23 October 2013

ඩෙංගු සතියේ උදලු ගෑවීම

අද ටිකක් වේලපහ වැඩ ඉවර වෙච්ච දවසක්. හවස තේ එකත් හදාගෙන එනකොට ඉස්කෝලේ කාලේ පොඩි සිද්ධියක් මතක් උනා.

දවසක් ඉස්කෝලේ ඩෙංගු මර්ධන සතියක අපිට ( අපි කිව්වේ 11A පංතියට ) භාර උනා පාර අයිනේ තණකොල සුද්ද කරලා දාන්න. ඉතින් අපි උදලුත් අරන් වැඩෙට යන්න පිටත් උනා. ඒ යන ගමන් අපේ කොල්ලෙක් කිව්වා '' ඔන්න බලපන් මං ජයා සර් ට කියලා මේ ඔක්කොම තණකොල ටික උදලු ගාව ගන්නවා '' කියලා.

ජයා කියන්නේ අපේ ඉස්කෝලෙට අලුතින් ආපු සෞඛ්‍යය සර්. මනුස්සයාට ඔය විශය ගැන කිසිම දැනීමක් නෑ. ඒ සර් ට ගුරු පත්වීම ලැබිලා තියෙන්නේ මොකද්ද මංදා ධාවන තරගයකින් සමස්ත ලංකා ගිය නිසා. ඉස්සර සමස්ත ලංකා  තරඟ වලට ගිය කට්ටියට ගුරු පත්වීම් දෙන සිරිතක් තිබුනා. එහෙම ආපු සර් කෙනෙක් !
ඒ වගේම තමා කලාප තරඟ වලදි සුදුසුකම් තිබ්බ සිංහල ළමයින්ව කපලා එතනට කොහොමහරි හම්බයෙක්ව රිංගව ගත්ත ජාතියේ අලුගුත්තේරු වැඩත් කරපු සර් කෙනෙක් !

 ඔන්න ජයා සර් ගැන හොද නිර්වචනයක් ලැබුනනේ. දැන් කතාවට එමුකෝ.

අපි කිව්වා  "උබ කෝමද එහෙම කරන්නේ ඔට්ටුයි බෑ ?? "  කියලා. මිනිහත් ෆුල් ගට්ස් අරං වැඩේට බැස්සා. වැඩේ කිව්වේ උදලු ගාන එක නෙමෙයි සර්ව කඩේ යවන එක.

දැන් අපේ එකා උදැල්ලක් අරං ඕනෑවට එපාවට බොරලු පොලවට උදැල්ලෙන් ගගහා ඉන්නවා.

සර්රුත් මේක දැක්කා. දැකලා  " පුතා ඔය උදැල්ල පොඩ්ඩක් මෙහාට දෙන්න. ඔහොම නෙමෙයි උදලු ගාන්නේ. මෙන්න මෙහෙමයි. ඔන්න බලා ගන්න. අපි තරුණ කාලේ ඔයිට වඩා කැත්තේ උදැල්ලේ වැඩ කලා. කොල්ලෙක් උනහම ඔයිට වඩා පනෑතුව වැඩ කරන්ඩ ඕන. " කියලා සර් අරූගෙන් උදැල්ල ඉල්ලං උදලු ගානවා.

උදලු ගාන ගමන් "පේනවා නේ ? මෙහෙමයි උදලු ගාන්නේ ?" කියලා පොර ටෝකුත් දෙනවා. සර් ටික වෙලාවක් උදලු ගාලා  අරූගෙන් අහනවා කොල්ලගෙන් අහනවා "පුතා දැන් දන්නවනේ උදලු ගාන හැටි..." කියලා.

මූත් ගත් කටටම කියපි  "අනේ සර් මං දැක්කේ නෑ... " කියලා.

සර් ආයෙත් උදැල්ල අරන්  "ඔන්න එහෙනම් හොදට බලාගන්න.." කියලා උදලු ගානවලු.

දැන් සර් ආයෙත් ඇහුවලු " දැන් දන්නවෑ උදලු ගාන හැටි " කියලා.

