01 October 2013

ලෝක ළමා දිනය අදයි

අද ඔක්තෝම්බර් පළවෙනිදා ! වෙන විදිහකින් කියනවා නම් ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි !

මට නම් අද දවසත් වෙනදා වගේම එක දවසක් විතරයි. නමුත් ලෝක ළමා දිනය සමරන අයට නම් අද දවස සුවිශේෂි දවසක් වේවි. කොටින්ම ඉස්කෝලේ යන අයගේ ඉස්කෝල වලින් ජයටම ළමා දිනය සමරනවා ඇති.

ළමා දිනය වෙනුවෙන් මොනවහරි ලියන්ඩ ඕන කියලා හිතුනත් අදහසක් පහල උනේ නෑ තාම. අද දවස ඉවර වෙනකොට අදහසක් පහල වේවි :)

ළමා දිනය දවස නිසා දුක් විඳින ජන කොටසකුත් ඉන්නවා. ඒ තමා ඉස්කෝලේ යන ළමයින්ගේ අම්මලා තාත්තලා ! මට එහා පැත්තේ ඉන්න කෙනා උදේ හිටන්ම ළමා දිනයක් යෝජනා කරපු එකාව පතුරු ගහනවා. වටින් ගොඩින් හොයලා බලනකොට උන්දෑගේ ළමයා ඉන්න පංතියෙන් කොහේද මන්දා පාර්ක් එකකට එක්කන් යනවලු. ඒකට හැම ළමයම රුපියල් 1800 ගානේ ගේන්ඩ ඕන කියලා. ඔන්න ඕක නිසා තමා මුන්දෑගේ මේ අඳෝනාව !

ඔන්න මේ අවුරුද්දේ ඉදලා ළමා දිනය දවසට ශිෂ්‍යත්ව ප්‍රථිපල නිකුත් කරනවයි කියලා රජයෙන් කියනවා. ළමා දිනය දවසත් ළමයින්ට සතුටින් ගත කරන්න ලැබෙන්නේ නැති වැඩක් තමා වෙන්ඩ යන්නේ. :)

ඔන්න ලෝක ළමා දිනය වෙනුවෙන් මගෙනුත් තෑග්ගක්. ඒ තමා මං පොඩි දවස්වල ආසාවෙන් කියවපු මැංචෝසන් චාරිකාව පොතේ සොෆ්ට් කොපිය ! ළමයින්ට විතරක්ම නෙමේ. ඕනම කෙනෙක්ට එක වගේ මේ පොත කියවලා රසවිඳින්න පුලුවන්. මේ පොත මෙතනින් භාගත කරගන්න !

ළමයින්ට තෑග්ගක් දුන්නා නෙහ්.ඔන්න එහෙනම් වැඩිහිටි අයටත් පොතක් ! ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ලියපු මහරජ ගැමුණු පොතේ සොෆ්ට් කොපිය ! මේ පොත බා ගන්න මෙතන ක්ලික් කරන්න.


එහෙනං අදට ඇති වගේ.

15 comments:

  1. වැඩේ නම් වටිනවා. ස්තුති යි තෑගි දෙකට ම :)

    ReplyDelete
  2. අගේ වේලි වේලි හිටියේ ලොකු දෙයක් මස්සිනා

    ReplyDelete
  3. ස්තූතියි මදුරංග... පළවෙනි එකේ සයිස් එක කීයද ?

    ReplyDelete
  4. බලමු! සුබ ළමා දිනයක් වේවා උඹට!

    ReplyDelete
  5. කියවන්ඩ පොත් දෙකක්ම ලැබුණා..අපූරුයි..ස්තුතියි ගොඩක්ම ! :)

    ReplyDelete
  6. අද අපේ දවසනේ.... "මැංචෝසන් චාරිකාව " එක හුස්මට කියෙව්වා :)

    ReplyDelete
  7. බොහොම වටින තෑගි දෙකක්. බොහොම ස්තූතියි මධුරංග.

    ReplyDelete
  8. eka nam aththa lamaita edata wath nidahase inna na me kehemmal exam ekak nisa.anyway tnks pothata

    -nadee-

    ReplyDelete
  9. ඒ සෑහෙන කාලෙකින් නෙහ් ලිව්වේ? එල...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මේ වෙද්දි ඔය හැම දවසම එක එක වෙළඳ අරමුණු වලට විතරක් සීමා වෙලාද මන්දා. විශේසයෙන්ම අපේ රටේ වෙන්නේ ඒක නේද?
    ළමයින්ට ළමා කාලයක් ඇති රටක, වැඩිහිටියෙක් අවලංගු කාසියක් නොවෙන රටක මේ දවස් සමරන්න අපිට හැකිවේවා !!!!!

    (කලින් කමෙන්ටුව අයින් කලා ටයිපො හින්දා. )

    ReplyDelete
  12. පොත් දෙක හෙමීට ගන්නම්.. දැන් ඉතින් කියවන්න වෙලාව හොයා ගන්න එක අමාරුයි නේ..

    ReplyDelete
  13. වෙලාවක අපේ ඉසව්වට ඇවිල්ලා යන්න වරෙන්...එතන තියෙන අලුත් විස්තර...

    ReplyDelete
  14. බොහොම ස්තුතියි මධුරංග..
    ඔයාටත් සුභ ළමා දිනයක් වේවා..!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.