15 October 2013

සත පනහේ හුටපටයක්

කොළඹ තියෙන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන රථ වාහන සැලැස්මක් ! මේ නිසා තියෙන ට්‍රැෆික් වලට අමතරව අළුතෙන් ට්‍රැෆික් ඇති වෙනවා. දැං පංචිකාවත්තේ සංගරාජ වටරවුමේ ඉදලා ටෙක්නිකල් හන්දියට යන පාර වන් වේ කරලා නිසා එතන අළුතෙන් ට්‍රැෆික් එකක් ! හවසට ගෙදර යන්ඩ ගියහම එපා වෙනවා !

අදත් වෙනදා වගේ වැඩ ඇරිලා කම්මැලිකමේ සීට් එකේ නිදිකිරා වැටි වැටි එනකොට ඊට ටිකක් එහායින් කොන්දොස්තරයි බස් එකට නැග්ග වයසක පහේ මනුස්සයෙකුයි බහින්බස් වීමක් ! පොඩ්ඩක් කන හරවලා බැලින්නං මාරු සල්ලි කේස් එකක්.

බස් වල මාරු සල්ලි කේස් නං එමටයි ! අවම බස් ගාස්තුව රුපියල් 9ක් උනාට කවදාවත් මාරු රුපියලක් ඉතුරු ලැබිලා නං නෑ. ඉල්ලුවට දෙන්නෙත් නෑ.දවසක් අපේ කන්තෝරුවේ හිටපු වයසකම උන්දෑ බස් එකේ කොන්දොස්තරගෙන් ඉතුරු රුපියල ඉල්ලලා. කොන්දා ගත් කටටම කියලා මාරු රුපියලට චෙක් එකක් ලියලා දෙන්ඩද කියලා !

පස්සෙං පහු උන්දෑ ලැජ්ජාවටත්තෙක්ක මාරු රුපියල ඉල්ලන්නේ නෑලු.

 මං අද බස් එකේ දැක්ක බහින්බස්වීමත් මාරු සල්ලි හුටපටයක් නිසා ඇති වෙච්ච එකක්. ඒත් වයසක මනුස්සයෙක්. උන්දෑට ඉතුරු රුපියල් 3ක් දෙන්ඩ තියෙනවලු. ඒක බහිද්දි ඉල්ලගන්ඩ කියලා කොන්දා කියලා තියෙනවා. ඒක අහන්නේ නැතුව මේ මනුස්සයත් දෙතුන් විඩක් ඉල්ලලා. බැරිම තැන සත පනහේ කාසි වලිංම ඉතුරු සල්ලි දීලා.

එන්න ඒක බාර ගන්ඩ බැරුව තමා ප්‍රශ්නේ !

මාරු සල්ලි ඉල්ලුවහම සත පනහේ ඒවා වලිං දීලා අපහාසයක් කලාය ටිකට් එකක්වත් දුන්නේ නෑය. කිය කියා ඒ මනුස්සයා කෑ ගහනවා. ඔය සත පනහේ කතාව කිව්වම මට අපේ වාණිජ පංතියේ ඉගෙන ගත්ත පොඩි සිද්ධියක් මතක් උනා.

ඒ තමා,

අපට කවුරුහරි ණයක් දෙන්ඩ තියෙනවයි කියලා හිතමු. ඒ ණය මුදල සතේ, සත දෙකේ , සත දහයේ වගේ නානාප්‍රකාර කාසි වලිං උනත් ගෙවන්ඩ පුලුවං නේ.

නමුත් නීතියේ හැටියට සතය ,සත දෙක ,සත පහ,සත දහය වගේ කාසි වලිං ගෙවන්ඩ පුලුවන් උපරිම ගාන රුපියලයි. ඊට වැඩිය ගෙවීමක් කලොත් ඒක ප්‍රතික්ශේප කිරීමේ අයිතිය අදාල මුදල ලබන්නාට තියෙනවා !!

සත විසි පහ, සත පනහා වගේ කාසි වලිං ගෙවන්ඩ පුලුවං උපරිම ගාන රුපියල් පහයි. ඊට වඩා වැඩි ගානක් ගෙවන්ඩ ගියොත් අර වගේම ප්‍රතික්ෂේප කරන්ඩ පුලුවං !

ඒ වගේම රුපියලේ කාසියේ ඉදලා ඉහලට තියෙන ඕනම කාසියක් නෝට්ටුවකින් ඕනෑම ගානක් ගෙවන්ඩ පුලුවන්... ඒක ප්‍රතික්ශේප කරන්ඩ බෑ !

එහෙම බලාගෙන ගියහම අර මනුස්සයාට සත පනහේ වලින් ගෙවපු රුපියල් තුන අකමැත්තෙං උනත් බාරගන්ඩ වෙනවා.... ඔන්න ඔහොමයි නීතිය !

හැබැයි ඉතිං ඒ නීතිය කොන්දා දන්නෙත් නෑ අර මනුස්සයා දන්නෙත් නෑ... ආමර් වීදියෙන් මං බහිනකන්ම ඒ දෙන්නගේ බහින්බස් වීම තිඋනා.... !!!!

16 comments:

  1. ඔහොම නීතියක් මේක කියවනකං මං දැනං උන්නෙත් නෑ!

    ReplyDelete
  2. එහෙමත් එකක් තියෙනවද..

