02 July 2011

දුටු සතුටු මල් දැකලා තියෙනවද ?

දුටු සතුටු කියලා කියන්නේ කාලයකට පිපෙන ටිකක් විතර දුර්ලභ මල් ජාතියක්. මේ මල් ජාතිය පිපෙන්න වාරයක් කියලා නෑ. ඒ කියන්නේ මේ අවුරුද්දේ මල් පිපුනොත් ආයේ කොයි අවුරුද්දේ මල් පිපෙයි ද කියලා දන්නේ නෑ. 

සමහරවිට ඊලඟ අවුරුද්දේ පිපෙන්න පුලුවන් එහෙමත් නැත්නම් අවුරුදු දෙකකින් තුනකින් විතර තමා ආයෙම මල් පිපෙන්නේ. මේ මල් ජාතියට මේ නම වැටිලා තියෙන්නේ මේ මල් දැක්කම සතුටු හිතෙනවා කියන හේතුව නිසා. නමුත් අපේ අම්මට නම් මේ මල් පැළය දැක්කම දුකක් හිතෙන්නේ. ඒ කොච්චරවත් සාත්තු කලාට මල් අඩුවෙන් පිපෙන හන්දා. 

මේ මල් පැලයේ මල් පිපෙන්නේ එක පොකුරයි. ඒකේ මල් තුන හතරක් විතර තියෙනවා. වරකට පිපෙන්නේ එක මලයි තව විශේශයක් තියෙනවා. ඒක තමයි මේ මලක් ලඟට මෝල් ගස් දෙකක් දෙපැත්තෙන් ඇල්ලුවාම ඒ මෝල් ගස් දෙක එකිනෙකට ලං වෙනවා. 

මෝල් ගස් දෙක ලාවට අල්ලගෙන කෙලවරවල් දෙක මල ලඟට ලං කලාම ඉබේම ඒ කෙලවරවල් දෙක ලං වෙනවා. ඒකට හේතු වෙන්නේ ස්ථිති විද්‍යුතය කියලා තමයි සමහර අය කියන්නේ. ඒ ගැන නම් වැඩිය දන්නේ නෑ. පහලින් තියෙන්නේ අපේ ගෙදර මල් ගහේ පිපිච්ච දුටු සතුටු මල් වල පින්තූර. පින්තූර ගත්තේ එච්චර හොද කැමරාවකින් නෙමේ හින්දා ෆෝටෝ එච්චර කොලිටි නෑ.

62 comments:

  1. මම මේ මලේ නම අහලා තිබුනාට මලක් දැක්කෙ අදමයි.. මේ මල ටිකක් විතර මැයි මල වගෙයිද? photo එකේ හැටියට නම් ඒ වගෙයි පේන්නෙ. බොහොම ස්තූතියි මේ වගේ දුර්ලභ දෙයක් අපිටත් පෙන්නන්න ගත්ත උත්සාහයට.

    ReplyDelete
  2. අඩේ නියම මල් ජාතියක්නෙ මලයා .....
    මටත් පැලයක් එවනවද .......

    ReplyDelete
  3. අඩේ මම නම් ඔය මල දැකල නෑ. ඒත් මම නම් නම අහල තියෙන්නෙ දුටු සපුටු කියල.

    ReplyDelete
  4. ලස්සනයි නේ. මමත් අදයි දැක්කේ. ස්තුතියි ඔයාට . පිංතූර නරකමත් නෑ ටිකක් ලෝකු කරල බලන්න තිබුන නම් හොදා......

    ReplyDelete
  5. ඔහොම මලක් ගැන ඇහුවමයි..මටනම් මල දැක්කම ඇතිවෙන්නේ පොඩි බියජනක හැගීමක්.

    -මොතා

    ReplyDelete
  6. මම මේ මල දැකලා තිබුනෙම නෑ අඩුම ගානේ ෆොටෝ එකකින්වත් ස්තුතියි අපිත් එක්ක මේ දේ බෙදා ගත්තට

    ReplyDelete
  7. මම නම දැනන් හිටියෙ නෑ.ඒත් ඔයවගේ ගහක් අපේ ගෙදරත් තිබ්බා.මලුත් පිපුනා.දැන් ඒක මැරිලා ගිහින්.

