අහලා තියෙනවද මේ කතාව ?
ඔන්න එක මනුස්සයෙක්ට දිව්‍යලෝකයයි අපායයි බලලා එන්න පුලුවන් වෙන විදිහේ අපූරු වරයක් ලැබුනාලු. ඒ වරය ලබාගත්ත මනුස්සයා මුලින්ම ගියේ අපායට ලූ. ඒ යනකොටත් අපායේ දවල් කෑම, මේසෙට ඇරලලු තිබ්බේ.
හරි අපූරු කෑම වේලක් ලු.. කෑම ටික දැක්කහම අපායේ කෑමද කියලා හිතාගන්ඩ බැරි තරම් ලූ. කොටිංම හිතාගන්ඩකෝ හොඳ වෙඩිමක තියෙන කෑම වේලක්.. අන්න එහෙම කෑම මේසයක්ලූ අපායේ තිබ්බේ. කෑම වෙලාවට බෙල් එක ගැහැව්වහම කට්ටිය මේසේ ලඟට ඇවිත් කෑම බෙදාගත්තාලු.
ඒත් මේ කට්ටියගේ අත්, වැලමිට ගාවින් නමන්ඩ බෑලූ. මේ නිසාම බෙදාගත්ත කෑම වේල කටට දාගන්ඩ විදිහක් නැතුව එක එකා කේන්තියෙන් පුපුර පුපුර ඉන්නවාලු. කෑම වෙලාව ඉවර වෙන බෙල් එක වැදුනහම බෙදාගත්ත කෑම එක හලලා කේන්තියෙන් යන්ඩ ගියාලූ.
ඔන්න ඊට පස්සේ අර මනුස්සයා ඊලඟට ගියේ දිව්‍යලෝකයට ලූ. ඒ යනකොටත් දවල් කෑම ලෑස්ති කරලා ලූ. අර විදිහෙම කෑම මේසයක්ලු තිබ්බේ. අර විදිහටම මේ අයගෙත් අත් වැලමිට හරියෙන් නමන්ඩ බෑලූ. වෙනසකට තියෙන්නේ අපායේ වගේ නෙමේ මේ අය තමන් බෙදාගත්ත පිගානෙ කෑම අනිත් කෙනාට කවනවලු. ඒ අයත් අනිත් අයට කවනවලූ.
මේ නිසා සියල්ලෝම බඩ පුරවගෙන සතුටින් විසිර ගියාලු.
ඔන්න ඔය කතාව දවසක් පූජාවකදි ෆාදර් කිව්වට පස්සේ කතාව සාවදානව අහගෙන උන්නු පොඩි කොළු පැටව් දෙන්නෙක් මෙහෙම කියනවා.
"අපායේ මිනිස්සු හරි මෝඩයිනේ අයියේ... "
"ඇයි ඒ ??" අයියගේ ඇස්ගෙඩි දෙක නළලෙලු.
"ඉතිං අයියේ කෑම කන්න අත්දෙක ඔන යෑ.. කෑම ටික හොඳට අනලා බල්ලෙක් වගේ පිඟානට කට තියාගෙන කෑවා නං හරිනේ.... !"
"ඕ...වෙලාවකට අපිත් එහෙම කන්නේ. උං මෝඩයෝ ටිකක්... !"
නිස්සද්ද වෙලාවක ඇහිච්ච පුංචි කටහඬවල් දෙකක් නිසා කට්ටිය පොඩි හිනාවකුත්තෙක්ක ඒ දිහෑ හැරිලා බැලුවා. මුන් දෙන්නෑ අම්මට පොලෝ පලාන යන්ඩ තරං ලැජ්ජයි. ඊට පස්සේ කට්ටිය එහාට්ට මෙහාට්ට වෙනකං ඉදලා උන් දෙන්නෑ කන් දෙක වට එකහමාරක් විතර කරකැව්වා.
ඊට පස්සේ දෙන්නා හුම් සද්දයක් නෑ... ආයේ නං මතක තියෙන කාලෙක කිසිම පූජාවකට පල්ලිය ඇතුලට ගියෙ නං නෑ.. :)
-------------------------------------------------------------
ප.ලි. - වැඩ අඩු දවස් ටිකක් නිසා මේ ටිකේ ටිකක් වැඩිපුර මොනාහරි ලියතෑකි. මේ විවේකය ඊලඟ මාසේ වෙනකොට නං නැතිවේවි.. :(
ඒ තරං ආතල් එකක් නෑ කතාව. කමක් නෑ බොට ඉඩ තියෙන නිසා දවස ගානේ මොකක් හරි දාපං...
ReplyDeleteඅහල නෑ... අද යි ඇහුවේ... ඉතින් පොඩි එවුන් හරි නේ :)
ReplyDeleteඅහාල් තියෙනෙන් විදියක් නැහැ නේ මේ වැඩේ කරලා තියෙන අයියා තමයි මේ ලියන්නේ.
Deleteහොට නැති පැස්බරා සහ හොට ඇති පැස්බරා
ReplyDeleteමේ නම කිසි කතාවක් නැහැ මම ඔට්ටු අල්ලලා කියනවා මේ කොල්ලෝ දෙන්න තමයි මධුරංග මහත්තයයි මල්ලියි.
ReplyDeleteහී හී...මමත් මේ කියන්ට හැදුවා විතරයි.
Deleteනිවාඩු තියෙනවය කියලා දිගට හරහට පොස්ට් දාන්න එපා බන් කියවන්න වෙලාවක් නෑ
ReplyDeleteපොඩි එවුන්ගේ නිදහස් චින්තන හැකියාව මොට කරන්නෙ දෙමව් පියො බං.
