ගුරුවරයෙක් තමන්ගේ ගෝලයන්ට උගන්වන්ඩ කොච්චර නම් ආයාසයක් ගන්නවද කියලා තේරෙන්නේ අපි කවුරුහරි ඒ ගුරුවරයෙන් වෙච්චදාට කියලා මං තේරුම් ගත්ත කාලයක් තමා මේ ගත වෙන්නේ. ඒ මගේ සති අන්ත පන්ති දෙක හන්දා.
එක පන්තියක් සෙනසුරාදටයි අනෙක ඉරිදටයි. ඒ දෙකම ගණන් පන්ති ! ( ගණන් තමයි මං ආසම විෂය !)
ඒ පන්ති දෙකට එන්නෙත් මහ එපා කරපු ළමයි සැට් එකක්. උන් වෙලාවකට උගන්නද්දි ශෝක් එකට අහන් ඉන්නවා. තේරුනාද කියලා ඇහුවමත් ඔවු කියලා ඔලුවත් වනනවා. ඊට පස්සේ ගානක් දුන්නහම හදාගන්ඩ බෑ. ඒ ගාන ආයෙම තේරුම් කරන්ඩ ගියහම පන යනවා !
කෝමහරි ගණන් ටිහිකුත් හදෝලා ඊලඟ සතියේ එනකොට කරන් එන්ඩෙයි කියලා ගෙදර වැඩත් දීලා පංතිය ඉවර කලැයි කියමු. ඕං ඊට පස්සේ සතියේ ගෙදර වැඩ අල්ලන්නෙවත් නැතුව එනවා ! ඒ විතරක් යෑ කලින් සතියේ කරපු පාඩම මොකද්ද කියලා මතකත් නෑ.ඒ සතියේ වහපු පොත ආයෙම ඇරලා තියෙන්නේ පංතියට ආපුවහමයි කියලා තේරුනාම එපා වෙනවා.
ඊට පස්සේ මට පුදුම කේන්තියි !
ඒත් කේන්තිය පිටට පෙන්නන්නේ නැතුව ආයෙම ටික වෙලාවක් පරණ පාඩම මතක් කරලා කලිං සතියේ නවත්තපු තැනින් පටං ගන්නවා !
ඉස්සර අපි ඉස්කෝලේදි ටීචර් ඇවිදින් උගන්නද්දි එක එක විහිලු කතා කියෝ කියෝ ඉදලා පහුවෙනිදට ගෙදර වැඩ ටික කරගෙන නාවම ටීචර් ට මල පැනලා පාරවල් දෙක තුනකුත් දීලා පංති වලින් එලියට දාන එක, උගන්නන්ඩ ගන්න ආයාසයත්තෙක්ක බලනකොට එක අතකට සාධාරණයි කියලත් හිතෙනවා.
තවත් වෙලාවකට හිතෙනවා මේ දිට්ඨ ධම්මවේදනීය කර්මද කියලත්.... ! :)
මං නං කියන්නේ ගෙදර වැඩ කරගෙන එන්ඩ බැරි උනත් කමන් නෑ අඩුම තරමේ උත්සහ කරලාවත් එන්ඩෙයි කියලා. ඒත් කොයි... මුන් අහන එකක්යෑ.. !
මගේ කටේ බලයට වැඩ කරනවා මිසක්කා මුන්ට වගේ වගක්කත් නෑ... !
කොච්චර අමාරුවෙන් උනත් කමන් නෑ මුන් ටික කොහොමහරි ඇදගෙන ගිහින් විභාගෙට තල්ලු කරනවයි කියලා හිත හදාගෙන උගන්නනවා. හැබැයි ඉතිං උගන්නන වෙලාවට එපා උනාට උං කරන පිස්සු වැඩ මතක්වෙද්දිත් උගන්නන එකෙත් අමුතු සතුටක් තියෙනවයි කියලත් හිතිලා තියෙනවා... :)
මේ පෝස්ට් එක ලියද්දි මතක් උනේ ගුරු සේවයේ රස කතා කියලා පොතකුත් තියෙනවා කියලා. ඒ පොතේ තිබ්බ එක කතාවක් ලඟදි දවසක බූන්දියෙනුත් කියෙව්වා. මේ තියෙන්නේ ඒ ලිපිය.. !
