අද මට අන්තර්ජාලයේ කරක් ගහනකොට අපූරු ලිපියක් කියවන්ඩ ලැබුනා. ලිපිය තිබ්බේ චුයිංගම් හොයාගත්ත විදිහ ගැන. චුයිංගමුත් හොයාගෙන තියෙන්නේ පෙන්සිලින් හොයා ගත්තා වගේ පැරෂුට් ක්‍රමේකින්. හොයා ගත්තා කිව්වට නැතිවෙලා තිබිලා නෙමේ. :)
චුයිංගම් එකක් මුල්වරට හදලා තියෙන්නේ තෝමස් ඇඩම් කියන මනුස්සයා. ඒකත් අහම්බෙං..ඒ 1870 අවුරුද්දේ..... ඒකයි මං කිව්වේ පැරෂුට් ක්‍රමේකින් කියලා. මුන්දෑ වැඩ කරලා තියෙන්නේ සැන්ටා ඇනා කියන සමාගමේ. ඒක රබර් සෙල්ලම් බඩු, රබර් බූට්ස්, මාස්ක් හදන සමාගමක්.
ඇඩම් මහත්තයාට ඒ සමාගමේ බාර වෙලා තිබ්බේ රබර් වෙනුවට පාවිච්චි කරන්ඩ පුලුවං ලාබදායි ආදේශකයක් හොයන්ඩ.මුන්දෑ මැක්සිකානු සැපදිල්ලා යුෂ අරගෙන පරික්ෂණ කලා ලු. ඒත් මේකාගේ අවාසනාවට (හෝ වාසනාවට) ඒ හැම පරික්ෂණයක්ම අසාර්ථක උනාලු.
මුන්දැට කේන්ති ගිය පාර හදපු මිශ්‍රණයෙන් ටිකක් අරගෙන හපන්ඩ ගත්තලු. ටික වෙලාවක් හප හප ඉන්නකොට මේ මනුස්සයා ඒ මිශ්‍රණයට ආස හිතුනලු. ආස හිතුනා විතරක් නෙමේ උන්දෑ ඒකට වැල්මී රස කවලං කරලා චුංයිගම් එකක් හැදුවලු.
ඊට පස්සේ උන්දෑ ඇමරිකා එක්සත් ජනපදයේ හිටිය අංක එකේ චුයිංගම් වෙලෙන්දා බවට පත් උනා.
පල්ලෙහා පින්තූරේ තියෙන්නේ ඇඩම් මහත්තයගේ පින්තූරෙයි උන්දෑ ඉස් ඉස්සෙල්ලම හදපු චුයිංගම් එකේ දැන්විමයි. ඉස්සෙල්ලම හදපු චුයිංගම් එකේ නම තමා "බ්ලැක් ජැක් ගම්" !
ඔන්න ඔය ටික තමා ඒ ලිපියේ තිඋනේ...
ඇඩම් මහත්තයා චුයිංගම් හොයා ගත්තා වගේ නෙමේ. අපේ එකාලා චුයිංගම් කාලා ඉන්න තැන අලවලා යනවා. එක්කෝ පාරවල් අයින් වල දාලා යනවා. ඉස්සර මං ගිය පංතියකත් මේසේ යට පැත්තේ සෑහෙන චුයිංගම් තොගයක් තිබ්බා. :)
චුයිංගම් කන එවුන් කරන මේ වගේ වැඩ ඇරෙන්න චුයිංගම් වලින් වෙන කිසිම කරදරයක් නෑ මං හිතන්නේ....
මේවයේ කොල්ලෝ ඔය චුයිංගම් හපල කරන විනාසේ දැක්කම අර හද වගේ බැබලෙන ඇඩම් මහත්යවත් චූ කරල මුද මැදට විසි කරන්න හිතෙනවා.. හැක්.. අගෙයි ලිපිය...
ReplyDeleteහයියෝ චුයිංගම්...:(
ReplyDeleteචුයිංගම් කන්නේ දත් මදින්නේ නැති උං කියන්නේ ඇත්තෙයි අයියේ ?