මූ ආයෙත්  " දැක්කේ නෑ " කියපි. සර්ට දැන් යස්සයා ආරූඩ වෙලා වගේ ආයෙමත් උදැල්ල ගත්තා.

දැන් හයියෙන් හයියෙන් පොලවට උදැල්ලෙන් ගහන ගමන් '' දැන් දන්නවා නේ උදලු ගාන හැටි '' කියලා ඇහුවා.

අරූ ආයෙමත් "නැහ්ඃ" කියන්න හදනකොටම '' උබට උදලු ගාන හැටි කියලා දෙනකොට මං මේ ඔක්කොම උදලු ගාලා තියෙයි ! හරකා ! '' කියලා උදැල්ලත් කැලේට විසික්කා කරලා ආයෙමත් පංති කාමරයට ගියා. ඊට පස්සේ උදලු ගාන විදිහ කියලා දෙන්න ආවේ නෑ.

22 comments:

  1. එහෙනන් මෙයාලාත් අන්ඩ වැඩ කරලා. හිකිස්

    ReplyDelete
  2. හොඳට ගුරුවරුන්ට ගරු කරලා තියෙනවා... :P

    ReplyDelete
  3. ඉතිං ඒ ලමයි කවදාවත් ඉගෙන ගන් නැතුව ඇති හරියට උදලු ගාන සැටි..

    ReplyDelete
  4. කොහොම හරි යාළුවා ඔට්ටුව දින්නනෙ.. ඔය කියපු විදියට පත්වීම අරන් මෙලෝ හසරක් නොදැන සෞඛ්‍යය ඉගැන්නුව නං මේ සිද්ධියට වඩා හොද හොද කතා ඇතිනෙ සර් ගැන ලියන්න. අපිට කියවන්න සර්ගෙ ඒ වගේ කතා කීපෙකුත් ලියන්න මධුරංග.

    ReplyDelete
  5. මේ සිද්ධිය උඹ කලින් ලිව්වද? කියෝලා තියෙනවා වගේ

    ReplyDelete
  6. සමස්ත කියලා ලියහං මචෝ...සමස්ථ වැරදියි....

    ගුරුතුමා අරූගෙ කන්කෙටියෙන් අල්ලලා දෙකක් දුන්නා නම් ෂුවර් එකටම ඒකා අක්කරයක් උනත් උදලු ගායි....

    ReplyDelete
  7. සිහින මදාරා :
    ඒකනේ කියන්නේ චූටි නොනේ... :)

    prasanna86k :
    අපි එහෙමයි !

    amila chathuranga :
    කවදාවත් ඉගෙන ගත්තේ නෑ උන් !

    ReplyDelete
  8. සිඟිති :
    තව කතාවක් මතක් උනා.. ඉදිරියේදි ලියන්නම් :)

    හරී :
    මගේ අනිත් බ්ලොග් එකේ තිබ්බ කතාවක් මේක.. ඒකෙන් කියෙව්වද මන්දා :)

    සිරාගෙ කාමරේ :
    ඉන්ඩ මං වැරැද්ද හදන්නං ! :)
    වැරදි පෙන්නලා දීම දේව ගතියක් වැරදි හැදීම මනුස්ස ගතියක්.. වැරදුනාද මන්දා. :O

    ReplyDelete
  9. මධු මේකේ ටෙම්ප්ලේට් එක වෙනස් කරලා , ත්රෙඩඩ් කමෙන්ට්ස් දාන්න..නැත්නම් ඔබටමයි අපශෞ ..

    ReplyDelete
  10. " දැන් දන්නවෑ උදලු ගාන හැටි " :D :D
    දැන් මේ ලමයි දන්නවද උදලු ගාන්න.. හරිම හොද කීකරු ගෝලයෝ ටිකක්

    ReplyDelete
  11. ඔය වගේම වැඩක් මමත් කලානේ අෆ්ෆා.. මට මේ දැන් එක ඔළුවට ආවේ..

    ReplyDelete
  12. ඩෙංගු සතියට ඔයාලා කලේ උදලු ගාන එකද? හී හී...