    ReplyDelete
  8. මම ඔය මල් ගැන අහල තිබුනට.... දැකලා තිබුනේ නම් නෑ.
    හරිම ලස්සන මලක් නේ...මල්ලී.
    ඒ වගේම..මලට ගැලපෙනම ..නමක් තමයි තියෙන්නේ.

    ස්තුතියි...මල්ලී...මේ හැම විස්තරයක්ම අපිත් එක්ක ‍බෙදා ගත්තට.

    ReplyDelete
  9. ඒ මෝල් ගහේ පොඩි නයෙක් වත් හිටියද? හික්. . හික්. .

    කොහොමහරි මේ මල දැක්කෙ අද තමයි ඕන් . . . තැන්කූ

    ReplyDelete
  10. දුටු සතුටු මල් කියන්නේ මේවටද? මං නම නම් දැනගත්තේ අද. ඒ වුනාට මේවා මීට කලින් දැකලා තියෙනව. හැබැයි ඔය කියනතරම්ම මල් පිපෙන එක දුර්ලභම නෑ.

    අපේ චුටි සීයලගෙ (ඒ කියන්නේ තාත්තගෙ පොඩි බාප්පලගෙ) මිදුලෙ කෙරවලක ඕව ගොඩාක් තියෙයි. සාමාන්‍යයෙන් ඒවයෙ මලක් දෙකක් තියනව මං ගොඩක් වෙලාවට දකිනව

    ReplyDelete
  11. ඔන්න හම්බ උන දවසක තිබුනොත් අපි මටත් පැලයක් දෙන්නකෝ....

    ReplyDelete
  12. මම නම් ඔහොම මල් ජාතියක් ගැන ඇහුවමයි. ඒකත් මරු නේද. Yesterday Today Tomorrow මල් දැකලා තියෙනවද. ඊයෙ එක පාටක්. අද තව පාටක්. හෙට වෙනම පාටක්.

    ReplyDelete
  13. මල් කෝකත් ස්වභාව ධර්මයෙන්ම හැඩ ගැහෙන්නේ සමනලයන්, මීමැස්සන් වශීකරගෙන පරාගනය කරගන්න තමයි!

    ReplyDelete
  14. hondai....... mokada mamath ahala tibunata dakala tibune na. itin nodakapu deyak pennapu oyata godak stuti.......

    ReplyDelete
  15. අඩේ, මම මෙහෙම මලක් දැක්කමයි.. මාර මලක් නෙව මේක.. අව්රුද්දක් යනකල් මල පිපුනේ නැත්නම් මට මල පැනල පලේ උගුල්ලලා දන්නවා.. ලොල්ය..

    ReplyDelete
  16. අර මෝල් ගස් ලං වෙනවා කිව්ව දේ නං අදමයි ඇහුවේ... ඇත්තටම කොහොමද ඒ වගේ වැඩක් වෙන්නෙ... තව ටිකක් විස්තර හොයල බලන්න ඕන.. botany කරන අය දන්නවද දන්නෙ නෑ මේ ගැන..

    ReplyDelete
  17. දැක සතුටු...

    ReplyDelete
  18. හලේ මෙව්වා අපේ ගෙදරත් තියෙනවා................

    ReplyDelete
    Replies
    1. mata pelayak ganna puluwanda. aluatha hadana gewalwalata mewa shubailu.

      Delete
  19. අඩේ!!! මම මේ දැක්කමයි. පින්තුරෙ තව පොඩ්ඩක් ලොකු වුණානම් මරු!

    ReplyDelete
  20. මල නම් එල....ඒක නෙවෙයි..ඔය මෝල්ගස් සීන් එක ඔයා කරලා බැලුවද??

    ReplyDelete
  21. මම නම් මල ගැන එච්චරම විස්තරයක් දන්නෑ. ඒත් මේ බෝඩිමේ ඉන්න මාතර ඩයල් එකේකුත් කිව්වා "දුටු සතුටා" බෙහෙත් ගහක් කියලා...

    ReplyDelete
  22. mewa dutusatutu newei. this is not dutusatutu flower tree. you are completely misunderstand with this flower.

