අද ටිකක් වැඩ අඩු දවසක්. පොඩි කම්මැලිකමකුත් එක්ක වැඩ කරගෙන යනකොට අපේ එවුං තේ බොන්ඩ යන් කියලා කතාකලා. මාත් මග් එකත් අරං තේ බොන්ඩ ආවා. දන්නවානේ අපේ හැම වාද විවාදයක්ම යන්නේ තේ වෙලාවටයි කියලා. අද අපි කතා උනේ ආහාර ගැන !
කෑම ගැන කතා වෙන්ඩ මූලික හේතුව උනේ අපේ කන්තෝරුවේ එකෙක්ව ගෙදර බල්ලා දෙවතාවක්ම කාලා. උදේ බේත් දාගන්ඩ ගිහින්. කලින් වතාවේ බල්ලා කාලා මූව ඉස්පිරිතාලෙත් නැවැත්තුවා. මේ වතාවේ එච්චර දරුණු නැති නිසා බේත් දාගෙන ගෙදර ඇවිදින්ලූ.
"මචං ! උබලා දන්නවද සමහර දෙවිවරු ඉන්නවා සතුට ආහාර කරගෙන ජීවත් වෙන. මේ අපි බත් කනවා වාගේ ඒ දෙවිවරු කන්නේ සතුටලූ..." එකෙක් කතාවට එන්ටර් උනා.
"ඔවු මං බණකට අහලා තියෙනවා. ඇයි සමහර දෙවිවරු ඉන්නේ විඥානය ආහාරය කරගෙන..." තවේකෙක් උත්තර බැන්දා..
"ඔය දෙවිවරුනේ... ! ප්‍රේතයෝ ඉන්නේ අපේ අසූචි සෙම් හොටු එහෙම කන...! ඒ වගේම වමනේ කන ප්‍රේතයොත් ඉන්නේ...! " මං මේ ටිකේ කියෝන පොතක තිබ්බ කරුණක් මතක්කලා.
වතුර රත් වෙනකං ඔහොම කතාවෙවී ඉන්නකොට අපේ පරණම සී ඩිවෙලොපර් තේ බොන්ඩ ආවා. උන්දෑ කෙස්ස පැහිච්ච විශ්‍රාම යන්ඩ ලං වෙච්ච කෙනෙක්. උන්දැත් ටික වෙලාවක් රත්වෙන කේතලේ දිහා බලාගෙන ඉදලා අපේ කතාවට එකතු උනා.
"ඇයි මං එක වතාවක් බණකට ඇහුවා.ඕවගේ යකෙක් ගැන ! " උන්දෑ කතාවට ආරම්භයක් ගත්තා. උන්දෑ ආරම්භ කරපු කතාව අහගන්ඩ අපි ඒ දිහෑවට හැරුනා. උන්දෑ ආයෙමත් හඬ අවදි කලා.
"මේ යකා ප්‍රමාණයෙන් කුඩා එකෙක්ලු. ඒ යකා දවසක් දෙවිවරු එක්ක ප්‍රශ්නයක් ඇතිකරගෙන. දෙවිවරු මේ යකාට බණින්ඩ ගත්තලු. දෙවිවරු බණින බණින සැරයක් ගානේ මූ ලොකු වෙනවාලු. ආයේ ආයේ බනිනවා. ආයේ ආයේ ලොකු වෙනවලු. දැං යකා දෙවියන්ටත් වඩා උස එකෙක්ලූ. දෙවිවරුන්ට මාර ප්‍රශ්ණයලූ මූ මෙච්චර ලොකු වෙන්නේ ඇයි කියලා.
මේක දුක දිවැසින් දැක්ක ශක්‍රයා ඇවිත් මේ යකා දිහෑට හැරිලා 'පින්වත ඔබ ඇයි මේ දෙවිවරුන්ට කරදර කරන්නේ' වගේ කරුණාවෙන් කතා කලා ලු. එතකොට මේ යකා ටිකක් පොඩි උනාලු. ශක්‍රයාත් දිගින් දිගටම හොඳින් කතා කරනකොට මේ යකා එන්ඩ එන්ඩ පොඩි වෙලා අතුරුදහන් උනාලූ.