    ReplyDelete
  13. මහ ඇට්ටර ළමයි ටිකක්!

    ReplyDelete
  14. සයුරි :
    නැතුව නැතුව... :)

    SilentSahan :
    මේක සරල ටෙම්ප්ලේට් එකක් නිසයි පාවිච්චි කලේ. බයිට් නාස්ති නොකර ඉක්මනින්ම ලෝඩ් වෙනවා. මේක ඒ දවස්වල ඉදන් පාවිච්චි කරපු එකනේ. ඒ කාලේ ත්‍රෙඩ් කමෙන්ට් තිඋනේ නෑ... :(

    පුංචි කුමාරිහාමි :
    දන්නවා දන්නවා පුංචි නෝනේ ! :)

    ReplyDelete
  15. Dinesh :
    එහෙනං ඒකත් ලියන්ඩ පූස්පාර්ට් යාලුවෝ කියලා. :)

    Podi Kumarihami :
    ඕ... එක එක්කෙනාට වැඩ බෙදලා තිබ්බේ එකොලහා ඒ පංතියට තිබ්බේ පාර අයින උදලු ගාන්ඩ :)

    දිලිනි :
    ඇට්ටර ළමයි ටිකක් නේන්නම්

    ReplyDelete
  16. මේකත් අර කෝරලේ මහත්තය ගස් යැව්ව වැඩේ වගේ. උදැල්ල දාන්න දන්නවද?

    ReplyDelete
  17. රාජ් :
    මොකද්ද ඒ කතාව ? මං දන්නේ නෑ නෙ :O

    ReplyDelete
  18. අපොයි සර්. ඇත්තටම ගොඩක් කේන්ති යන පොරක් නම් මධූගෙ යහළුවා අනිවා උදළු පා‍ර කනවා. ආයෙ දෙකක් නෑ.

    ReplyDelete
  19. සයිලන්ට් සහන් කිව්ව දේ ගැන අවධානය යොමු කරහං..ඒ කාලෙ ඉදන් පාවිච්චි කලා කියලා හිත හදාගෙන හිටියා නං කවදාවත් ලෝකෙ අලුත් දේ ඇති වෙන්නෙ නෑනෙ...දැන් බලහං කමෙන්ට් 20 විතර වැදුනට පස්සෙ උඹට උත්තර දෙන්න වෙන්නෙ ප්‍රශ්නෙට සෑහෙන ඈතින්...ප්‍රශ්නෙට යටින් පිළිතුර දෙන්න පුලුවන් නම් එක කියවන අපට වගේම පිළිතුරු දෙන බොටත් සෑහෙන පහසුවක්...බ්ලොගර් ටේම්ප්ලේට් එකකට මාරු වෙයං...ග්‍රැෆික් වැඩ මම කරලා දෙන්නම්...

    ReplyDelete
  20. හුටා හවස කොමෙන්ටුවක් කෙටුවට පබ්ලිෂ් කරලා නැහැනේ මම වගේ එකෙක්...................


    අපෙත් හිටිය ඔයවගේ එකෙක් උදයා කියල ඌ තමයි නුවර එළියේදී දෙමල කෙල්ලෙක්ගෙන් ගුඩ් මෝර්නින් කියල ගුටි කෑවේ

    ReplyDelete
  21. Chathuranga Priyashad :
    අනිවාර්යෙන්ම... පැණි හැලෙන්ඩ කනවා එහෙනං !

    සිරාගෙ කාමරේ :
    මේක සෑහෙන සරල කරපු බ්ලොගර් ටෙම්ප්ලේට් එකක්. ඒ නිසාද මන්දා රිප්ලයි එක වැටිලා නෑ... හිටින් අද හෙටම ඒ ටිකත් ඇඩ් කොරලා දාන්නම්.... මඩ පොඩි කෝඩ් කෑල්ලක් හම්බ උනා ඒ ටික දැම්මහම දෝශ නිවාරණයි !!! :)

    කෝරලේ මහත්තයා :
    පබ්ලිශ් කලා නං ඕන එකක් මෙහේ වැටෙනවා... කිසිම වාරණයක් නෑ !!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.