    ReplyDelete
  23. අහා අපේ ගෙදරත් තියනවා.අම්මපා තිබ්බට නම දැන ගත්තේ අද නේ..කතාව නම් සහතික ඇත්ත...

    ReplyDelete
  24. මෝල් ගස් සීන් එක කරලා බැළුවද අයියේ . මල නැතුව ඔය වැඩේ කරලා බලන්න . සමහර විට ඒත් ලං වෙනවා ඇති ඊටපස්සේ මෝල් ගස් නැතුව වං ගෙඩි දෙකක් එකට ලං කරලා බලන්න .

    ලස්සන මලක් ඒත් මේක අපේ වත්තේ තියනවා . වැට දිගටම තියනවා ඒත් මල් තියෙන්නේ ගස් 5 ක විතර තමයි ..

    ReplyDelete
  25. හරිම ලස්සනයි අයියා....මෙව්ව දැකලා තිබ්බට හඳුන්වන නම මේක කියලා දන්නේ නෑ...ඕකිඩ් විශේෂයක් නේද?....

    අර මොල් ගස් වැඩේ කරලා බලන්නකෝ...නිකම් ඉන්න එකේ මේ දවස්වල....

    ReplyDelete
  26. අඩේ මම මෙහෙම දෙයක් දැනං හිටියේ නෑ නේ අවුලක් නෑ අද දැනගත්තානේ...

    ReplyDelete
  27. නම අහලා තිබුනට මල දැක්කේ අදමයි..ඇත්තටම ඒ මල් දැක්කම සතුටු හිතෙනවා...

    ReplyDelete
  28. මම දැක්කෙත් අද . ඇහුවෙත් අද . සතුටුයි මේ වගේ දේවල් බෙදාගන්න එකට හැමෝම එක්ක . . . :)

    ReplyDelete
  29. මල නොතලා මල් පැණි බොන බඹරෙකු විලසින්!

    ReplyDelete
  30. මමත් අසා ඇත. දුටුවේ අදයි...

    ReplyDelete
  31. adamai mama dakke..ahuwet adamai..eka mara lassanayine..:D

    ReplyDelete
  32. @හංසි :
    මේ වගේ දුර්ලභ දෙයක් දැක්කම මටත් මේක බ්ලොග් එකේ දාන්න හිතුනා.

    @පන්සල් හංදිය :
    මල් පැලයක් දෙන්න නම් පුලුවන්. ඒත් කොහොමද එවන්නේ ?

    @Kasun :
    අනේ මන්දා බං. එක එක එවුන් එක එක නම් කියනවා ඇති.

    @hasithahands :
    පින්තූර ලොකුවට දැම්මම කොලිටියක් නෑ.

    ReplyDelete
  33. @මොතා :
    මොකෝ මල් දැක්කම බය ? තණමල්විල පැත්තෙවත් යනවද ?

    @All in one :
    මේ පැත්තේ ආවට ගොඩක් තුති. ආයෙත් එන්න කියලා කියනවා.

    @නදී :
    අපරාදේ. අපේ නම් ගස් දෙක තුනක් තියෙනවා

    @- නිල් අහස - :
    මලේ නම නම් හොඳා. ඒත් මල් එන්නේ හරි අඩුවෙන් නේ.

    ReplyDelete
  34. @charitha :
    මෝල් ගස්වල කොහෙන්ද නයි ? කතාව සිරා. මම ඇත්තමයි කියන්නේ

    @dilmadushan :
    නෑ නෑ. එක පැලයක මල් පිපුනට ඒ පැලයේ ආයෙම මල් පිපෙන්නේ ගොඩක් අඩුවෙන්.

    @දේවා ගේ අඩවිය :
    ගම්පහ කිට්ටුවේ ඉන්නවනම් අනිවාර්යෙන්ම දෙනවා.

    @පිණිබිඳු... :
    අක්කා කියන මල් ජාතිය නම් දැකලා නෑ අක්කේ. තියෙනවනම් මටත් පැළයක් ගෙනත් දෙන්න පුලුවන්ද ?

    ReplyDelete
  35. @කතන්දර Kathandara :
    ඔව් අයියා ඒක තමයි. :)

    @Anonymous :
    නොදන්න දෙයක් කියලා දෙන්න ලැබුන එකටත් සතුටුයි.

