03 October 2013

එක එකාගේ බලාපොරොත්තු

නීතීඥයෙකුගේ බලාපොරොත්තුව ඔබ කරදරයකට පත්වී සිටිනු දැකීමයි.
වෛද්‍යවරයෙකුගේ බලාපොරොත්තුව ඔබ රෝගී වී සිටිනු දැකීමයි.
පොලිසිය බලාපොරොත්තු වන්නේ ඔබ අපරාධකරුවෙකු වී සිටිනු දැකීමයි.
ගුරුවරයෙකුගේ බලාපොරොත්තුව ඔබ මෝඩයෙකුව ඉපිද සිටිනු දැකීමයි.
මල්ශාලා අයිතිකරුවකු බලාපොරොත්තු වන්නේ ඔබ මියගොස් සිටිනු දැකීමයි

තවද,

ඔබ සැපවත් ජීවිතයක් ගත කිරීම බලාපොරොත්තු වන්නේ හොරෙකු පමණි !!!




ප.ලි. - ඊ මේල් එකකින් ලැබුනු අදහසක්. ලද විවේකයෙන් සිංහලට පරිවර්තනය කලා. :)

9 comments:

  1. මේක පල කරපු උඹ, තමන්ගේ යහලුවෙක් ලෙස සලකණු ඇත්තේ බූරුවෙක් පමණි.

    ReplyDelete
  2. කතාව ඇත්ත.. මදුරංග නරකද ටික කාලයක් යනකම් නැට්ට හලන් යන එක මම වගේ..

    මගේ බ්ලොගයට ගොඩ වැදීම සඳහා සියලු දෙනාට ආරාධනා කරමි

    ReplyDelete
  3. උඹ කියපු කාරණා ඇත්ත නෙමෙයි මචං...මම එකග නෑ...මේක නිකං ජොලියට කරපු කථාවක් වෙන්ට ඕනෙ...

    ReplyDelete
  4. "නීතීඥයෙකුගේ දිවි බර ගන්නේ කරදරයකට පත් වී සිටින ඔබයි.."ආදී වශයෙන් වෙනස් විය යුතුයි...
    (මම හිතන්නේ මේක ජෙක් එකක් වෙන්න ඕන...නමුත් ඒ අදහස් ඇත්ත නෙවෙයි නේද?)

    ReplyDelete
  5. මේවා නං කෝටියක් උනත් ලියන්න ඇහැකි නෙව... අපි බලාපොරොත්තු වෙන්න් තව දිගට ලියන ඒවා.. හරිය...

    ReplyDelete
  6. දේශපාලකයගෙ බලපොරොත්තුව උපදින හැම එකාටම ගොං මොලයක් තිබේවා කියන එකයි..

    ReplyDelete
  7. @Anonymous :
    මේක ජොලියට මචං දැම්මේ !
    කමෙන්ට් එකට තෑන්ක්ස් !

    @SilentSahan :
    අපෝ නැට්ට හලන්ඩ බෑ.

    @ සිරාගෙ කාමරේ :
    ජොලියට තමා මහත්තයෝ... සිරා, සිරා ගන්ඩෙපා ! :)

    @රෙහානි :
    ෆන් එකට තමා රෙහානි. ඔහේ පරිවර්තනේ කරලා දැම්මාහ්... :)

    ReplyDelete
  8. @දේශක යා :
    මේවා ලියන එක ලාබයි දේශකයෝ.. සරලයි සුගමයි !
    ඉන්ස්ටන්ට් නූඩ්ලස් වගේ !

    @සරත් ලංකාප්‍රිය :
    අම්මෝ ජයියා මහත්තයාව දැක්ක කල්.. මට කාලෙකින් ඔබතුමාගේ බ්ලොගයට එන්න බැරි උනා.

    @දිලිනි :
    ඒක නේන්නං ! :)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.