01 December 2013

x වල අගය

අද දෙසැම්බර් පලවෙනිදා !
අවුරුද්දක් ගත වෙච්ච ඉක්මන.... මේ අවුරුද්ද ඉවර වෙන්ඩ තව මාසයක් විතරයි තියෙන්නේ... කාලය අපි හිතනවටත් ඉක්මනටම ගත වෙනවා. දෙසැම්බර් පලවෙනිදාම තමා ලෝක ප්‍රජාව, එඩ්ස් මර්ධන දිනය විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙත් !


ඒවයිං කාරි නෑ...ඔන්න අද නිවාඩු දවසේ ගණිත ගැටලුවක් ගෙනාවා.

පල්ලෙහා තියෙන රූපේ බලන්ඩ... !


ගැටලුව තමා x වලට එන්න ඕන අගය හොයලා දෙන එක...


මං මේ ප්‍රශ්නේ මූනු පොතේ සාමාන්‍ය දැනුම කණ්ඩායමේත් දැම්මා.

එහෙනං මං ගියාවේ !

උත්තරය 37.5

31 comments:

  1. උත්තරයත් දැම්ම නිසා ගතිය ගියා සර් .........

    ReplyDelete
  2. මේ ජීවිත ගමනෙ එදිනෙදා තියෙන ප්‍රශ්නත් එක්ක මේවා විසදන්න තරං එකලාසයක් නෑ බන් හිතේ....

    ReplyDelete
  3. මොකක්ද අර සුට්ටන් ඉරි කෑල්ලක් තියෙන්නේ x සහ ප්‍රශ්නාර්ථ සලකුණ අතර ......?

    හරි ඕනේ එකක් තිබ්බදෙන්..මගේ උත්තරේ මේකයි ..

    වම් පස ඇති මෙව්වා එක සහ දකුණු පස ඇති මෙව්වා එකෙහි පවත්නා සම්බන්ධය ඔබ සඳහන් කර නැත. ඉතින් අපි කොහොමද අනේ අරක බලලා මේකට ගණන් හදන්නේ .. හරියට නංගි පෙන්නලා අක්කා දෙන්න හදවනවා වගේ වැඩක්නේ මේක... :D

    ReplyDelete
  4. 37.5

    අවස්ථා 2 දීම භාජනයේ හැඩය නියතව පවතී සහ පිරවූ ද්‍රව්‍යයේ (ද්‍රවයේ) සමාන පරිමාවක් යොදාගෙන ඇත කියන උපකල්පන දෙක යොදාගත්තා.

    හරිද මන්දා...
    මම ගණන්කාරියක් නොවේ ඕං... :)

    ReplyDelete
  5. මට ගණන් අරහං............

    ReplyDelete
  6. ගණන්නම් මටත් බෑ මලේ. උඹම උත්තරෙත් කියහංකෝ.

    ReplyDelete
  7. 37.5 හරිද දන්නෑ.කොයි කාලෙද අන්තිමට ගාණක් හැදුවේ...

    ReplyDelete
  8. 37.5 නේන්නම්.. මට බෙදීමේ උඩ යට මාරු වෙලා.... :)

    ReplyDelete
  9. මධූ තෑග්ගක් වත් දෙනවා කිවුවනම් උත්තරේ දෙන්න තිබ්බා.

    ReplyDelete
  10. මට නම් බෑ කීවොත් බෑමයි. :)

    හැබැයි ඔය කියන දවසට විකුණන ලස්සණ ඉටිපන්දමක්, ලෝකේ වැඩියෙන්ම ඒඩ්ස් තියෙන රටේ අගනුවරදි ගත්තා.

    ReplyDelete
  11. හප්පේ ගණන් පේන්ඩ බැරියෝ!

    ReplyDelete
  12. S. L. මැලේ රාළ :
    කෝ උත්තරේ.. කොහෙද දීලා තියෙන්නේ : :)

    සිරාගෙ කාමරේ :
    එහෙනං හිත එකලාසයක් වෙච්ච දාක විසදමු... :)

    Damith Gunawaredane :
    වැරදියි !

    තිසර :
    36 නෙමේ !

    ReplyDelete
  13. SilentSahan :
    වම් පස මෙව්වා එක අනිත් පැත්තට හරවලා තියෙන්නේ... එකම භාජනය උඩු යටිකුරු කරලා තියෙන්නේ...

    Anonymous :
    උත්තරේ ගාවටම ඇවිත් :)

    අසෙනි :
    ඔබේ පිලිතුර නිවැරදියි... ඔබට හිමි ත්‍යාගය යථා කාළයෙදී ඔබේ අතටම ලැබෙන්න සලස්වමි...
    රැඳී සිටියාට ස්තූතියි... !

    Amila Prabath Samarakkodi :
    අර මොකෝ ???

    ReplyDelete
  14. malmi :
    Ctrl + A එකක් දුන්නා නං උත්තරේ හොයාගත්තෑකි :)

    දිනුක :
    උත්තරේ හරි !

