27 April 2025

වතුර ප්‍රශ්නයක්

 කලින් ලිපියෙන් මම කිව්වා නෙහ් ජොබ් එහෙක ඉන්ටර්විවු එකකින් මම අසමත් උනයි කියලා. අන්න ඒ ජොබ් ඉන්ටර්විවු එකෙන් අහපු බුද්ධි පරීෂණ ප්‍රශ්නය තමයි මේ ලිපියෙන් ලියන්ඩ හිතුවේ. සමහරු නම් මේක අහලත් ඇති. අහලා නැති අය පොඩි උත්සහයක් දීලා මේක විසදගන්ඩ බලමු.

මෙන්න මේකයි ප්‍රශ්ණය !

26 April 2025

ජොබ් ඉන්ටර්විවු

 මේ දවස්වල මගේ රස්සාවේ පොඩි පොඩි අවුල් වගයක් ඇවිත් තියෙන නිසා ආයෙම අළුත් තැනකට මාරු වෙන්ඩ වෙලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් මගේ CV එක එහේ මෙහේ දාලා ඉන්ටර්විවු එකක් සෙට් කරගන්න දගලන්ඩ වෙලා තියෙනවා.

දැන් නම් ඉස්සර වගේ රස්සාවක් හොයාගන්ඩ ලේසි නෑ. කොටින්ම තොරතුරු තාක්ෂණය කියන අංශයෙන් රස්සාවක් හොයන එක හරිම අමාරු වෙලා තියෙන කාළයක් මේක. 

ඒකට ලොකුම හේතුව තමයි අළුත් අළුත් දේවල් ඇවිත් තාක්ෂණික අංශය සෑහෙන ඉක්මනින් යාවත්කාලීන වෙනවා. කොටින්ම කෘතිම බුද්ධියයි චැට් ජීපීටී වගේ ඒවා නිසා ඉන්ටර්විවු වලින් අහන ගොඩක් ප්‍රශ්න සෑහෙන අමාරුයි.

ඒ විතරක් නෙමේ.

21 April 2025

අදට වසර හයයි

 පාස්කු ප්‍රහාරය සිදුවෙලා අදට වසර 6ක් ගත වෙලා තියෙන්නේ.


මියගිය සියළුම කිතුනු බැතිමතුන්ට දෙවියන් තුල සදාතනික සැනසීම පතමු.

20 April 2025

අද පාස්කු ඉරිදා දවසයි

 අද ලෝ වැසි කිතුණු බැතිමතුන් ජේසු ක්‍රිස්තුන්වහන්සේගේ මරණින් උත්ථාන වීම සමරන පාස්කු ඉරිදා දවසයි. පාස්කු ඉරිදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වෙන්නේ මොන හේතුව නිසාද කියලා මම විස්තරාත්මකව ලිපියක් කලින් ලියලා තියෙනවා. ඒ නිසා කැමති කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා කියවන්න. 

අද කතෝලික ගෙයකට ගියොත් මංගල්ලයකට වගේ හොදට ආහාරපාන වලින් සප්පායම් වෙලා එන්ඩ පුලුවන්. මොකද මේක තමා කතෝලිකයින්ගේ උතුම්ම මංගල්ලය. ඒ නිසා එයාලා ඒ අයට පුළුවන් උපරිමයෙන් මේ මංගල්ල කාරණාව මහ ඉහලින් සමරනවා.

19 April 2025

ඉගැන්වීම් ආධාරක

 ඉස්සර එක වසරට ළමයෙක්  ඇතුලත් වෙච්ච දවසේ ඉඳලා පංති වලට එක එක ජාති ගේන්ඩයි කියනවා. එක දවසක මදටිය ඇට, ඔලිඳ ඇට එහෙම ගේන්ඩ කියනවා. තව දවසක පොල් කුඩු වලට ඩයි දමලා වේලලා ගේන්ඩ කියනවා. ඔය වගේ අටෝරාසියක් දේවල් ඉස්කෝලේට ගේන්ඩ කියනවා.

එතකොට ඉතින් දෙමව්පියෝ වයින් වෙලා වගේ එහේ මෙහේ දුවලා ඕවා අදාල දිනයට ලක ලෑස්ති කරලා දෙනවා.

18 April 2025

දළදා ප්‍රදර්ශනය

 කොයි කවුරුත් දළදා මාලිගාවට ගිහින් තිබුණට දළදා වහන්සේව සියැසින් දැකලා නැතුවැති නේ. ඔන්න අද ඉඳලා ඒ කියන්නේ අප්‍රේල් 18 ඉඳලා අප්‍රේල් 27 වෙනිදා වෙනකන් දළදා වහන්සේව සියැසින් දැකබලා ගැනීමේ භාග්‍යය ලැබිලා තියෙනවා.

මාධ්‍යය වලින් කියපු විදිහට අවුරුදු 16කට පස්සේ තමයි දළදා ප්‍රදර්ශනයක් පැවැත් වෙන්නේ. අන්තීමට තිබ්බ දළදා ප්‍රදර්ශනය පැවැත්වුනේ 2009 අවුරුද්දේ. 

කාර්ටූන් පින්තූර

 පහුගිය දවස්වල පින්තූර කාර්ටූන් වලට හරවන රැල්ලක් ගියා නෙහ්. ඉතින් මමත් අපේ පොඩ්ඩාගේ පින්තූර කිහිපයක් කාර්ටූන් වලට හැරෙව්වා. ඒකෙත් අමුතු ගතියක් තියෙනවා.

