13 October 2013

අපේ කඩුපුල්

මතක විදිහට දහයේ පංතියේ හරි එකොලහේ පංතියේ ඉන්නැද්දි විද්‍යාවට ඉගැන්නුවා අක්ක පාන වගේ පත්‍ර මගින් බෝවෙන පැලෑටි ගැන. ඒ අතරේ සර් කඩුපුල් මල් ගැනත් කිව්වා. කඩුපුල් බෝ වෙන්නෙත් පත්‍ර මගින්ය කියලත් කිව්වා.

 ඔහොම උගන්න උගන්න ඉන්නැද්දි සර්ගේ කට වැරදීමකින් කියවුනා ඉස්කෝලෙත් කඩුපුල් පැලයක් තියෙනවයි කියලා. මං ඊට පස්සේ ඉන්ටර්වල් එකේදි අපේ මල් පෝච්චි එකින් එක බැලුවා කොයි පෝච්චියේද කඩුපුල් පැලෑ තියෙන්නේ කියලා. ඔහොම බලාගෙන යනකොට කඩුපුල් පැලේ තියෙන පෝච්චිය හම්බ උනා.

මං දෙන්නං වැඩේ කියලා ඉස්කෝලේ ඇරෙන වෙලාවක් අල්ලගෙන ඕකෙන් කොළයක් කඩාගෙන ගියා. ගිහින් ගෙදර පැල කලා. මල් පැල හිටවනවා නං ඉල්ලගෙන ගිහින් හිටවනවට වඩා හොරෙන් උගුල්ලගෙන ගිහිං හිටෙව්වොත් හොඳට පැලවෙනවා. ඒක මං අත්දැකීමෙන් දන්න දෙයක් !

ඔහොම කඩාගෙන ආපු කඩුපුල් කොළය ගෙදර තිබ්බ පෝච්චියක පැල කලා. හොඳට පැලවෙලා ටික දවසකින් අළුත් දල්ලකුත් ආවා. හොඳටම පැල උනාට පස්සේ මං පොල් ලෙල්ලක හිටවලා තාප්පේ එල්ලුවා. මං හිතන විදිහට රෑ මනමාලි කියන්නෙත් කඩුපුල් මල් වලටම වෙන්ඩ ඕන !

කඩුපුල් කියන්නේ දිව්‍යලෝකයේ ඉදලා ආපු දිව්‍යාංගනාවකගේ අතින් වැටිලා පැලවෙච්ච පැලෑටියක් කියනවානෙ. ඒ කතාව හරියටම මං දන්නේ නෑ. හොයලා බලන්ඩ ඕන :)

කොහොමින් කොහොමහරි  මං හිටවපු කඩුපුල් වල මල් හිටන් ආවා. දැං බලයි ඉස්කෝලේ යන කාලේ හිටවපු ඒවෑ මල් ආවේ දැන් ද කියලා. නෑ... ඒ කාලෙම මල් ආවා.ඒ කාලේ ෆොටෝ ගහන්ඩ කැමරාවකුයි ලියලා දාන්ඩ බ්ලොග් එකකුයි තිඋනේ නෑ.


                                                            පිපුන කඩුපුල් මල


                                                                                         තව මලකුත් පිපෙන්ඩ තියෙනවා


මල් පොහොට්ටු එක දෙක එනකොට මෙදාපර කොහොමහරි මලක ෆොටෝ කෑල්ලක් ගන්නවමයි කියලා හිතාගෙන හිටියත් වැඩ ඇරිලා ගෙදර ආවට පස්සේ අමතක උනා. උදේ වැඩට යනකොට තමා කලින් දා රෑ පිපිච්ච කඩුපුල් මල දැක්කේ. ඉතින් දැක්ක හැටියෙම පින්තූර ගත්තා. ඔය ඉහලින් තියෙන්නේ ඒ මල් !


මීට කලින් මං දුටු සතුටු මල් ගැනත් කිව්වා මතකනේ !

දැං බලයි මොකට කඩුපුල් මල් ගැන ලිව්වද කියලා. මම හිටෝපු මල් පැලේ මලක් ආවම සතුටු මට නේ !

දිනමිණ පත්තරෙත් කඩුපුල් මල් ගැන  ලිපියක් තියෙනවා දැක්කා. මේ තියෙන්නේ ඒ ලිපිය.

14 comments:

  1. // මල් පැල හිටවනවා නං ඉල්ලගෙන ගිහින් හිටවනවට වඩා හොරෙන් උගුල්ලගෙන ගිහිං හිටෙව්වොත් හොඳට පැලවෙනවා. // ​මේ කතාව නම් සහතික ඇත්ත...