ow ow දිට්ඨ ධම්මවේදනීය කර්ම thamayi. hodama wadeee :D
ReplyDeleteකොහොමද අප්පේ පෝස්ට් එක දාන්ඩත් කලින්ම කමෙන්ට් කෙටුවේ :)
Delete"තවත් වෙලාවකට හිතෙනවා මේ දිට්ඨ ධම්මවේදනීය කර්මද කියලත්"
ReplyDeleteසිරාවටම මේක තමයි හේතුව. පා ජීවිතේ එපා වෙන වෙලාවල් තියෙනවා උගන්වන එක නම මට එපාම වුනා. එකයි ආයෙම පරණ රස්සාවට එන් කිව්ව ගමන් උඩින් ආවේ
මට නම් ඉතින් ගණන් ඇලජික්. ඒක හින්දා මම ඔය පන්තියට ආවත් ඒ ගෝලයො වගේ ම තියෙයි :D
ReplyDeleteමටත් ගණන් බෑ. මට හිතයි මධුගේ පන්තියට එන්ට. :D
ReplyDeleteකෝරලේ මහත්තයා :
ReplyDeleteඒක තමා.. උගන්නන වැඩේ නම් හරි යන සෙල්ලමක් නෙමේ වාගේ... මාත් මේ පංති දෙක ඉවර උනහම ආයේ කරන්නේ නෑ :)
දිලිනි :
අපේ අප්පෝ... තව කට්ටිය නං ගන්නේ නෑ. ඉඩ නං තියෙනවා. ඒත් ගන්නේ නෑ. මට වද විඳින්ඩ බෑ :)
Podi Kumarihami :
ඔන්න තව එක්කෙනෙක් !
අම්මෝ ඔයාව නං ගත්තොත් මං පංතියත් දාලා දුවනවා. ඔයා මරු ගෝලියක් (ගෝලයාගේ ස්ත්‍රී ලිංග පදේ) නෙහ් :)
ගුරෝ ඔරොප්පු උනාම කොල්ලොන්ට මොරොප්පු වෙනවා...
ReplyDeleteuganwana eka mata nam e tharam amaru wedak nemei.
ReplyDeletehebei ganan nam nemei....
ගුරු සේවයේ කතා කියලා සිළුමිණේ ද කොහේද පුංචි ලිපියක් යනවා නේද ...? මටත් ගුරුවරු කියලා ජීවිතේටම හම්බෙලා තියෙන්නේ කීප දෙනයි.. එක්කෙනෙක් තමයි අපිට ඉලෙක්ට්‍රොනික් සහ රේඩියෝ කරපු කෙනා.. බොහෝ වෙලාවට මුළු සබ්ජෙක්ට් ටිකම එයා ගොඩ දාපු අවස්ථා තියෙනවා ළමයින්ට.. පාඩම ඉවර උන හැටියේ අපි යන්නේ සර් අරක කොහොමද මේක කොහොමද කියලා අහගන්න.. එකක් ඉවර කරන්නේ තව 10ක් ගැන ආසාව ඇති වෙන විදිහට.. අන්න ගුරුවරු... රත්තරන් මිනිස්සු..
ReplyDeleteදේශක යා :
ReplyDeleteමොක වෙනවද ? :)
Anonymous :
ඔවු අනිත් ඒවා ලේසියි.. කියලා දෙන්න විතරනේ තියෙන්නේ.. ගණන් කියන දේ මතකෙන්ම හදන්ඩෙපැයි
SilentSahan :
ගොඩක් ගුරුවරු නෙමෙයි ඉන්නේ ගුරු හොරු.. අතලොස්සක් ඉන්නවා ගුරුවරු.. එයලා නං ගුරු දෙවියෝ !
මං වගේම ළමයි ටිකක්... -_-
ReplyDeleteතරුවා :
ReplyDeleteඒක නේන්නං !
මදුරංග ගෙදර වැඩ නොදී ගනන් එවෙලෙම ලමයින්ට කියලා හදවන්න බලාන්ට..
ReplyDeleteමං නම් හිතන විදියට ඉගැන්වීම කියන දේ ඇගේම තිබිය යුතු දෙයක්. (මට නම් නැතිම දේ) ඉස්සර මන් අපේ මලයට මොන මගුලක් කියලා දෙන්න ගියත් එක්කො මගෙන් මලයා ගුටි කනවා. නැත්නම් මලය මගෙන් ගුටි කනවා. ඒ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි අපේ අම්මා මගේ ඉගැන්වීමේ කාර්‍යට තිත තිබ්බා. (වලි බේරන්න බෑ කියලා)
ReplyDeleteකොහොම උනත් මධූගෙ ඉගැන්වීමේ කාර්‍යට මන් හදවතිනම සුභ පතනවා. හැබැයි නිකම්ම පඳුරකට ගැහුවත් විසි වෙන ජාතියෙ ටියුශන් කඩ කාරයෙක්නම් වෙන්න එපා. මොකද
"ගුරුවරු දෙවිවරු වේ!!."