ඉතිං දෙයියන්ටත් හරි ප්‍රශ්නෙලු එහෙම උනේ ඇයි කියලා. ශක්‍රයා කිව්වලු ඒ යකා ක්‍රෝධය ආහාරය කරගෙන ජීවත් වෙන එකෙක්. උට බනින්ඩ බනින්ඩ ඌ තව තවත් ලොකු වෙන එක විතරයි වෙන්නේ හොඳින් කතා කලොත් තමයි ඌ ප්‍රමාණයෙන් කුඩා වෙන්නේ කියලා පැහැදිලි කලාලු. "
අපිත් උන්දෑ කතාව මීක් නැතුව සාවදානව අහගෙන හිටියා. කතාව ඉවර උනාට පස්සේ තේකත් අරගෙන ආපහු සීට් එකට ආවා.
ඈ තාර කාවී කියලත් කියනව ලු ණේ :)
ReplyDeleteසතුටු වෙලාවට බඩ පිරිලා වගේ ගතියක් දැනෙනවා. මට නම් දුකට මාර බඩගින්නක් දැනෙන්නේ. ඒ වෙලාවට කාගෙන, කාගෙන යන්ට හිතෙනවා.
ReplyDeleteඅද දවාලට කෑවේ පාන්...:(
ඔය එක එක ජාති කන අයට එව්වා ගෙදෙට්ට ගෙන්න ගන්නවද? (භවනට ඈ ) නැත්තං ගිහිං කනවද දන්නෑ.දිව්‍යලෝකෙයි පෙරේත ලොකෙයි හෝටල්වල මෙනු එක හෙන ආතල් ඇති නේද?
ReplyDeleteමචන් අන්තිමට ජෝතිපාලයා ගැන මතක් නොකර ඉවර කරා නම් මේ පෝස්ට් එක ආනන්දයෙන් ප්‍රඥාවට යනවා....
ReplyDeleteඇත්ත නැත්ත වැඩක් නැහැ ...නියම කතාවක් ...
හොඳ කතාව!
ReplyDeleteදිලිනි :
ReplyDeleteඒ දවස්වල හරි ජනප්‍රිය සිංදුවක්නේ !
Podi Kumarihami :
දර බෝරණුවේ පාං ද ඉලෙක්ට්‍රික් අවන් එකේ පාන්ද ?
Dinuka J :
ඒක නම් දන්නේ නෑ.. ඇවිත් කනවා ඇති !
SilentSahan :
ඔබේ සැප මගේ සතුටයි... ඔන්න මං ඒ ටික ඉවත් කලා.
දැං ආනන්දෙන් ප්‍රඥාවට කෙසේ වෙතත් ආනන්දෙන් මරදානට හරි යන් නැතෑ.
කතන්දර කාරයා :
හා මචං !
\\\ඔබේ සැප මගේ සතුටයි... ඔන්න මං ඒ ටික ඉවත් කලා. \\\\
Deleteහ්ම්ම්ම්ම් එහෙම අවුලකුත් නැහැ තිබ්බයි කියලා...මම නිකමට කිව්වේ මගේ අදහස... මේ තරම් ඉක්මණට ක්‍රියාවට නැගෙයි කියලා හිතුවේ නැහැ... කොහොම උනත් අයින් කරපු ටික නැවත දාන්න මධු... මොකද ලෝකය තුල එක එක රසයෙන් හෙබි පුද්ගලයෝ ඉන්නවනේ.. අපිට බැහැනේ ඒවට විරුද්ධ වෙන්න...
කෙසේ උනත් පාඨක ප්‍රතිචාර ගැන දක්වන සැළකිල්ල ගැන මගේ ප්‍රණාමය ...!
ඔය වගේම කතාවක් ඊසෝප්ගේ උපමා කතාවක තියෙනවා.එතනදි හෙරක්ලීස් පහර දෙනවා මග හරස් කරපු ඇපල් ගෙඩියකට.ඒකත් පහර කකා ලොකු වෙනවා.
ReplyDeleteඇයි අපිව කාල ලොකුවෙන කට්ටියක් ඉන්නෙ
ReplyDeleteක්‍රෝධ කරන්නෙ නැතුව බනින ඇප් එක තිබිල තියෙන්නෙ ශක්‍රයාට විතරයිද?
