය කරේ දැනට අවුරුදු 20 කටත් ඉස්සර. මම ඒ වෙනකොට ගියේ මුඩුක්කු ඒරියා එකක තිබුනු ගොඩක් පොඩි ඉස්කෝලෙකට. ඒකට ආවෙ ගොඩක්ම රස්තියාදුකාර ටයිප් එකේ ඇට්ටර ලමයි. උන්ට ඉගෙන ගන්නවත් ඒ ඉස්කෝලෙ ගුරුවරුන්ට උගන්නන්නවත් උවමනාවක් තිබුනෙ නෑ. අපේ අම්මල මාව ශිෂ්‍යත්ව පංති තුනකට දැම්මා. මම යන්තන් ගොඩගිහින් කොළඹ මහානාමෙට තේරුනා. ඒ ඉස්කෝලෙ හිටියනම්, මම රස්තියාදුකාරයෙක් වෙන්නත් තිබුනා. මොකද පොඩි කාලෙ හැදෙන පරිසරය ලමයෙක්ගෙ අනාගතය තීන්දු කරන නිසා. ඒ අතින් නම් අපේ අම්මලාට තිබුනු උනන්දුව සාධාරණයි කියල අද මට හිතෙනවා. හැබැයි අපේ අම්මලාට වැරදුනු තැනක් තිබුනා. මාව 6 වසරෙ ඉඳලත් විශයන් 5කට විතර පංති යැවුවා. ඒකෙන් උනේ මගේ ලමා කාලය, ක්‍රීඩාවකට යොදවන්න තිබුනු කාලය නැතිවෙලා ගිය එක. මේ ශිෂ්‍යත්ව ප්‍රශ්නෙට කරන්න තියෙන හොඳම විසඳුම තමයි හැම පාසලකම පහසුකම් සහ ඉගැන්වීමේ තත්වය දියුණු කරන එක.
ReplyDeleteමේ මම හොඳටම ෆේල් වෙච්ච කෙනෙක්නේ අපරාදෙ මේ දරුවො ශිෂ්‍යත්වය නිසා දුක් විඳන්නෙ. මට හිතෙන්නෙම මේක නොතිබ්බනම් හොදයි කියලා.
ReplyDeleteශිෂ්‍යත්වෙ ලියන්නේ අම්මලා... ළමයි තමා අම්මලාගේ පාසල් නියෝජිතයෝ....
ReplyDeleteදේශක යා :
ReplyDeleteඒකනේ කියන්නේ දේශකයෝ... !!
රාජ් :
බබත් පාස් ! බබාගේ අම්මත් පාස් !
පැතුම් (රයිටර් ) :
හ්ම්ම්... හ්ම්ම්... ඇත්ත !
Podi Kumarihami :
ඔවු.. තරඟයත් එක හේතුවක් තමා !
කෝරලේ මහත්තයා :
ReplyDeleteඅම්මලා නොකරන්නේ උත්තර ලියන එක විතරයි. ඒකත් කරන්ඩ දෙනවනං කරයි !
රූ.... :
එහෙනං සිකුරාද හවසට සෙට් වෙමු !
අසනි :
අම්බෝ සෑහෙන කාලෙකට පස්සේ අසනියාව දැක්කේ ! කොහොමද ආසනික් ? විභාග කටයුතු ඉවර වෙලා රස්සාවක් කාරිය කරනවද ? ඔහේ බැන්දෙයි ?
දිලිනි :
එක්කෝ හැම අවුරුද්දෙම නියත පාස් ලකුණු මට්ටමක් දැම්මා නං ඉවරයි.
සිරාගෙ කාමරේ :
ReplyDeleteඒකත් දැවෙන ප්‍රශ්නයක් තමා !
Dinesh :
ඔන්න මං නං ෆේල් !
සිත්තමි :
ඔයා ඒ ළමයට මාර උදව්වක්නේ කරලා තියෙන්නේ. මරුනේ.
සෑහෙන සතුටු හිතෙන්ඩ ඇති ඒ ළමයට.
nishuoc :
කතාව සහතික ඇත්ත !
සියේට සියයක් එකඟතාව පල කරමි !
දයානන්ද රත්නායක :
අයියා විතරක් යෑ.. මාත් ෆේල් නේ ! :)
ගෝල්ඩ් ෆිෂ් :
බ්ලොග් ටැංකිය ලියන මාළුවා නේද මේ ? නැත්නම් වෙන මාළුවෙක්ද ?
අසනිගේ විභාග නම් ඉවරයි....කබායත් ගත්තා....එ වගෙම අසනිය දැන් ඉන්නෙ අපෙ රත්තරන් රටෙන් ටිකක් ඈත...එ විස්තරෙ ගැන ඉක්මන්ට කියන්නම්....හිතුවා වගේම් ඔයැයිට මාව අමතක වෙලා නෑ නොවැ.....සාතන් අයියා, කසුන්, නාකියා, පිස්සු පූසා, තාරා, එකි මෙකි නොකි සෙට් එක හොය ගන්න ඕනා......මට කාවවත් අමතක වෙලා නෑ...වෙලවක් නති කමයි වෙලා තියෙන්නෙ.....වැඩ ගොඩයි අයියෝ.....ඉස්සරට හරියයි මගෙ හිතේ..
ReplyDeleteඅසනි :
ReplyDeleteඋපාධිධාරිනියක් වෙච්ච එකට මගේ සුබ පැතුම් !!!
තාරා නම් බ්ලොග් එක මාරු කලා. එයා ඒ බ්ලොග් එක ලියන්නේ නෑ. කසුන් නං බ්ලොග් ලියන්ඩ එන එකක්ම නෑ. නාකියාව දැක්කෙම නෑ. පිස්සු පූසත් නෑ. සාතන් අයියා විතරයි ටිකක් හරි ඉන්නේ !
රටින් පිට ඉන්නේ බැංදා වෙන්ඩ ඕන... හික්ස් :)
ඉක්මනටම ඒ විස්තර ටිකත් ලියන්ඩ !