"ඔන්න මෙහෙමයි පුතේ... ඒ දවස්වල ඉන්දියාවේ බ්‍රාහ්මණයෙක් ජෝතීර්ෂ වැඩක් කර කර ඉන්නකොට ශනී ගුරු කියන ග්‍රහ දෙයියෝ අතර යුද්ධයක් ඇති වෙනවයි කියලා හොයා ගත්තාලූ.ඒ යුද්දෙදි ශනීගේ කුණ්ඩලාභරණයකින් කෑල්ලක් කැඩිලා පොලවට වැටෙන බවත් දැනගත්තලු.
ඉතින් මේ බමුණා හිතුවලු කොහොමහරි මේ කුණ්ඩලාභරණය හොයා ගන්නවමයි කියලා. එහෙම හිතපු මේ බමුණා නැවු නැගලා ලංකාවට එනවලූ. ඇවිදින් මහනුවර කිට්ටුව ගුරුදෙනිය ගමේ පන්සලේ නවාතැන් ගත්තලු."
"ඉතින් අම්මේ මොකෝ ගුරුදෙනියෙම නැවතුනේ ?"
"ඔය බමුණා ගණනය කිරීම් කරලා බලපුවාම ඒ කුණ්ඩලාභරණය වැටෙන්නේ ගුරුදෙණිය කිට්ටුව පැත්තකට කියලා හොයාගත්තා ලු. ඒ නිසයි ගුරුදෙනිය කිට්ටුව පන්සලේ නැවතුනේ !
ඉතින් මේ බමුණා රෑ දවල් මහන්සිවෙලා ගණනය කිරීම් කරනවලු හරියටම කොහේටද මේ කුණ්ඩලාභරණය වැටෙන්නේ කියලා හොයන්ඩ. මෙහෙම දවස පුරාම ගණන් හදන බමුණාව දැක්ක පන්සලේ හාමුදුරුවෝ මේ මනුස්සයාගෙන් අහනවලු මොනවද ඔය තරම් ගණන් හදලා හොයන්නේ කියලා.
මේ බමුණත් හාමුදුරුවන්ට සම්පූර්ණ විස්තරේ කිව්වාලු. නමුත් මේ බමුණා දන්නේ නෑලු හාමුදුරුවොත් දක්ශ නක්ෂත්‍රකාරයෙක් කියලා. බමුණා හාමුදුරුවන්ට විස්තරේ කිව්වට පස්සේ හාමුදුරුවොත් බමුණට හොරෙන් හිටු කියලා ගණන් හදනවලු."
"හාමුදුරුවෝ ගනන් හදන්නේ මොහොකටද ?"
"හාමුදුරුවෝ ගනන් හදන්නේ අර කිව්ව කුණ්ඩලාභරණය වැටිලා එතනම හිටිනවද එහෙම නැත්තං කොහාට්ට හරි විසික්කා වෙනවද කියලා හොයන්ඩ ! හාමුදුරුවෝ ඔහොම ගණන් හදාගෙන යනකොට තේරුනාලු කුණ්ඩලාභරණය ගල් තලාවේ වැදිලා ගඟෙන් එහා පැත්තට විසික්කා වෙනවයි කියලා.
ඔන්න ග්‍රහ යුද්දේ තිබ්බ දවස ආවයි කියමුකෝ. එදා කුණ්ඩලාභරණය වැටෙනකන් බමුණා ගල් තලාවේ කූඩරම් ගහගෙන හිටියලූ. නමුත් බමුණා දන්නේ නෑ ගඟෙන් එහාපැත්තේ හාමුදුරුවෝ කූඩාරම් ගහගෙන ඉන්නවයි කියලා !
