01 January 2014

සුබ නව වසරක් වේවා !

අළුත් අවුරුද්දේ පළවෙනිම දවස ගෙදර අයත්තෙක්ක සමරන්න කියලද කොහෙද අද අපට නිවාඩුවක් දීලා තියෙන්නේ. නිවාඩු දවසේ කරන්න තිබ්බ වැඩ වලට කලින්ම මම බ්ලොග් එක පැත්තේ ආවේ මාත්තෙක්ක අවුරුද්දක් රැදී හිටපු බ්ලොග් යාළුවන්ට සුබ පතන්ඩ.

අළුත් අවුරුද්දේ මට ඉස්ස ඉස්සෙල්ලම ආපු සුබ පැතුම් මැසේජ් එකෙන්ම සුබ පතන්නම්. මේ සුබ පැතුම ලැබුනේ මගේ ඊ මේල් මිතුරිය ගෙන්.

මෙන්න මේකයි සුබ පැතුම,

නව වසරට ලැහැස්තියයි
සැමගේ පැතුම් දෝරේ ගලයි
මංගල්ලෙට යාර දෙකයි
සංසාරෙට රේල්ලුවයි

හිතුවොත් මැදකට නැවතී
යායුතු මාවත මැනවින්
කරමින් යුතුකම් යහමින්
පැනගමු මේ බව කතරින් !

-මුතුහරිනි සමරවීර-
 මේ අවුරුද්දේ මගේ හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව තමා මගේම කියලා වාහනේකට ගොඩ වෙන එක. ඒක ඉටු කරගන්න තමා මේ අවුරුද්දේ මහන්සි වෙන්නේ..

එහෙනං,

බ්ලොග් ලියන කියවන සියළුම දෙනාට සතුටින් පිරුණු වාසනාවන්ත සුබ නව වසරක් වේවා !
--------------------------------------------------------
ප.ලි.- හරි වචනේ 'සුභ' ද 'සුබ' ද ? සුබ නව වසරක් ද ? සුභ නව වසරක් ද ? :)

22 comments:

  1. සවිමත් වෙමින් දිවි තුරු බඳ අත් පසුර
    කිරි කළ ඉතිර සුබ වේවා නව වසර

    ReplyDelete
  2. ඔබේම කියා වාහනේක රූං කියා යන්න ලැබේවා!

    ReplyDelete
  3. ඔබේම වාහනේ ඉක්මනට ගන්ට ලබේවා. අපිත් ආපු වෙලාවක, ඒකේ නැගලා, රූං ගාලා යන්ට බැරියැ...:D

    සුබම සුබ නව වසරක් මධූ!!!

    ReplyDelete
  4. හරි එක කෝක වෙතත් සුභ/බ නව වසරක් වේවා!

    ReplyDelete
  5. පැතුම ඉටු වේවා..
    සුභ නව වසරක් වේවා

    ReplyDelete
  6. සුබ නව වසරක් මල්ලී.. ස්තුතියි වසර පුරාම සහෝදරත්වයෙන් ළගින් උන්නාට...

    ReplyDelete
  7. වාහනයක් ගන්න ලැබෙන අනිත් හැම බලාපොරොත්තුවක්මත් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  8. දෙවියනේ කියලා හිතේ තියන බලාපොරොත්තු ඉටුවෙන්න ඕනේ

    ReplyDelete
  9. සුභම සුභ 2014ක් වෙන්ඩ ඕනේ... හිතේ තියෙන හොද පැතුම් ඔක්කම ඉටු වෙන අවුරුද්දක් වේවා මධු අයියාටයි පවුලේ හැමොටමයි !!!!

    ReplyDelete
  10. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
  11. නව වසරේ ඔබේ පැතුම ඉටුවේවා,සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  12. ඔයාතත් සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
  13. සුභම සුභ නව වසරක් වේවා..

    ReplyDelete
  14. වාහනේට ගොඩ වෙන්ට ලැබේවා එහෙනං...ගොඩවෙලා මතක ඇතුව සීට් බෙල්ට් දා ගනින් නැත්තං පොලෝසියෙන් ලියනවා...

    ReplyDelete
  15. ඔබටත් සුබම සුබ නව වසරක් වේවා... රසබර හරබර දේවල් තවතව ලියැවේවා....

    ReplyDelete
  16. සුභ නව වසරක් වේවා මධුරංග අයියේ..

    ReplyDelete
  17. එහෙනං ඔන්න අයියගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න කියලා මාත් සුභ පතනවා...
    ජය වේවා...!!!

    ReplyDelete
  18. සුභ නව වසරකට ආස්‍රි පතමී!! :)

    ReplyDelete
  19. සුභ නව වසරක් වේවා! ඉක්මණට වාහන පොජ්ජ ගන්න ලැබේවා!! ඊට පස්සෙ ඔය වාහන පොජ්ජට ඉස්ඉස්සෙල්ලම නග්ගගන්න බලං ඉන්න කෙනාවත් ඕකෙ දාගෙන යන්න බලන් ඉන්න ගමන යන්න ඉක්මණටම හැකි වේවා!!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.