25 October 2013

ෆෝන් කතා

මහේෂ් නම් සැරිසරන්නාගේ බ්ලොග් එකේ තිබ්බ ෆෝන් ගැන පෝස්ට් එක කියෙව්වට පස්සේ මටත් ෆෝන් ගැන මොන මොනවා හරි ලියන්න ඕන කියලා හිතුනා.

ෆෝන් කිව්වහම අද නානාප්‍රකාර ෆෝන් තියෙනවා. දැන් ෆෝන් පාවිච්චි කරන අයගෙන් ගොඩක් දෙනෙක් ගාව තියෙන්නේ බොත්තම් නැති ෆෝන්.ඒ කිව්වේ ටච් ඉස්කිරිං ෆෝන් !

ඉස්සරෝම ආවේ දිග ඒරියල් එහෙකුත් තියෙන ගඩොලක් ඉතර සයිස් ෆෝන්. ඒවනං සාක්කුවේ දාන්ඩත් බැරි තරම් ලොකුයි.ඒ වගේම ඒරියල් එක අකුලන්ඩත් බෑ. මිලෙනුත් වැඩියි. පාවිච්චි කලෙත් අතලොස්සක් ඉතරයි. කැම්පස් එකේ ඉන්න දවස්වල අපේ රත්නපුරේ යාළුවෙක්  කිව්වා මේ ජාතියේ ෆෝන් ආපුම කාලේ උන්දැලා පැත්තේ මැණික් මුදලාලි කෙනෙක් තමන්ගේ වත්කම පේන්ඩත්තෙක්ක ෆෝන් එකක් ගත්තා කියලා.

ෆෝන් එක විතරක් නං මදෑ. ඒ මැණික් මුදලාලි යන යන තැන ෆෝන් එක ගෙනියන්ඩ වෙනම සේවකයෙකුත් ගත්තාලු. උන්දැට තිබුනේ කෝල් එකක් ආවහම බොත්තමක් ඔබලා ෆෝන් එක මැණික් මුදලාලිගේ කනේ තියන්ඩ ඊට පස්සේ කතා කරලා ඉවර උනහම කෝල් එක කට් කරන්ඩ විතරලු. කොහොමහරි ෆෝන් එකක් නිසා තව මනුස්සයෙක්ට රස්සාවක් ලැබුන එකම මදෑ.  :)

 ඊට පස්සේ සයිස් එකෙං පොඩ්ඩක් ඉතර පොඩි ෆෝන් ආවා. ඒකේ ඒරියල් එක අකුලන්ඩ කරන්ඩ එහෙමත් පුලුවං. ඒ ජාතියේ ෆෝන් නං සාක්කුවේ දාගෙන ගියෑකි.හැබැයි සාක්කුව ටොම්බා සයිස් එකට පිම්බිලා පේනවා.

මුලින් මුලින් ආපු ෆෝන් වල කෝල් ගන්නවා ඇරෙන්න ඒ හැටි දෙයක් නං කරන්ඩ බෑ..නමුත් පස්සේ පස්සේ ආපු ෆෝන් වල එක එක පහසුකම් එකතු කරලා විවිධ මාදිලියේ ෆෝන් ආවා. ඒත් වර්ණ තිර තිබ්බ ෆෝන් නම් තිබ්බේ නැද්ද කොහෙද. කළු තිරයක ෆෝන් තමා ගොඩක් තිබුනේ.

ඒ දවස්වල නොකියා 1100 ෆෝන් දේවත්වයෙන් වගේ සලකපු කාලයක් !!

කාලෙන් කාලෙට අළුත් අළුත් වැඩ කෑලි එකතු වෙලා එක එක ජාතියේ ෆෝන් ආවා. මුලින්ම ඉන්ටර්නෙට් යන්ඩ පුලුවං ෆෝන් අතපත ගාන්ඩ ලැබුනේ මං උසස් පෙළ කරන දවස්වල. ඒ දවස්වල යාළුවෝ ටික එකතු වෙලා ඒ ෆෝන් එක අරං කරපු එකම දේ තමා ඉන්ටර්නෙට් ගිහින් වැල බලපු එක !

ඒ දවස්වල ඉන්ටර්නෙට් සෑහෙන ස්පීඩ්. ඒ නිසා  ඕන කරන දේ ටයිප් කොරලා කට්ටිය වෙන කතාවක් දාගෙන ඉදලා පින්තූරේ ලෝඩ් උන හැටියේ "වරෙං වරෙං පින්තූරේ ලෝඩ් උනා !!" කියලා ෆෝන් එක එක එකාගේ අතින් අත යවනවා. ඔක්කොම බලලා ඉවර උනහම තමා ඊලඟ පින්තූරේ ලෝඩ් වෙන්ඩ දාන්නේ !