දෙන්නගෙම ගණනය කිරීම් වලට අනුව කුණ්ඩලාභරණය ගුරුදෙනිය කන්දට වැටුනලු. ඒ වැටිච්ච හැටියෙම ගලේ හැප්පිලා ගඟෙන් එහා පැත්තට විසික්කා උනාලු. මේ බමුණා කුණ්ඩලාභරණය වැටිලා විසික්කා වෙච්ච තැන හොයාගෙන ගඟෙනුත් එගොඩහට යනකොට දැක්කලු එතනත් කූඩාරමක් ගහගෙන කෙනෙක් ඉදලා තියෙනවයි කියලා.තමන් කුණ්ඩලාභරණය වැටිච්ච තැන හොයාගත්තට වැටිලා විසික්කා වෙන තැන හොයාගන්න බැරි වෙච්ච ලැජ්ජාවටයි තමන්ගේ උත්සහය වතුරේ ගිය දුකටයි මුන්දෑ ගඟට පැනලා දිවි නහ ගත්තලු.
හාමුදුරුවෝ කුණ්ඩලාභරණයත් අරගෙන ගියාලු."
"ඊට පස්සේ ඒ කුණ්ඩලාභරණයට මොකද උනේ අම්මේ ?"
"හාමුදුරුවෝ ඒ කුණ්ඩලාභරණය රජතුමාට භාර දුන්නාලු. රජතුමා ඒ කුණ්ඩලාභරණයේ රත්තරන් ටික උනු කරලා දලදා වහන්සේ තැන්පත් කරන්න නෙළුම් පෙත්තක් හැදුවලු. තාමත් ඒ නෙළුම් පෙත්ත උඩලු දලදා වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ !
එදා ඒ කුණ්ඩලාභරණය වැටිච්ච තැන පස්සේ කාලෙක කුණ්ඩසාලේ උනාලු !"
--------------------------------------------------------------
ප.ලි. - පොඩි කාලේ අම්මා කියා දුන් කතාවක් පොතක තිබිලා ආයෙම කියවන්න ලැබුනා. එදා අම්මා කියපු කතාවේ තිබ්බ අඩුපාඩු ටික පොතෙන් සම්පූර්ණ උනා. අපේ අම්මා කතාව කියලා දීපු ඉට්ටැයිල් එකටම ලියලා දැම්මා. ඒ දවස්වල නං මං අහපු ප්‍රශ්න මීට වඩා වෙනස්. ඒ වගේම සෑහෙන ප්‍රශ්න ගොඩක් ඇහුවා !
අම්මගේ කතාවේ නම් ඔය බමුණගේ නම බරණ ගණිතයා කියලා තමයි කිව්වේ !!!! නමුත් පොතේ නම් ඒ බමුණගේ නම තිවුන් නෑ !
ප.ප.ලි. - මම කියවපු පොතේ නම තමා ඩී.පී. වික්‍රමසිංහ මහත්මයා ලියපු මඟ දිගට ජන කතා පොත. මේ පොතේ මේ වගේ එකිනෙකට වෙනස් ජනකතා 50ක් තියෙනවා. පුලුවන් කමක් තිබ්බොත් හොයාගෙන කියවන්න. මොකද මම ඒ පොතේ තියෙන ඔක්කොම කතා පෝස්ට් කරන්න යන්නේ නෑ :)
මේ පොත සූරිය ප්‍රකාශනයක් ! ශා... මරු ! අගේ ඇති පොතක් !
බරණ ගණිතයා ගැන මම අහල තියෙන්නෙත් ඊට සමානම කතාවක්. හැබැයි කියෙව්ව පොත මතක නෑ සමහර විට මේකමද දන්නෙත් නෑ. .තැන්කුයි ඔත්තුවට
ReplyDeletesඑhooඑhiyi maduranga posඑ ekaඒ..mage sinhala kela ඇla.. samahara akuru wadinne naha..
ReplyDeleteමමත් ඔය කතාව අහල තියනවා.