අනෙ මදුවො තරහ අවසර.මට හිතෙන්නෙ උබට ඔක ගැලපෙන්නෙ නැ
ReplyDeleteහය හතර
amila chathuranga :
ReplyDeleteඕ... එවෙලෙත් සෑහෙන ගණන් ටිකක් හදවලා ගෙදර වැඩත් දෙනවා :)
Chathuranga Priyashad :
අපෝ නෑ.. මම දිගටම උගන්වන්ඩ යන්නේ නෑ.. මේකත් කරන්නේ සල්ලි ගන්නේ නැතුව. ටියුට් ෆොටෝකොපි ගහන වියදම් එක එකා දරාගන්ඩ වෙනවා. :)
Damith Gunawaredane :
හ්ම්.. මටත් මේ මාස තුන හතරට එහෙම හිතිලා තියෙනවා :)
machang meh nikamata wage ahanne lassana kello ehema enne nedda class ekata??
ReplyDeleteමචං ගුරුවරයෙක් විදියට උඹ සාර්ථක වෙන්නෙ දුර්වල ළමයෙක් හොද මට්ටමකට ගෙනාවොත් මිස..දක්ෂයෙක් විභාගෙ පාස් කරවලා නෙමෙයි...විශේෂයෙන් කලින් දවසක පැවරූ අභ්‍යාසයක් කරලා නෑ කියලා දෝෂාරෝපණය කරන්න කලියෙන් ඒ දරුවගෙ ගෙදර පරිසරය ගැන යම් තරමකට දැනුවත් වෙන්න...ගෙදර අම්මයි තාත්තයි සමගියක් නැති තැනක දරුවෙකු නම්...ඒ දරුවා ගෙදරදි වගේම පන්තියේදිත් පීඩනයට පත්වෙනවා...ගුරුවරයා දෙවියෙකු වන්නෙ මේ සියල් හොදින් තේරුම් අරගෙන කටයුතු කරද්දි...දරුවන්ටම ඒත්තු ගන්වන්න ඉගෙනගැනීමේ වටිනාකම...එවිට ඒ අය වඩා උනන්දුවෙන් කටයුතු කරාවි...පන්තිය තුලදි ගුරුවරයෙකු ලෙස ඔබට කේන්ති ගියොත් ඔබ පරාදයි...
ReplyDeleteහෆොයි.. ඕක මට තේරුණා මමත් O/L වලට අවුරුදු දෙකක්ම උගන්නද්දී.. ආයේ කියන්න ඕන නෑ ඒක ගැන..
ReplyDeletesame goes when you have your own children..they will double the troubles you have done as a child...good luck
ReplyDeleteela kollek :
ReplyDeleteවෙදමහත්තයාගේ දුව ඩෝලේ ඇරෙන්න වෙන ගෑල්ලමයි නෑ.. ඒ කෙල්ලව නං හරි යන්නේ නෑ.. එල කොල්ලා තැලිලා මැරෙයි !
සිරාගෙ කාමරේ :
එක අතකට සිරා කියන කතාවත් හරි.. ඒ ගැනත් හිතලා ඉදිරියේදි කටයුතු කරන්න හිතාගන්නවා. ස්තූතියි සිරා උපදෙස් ටිකට !
Dinesh :
අඩේ දිනේශ් මලයත් උගන්නලා තියෙනවද.... මරුනේ :)
Bindi :
exactly, in Future, I will have to face such situations like that
මං ගුරුවරියක් වෙලා හිටපු කාලෙ හිටියෙ බොහොම හිතේ සංයමයෙන්. ඉගැන්නුවෙ 9, 10, 11 පන්තිවලට. මං පන්තියෙ ඉන්න ලමයින්ව දැක්කෙ මගේ පුංචි කාලෙ වගේම තමයි. උගන්නන එක පැත්තක තියල මටත් ගිහිං පුටුවක වාඩිවෙලා පිස්සු නටන්න හිතිච්ච වාර අනන්තයි. මාත් එක්ක දවසක් නිවාඩු වෙලාවක කතාවට වැටිච්ච 10 පන්තිය නිශ්ශබ්ද වුනේ එහා පන්තියෙ මිස් මගේ පන්තියෙ සද්දෙ වැඩියි උගන්නන්න බෑ කියල පණිවිඩේ එව්වට පස්සේ. හික්ස්...
ReplyDeleteඉස්කෝලෙක උගන්නපු ඒ ටික දවස මට නං ආයෙ ඉස්කෝලෙ ගියා වගේ තමයි. හරිම සුන්දරයි...