සාමාන්‍ය පෙළ වෙනකන්ම නං එක කොල්ලෙක් ගාවවත් ආස්ස්..සාවකට කියලා ෆෝන් කට්ටක් තිබුනේ නෑ... මල් කඩන්ඩත් එකම පිහිට ලියුං කරදහි ! උසස් පෙළ කරපු කාලෙත් අර වැල ෆෝන් එක ඇරෙන්ඩ වෙන ෆෝන් එකක් අපේ පංති වල තිබුනේ නෑ..

ඒ දවස්වල ෆෝන් අරන් දෙන්න පහසුකම් තිබ්බ පවුල් වල කට්ටියත් ළමයි නරක් වෙයි කියලා හිතලා ෆෝන් අරන් දෙන්නේ නෑ... :) හැබැයි ඒකටත්තෙක්ක දැන් හැම ඉස්කෝලේ යන ළමයා ගාවම ෆෝන් එකක් තියෙනවා. ඒවත් නිකන් ෆෝන් නෙමේ ටච් ඉස්කිරිං එවුවා !!

ඉස්සර වගේ නෙමේ දැං නොකියා 1100 වගේ කලු ඉස්කිරිං ෆෝන් පාවිච්චි කරන කට්ටිය අඩුයි..... ඒ තරමටම තාක්ෂණෙන් දියුණු ෆෝන් හැම කෙනා අතේම තියෙනවා !

හැබැයි ඒ ජාතියේ ෆෝන් එකකට ගහන්ඩ වෙන කිසිම ෆෝන් එහෙකට බෑ.....හ්!
අදට මේ ඇති වගේ !!!! :)

41 comments:

  1. ඉස්සරහට යද්දි ඒවත් ගඩොල් බාග තත්ත්වයට පත් කරන නිෂ්පාදන ඒවි. බලන්නකෝ දැන් ගණන් අඩු වෙන එක ම භාණ්ඩ මොනවද කියලා. ෆෝන් ආශ්‍රිත දේවල් ම තමා.

    ReplyDelete
    Replies
    1. දැන් එන්නේ ටයිල් කැට වගේ ෆෝන්.. එහෙම නැත්තං සිවිලිං ශීට් වගේ ඒවා.... :)

      Delete
  2. wow...මෙන්න අපිට දැන් කෙලින්ම මෙයාට කතා කරන්ට පුලුවනිලු. :)

    ReplyDelete
    Replies
    1. මොකක් ගැන ද පොඩ්ඩි ඔයා කිව්වේ ?? :O

      Delete
  3. අහ්හ්හ් මෙහ්හ් දාලා තියෙන්නේ ත්රෙදද්ද්ද්ද්ද කමෙන්ට් සිස්ටම් එක.. ( අරක ටයිප් කරන්න බැහැ )

    ReplyDelete
    Replies
    1. Threaded comment system .........

      Delete
    2. මට නම් මේ සිස්ටම් එක තාම හිතට ඇල්ලුවේ නෑ.. :(

      Delete
  4. මධුරංගගේ කතාවට 100%ක් එකඟයි..නොකියා 1100 වලට ගහන්න තරම් ෆෝන් එකක් කොහෙද?!!

    මම නම් ඔය ෆොන් එකෙන් කරපු එකම වැදගත් වැඩේ තමයි ස්නේක් ගේම් එක ගහපු එක..අතේ තියන ගාණට හරියන්න ඔය වගේ ‍ෆෝන් එකක් ඒකාලේ වෙන තිබුනෙම නෑ..

    ReplyDelete
    Replies
    1. ඔවු මාත් ඒ ගේම ගහලා තියෙනවා. අපේ රූමා ඔය ගේමේ හත්දාස් ගානක් වෙනකන් ගහලා තිබ්බා !

      Delete
  5. ග‍ඩොල්බාග තියන උජාරුව දැං නෑ බං. හැම එකාගෙම අතේ පෝං තියනවනේ.

    ReplyDelete
  6. ඇයි දැන් ගඩොලක් හිල් කරලා එයාටෙල් සිම් එකක් දාලා ගඩොල ස්මාර්ට් ෆෝන් එකක් කර ගන්න ක්‍රමේකුත් තියෙනවානෙ. :-)
    මට නම් හිතෙන්නෙම ෆෝන් මනිස්සුන්ගෙ වැඩ පහසු කලාට වඩා මිනිස්සුන්ගෙ නිදහස සීමා කලා.