    @ADK කොලුවා :
    එහෙම නම් ඉතින් මේ මල් හිටවන්න බෑ. කාලයක් බලන් ඉන්න වෙනවා.

    @ගයන්ත :
    බොටනි කරන අය අනිවාර්යෙන්ම මේක ගැන දන්නවා ඇති. අහලා ඒකට හේතුව පුලුවන් නම් මෙතන කමෙන්ට් කරන්න.

    ReplyDelete
  36. @prasanna86k :
    ස්තුතියි අයියා.

    @හසී :
    ඒකනේ. එහෙනම් ඔන්න ඔය පන්සල් හංදිය අයියටත් පැළයක් දෙන්න. :)

    @ඔජායෙ.... :
    බලාගෙන ගියාම ගොඩක් කට්ටිය දැකලා නෑනේ.

    @..ChAnDiKa.. :
    පින්තූර ලොකු කරන්න බෑ. එච්චර කොලිටි ෆොටෝ නෙමේ මේවා.

    ReplyDelete
  37. @මකුළු පැංචි :
    ඔව් මම කරලා බැලුවා. වැඩේ කිව්වත් වගේ හරි යනවා.

    @චාම් :
    ඩයල් ඉන්න බෝඩිමක් නේ. :) බෙහෙතට ගන්නවා කියලා නම් මම දන්නේ නෑ. :(

    @Anonymous :
    උබ කෝමද එහෙම කියන්නේ !!!!

    @චතුමිතු :
    මෙච්චර කල් තිබිලා නම අදද බොල දැන ගත්තේ !!! :)

    ReplyDelete
  38. @හිස් අහස :
    අපේ ගෙදර වංගෙඩි දෙකක් නෑ. ඔන්න මෝල් ගස් දෙකක් නම් තියෙනවා. පිටි කොටන්න ගන්න මෝල්ගස් දෙක.

    @මකුළුවා..... :
    කිව්වත් වගේ මාත් කරලා බැලුවා. ඕකිඩි විෂේශයක් ද කියලා නම් දන්නේ නෑ.

    @කිඩෝ :
    ඒකනේ අද හරි දැන ගත්තා නේ !!!

    @Dinesh :
    ඒකනේ දුටු සතුටු කියලා කියන්නේ. :)

    ReplyDelete
  39. @සුශාන් ප්‍රියනාත් රත්නායක :
    මේ පැත්තේ ආවට ගොඩක් ස්තුතියි. මමත් ටික දවසක් පන්හිඳ පැත්තේ ගියා.

    @විසිතුරු :
    මලින් මලේ රොන් ගත්තට වන බඹරුන් නොවේ. :)

    @ගොඩයා :
    අද හරි දැක්කා නම් එආ සතුටකි. :)

    @දිලීප :
    ලස්සන උනාට පිපෙන්නේ අඩුවෙන් නේ !!! :(

    ReplyDelete
  40. මට පැලයක් ඉල්ල ගන්න බැරි වෙයිද? :D

    ReplyDelete
  41. අපොයි අදමයි ඇහුවෙත්...

    මෝල් ගස් නැතුව වෙන මොනවත් ලංකරලා බැලුවේ නැද්ද?...:)

    ReplyDelete
  42. බොහොම ස්තූත්යි අද තමා මල දැක්කේ... අහල තිබුනාට

    ReplyDelete
  43. ගස දැකල තිබුනට මල් දැක්ක මතකයක් නම් නැහැ.. ඒ හින්ද මේ බොහොම දුර්ලබ අවස්ථාව දුන්නට ඉස්තුතුයි. මේ ඔය දෙන්න දෙපැත්තට වෙලා ඉන්න මෝල් ගස් වගේ දෙමාල්ලන් එකතු කරන්න පුලුවන්ද ඔය මලක් මැද්දෙන් තිබ්බොත් ?

    ReplyDelete
  44. @සීතල අයියා :
    පුලුවන්. ගෙනත් දෙන්නම්. ගම්පහ කිව්වුව ඉන්නවනම් ලේසියි.