ReplyDeleteදකුණු ඇමරිකානු රටවල වැවිච්ච සැපදිල්ලා ශාකවල කිරි වලින් සාදා ගත් පල්පයක් ඒ රටවල ස්වදේශිකයින් හැපීමට භාවිතා කරලා තිබුනු බවට මතයකුත් තියෙනවා.කොහොම නමුත් ඔය තියෙන්නේ වානිජ වශයෙන් සාර්ථක නිෂ්පාදනය.මම www.amuthusithuwili.wordpress.com ලියන magenama
ReplyDeleteමම නම් ආසා නැති කෑමක්...:)
ReplyDeleteමධු පහු ගිය කාලේ හිටියේ කොහෙද ...? මෙච්චර වේගෙන පෝස්ට් දාන කෙනා කොහොමද කාලයක් සම්පූර්ණ නිහඬ වෙලා හිටියේ ... මධු දන්නවද වැඩක් සයුරි ගැන ...? එයාලගේ දිහා පුංචි බිනර මලක් පිපිලා ....
ReplyDeleteඒක නම් සෑහෙන්න අප්පිරිය වැඩක් තමා.
ReplyDeleteනියමයි මධු අයියේ. මමත් දැනුයි මේ විස්තර ටික දැනගත්තෙ. :)
ReplyDeleteමං නම් ජීවිතේට චුවින්ගම් එකක් සල්ලි දීල අරං නැහැ..මහ මලපෙරේත කෑමක්.. ඊට හොදා බුලත් විඩක් කනවා..
ReplyDeleteදේශක යා :
ReplyDeleteඋං ඒවා විසික්කා කරල ගියහම සෙරෙප්පුවේ ඇලවෙන එක තමා එපාවෙන්නෙම !
රෙප් මහත්තයා :
හයියෝ....හයියෝ... !
පැතුම් (රයිටර් ) :
ඒක දන්නේ නැත සුදු පුතා !
Amuthu sithuwili :
ReplyDeleteමාත් ගියා මල් පියලි බ්ලොග් එක බලන්ඩ... දිගටම ඒ පැත්තේ එන්නං !
Podi Kumarihami :
අපේ අම්මත් කැමති නෑ... ඒ උනාට මධූ ආසයිලූ... :)
SilentSahan :
කලින් කිසිම දාක මෙහෙම තරඟෙට පෝස්ට් දාලා නෑ.. මං මේ ටාර්ගට් එකක් කවර් කරනවා !!! කොහොමහරි මේ මාස තුන ඉවර වෙන්ඩ කලියෙං පෝස්ට් තිහක් දාන්ඩ ඉන්නේ :)
සයුරිට බබෙල්වත් ලැබිලද ? දුවෙක් ?
දිලිනි :
මොකද්ද අප්පිරිය වැඩේ ?
සිහින මදාරා :
ReplyDeleteමාත් අදමයි දැනගත්තේ :)
amila chathuranga :
මං නම් චුයිංගම්, බුලත් විඩ කියලා නෑ.. කොයිකත් වළඳනවා ! :)
සයුරි කිව්වෙ මට මතක නෑනෙ සහන්...පොඩි ඉගියක් නැද්ද , උඹලා ඔය තොරතුරු හුවමාරු කරගන්නෙ කොහෙදිද බන්...කියහංකො තැන මමත් එන්න කයියක් ගහලා යන්න...
ReplyDeleteපළවෙනි වරට තමයි චුයිංගම් වල ජාතකේ දැනගත්තෙ...මේ චුයිංගම් වසංගතයක් හින්දම සමහර රටවල තහනම්...සිංගප්පූරුවෙ බඩු නෑ. මෙන්න ලිංකුව
http://en.wikipedia.org/wiki/Chewing_gum_ban_in_Singapore
සයුරි කියන්නේ පහන් යාය කරන කිමෝනාකාරී සිරා.. අපි අතර පොඩි ජාලයක් තිබ්බා..බලමු ඒක නැවත හදලා ගන්න..වැඩේ කරන්න නම් චන්දන , සයුරි , මාතලන් , තිසර වගේ අයත් එනකම් ඉන්න වෙනවා....
Deleteචුයිංගම් ඩේස් වල නැති පන්තියක් හොයාගන්න බෑ අපිත් කාලා අලවන්නේ ඔතන තාමා
ReplyDeleteඅර වගේ වටිනා සොයාගැනීමක් කල පුද්ගලයාට අරකා මේකා කියලා අපහාස කරන්න එපා බූරුවෝ. තෝ මහ නරියෙක්නේ.
ReplyDeleteඅන්න ඒකටනේ අපේ රටේ මෑන්ස්ලා කාලා මේසේ අලවන්ඩ බැරි වෙන විදිහේ එකක් හොයාගත්තේ හප හපා ඉන්ඩ.ලේසි නෑ බඩ්ඩ ගෙනාවේ නාග ලොකෙං.ඒ දවස්වල අන්තර් ග්‍රහලෝක වෙළඳාමෙත් මුල් තැනක් අරං තියෙන්නේ අපේ රට තමයි ඈ...