    ReplyDelete
    Replies
    1. ෆෝන් විතරක් නෙමේ කොම්පීතරෙනුත් කරන්නේ මිනිස්සුන්ගේ නිදහස සීමා කරන එක.

      Delete
  7. Replies
    1. ඒකනං දන්නේ නෑ නිරෝ !

      Delete
    2. ඒක ආවේ 1100 ට කලින්. මෙන්න මේක:
      http://en.wikipedia.org/wiki/Nokia_3310

      Delete
    3. එහෙම කියන්ඩ එපැයි පුංචි නෝනේ !

      Delete
  8. එකෙම්ම මාත් දැන් කාලෙකට කලින් ගත්තා w995 එක ඉස්මාර්ට් පෝන් එක්ක තරග කර කර තාම තියනවා

    ReplyDelete
    Replies
    1. මට නං ඉස්මාර්ට් ෆෝන් අල්ලන්නේ නෑ... තියෙන මෙව්වා එකත් මල්ලිටවත් දෙන්ඩ ඉන්නේ :(

      Delete
  9. ඉස්සරම කාලේ ෆෝන් එකක් කනේ ගහන් යන්නේ හැමෝටම පේන්න. අර ගඩොල්බාගේ මේසේ උඩින් තියලා තමයි කතා ක්රන්න එහෙම පටන් ගන්නේ. :D :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ... දැන් නම් මේං මෙතක් ඉතර හින්නිකිතර ෆෝන් හිටං තියෙනවා. :)

      Delete
  10. මගෙ ටච් ස්කිරින් එක කුඩු උනා අප්පා... දැන් ආයේ හිගන පොන් එකකට වැටිලා :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ වැඩේ... මං ගත්ත මෙව්වා එකත් කුඩේ කුඩු !

      Delete
  11. මම ඉස්සෙල්ලාම පාවිච්චි කලේ නොකියා රින්ගෝ කියලා ඇනලොග් ෆෝන් එකක්....ඒක ලෑන්ඩ් ෆෝන් නැති කාලෙ ගෙදරට ගෙනාපු එක...පානදුරේට ගිහිං අඩුවට උස්සගෙන ආවෙ....මගේ මුදලින් ඉස්සෙල්ලාම මිළදී ගත්තෙ Ericsson T 28 ෆෝන් එක...ඊට පස්සෙ සෑහෙන වටින ෆෝන් එහෙමත් පාවිච්චි කලාට T 28 ට තමයි මම තාමත් වඩාත්ම කැමති...ඒක හරිම සරලයි...

    ReplyDelete
    Replies
    1. අඩේ ඔහොම ෆෝන් එකක් ඇහුවාමයි :)

      Delete
  12. //ඉස්සර වගේ නෙමේ දැං නොකියා 1100 වගේ කලු ඉස්කිරිං ෆෝන් පාවිච්චි කරන කට්ටිය අඩුයි....//

    මං පාවිචිචි කරන්නෙ මෙයින් එකක් අප්පා... 3ජී තියෙන එකක් තිබ්බට මොකෝ ඒවා පොඩ්ඩ ඇත්නම් කැඩෙනවා.දැන් ඒකෙන් පුළුවන් මැසේජ් විතරයි.ඕන්නං වීඩියෝ කරන්න පුළුවන් හැබැයි සවුන්ඩ් රෙකෝඩ් නෑ... ඉන්ටනෙටුත් යතෑකි හැබැයි...

    මං ඔය ගඩොල් පෝං පාවිච්චි කරලා තියෙනවා අපේ මාමා කෙනෙක් ගාව තිබිලා හැබැයි 2 වසරේ විතර ඉද්දි... සෙල්ටෙල්ද මන්දා ඒකට කිව්වෙ.. එක්කො සිම් එක සෙල්ටෙල්

    මං මුලින්ම පෝං එකක් ගත්තෙ 12වසරෙදි ඒ කියන්නේ 2009 අග භාගේ රුපියල් 2000ක් බෝම අමාරුවෙන් එකතු කරලා උදේ පාන්දරක ගිහින් මුස්ලිම් කඩයක් අරිනකොටම ගිහිල්ලා පැය ගානක් උන්ට මලම ඇණයක් වෙලා ඒ පෝං එක ගත්තෙ.. මෙන්න මේක අරන් යනවා ඕයි කියලා දුන්නේ අන්තිමේ...

    ඒක නොකියා ‍flap එකක්.. දැන් නම් ඉතින් පෝං එකෙ වැඩියම කරන්නෙ කතා කරන එක නිසා 1100 තමා නියම භාණ්ඩේ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. මල් කඩනවා නං නොකියා 1100 ඇරෙන්න වෙන මොනවද ඉතින් !