17 April 2025

ඕපන් පේපර්ස් වාහන

 වාහනයක් විකුණනකොට අපි පැවරුම් පෝරමයට (MTA6) අත්සන් කරලා දෙනවා. ඒ අත්සන් කරලා දෙනකොට දිනය ඇතුළු අනෙකුත්  විස්තර පුරවලා දෙන්න පුරුදු වෙලා නෑ. හරිම නම් අපිම ඒ විස්තරත් පුරවපු සම්පූර්ණ කරපු පෝරම් කොළ තමයි ගැනුම්කරුට දෙන්න ඕන.

ඒත් සමහරු අත්සන විතරක් දාලා අනෙකුත් විස්තර කිසිම දෙයක් පුරවන්නේ නැතිව වාහනේ විකුණනනවා. ඒකට කියන්නේ විවුර්ත ලියකියවිලි වලට එහෙම නැත්නම් ඕපන් පේපර්ස් වලට වාහනය විකුණනවයි කියලා.

එහෙම වාහනය විකිණුවාට පස්සේ ගැනුම්කරුට හා විකිණුම්කරුට මුහුණපාන්න වෙන සිදුවීම් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.

16 April 2025

වාහනයක් විකුණනවා නම්...

 අද නිවාඩු දවසේ ඔයාලගේ දැන ගැනීම පිණිස පොඩි දෙයක් ගැන දැනුම්වත් කරන්න හිතුනා. මම මීට මාස දෙක තුනකට ඉහතදී මගේ මෝටර් බයිසිකළය විකුණලා දැම්මා. පොඩි පොඩිලෙඩ ටිකක් ආපු නිසා ඒක හද හද ඉන්න ඕනැ නැති හන්දා ඔන්නොහේ ඒක අඩු ගානකට විකුණලා දැම්මා.

ඔයගොල්ලෝ මොකක් හරි වාහනයක් විකුණනවා නම් කරන්න ඕන දේවල් ගැනයි අද මම මේ ලිපියෙන් කියන්න යන්නේ. ලංකාවේ ඉන්න කෙනෙකුට නම් වටීවි. පිටරටක ඉන්න කෙනෙක්ට නම් මේ ලිපියෙන් තඹ සතේකවත් වටිනාකමක් නැති වේවි.


මෙන්න මෙහෙමයි කරන්න ඕන.

14 April 2025

සුබ අළුත් අවුරුද්දක් වේවා

 සිංහල අවුරුද්දත් අත ලඟටම ඇවිල්ලා. සමාජ මාධ්‍යය වල ගොඩක් අය කියන්නේ ඉස්සර පොඩි කාලේ තරම් දැන් සිංහල අවුරුද්ද දැනෙන්නේ නෑයි කියලා. 

ඉතින් ඒ කාලේට වඩා එන්න එන්න ලෝකය ඉස්සරහට ගිහින් නෙව. ඒ කාලේ තිබ්බ මිනිස්සුන්ගේ අවශ්‍යතා නෙමේ දැන් තියෙන්නේ. පරිසරයත් ඒ වගේම වෙනස් වෙලා. මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා ගොඩක් සංකීර්ණ වෙලා.

මේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මිනිස්සු වෙනදට වඩා මහන්සි වෙන නිසා නිදහස සීමා වෙලා. ඒ නිසයි මේ සේරම දේවල් වෙලා තියෙන්නේ.

කාලේ හැටියට මිනිස්සු වෙනස් වෙන්ඩ එපෑ. නේද ? ඕවා හිතන්නේ නැතිව අවුරුද්ද සමරලා නිදහසේ එන්ඩලා.

09 April 2025

දිස්පරයු

 මේ ළඟදි හොඳ පොතක් කියවන්න පුළුවන් උනා. මේ පොත නිකුත් වෙලා නම් සෑහෙන කාළයක් ගිහින් තියෙන්නේ. ඒත් මම කලින් පෝස්ට් එකේ කියලා තියෙන විදිහට පොත් වල ගණන් වැඩිකම නිසා කොච්චර හොඳයි කියලා කියන පොතක් උනත් ගන්න කලින් දෙපාරක් හිතන තත්වයට මම පත් වෙලා ඉන්නේ.

ඒකට ආසන්නතම උදාහරණය තමා මැයි මාර ප්‍රසංගය. ඒක කට්ටිය හොඳයි හොඳයි කියලා කියන නිසාත්, මේ කතුවරයාගේම සෙංකොට්ටං හා මානික්කවත කියන පොත් දෙක කියවලා තියෙන නිසාත් මම දෙපාරක් නොහිතා ඒ පොත ගත්තා.

අරගෙන කියවලා බලද්දි තමයි මට කිසි වැඩක් නැති කතාවක් කියලා හිතුනේ. හෙනම බොළඳ ලාමක කතාවක්. අපරාදේ පොතට වියදම් වෙච්ච සල්ලි.

04 April 2025

පොත් පොත් පොත්

 කාළයකට කලින් මම මාසයකට පොත් දෙක තුනක් විතර අරගෙන කියවන්න පුරුදු වෙලා හිටියා. ඊට පස්සේ ඩොලර් එක නහුතෙට නැග්ගට පස්සේ පොත් විතරක් නෙමේ හැම දේම ගණන් ගියා. ඒ නිසා පොත් ගන්න එක අඩු උනා. අඩු උනා නෙමෙයි. අඩු කලා කියලා කිව්වොත් තමයි වඩාත්ම නිවැරදි.

ඉස්සර රුපියල් දෙතුන් දාහක් අරගෙන ගියහම කොහොමහරි පොත් තුන හතරක් විතර අරගෙන එන්න පුලුවන්. ඒත්  දැන් ඒ ගානට ගන්න පුලුවන් එකම එක පොතක් හෝ වැඩිම උනොත් පොත් දෙකයි.