ReplyDeleteඅර මනුස්සයා කේන්තියට හරි ඒක කෑවයින් අද මේ යුරේපේ උන්ට දත් මදිනවා වෙනුවට චුයින්ගම් කන්න පුළුවන් වෙලා තියෙනවනේ..
ReplyDeleteචුයිංගම් මං නම් ඉස්සර කෑව. දැන්නම් කන්නෙ නැහැ. ඒ චුයිංගම් හදන හැටි ගැන කෙනෙක්ගෙන් දැනගත්තට පස්සෙ.. :-)
ReplyDeleteමම මධුරංගගේ බ්ලොගට ඇවිත් නැද්ද කොහෙද. නමුත් ආපු ගමන්ම මට දිග කතාවක් මතක් වුනා චුවිංගම් ගැන.මේ චුවිංගම් කතාවෙ වෙන වර්ෂන් තියෙනවා මේක වුනේ ලාංකිකයෙකුට සහ වෙනත් තෝරාගත් ඕනෙම රටක වැසියෙකුට කියලා. මොහොම හරි මේක තමයි ඔරිජිනල් එක.
ReplyDeleteකෝච්චියක ඉඳගෙන යනවා අමෙරිකානුවෙකුයි කැනේඩියානුවෙකුයි. උදේ කෑම කමින් ඉන්න කැනේඩියානුවා , චුවිංගම් එකක් හපමින් ඉන්න අමෙරිකානුවාව ගනන් නොගෙන හිටියත් අමෙරිකානුවා කතාව පටන් ගන්නවා.
"තමුසෙලා මුලු පාන් ගෙඩියම කනවද?" චුවිංගම් එක හයියෙන් හපාගෙන එමෙරිකානුවා අහනවා.
"ඔව් ඇයි?" රවලා බලන කැනේඩියානුවා, පිළිතුරු දෙනවා.
"අමෙරිකානුවා චුවිංගම් එකෙක් ලොකූ බෝලය පුම්බලා උත්තර දෙනවා.
"ස්ටේට්ස් වල අපි කන්නේ පාං ගෙඩියේ ඇතුල විතරයි. ඔය වාටි කෑලි අපි භාජන වලට එකතු කරලා, රීසයිකල් කරලා, කැනඩාවට යවනවා බ්‍රෙක්ෆස්ට් සීරියල් වලට.
අමෙරිකානුවගේ මූණේ තියෙන්නේ සමච්චල් හිනාවක්.
කැනේඩියානුවා සද්ද නැතුව ඉන්නවා.
"තමුසෙලා පාන් එක්ක ජෑම් කනවද?"
කැනේඩියානුවා සුසුමක් හෙලනවා.
"ඔව් ඇයි?"
"ස්ටේට්ස් වල අපි බ්‍රෙක්ෆස්ට් එකට කන්නේ අලුත් පළතුරු. ඒවයේ ඇට ලෙලි, මද හෙම අපි භාජන වලට එකතු කරලා, රීසයිකල් කරලා, කැනඩාවට යවනවා ජෑම් හදන්න," පුම්බපු චූවිං ගම් බෝලේ පොහ් ගාල පුපුරවන අමෙරිකානුවා කියනවා.
මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු කැනේඩියානුවා කෑම නවත්තනවා.
"ස්ටේට්ස් වල තමුසෙලා පාවිච්චි කරපු කොන්ඩම් වලට මොකද කරන්නේ?"
"ආහ්, අපි ඒවා විසි කරලා දානවා."
කැනේඩියානුවා හිනාවෙනවා.
"කැනඩාවේ අපි පාවිච්චි කරපු කොන්ඩම් විසි කරන්නේ නෑ. අපි ඒවා භාජන වලට එකතු කරලා, රීසයිකල් කරලා, කැනඩාවට යවනවා චූවිංගම් හදන්න."
අමෙරිකානුවාගේ හිනාව අතුරුදහන් වෙනවා. හැපීම නවත්තනවා.
-Dude-
දත් වලට හොඳ චුවින්ගම්නුත් තියෙනවා .. :D
ReplyDeleteවැල්මී චුයින්ගම් කොහොමට තියෙන්න ඇත්ද? අපේ අය චුයින්ගම් එකට වද දුන්නට චුයින්ගමක් හපලා ක්ලාස් වලදි එහෙම නින්ද යන එක අපි කොච්චර අඩු කර ගත්තද?
ReplyDeleteචුයිංගම් වල හොඳත් තියෙනව, නරකත් තියෙනව.