ReplyDeleteමධුරංග අයියා ආයෙත් වැඩ ඇල්ලුවට පස්සේ ඔන්න අද තමයි කොමෙන්ට් එකක් දාන්නේ.භරණ ලොක්කා හරියට ගාණ හැදුවනං ගලේ වැදිලා රත්තරං කෑල්ල විසික් වෙලා යන එක විතරක් නෙමෙයි, හාමුදුරුවෝ ඒක උස්සන සීන් එකත් හොයා ගන්ඩ තිබ්බා නේද?..
ReplyDeletebarana ganithaya gana hinda hinda kathaa mamath ahala thiyenawa
ReplyDeleteමධූ අයිය කාලයක් නැතිවෙලා හිටිය. ආයෙත් ලියන්න ගත්තද සතුටුයි දිගටම ලියන්න පුළුවන් වෙලාවට ඇවිත් බලනවා......
ReplyDeleteඅදනම් නොදන්න දෙයක් කියල තියෙන්නේ.......
මම සිත්තමී
බරන ගනිතය ගැන කතා ගොඩක් තියෙනව නේද
ReplyDeleteමට ඔය පොත ගැන අපැහැදිලි මතකයක් තියෙනවා. පුන්චිකාලේ කියෙව්වද කොහෙද.... අහලා තිබුණේ නැති කතන්දරයක්...
ReplyDelete@දේශක යා :
ReplyDeleteහොයලා බලන්ඩ ! සමහරවිට මේ පොතම වෙන්ඩ ඇති :)
@SilentSahan :
සිංහල හොඳටම අවුල් වෙලා වගේ !
@දිලිනි :
සතුටුයි ! සතුටුයි !
@දිනුක :
අනිවාර්යෙන්ම ! උට ඒක කල්පනා වෙලා නෑනේ !
@කෝරලේ මහත්තයා :
ReplyDeleteඑහෙනම් ඒවත් ලියමු ඈ... :)
@Anonymous :
මෙන්න සිත්තමිත් ඇවිදින් ! ආහ්.. නෑ සිත්තමි ඇනී !
@Damith Gunawaredane :
ගොඩක් තියෙනවද කියලා නම් දන්නේ නෑ. මම දෙක තුනක් නන් අහලා තියෙනවා.
@රන්දු :
එහෙනං වෙලාවක කියවලා බලමු !
ලස්සන පොතක්..ලස්සන කථාවක්..මට දැන් පොත ගන්න තිබුනා නම් කියලා හිතුනා...ස්තූතියි මධුරංග...
ReplyDeleteඅහල තිබුණෙ නෑ කතාව. පොත ගැන හොඳ ඔත්තුවක්. ඒත් ඉතින් කවද ගන්නද මේක, දුක තමා හරී
ReplyDelete@සිරාගෙ කාමරේ :
ReplyDeleteආයේ ඉතින් ලංකාවට ආපු වෙලේක අරගෙන කියවමු !
@හරී - පිණිපළස :
නිවාඩුවකට ලංකාවට ආවොත් පොත ගැන හොයලා බලමු.
THANK YOU VERY MUCH FOR YOUR VALUABLE ARTICLE
ReplyDeleteකවදාවත් අහලා තිබුණේ නැති කතාවක්.
ReplyDeleteඅනේ අනික් කතා ටිකත් කියන්ට හොඳ ලමයා වගේ...:D
කලින් අහලා නොතිබුන කතාවක්..
ReplyDeleteසිරාවටම... මමත් අදමයි ඇහුවේ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මමත් මේ කතාව අහල තියෙනව අපේ අම්මගෙන්
ReplyDeleteලස්සනයි....
සිත්තමී ඇනී........ තරයේම හෙලා දකිමි...... ඇයි දෙයියනේ කාලයක් නොහිටියම හිටපු ඈයො අදුරන්නත් බැරි වෙනවා.... ඇයි ඉතින් මෙයාලට හරි ගිහින්නේ ........
ReplyDeleteසිහින සිත්තම ලියූ...... සිත්තමී
Bharanama neda rittawa hoyanna rajathumage putuwata naggai kiyanne.
ReplyDelete