    @Podi Kumarihami :
    මෝල්ගස් විතරක්ම නෙමෙයි. ලී කෑලි දෙකක් ලං කරලා බැලුවත් මේකම වෙනවා.

    @Gimhani :
    ඔයාලා දැකපු නැති දෙයක් ගැන දැනුවත් කරන්න ලැබුන එකට සතුටු වෙනවා.

    @සරත් ලංකාප්‍රිය :
    පොඩි අත්හදා බැලීමක් කරලම බලමු. මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
  45. මේ මල් අපේ ගෙදර තියනවා, හැබැයි මල් පිපෙන්නේ නම් කලාතුරකින් තමා..

    ප.ලි. මම නම දැනගත්තේ අද

    ReplyDelete
  46. අදයි දැක්කේ...
    මම ප්‍රශ්නයක් අහන්නම්....පුලුවන්නම් කියන්න බලන්න අවුරුදු 40කට පාරක් මලක් පිපෙන... ඒ මල තත්.5ක් විතරක් පිපිලා තියෙන මල් ගහ තියෙන්නෙ කාගෙ ගෙදරද?

    ReplyDelete
  47. @හරී :
    කොහෙද මෙච්චර කල් ගිහින් හිටියේ ?
    ඒ වගේ මල් ජාතියක් නම් මම දැකලා නෑ. ඇත්තටම කාගේ ගෙදරද එහෙම ජාතියක් තියෙන්නේ ?

    ReplyDelete
  48. ඒ මල් ලස්සනයි.එත් මේ මලේ තියෙන්නේ ගුප්ත භයන්කාර පෙනුමක්..

    ReplyDelete
  49. අන්න ඒක තමයි පුරස්නෙ. :-\ එන දවසක දෙන්නම්කො call එකක්.. :D

    ReplyDelete
  50. @ මධුරංග :මගෙ ඇහැක් රිදෙන්න ගත්තා ඉතින් මෙලෝ වැඩක් කරන්න උනේ නෑ....

    විල්සන් මාමලාගෙ ගෙදර තමයි ඔය මල් ජාතිය තියෙන්නෙ.........

    ReplyDelete
  51. @මොතා :
    මොකද්ද බොලේ මේ මලේ තියෙන ගුප්ත බව ? :)

    @සීතල අයියා :
    අනිවා කෝල් කරන්න. :)

    @හරී :
    ඉතින් ඒ ඇහැට මොනවත් කලේ නැද්ද. දැන් ඒක අඩුයි ද ?

    ආහ් දගයාගේ විල්සන් මාමා වෙන්ටෑ. :)

    ReplyDelete
  52. @deeps :
    ඒකනේ දැනගෙනත් මලේ නම දන්නේ නෑනේ. :)

    ReplyDelete
  53. අනේ.... මම අද තමා මේ මල ගැන දැනගත්තෙ.... දැකලවත් තිබ්බෙ නෑ.....හලිම ශෝයි....

    ReplyDelete
  54. @හිතුවක්කාරි :
    ඒකනේ ගොඩක් දෙනෙක් මේක දැකලා නෑ.

    ReplyDelete
  55. ඒ මෝල් ගස් කතාව නම් ඇත්ත. මට නම් හැබැයි මෝල් ගස් දෙකක් හොයාගන්න බැරිඋන නිසා නිකම් දර පොලු දෙකකින් කලේ. කොහොමහරි මල දෙපැත්තෙන් ඇල්ලුවාම ඒ දෙක ලංවෙනවා. හේතුව නම් හරියටම දන්නෙ නෑ හැබැයි...

    ReplyDelete
  56. ඔන්න බලන්නකෝ වැඩේ......... මේ මල් ගස් අපේ ගෙදර තියෙනවා. දුටු සතුටු කියලා අපි හිතං හිටියේ වෙන ජාතියක්. ඇත්තටම මේ දුටු සතුටුද?

    ReplyDelete
  57. ඔය මල් වලින් පැල ආවා නේද මල්ලි.

    ReplyDelete
  58. meke scientific nama dannawada kawuru hari ?

    ReplyDelete
  59. පැල තියනවා රු 500 යි

    ReplyDelete
    Replies
    1. දුටුසතුට පැල තියෙනවද

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.