ReplyDeleteඅපෙ අයියගෙ කොල්ල මොන්ටිසෝරි ටීචර්ට කියල තිබ්බ කුණු ටැක්ටර් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ආසයි කියල :) මොකද පොර ට්‍රැක්ටර් වලට ආසයි.
ජය වේවා !
දැන් නිකමට වගෙ උබ හිතහන්කො උබෙ වාහනෙ නැතුව කුනු ටැට්ටරෙට ආස උනෙ ඇයි කියල
Deleteඩබලටම
Delete+++++
හැකිස්...අර වරම කොහෙන්ද හම්බ උනේ කයාන්කෝ..මටත් ඉල්ලගන්න
ReplyDeleteඅපි වගේ වැඩ ඉවර වෙලා රෑට හරි ලියහං...නිවාඩු තිබුනත් නැතත්...
ReplyDeleteපොඩි එවුන්ගෙ චින්තනෙ මරනවනෙ අම්මල
ReplyDeleteඅයේ ඉතින් අහන්න දෙයක් නෑ.. ඔය ඉන්නේ මධුරංග අයියයි මල්ලියිම තමයි..
ReplyDeleteමධු ක්‍රිස්තියානිද .........?
ReplyDeleteහැක්.. හැක්... නියම අයියා මලෝ..
ReplyDeleteආමේන්!
ReplyDeleteඔය අයියයි මල්ලියි දෙන්නා උබලා දෙන්නා නේද ?
ReplyDeleteඔය කොල්ලෝ දෙන්නා කවුද කියලා හිතාගත්ත හැකි වගේ....ඉතින් කන ගොඩක් රිදුනද බං
ReplyDeleteදේශක යා :
ReplyDeleteමොන ආතල්ද මචං... පෑ අටේ වැඩ මුරය ඉවර කරගන්න මොනවාහරි ලියනවා මිසක්...
දිලිනි :
ඒක තමයි... අහලා තියෙන්ඩ විදියක් නෑ නේ... :)
Anonymous :
වැරදියි වැරදියි !
හොට කපපු පැස්බරා හා හොට නොකපපු පැස්බරා !
ඔන්න් ඔහොමයි වෙන්න ඕන....
කෝරලේ මහත්තයා :
හරියට හරි !... අපි දෙන්නා තමා
Podi Kumarihami :
කට කට කට !
කියන්නේ එහෙම නෑ ඕං !
S. L. මැලේ රාළ :
ReplyDeleteහරේ...ආයෙම එහෙම ලියන්නේ නෑ !
sAm (සෑම්) :
ඒක නේන්නං... පොඩි එවුන්ට මාර මාර දේවල් හිතෙන්නේ !
තරුවා :
දෙයියව හම්බ වෙයං මලේ... :)
සිරාගෙ කාමරේ :
රෑට නං ලියන්ඩම බෑ... ඒ වෙලාවට තමා පොතක් දෙකක්වත් කියවන්නේ.. අනික පෑ අටක් වැඩ කරලා ආයෙම කොම්පීතරේ ඉන්ඩ ආස නෑ සිරා.
Damith Gunawaredane :
ඒක නේන්නම්... චින්තනේ මරනවා !
Dinesh :
ඕ.. යෑස් !
SilentSahan :
ReplyDeleteනැත... මා ක්‍රිස්තියානි නොවෙමි !
හරී :
දැන් ද එන්නේ ? කොහෙද ගිහිං හිටියේ ???
කතන්දර පිල්ලිය :
එසේය.. එහෙයි... !
චමී4යූ~chami4u :
අපි දෙන්නා තමා... හුඟ කාලෙකින් දැක්කේ !
ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
ඕ ඉතිං පොඩි කාලේ නේ.. කන වට එකාමාරක් විතර කරකැව්වා. :)
අයියා තමයි සුවර් එකටම .. මල්ලි කවුද?
ReplyDeleteඔය වගේ කතාවක් කියන්න පුළුවන් එකෙකුට හිටියෙ උඹලෑ මල්ලි තමයි :P
ReplyDeleteජෝක් එකක් එක්ක තිබුනට කතාවෙ ගත යුතු සෑහෙන්න ලොකු කතාවක් හැංගිලා තියෙනවා නේද මධූ.
ReplyDeleteඉවර කරලා තියෙන විදියෙන් හිතෙන්නෙම මේ කතාව මධුරංග අයියගේ චරිතයට සම්බන්ධයි කියලමයි... මොනා උනත් අම්මලට පොලෝ පලාගෙන යන්න නොහිතුනානම් තමා පුදුමේ
ReplyDelete....ජනියා.... :
ReplyDeleteඒ අපේ මල්ලි ... ඒක නෙමේ මොකද්ද කල්චරල් සීන් එක ?
ලහිරු :
ඒකනේ මතකනේ උගුරැස්ස කතන්දරේත්.. :)
Chathuranga Priyashad :
අනිවාර්යෙන්ම ඒකේ ගත යුත්තක් තියෙන කතාවක්..
ගැමියාගේ පත් ඉරුව :
ඔවි.. ඒකනේ කන මිරිකුවේ.. ඔය වගේ ගොඩක් සීන් වෙලා තියෙනවා.. ඒ උනාට අපේ අම්මා ඔව්වා ගනන් ගන්නේ නෑ :)
අයියයි මල්ලයි ගැන ටිකක් සැකයි...
ReplyDeleteමධුගේ තාත්තා බෞද්ධයෙක් වන අතර අම්මා කතෝලිකයෙක් බව තීරණය කරමි. මං හරි නේ..?
ReplyDeleteඅම්මට නං ගෙදර ඇවිල්ලත් ගුටි දෙන්න හිතෙන්න ඇති කරපු වැඩේට නේද?..
ආපු ගමන්ම තාත්තට සියලු විස්තර සහිත රිපෝට් එකක් අම්ම දුන්න නේ?