    ReplyDelete
  2. ඒ මල නම් දිව්‍යාංගනාවක් වගේමයි. :)

    ReplyDelete
  3. මම පිංතූර වලින් දැකල තිබුනට ඇත්තටම දැකල නැහැ

    ReplyDelete
  4. // මල් පැල හිටවනවා නං ඉල්ලගෙන ගිහින් හිටවනවට වඩා හොරෙන් උගුල්ලගෙන ගිහිං හිටෙව්වොත් හොඳට පැලවෙනවා. //

    එහෙනම් අයියගේ මල් පැලේට ෂොට් එක දෙන්න ඕන.. ;)

    ReplyDelete
  5. මටනන් මල් අත්ත හොරෙන් කඩන්න මතක් උනාට ඒක පැල කරන්න අමතක වෙනව අනේ.....උටත් නෑ මටත් නෑ...

    ReplyDelete
  6. කඩුපුල් මලුත් පැලවෙන්නේ කොළ මගින්ද ...? අක්කපාන නේද අපි අර පොත් අස්සට දාන්නේ ...? මධු අර pdf සයිට් එකේ තියෙනවනේද මහා වංශය .. අන්න ඒක සොෆ්ට් කොපියක්ද නැත්නම් ස්කෑන් කරපු එකක්ද ...? සයිස් එක කීයද ...? බුද්ධාගමට සම්බන්ධ පොත් කීපයක් මම දැක්කා.. ඒක නෙවේ හත් පණ කතාව මම පුංචි කාලේ මගේ අම්මා මට ලස්සනට හැඩ වැඩ කරලා කියලා දීලා තියෙනවා... ඒ හත්පණ කියලා මම දැනගත්තේ පෙරේදා... :)

    ReplyDelete
  7. කඩුපුල් මල් රාශියක් මගේ ඥාතියකුගේ නිවසේ විකසිත වෙච්ච අවස්ථාවක රාත්‍රී 12 ට පමණ ගිහිල්ලා ඒ අලංකාර දර්ශනය ඇති තරම් දෑසින් විදගත්තා...මේ මල් රාශියක් එකලග පිපුනාම බොහොම හොද සුවදක් දැනෙනවා...

    ReplyDelete
  8. කඩුපුල් කියන නම හැදුනේ කොහොමද දන්නෙහෙ නේද?

    ReplyDelete
  9. මෙයා එක දවසක් මල් හිටවන්න කියලා අල්ලපු වත්තෙන් උස්සන් එන්න කියපුවා ගැන අපිට මතකයිනේ..

    ReplyDelete
  10. මම නුවර ආවට පස්සෙ තමා කඩුපුල් මලක් දැක්කෙ. රෑ 1 වෙනකම් හිටියා හොඳට ම පිපිල තියනව බලන්න.

    ReplyDelete
  11. prasanna86k :
    ඒකනේ කියන්නේ... එහෙම හිටෙව්වොත් විතරයි පැලවෙන්නේ :)

    Podi Kumarihami :
    ඔයත් කඩුපුල් මලක් වගේ පොඩ්ඩි.....! :)

    කෝරලේ මහත්තයා :
    ඇත්තටම දකින්ඩ වටින මලක් !

    රවින් :
    ගොඩක් එවුන් හදන්නේ මගේ මල් පැලේට සොට් එක දෙන්ඩ තමා :)

    ReplyDelete
  12. අසනි :
    අමතක වීම ලෙඩකි... :)
    ගෑල්ලමයින්ට මල් හිටවන්ඩත් අමතක වෙනවයි කියලා අහපු පලවෙනි දවස.. බවලත්තුනේ පන ඇරලා මල් හිටවන්නේ.

    SilentSahan :
    ඔවු අක්කපාන වගේම පත්‍රවල දාරයෙන් තමා පැල හැදෙන්නේ. එතනින් මුල් ඇවිදින් කොළයක් එනවා.
    මහාවංශය තිබ්බේ නෑ..

    සිරාගෙ කාමරේ :
    අම්මෝ මල් ගොඩක් පිපෙනවා බලන්ඩ සෑහෙන කාලයක් ඉන්ඩ එපෑ ඒ වගේම ලොකු මල් ගහක් වෙන්ඩත් ඕන ඒක.. :)

    Dinuka J :
    ඒකනං දන්නේ නෑ.
    මේකා නම කඩ්ඩෙං කොටාගෙන..

    ReplyDelete
  13. Dinesh :
    ඒකනේ මල්ලිට මතකයි එහෙනං...

    දිනෙල්ක :
    හ්ම්... මල් :)

    දිලිනි :
    පාඩං කරලා ඉවර උනහම එලියට ඇවිදිං බලන්ඩ තිබ්බේ :)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.