    ReplyDelete
  3. මෙහෙම එකක් මම නම් අහලා නෑ. ලංකාවේ නීතියක්ද?

    ReplyDelete
  4. ඒ නීතිය දැන ගත්ත එක නං ගොඩක් වටිනව අපි වගේ වාණිජ ක්ෂේත්‍රයේ වැඩ කරන අයට.
    කොන්දොස්තර කෙනෙක් ඉතුරු සල්ලි හරියටම බේරුවොත් මං නං හිතෙන් ඒ මනුස්සයට යහපතක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මොකද එහෙම අවංක කොන්දොස්තරල ඉන්නෙ බොහෝම සුළු ප්‍රමාණයක් නිසා.

    ReplyDelete
  5. ඒ නීඉතිය දැනගත්ත එකත් හොඳයි.නැත්තං මෙන්න මේ වගේ තමයි ණය ගෙවන්ඩ ඕනෑ.
    Samsung pays Apple

    ReplyDelete
  6. නිතිය කියල දුන්න එකට ස්තුතියි

    ReplyDelete
  7. නෝට්ටුවලින් නම් ඕනෑම් ගාණක් ගෙවන්න පුලුවන් කියලා ලියලාම තියෙනවා නේද?

    කාසි ගැන මේ කියන නීතියට reference එකක් නැද්ද?

    ReplyDelete
  8. වෙලාවට නීතිය කියල දුන්නේ.....දැනගෙන හිටියෙ නෑ.....ටෙස් කරන්නත් එක්ක කොන්ද එක්ක ටිකක් රණ්ඩු වෙන්න ඕනි....

    සිත්තමී

    ReplyDelete
  9. ඔය නීතිය දැන් ටිකක් එහා මෙහා කරලා. ඒත් ඉතින් නීතියේ හැටියට කොන්දා හරි. මහත්තයාට සත පනහා ප්‍රතික්ෂේප කරන්න බැහැ නීතියෙන් වලංගු නිසා!

    ReplyDelete
  10. කාසි වලට අදාළ නීතිය අදමයි බං දැනගත්තෙ...වෙලාවට උඹ කිව්වෙ...නැත්නම් කාසි මල්ලක් හරි බාරගන්න මම හිටියෙ...

    ReplyDelete
  11. Sabith :
    මං කොමස් කරන්න ආපුම කාලේ සර් කියලා දුන්න නිසා දන්නේ. නැත්තන් මාත් දන්නේ නෑ

    Dinesh :
    තිබ්බා.. තිබ්බා..

    Podi Kumarihami :
    ඕ... ලංකාවේ එකක් !

    සිඟිති :
    සෑහෙන කාලෙකට පස්සේ බ්ලොග් එකට ඇවිදින් තියෙන්නේ. සාදරයෙන් පිලිගන්නවා මගේ අඩවියට !

    ReplyDelete
  12. දිනුක :
    හික්ස්.... :)

    Damith Gunawaredane :
    ඕකේ.... කමෙන්ට් කලාටත් ස්තූතියි :)

    කතන්දර කාරයා :
    නෑ නේ... හම්බ උනානං ඒකත් දාන්න තිබ්බා.

    ReplyDelete
  13. සිත්තමී :
    සිත්තමි නඟා මොකෑ ඇනෝ එන්නේ. ඒත් එක්කම කෝ ඔයාගේ අක්කා ? එයා ගැන ආරංචියක් නැත්තේ මොකෝ ?

    ධාරා :
    ඒකනේ ධාරා !
    ඔයා මොන ධාරා ද අග්නි ධාරා ද ? ජල ධාරා ද ? :)

    සිරාගෙ කාමරේ :
    ඒකනේ කියන්නේ... දන්නේ නැත්තං මෙලහට්ට බාරගෙන !

    ReplyDelete
  14. නියමිත මුදලට අදාළ ගාස්තුව හිරියටම දීම අපෙත් යුතුකමකි.ගෙදරින් එනවිට බස් ගාස්තුව ගෙවීම ගැනත් හිතන්න ඕනෑ.රුපියල් 9. 00 දුරට ඔක්කොම අය වාගේ රුපියල් 100,50, කොළ දික්කරාම වෙනදේ ගැන අහන්න ඕන නැහැනෙ. මම නම් පුරුද්දක් හැටියට මාරුකාසි ගෙනයනවා.හිතාමතාම ඉතුරු සල්ලි නොදෙන කොන්දොස්තර වරුන්ඉන්නා බව මා දන්නවා. අවශ්‍යවුවිට පුරුද්දක් හැටියට කොන්දොස්තරට (ඔහුගේ වයස නොබලාම) මල්ලි කියල කියනවා.ඊට පස්සේ කුල් එකේම ඉතුරු සල්ලි හරියට ඉල්ලගන්නවා. මෙතන ප්‍රශ්නය තියෙන්නේ අපේ කටහඬේ ඇතිඅධිකාරි ස්වරයි.

    ReplyDelete
  15. සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එකට ආව නෙමේ සහෝදරයා, සෑහෙන කාලෙකට පස්සෙ බලපු ලිපියක කමෙන්ට් කරා.. :)

    ReplyDelete
  16. ඔය කියන නීතිය ගැන මම අහලා තිබුනේ නැහැ. ඕං ඒකත් මධූට පිං සිද්ධවෙන්න දැනගත්තා.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.