ReplyDeleteහැබැයි, චුයිංගම් කාල බඩේ ගෑස් එහෙම හදාගන්නත් පුළුවන්, ඊට අමතරම ආමාශයේ තුවාල.
@ඩූඩ්,
ReplyDelete//"කැනඩාවේ අපි පාවිච්චි කරපු කොන්ඩම් විසි කරන්නේ නෑ. අපි ඒවා භාජන වලට එකතු කරලා, රීසයිකල් කරලා, කැනඩාවට යවනවා චූවිංගම් හදන්න."//
මෙතන 'ස්ටේට්ස්' වෙන්ට ඕනි නේද?
චුයිංගම් හපනව කියන්නෙ ගැස්ට්‍රයිටිස් හදා ගන්න ලේසිම ක්‍රමයක් නේද? නොකා නොබී ඉස්කෝලෙ විවිධ තරග වලට යද්දි 10, 11 දි හපපු චුයිංගම් නිසා හැදුනු ගැස්ට්‍රයිටිස් නං තාම හොද වෙලා නෑ.
ReplyDeleteමමත් ඉස්සර හරි ආස කෑමක් , සිගිති කියන්නැහේ චුයිංගම් දිගු කාලයක් හප හප හිටියොත් ගැස්ට්‍රයිටිස් හැදෙනවලු තමා ..
ReplyDelete@පොඩ්ඩි:තෑන්ක්ස් පොඩ්ඩි. ඔව් ස්ටේට්ස් තමයි.
ReplyDelete//"කැනඩාවේ අපි පාවිච්චි කරපු කොන්ඩම් විසි කරන්නේ නෑ. අපි ඒවා භාජන වලට එකතු කරලා, රීසයිකල් කරලා, ස්ටේට්ස් වලට යවනවා චූවිංගම් හදන්න."//
කෝ මේකේ රිප්ලයිබටන් එකක් නෑනේ මධුරංග.
ඔව් ඔව්. ගෑස් හදාගන්න පුලුවන් ලේසියෙන්ම.
ReplyDeleteවෙන්නෙ මේකයි. සාමාන්‍යයෙන් අපි කටට කෑමක් අරගෙන හපනකොට, මොළයෙන් ආමාශයට හා අක්මාවට පණිවිඩ යවනව "ඔන්න කෑමක් බඩට එන්න ලෑස්ති වෙන්නෙ, ඉතින් දිරවන්න ලෑස්ති වෙයල්ල" කියල. එතකොට ආමාශය ඒකට ලෑස්ති වෙනව, ඇල දිවෙන් ආමාශයික යුශ ශ්‍රාවය කරනව ආමාශයට. ඒ කියන්නෙ ඇසිඩ්. ඉතින් චුයින්ගම් කනකොට මොකද වෙන්නෙ. අපි හපනව හපනව, මොලේ පණිවිඩ යවනව, කට්ටිය ලෑස්ති වෙලා ඉන්නව, නමුත් බඩට කෑම එන්නෙ නෑ. ආමාශයික යුශ ආමාශයේ තිබිල තිබිල යන්න යනව.
ආමාශයික යුශ කියන්නෙ හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එකක් කියල දන්නව ඇතිනෙ? ආමාශය ඒකට ඔරොත්තු දෙන්න හැදිල තිබුණත් ඒක සාන්ද්‍ර ආකාරයෙන් තියෙනකොට ආමාශයත් ඔරොත්තු දෙන්නෙ නෑ. ආමාශයේ බිත්ති දිරවීමකට භාජනය වෙනව, සරළව කිව්වොත් ආමාශ බිත්ති තුවාල වෙනව.
හරිද මංද. වැරදි නම් බයොලොජි දන්න කෙනෙක් නිවැරදි කරත්වා!!!
(මම ඉතින් බයෝ දන්නෙ නෑනෙ, මම කොලේ ඉංජිනියරිංනෙ. :) )
මල පනින්නේ චුයින්ගම් සපත්තුවේ යට පැත්තේ ඇලෙන කොටත් බස්වල හිටගෙන යන අයල අල්ලගන්න තියෙන පොලුවල අලවල තියෙන කොටත්. එතකොට කාපු එකාගෙ අම්ම මුත්ත පවා සිහි වෙනකවාෙ
ReplyDeleteමටත් එක කාලෙක චුයින්ගම් නැතිවම බැරි කෑමක් වෙලා තිබුණා. ඒත් හප්පා කාලා බලනකොට ඇති දේකුත් නැහැ. හක්කත් නැහැ වගේ...