ReplyDeleteමේ බෝගට මම අදමද කොහෙද ආවේ .... ආහාර කියල දැක්කම ඉතින් දුවලා ආවා ... එත් කන්න දෙයක් නැ .... හැබැයි ගන්න දෙයක්නම් තියෙනවා ....... දන්නා ලොකුකම් ඔක්කොම දාලා කරගන්න බැරි වැඩ පුස් පාර්ට් එකෙන් කරගන්න පුළුවන් බව....
ReplyDeleteදැන් නම් ක්‍රෝධය සෑහෙන්න ඈත් කරගෙන තමයි මමත් ඉන්නෙ...ආදර්ශමත් පුංචි කථාවක්..
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteකලින් අහලා නොතිබුන කතාවක් මේකනම්..
ReplyDeleteමටත් හිතුනා ඌ අහාරයට ගන්නෙ කෙන්තිය වෙන්න ඇති කියලා. හිකිස්
ReplyDeleteAmuthu sithuwili :
ReplyDeleteඒ කතාව නං මම අහලා නෑ... පුලුවන් නම් ඒ කතාව කියවන්ඩ ලින්ක් එකක් හොයලා දෙන්ඩ :)
රාජ් :
එවුං තමා කොහෙත් ඉන්නේ ! :)
SilentSahan :
අනිවාර්යෙන්ම... කියවන මිනිස්සු නැත්නං ලියලා වැඩක් තියේ යෑ.. පාඨකයෝ තමා වැදගත් ! කියවන කට්ටිය කියන හොඳ නරක දෙකම මැදිහත් සිතින් පිලිගන්නවා මං
amila chathuranga :
ඇප් එකක් නෙමේ.. ශක්‍රයා කතා කලේ ක්‍රෝතයකින් තොර සාමයෙන්... මං ලියලා තියෙන ක්‍රමේ හන්දා චතු රංගට එහෙම හිතුනද මන්දා :(
මැලේ රාළ :
ReplyDeleteමං බ්ලොගයට අළුත්නේ.. මාත් එන්නං මැලේ රාල ලෑ පැත්තට !
සිරාගෙ කාමරේ :
මාත් සෑහෙන ට්‍රයි කරන්නේ ක්‍රෝධයෙන් තොර වෙන්ඩ ! :)
චමින්ද ගුණරත්න :
පුක පලාගන්ඩ ආස නං වරෙන් දෙල්කඳ හන්දියට !
උබ කොයි විදිහට තෘප්තිමත් උනාට කමන් නෑ.. හැබැයි අනුන්ගේ නම් වලින් කමෙන්ට් කරන කැ# වැඩ වලට නං එන්ඩ හදන්ඩෙපා !
දැං පල !
Dinesh :
මාත් ඒ කතාව ඇහුවේ අපේ සී ඩිවෙලොපර් කිව්වට පස්සේ තමා :)
සිහින මදාරා :
අම්බෝ සුදු නෝනාව කාලෙකින් දැක්කේ ! :)
මාත් කාලයක් ඕක ආහරයක් කරගත්තා. ඒත් දැන් නම් ටිකක් අඩුයි. නියම කතාවක්...
ReplyDeleteසංවර්ධනය කන යක්කුත් ඉන්නේ දියවන්නාව පැත්තේ
ReplyDeleteමමත් ඔය කතාව අහලා තියෙනවා. හැබැයි ඒකේ කියවුනේ දෙවියන් අතර නෙමෙයි සිද්ද වෙලා තියෙන්නේ.මට මතක ජාතක කතාවක් කියලා කිව්වේ පස්සෙ නම මාරු කරපු පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝ...
ReplyDeleteරන්දු :
ReplyDeleteඒක හොඳයි... ක්‍රෝධය ආහාරය උනහම ඒකේ කරදරයත් තමන්ටමයි. :)
පැතුම් (රයිටර් ) :
ඔවු... ඒක නේන්නං !
පුංචි කුමාරිහාමි :
ආහ්.... වෙන්ඩ ඇති. අපි උන්දෑ බණ අහන මනුස්සයෙක් ! ඒ වගේ අහපු බණකවත් තිබ්බද මන්දා...
ඔයාගේ කතාව සම්පූර්ණ නැහැනේ. අපිව අනුභව කරලා ලොකු වෙන කොටසක් මෙහෙත් ඉන්නවනේ. ඒ ගැනත් කියලම කතාව ඉවර කලානම් තමයි හොද!!!
ReplyDelete