      Delete
  13. අම්මප අයියේ ඉස්සර ෆෝන් එකක් ගත්තොත් වැලක් නේ බං පට්ට බයෙන් ඉන්නේ ඕක කාට හරි මාට්ටු වෙයි කියලා

    ReplyDelete
    Replies
    1. ඒකනේ... :)
      මතකද ඒ කාලේ ඩෙස්කේ යට තියාගෙන පත්තර බලපු හැටි :)

      Delete
  14. ඒක නම් ඇත්ත තමයි.. පොලවේ ගැහුවත් කැඩෙන්නේ නැති ෆෝන් එකක් අෆ්ෆ 1100 එකනම්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... සහතික ඇත්ත !

      Delete
  15. අපේ අක්කගෙ මුල්ම පඩියෙන් ගත්ත, ඇගේ ඇවෑමෙන් මා සන්තක වුන මගේ 1100 තමා අපේ ආදරේ වැඩිම කාර්යභාරයක් කරපු සපෝටර්. විස්වාස කරන්ඩ අවිස්සාවේල්ල බස් ඉස්ටෑන්ඩ් එකේදි ලංගම බස් එකක පිටිපස්ස රෝදෙකට අඩේකුත් වෙච්ච වෙලාවෙ ලාවට තැනින් තැන ස්ක්‍රීන් එකේ පෙනීම අඩු වුනා විතරයි. ටික දවසකින් අලුත් ස්ක්‍රීන් එකක් දාල ගත්ත. තමා දෙයියනේ කියල වැඩ. කෝල් කරනව ඇරුනම එලාම් එක තියන්න විතරයි ෆෝන් එක පාවිච්චි වෙන්නෙ. ඒ වගේම අර පුංචි ඈයො ඉන්න කට්ටියගේ ටච් ඉස්කිරිං වලට වෙලා තියන දේවල් දැක්කම මට නං ටච් ඉස්කිරිං ගන්න හිතෙන්නෙම නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. මගේ ආදරේ වැඩි කාර්යයක් කරපු ෆෝං එක කැඩිලා.. :(

      Delete
  16. ඔය ෆෝන් වල සයිස් එක නම් අර නිකන් සාමාන්‍ය සම්භාවිතා ප්‍රස්ථාරයක් වගේ. :D
    (1/සයිස්) එක එන්න එන්න වැඩි වෙලා දැන් ආයෙත් ඒක අඩු වෙන කාලේ....

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතිං ඉංජිනේරුවෙක් දෙන කමෙන්ට් ගැන කවර කතා ද :)

      Delete
  17. හැබෑව හැබෑව මේ හැමෝම කියන එව්වා ඇත්ත. මාත් ඔව්වෑං එක්ක අරගත්තා. දැන් කාලයක් තිස්සේ ඒකම පාවිච්චි කොරනවා. සියලු දෙවිදේවතාවුන්ගේ පිහිටාරස්සාවෙන් මේ වෙනකං නම් කිසිම අතුරු ආන්තරාවක් නැහැ.

    ReplyDelete
    Replies
    1. දෙයිහාංදුරුවන්ගේ පිහිටෙන් කිසිම අපල උපද්‍රවයක් වෙන්ඩත් එපාය කියලා පතන්නම් :)

      කෝ ඔයා ලියන්නේ නැද්ද ?

      Delete
  18. ඔන්න මමත් ආවා මධුරංගගේ පොට් එකට , මමත් පේරාදෙණියේ E- Fac .සන්තෝසයි හැඳිනගැනීමට ලැබීම. මම නම් ඒ කාලේ පාවිච්චි කලේ එරික්සන් T-10 එකක් ,මතකද අර ෆ්ලැප් එක ඇරලා කතා කරන්න තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. අඳුනගන්න ලැබීමත් සතුටක් මචං... මගේ පොට් එකට ආවා නං මාත් අනිවා ඒ පැත්තේ එනවමයි :)

      Delete
  19. එතකොට දැන් එන එව්වා...ඒවා ස්ලිම්, හැබැයි හෙන පළල්. එව්වා ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ පොටෝ ගහන්න, මැප් බලන්න, මේල් බලන්න එහෙම තමා...ආ මේ ඉඳලා හිටලා කෝල් එකක් ගන්නත් පාවිච්චි කොරනවා

    ReplyDelete
  20. අද වගෙ නෙවෙයි ඔය ගඩොල් ෆෝන් එක ඒ කාලෙ තත්වය පිළිබඳ සංකේතයක්.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.