ReplyDeleteඇයි ටීචර්ලගේ පුටු වල අලවන එක.... ඒකට තමා චුයිංගම් හදලා තියෙන්නේ...
ReplyDeleteඅම්මෝ ඒ මනුස්සයාට හිතු පැතු සියළ්ය් සම්පත් ලැබේවා. චුවිංගම් නොතිබුණා නම් මට වෙන දේ කියවන්න ඉතින් මගෙ බ්ලොග් එකටම යන්න ඕනෙ..
ReplyDeletehttp://lankapriyagesithivili.blogspot.com/2013/01/blog-post_17.html
මම නම් ආසාම නැති කෑමක්.
ReplyDeleteචුයිංගම් කනවට වඩා ඒවා කන අයගේ හැසීරිම බලන් ඉන්නයි මම නම් ආසම නැත්තේ. ඒක හරිම අප්‍රසන්නයි.. හැබැයි සමහර අය නම් තැනක් නොතැනක් නොබලා හැම වෙලාවෙම හප හප ඉන්නේ හරක් වගේ නේද..
ReplyDeleteසිරාගෙ කාමරේ :
ReplyDeleteමෙහෙත් තහනම් කරන්ඩයි තියෙන්නේ... මල ජරාව... කාලා බිම දාලා යනවා. සෙරෙප්පු වල ඇලවෙනවා.
බොරලුගොඩ මහත්තයා :
ඕ... ගොඩක් පන්ති වල ඩෙස්ක ඉවරයි චුයිංගම් ම අලවලා :)
Anonymous :
මම කතාව හදන්නම් ඇනෝ... වැරැද්ද පෙන්නලා දුන්නට ස්තූතියි :)
දිනුක :
උත්තරේ බුලත් විට !
Dinesh :
ReplyDeleteඒකනේ.... අහම්බෙන් හොයාගත්ත හොයාගැනීමක් !
දිනිති දීපිකා :
අර පල්ලෙහා තියෙන කතාව වගේ කතාවක් ද දිනිති ?
Henry Blogwalker :
ඕ... අදම තමා ආවේ.. ස්තුතියි මෙහි පැමිණියාට. මාත් ඩූඩ් බලන්ඩ එනවා ලින්ක් එක දිගේ. ඒ වගේම කතාවක් කමෙන්ට් කලාට ස්තූතියි :)
රවින් :
කට සුවඳ කරන චුයිංගමුත් තියෙනවා :)
Madhawa Habarakada :
ReplyDeleteඅනිවාර්යෙන්ම හපන හැපිල්ලට ගෑස්ට්‍රයිටීස් හැදෙනවා. ඔය තියෙන්නේ සම්පූර්ණ සංසිද්ධියම කමෙන්ට් එහෙකින්... ! තැන්කූ කමෙන්ට් එකට :)
සිඟිති :
ඔන්න සිඟිත්තෝ පහලින් මාධව කමෙන්ට් කරලා තියෙනවා සම්පූර්ණ සංසිද්ධියම ! :)
චමී4යූ~chami4u :
අපොයි ඔවු... ගැස්ට්‍රයිටීස් හැදෙන අවදානම වැඩියි. :)
දයානන්ද රත්නායක :
අනේද කියන්නේ.. සෙරෙප්පු වල ගල් ඇලවෙන කොට තමා දන්නේ කොහොල්ලෑ ගුලියක් වගේ චුයිංගමයක් අලවිලයි කියලා.
malmi :
ReplyDeleteඕ... හපලා හපලා හකුත් රිදෙන්ඩ ගන්නවා :)
Buddhika Kandepola :
අළුත් සිංඩියක්.. මාත් රික්වෙස්ට් එකක් එවන්නම්. :)
prasanna86k :
එකපාරක් අපේ එකෙක් එපා කරපු සර් කෙනෙක් පංතියට එන්ඩ තිබ්බ වෙලේක පුටුවේ චුයිංගම් එකක් අලවලා... අපි වරුවක් වැලි ගොඩේ දන ගැහැව්වා...
සරත් ලංකාප්‍රිය :
එහෙනං කියවලාම එන්නං !
Deeps :
ReplyDeleteමාත් ආස නෑ...
ඩීප්ස් ව කාලෙකින් දැක්කේ... තාමත් වැඩ යුනියෙම ද ?
පුංචි කුමාරිහාමි :
වමාරා කෑම... :)
කොහොමද බං පැය ගානක් හප හප ඉන්නෙ. ගිලින්නත් බෑ.
ReplyDeleteRoshan Herath :
ReplyDeleteමං නම් චුට්ට වෙලාවක් හපලා විසික් කරනවා :)