    Chandana Gunasekera :
    Correct Answer !

    yasas sri nayanajith :
    උත්තරේ හරි... !

    ReplyDelete
  15. Dinesh :
    බොරු කියන්ඩෙපා... හොඳ ගණන්කාරයෙක් මේකා !

    තිසර :
    මෙන්න මේ උත්තරේ නං හරි.. ජය වේවා !

    Chathuranga Priyashad :
    අපරාදේ තෑග්ගක් අරගෙනම ප්‍රශ්නේ දාන්න තිබුනා... :)

    Podi Kumarihami :
    අපේ පැත්තේ නං ඕන කඩේක ඉටිපන්දම් තියෙනවා.. ඔච්චර දුර යන්න ඕන නෑ... :)

    කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    ඔන්න ඔන්න... ටොකු දෙන්නේ හරිද !
    ගණන් කියන්නේ මරු විෂයයක් !

    ReplyDelete
  16. පෙන්වල තියෙන භාජන දෙක සර්වසමයි හා අවස්ථා දෙකේම තියෙන්නෙ එකම ද්‍රව පරිමාවක් කියල උපකල්පනය කරල තමයි x හොයන්න වෙන්නෙ.
    මම නම් කළේ එකම භාජනය හා අවස්ථා දෙකේම තියෙන්නෙ එකම ද්‍රව පරිමාව නම් භාජනයෙ ඉතිරි පරිමාව අවස්ථා දෙකේදි සමාන කරපු එක. උත්තරේ (මොනා හරි) සඳහන් කරපු ඒකකවලින් 37.5 යි.

    ReplyDelete
  17. මම එහෙම කීවේ ඔයා 1 දා 'ඒඩ්ස් දිනය' කීව හන්දා. ඉටිපන්දම් නම් හැම තැනකම තියෙනවා තමා. ඒත් ඉතින් ඒඩ්ස් වැඩිපුරම තියනවා කීව රටේ, ඒ ඉටිපන්දමට ගෙවන මුදල යැවෙන්නේ ඒඩ්ස් වෙනුවෙන් කෙරෙන දේවල් වෙනුවෙනුයි.

    නැත්නම් ඉතින් ඉටිපන්දමක් ගන්ට එන්නේ ඔයාලගේ ගෙදරට.:)

    ReplyDelete
  18. මේ ඊළඟ පොස්ට් එක දානවද?

    ReplyDelete
  19. DDT :
    උත්තරේ හරි... ඒක නෙමේ කොහෙද පහුගිය ටිකේ ගිහින් හිටියේ ??

    Sajith Lab :
    හරි... උත්තරේ හරි !

    Podi Kumarihami :
    අපෝ මේං මෙයාට කේන්ති ගිහිං... සුදු කම්මුල් රෝස පාට වෙලා... :)

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    හා... ඊට කලින් උත්තරේ මොකද්ද කියලා කිව්වේ නෑ නේ. !

    ReplyDelete
  20. හුරේ... :D

    අන්තිමට ගාණක් හැදුවෙ අගෝස්තු මාසෙ. උසස් පෙළ විභාගෙට. ඊට පස්සෙ ගාණක් හැදුවමයි. මොලේ කොච්චර කම්මැලි වෙලාද කිව්වොත් දෙපැත්තෙම ඉන්න 7/22 සුළු කිරීමට අදාල වෙන්නෙ නෑ කියල හිතාගන්නම සෑහෙන කාලයක් ගියා. :)

    ReplyDelete
  21. අසෙනි :
    අපේ අප්පෝ මේයැයිගේ හිනා කට !
    කොයි කාලෙද උසස් පෙළ කලේ... :)

    ReplyDelete
  22. ඔය ගණන් වගේ නරක දේවල් ගැන හිත‍ වෙහෙසන්න හොද නෑ මලයා. කම්මැලියි නං කතාවක් ලියනවකො කියවන්න. හිතන්න දේවල් නැතුවටයැ අප්පා මේ ගණන් දෙන්නෙ...

    ReplyDelete
  23. මේ අවුරුද්දෙ. හැබැයි පළවෙනි වතාව නෙවෙයි. කලින් වතාවෙ හොඳට පාඩම් කලා නෙව. :) :D
    ඇයි අයියේ අර කතාවකුත් තියෙන්නෙ හිනාවෙන්න හිනාවෙන්න එතකොට තර වෙන්නේ කියල... :D :D :D

    ReplyDelete
  24. සිඟිති :
    ඇයි දෙයියනේ මේ තරමටම ගණන් වලට ආස නැත්තේ.. බලමුකෝ ඔයාගේ බබාත් (පුතා ද දුව ද මන්දා) ඉස්කෝලෙදි දීපූ ගාණක් අහන්න එනකොට... හිහ් :)

    අසෙනි :
    ඒ උනාට ගොඩක් මහත් වෙන්නත් එපා... එතකොට කැත වෙයි.
    මේ ලඟදි උසස් පෙළ කලාය කිව්වා නං සෑහෙන පොඩි ගෑල්ලමයෙක් නෙව..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.