31 December 2013

ගතවුනු අවුරුද්ද ගැන...

අද මේ අවුරුද්දේ අන්තිම දවස !

ඒ හන්දමද මන්දා අද අපේ කන්තෝරුව සෑහෙන පාලුවට ගිහින් එක තට්ටුවකට ඉන්නේ කීප දෙනයි. මගේ කණ්ඩායමටම මම විතරයි ඉන්නේ. අනිත් අය නිවාඩු ගිහිං. මටත් නිවාඩු ඉතුරු වෙලා තිබුනා නං මාත් අද ගෙදර !

මගේ බස් සගයා කියන විදිහට අද වගේ දවසක් උදා නොවෙනවා නං හොඳයි ලූ. ඒකට හේතුව විදිහට කියන්නේ අවුරුද්දේ අවසානයයි මාසයේ අවසානයයි දෙකම එකට එන හන්දා හුස්ම ගන්ඩ බැරි තරමටම වැඩ තියෙන දවසක් හන්දා ලූ.

මට නං ඒකේ අනිත් පැත්ත ! අද මට වැඩ නැතිම දවසක් !

මේ අවුරුද්ද පටන් ගන්න කොට නං වැඩිය ලොකුවට බලාපොරොත්තු තිබුනේ නෑ.

අළුතෙන් මොනවහරි ඉගෙන ගන්න හිතුනත් ආයේ පාඩම් කරන්න ලෙක්චර් යන්න ඕන කියලා මතක් වෙනකොට මහා කම්මැලිකමක් හිතෙනවා. ඒ නිසා ඉගෙන ගන්න එක නවත්තලා දැම්මා. නැවත්තුවා කිව්වට එහෙම් පිටින්ම නවත්තලා දැම්මේ නෑ.

පොඩි කෝස් එකකුත් කලා !

ඒ වගේම මේ අවුරුද්දේ  සෑහෙන කාළයක් බ්ලොග් එක දිහා හැරිලවත් බැලුවේ නැති නිසා ඒ කාළය පුරාම පොත් ගොඩක් කියෙව්වා. කොච්චර පොත් කියෙව්වද කියනවා නං මං පොඩි කබඩ් කෑල්ලකුත් ගත්තා පොත් ටික අහුරන්ඩ.

පොත් කියෙව්ව එකට අමතරව මං කරපු අනිත් දේ තමා පොඩි පොඩි ට්‍රිප් ගියපු එක. ඒකත් ජොලි වැඩේ.  අපේ අප්පච්චි උපන්තේකට නොගිහින් තිඋනු සත්තු වත්ත බලන්ඩ එක්කං ගියෙත් මේ අවුරුද්දේ. උන්දෑ නං සෑහෙන ආස උනා ඒ ගමනට !

මේ අවුරුද්දේ සිදුවෙච්ච අනිත් සුවිශේෂිම වැඩේ තමා මට සුදුනෝනව මුන ගැහිච්ච එක ! ඒ ගැන විස්තර පසුවට කියන්නම්. සුදු නෝනා ගැන කියනවා නං හරි ශෝක් කෙලි පොඩ්ඩි !

ඔය විදිහට තමා මං මේ අවුරුද්ද ගත කලේ. දුක හිතෙන සිදුවීමුත් සිදු නොවුනාම නෙමේ. ඒ දේවල් මතක් කරලා ආයෙම හිත රිද්දගන්නේ මොකටද නෙහ්. ඒ නිසා ඒ ටික අමතක කරලා දානවා.

එහෙනං මං ගියාවේ ! අළුත් අවුරුද්දෙම හම්බ වෙමුකෝ !

21 comments:

  1. අද වැඩ නැති උනත් නන්නත්තාර වෙන්න පෝස්ට්කටු වැටෙන දවසක් වේවි.. මම දැං බැලුවා අනිවා පැය බාගෙගට තුනක් වත් වැටෙනවා.. හැක් හැක්..

    බොටත් සුනවවේ..!!!

    ReplyDelete
  2. හොඳ අවුරුද්දක් නේ ගෙවලා තියෙන්නේ. සුබ නව වසරක් වේවා ඔබට

    ReplyDelete
  3. කලු නෝන ගැන කියන්නෙ නැතෙයි .
    …ඔයාටත් සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  4. //අළුතෙන් මොනවහරි ඉගෙන ගන්න හිතුනත් ආයේ පාඩම් කරන්න ලෙක්චර් යන්න ඕන කියලා මතක් වෙනකොට මහා කම්මැලිකමක් හිතෙනවා. ඒ නිසා ඉගෙන ගන්න එක නවත්තලා දැම්මා. නැවත්තුවා කිව්වට එහෙම් පිටින්ම නවත්තලා දැම්මේ නෑ.//

    මටත් ඔය කතාව ඔය විදිහටම අදාලයි. :) මධුරංග අයියටත් සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  5. මට නම් මේ පරණ අවුරුද්ද අත් ඇරගන්ට බැරිව ඉන්නේ...මාර දුකයි. ඒත් මොනා කරන්ටද? කාලය කියන එක අල්ලලා නතර කරන්ට බෑලුනේ. අකැමැත්තෙන් උණත් අලුත් අවුරුද්දට මූණ දෙමු කියලා හිතුවා...:)

    සුබ නව වසරක් මධූටයි, සුදු නෝනටයි දෙන්නටම.

    ReplyDelete
  6. 2013ට නෝටි පොඩ්ඩි වගේ මාත් ආදරෙයි. බ්ලොග් ලියන එක මඟ ඇරුන එක විතරයි වෙච්චි වැරැද්ද.
    සුභ නව වසරක් මධුට & සුදු නෝනට...

    ReplyDelete
  7. මගේ නම් මේ අවුරුද්ද ප්ලස් පොයින්ට්ස් අඩු මයිනස් පොයින්ට්ස් වැඩි අවුරුද්දක්..

    මධු අයියටයි සුදු නෝනාටයි පවුලේ අනිත් හැමෝටමයි සුබම සුබ 2014ක් වේවා!

    ReplyDelete
  8. දේශක යා :
    එච්චර පෝස්ට් නෑනේ.. මාත් ඇලර්ට් එකේ ඉන්නේ පෝස්ට් වැටෙනකන්..
    දේශකයාටත් එවේ !!!

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    අවුරුද්ද නම් ශෝක් !

    Gimhani :
    කළු නෝනා ? ඒ කවුදෑ ඒ ?

    Chams :
    නගාටත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  9. බැරිද පොතක් දෙකක් දෙන්න කියවන්න.....හි..හි...
    මධුරංගයෝ ඔයාටත්,සුදු නෝනාටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  10. Podi Kumarihami :
    හැමදේම අතෑරලා ඉන්න පුරුදු වෙමු පොඩ්ඩි.. අපි අපේය මම මගේය කියන සිතුවිල්ල හන්දයි දුක ඇති වෙන්නේ.. ඒ නිසා මේ අනිත්‍ය ලෝකේ හැමදේම අතෑරලා ජීවත් වෙන්න උත්සහ කරමු.

    අළුත් අවුරුද්දට ඒ බණ පදය ගෙන ආවේ මධූ වෙතින්... !


    බට්ටි :
    ඔන්න එහෙනම් දිගටම ලියන්ඩ ඈ..
    සුබ නව වසරක් බට්ටියාටත් !

    සිතුවිලි සිතූ :
    ඔය නංගිටත් සුබ නව වසරක් වේවා !
    ඊලඟ අවුරුද්දේ ප්ලස් පොයින්ට් ඩබල් වී මයිනස් පොයින්ට් අඩු වේවා !

    ReplyDelete
  11. අලුත් අලුත් සංකල්පනාවන් බිහිවෙන සුබ නව වසරක්ම වේවා

    ReplyDelete
  12. සුදු නෝනා ඔයාට සින්නක්කර කරගන්ටම ලැබේවා..!
    සුභ නව වසරක් වේවා ඔයාටයි සුදු නෝනටයි..

    ReplyDelete
  13. ශානු :
    ගෙනල්ලා දෙනවා කියලා පොරොන්දු වෙනවනම් විතරක් දෙන්නම්. ආහ්... ඔයාගේ ජාතික හැඳුනුම්පත තියාගෙන තමා පොත් දෙන්නේ :)
    ඔයාටත් සුබ නව වසරක් වේවා !

    S. L. මැලේ රාළ :
    මැලේ රාලටත් සුබ නව වසරක් වේවා !

    රෙහානි :
    රෙහානිටත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  14. SUBA NAWA WASARAK WEWA OYATATH
    SIYALU PRARTHANA ITUWEWA.

    KAVUDA SUDU NONA?
    NXT YR EHENAM :)

    ReplyDelete
  15. සුභ නව වසරක් වේවා....පරණ අවුරුද්දෙ ලද අත්දැකීම් මත 2014 දි සාර්ථකත්වය ලැබේවා.

    සුදු නෝනට සහෝදරියො එහෙම නැතෙයි ?

    ReplyDelete
  16. ඔබට සාමය සතුට පිරි සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  17. සුභ නව වසරක් වේවා ඔයාටයි සුදු නෝනටයි..
    සතුට සමාදානය පිරි ඉතිරේවා

    ReplyDelete
  18. මගේ නම් මේකේ අනිත් පැත්ත උණේ. පොත් කියවන එක මඟ ඇරුනා ගොඩාක් මේ අවුරුද්දේ.
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  19. සුදු නෝනේ ගැන අළුත් අවුරුද්දෙම අපිට කියන්න අයියේ..

    සුහ නව වසරක් වේවා..

    ReplyDelete
  20. සුභ නව වසරක් වේවා, මධුරංග..

    ReplyDelete
  21. සුභ නව වසරක් වේවා මධුටත් සුදු නෝනාටත්!!
    සුදු නෝනගෙ කතාව අළුත් අවුරුද්දෙ කියවන්න පුළුවන් වෙන්න ඉක්මණට ලියන්න මලයා.. :)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.