16 December 2013

රාගම ගවලෙන් තරඟය

පහුගිය ඉරිදා නිවාඩු දවසේ.. කොහේ හරි ඇවිදින්න කියලා සූදානම් වෙලාහිටියේ. ගෑල්ලමයට එන්ඩ කිව්වේ රාගමට. මම රාගමට ඇවිත් කෝල් එකක් දුන්නා. ඕං එතකොට හීනි හඬින් කියපු "අනේ මම එනකොට තව ටිකක් වෙලා යයි" කියලා.

මං දන්නවනේ එයාගේ "ටික වෙලාව" !

මං උන්දෑ එනකන්  රාගම බස් හෝල්ට් එකේ ඉන්නකොට තමා දැක්කේ රාගම පල්ලියේ තිබ්බ ගවලෙන් තරඟය !

අරුන්දෑ කීයට ඒවිද කියලා දන්නේ නැති නිසා ගොඩ උනා ගවලෙන් තරඟය බලන්න. බස් හෝල්ට් එකේ බලාගෙන හිටපු කාලේ ප්‍රයෝජනවත් දේකට යෙදෙව්වා කියලා හිත හිත උන්නා.

පහලින් තියෙන්නේ ඒ තරඟයේ පින්තූරු !



නංගි බබෙකුත් පින්තූරෙට අහුවෙලා.. :O

මේ තියෙන්නේ අන්තිම පින්තූරේ


තව ගොඩක් පින්තූර තියෙනවා. අයියෝ සුපියල් පහ වෙන නිසා අප්ලෝඩ් කලේ නෑ...
රාගම කිට්ටුව ඉන්නවා නං ගිහින් බලන්ඩ ලා ! :)

33 comments:

  1. පළවෙනි ස්ථානය තෝරලා නැද්ද තාම

    ReplyDelete
  2. "පහුගිය ඉරිදා නිවාඩු දවසේ.. කොහේ හරි ඇවිදින්න කියලා සූදානම් වෙලාහිටියේ. ගෑල්ලමයට එන්ඩ කිව්වේ රාගමට. "
    ගවලෙන තරඟේ යකාට ගියාවෙ බං මේකනෙ ආරංචිය.. සුභපැතුම්...

    ReplyDelete
  3. උදේ හවස ඔතනින් ගියා ගියේ නැනේ තාම බලන්ඩ

    ReplyDelete
  4. ගෑල්ලමයට ස්තූති කරන්න මේ වගේ අවස්ථාවක් ලබලා දුන්නට. එයා වෙලාවට ආවනම් මේක බලන්න ලැබෙන්නේ නෑනේ.

    ReplyDelete
  5. ගෑනු ලමයා එනකල් බලාගෙන ඉන්දෙද්දි කරලා තියෙන වැඩේ හොඳයි. හරීට කියන්ට එයා ඇර අනික් හැමෝම ඒ ගැන දන්නවා කියලා හී හී...

    එයාගේ වැඩෙත් රෑ දවල් මල් කඩන එකනේ. ඒ හන්දා එයා අනික් අය ගැන දන්නේ නෑ. :D

    ReplyDelete
  6. අඩේ අෆ්ෆා මධූලත් අපිට වැඩියම දුර නෑනෙ. රාගම මොකෝ කැළණිය මොකෝ?

    අර ගෑනු දැරිවි මුහුණ දීගන්න බැරිවද හංහන් ඉන්නෙ?

    ReplyDelete
  7. හැබෑට මාත් දැනං උන්නෙ නෑනේ සුබ ආරංචිය. ඔක්කොටම ඉස්සර ඔන්න අපෙන් සුබ පැතුම්.

    ReplyDelete
  8. රාගම කියන්නේ උබ අපේ ගෙවල් ලග මයේ හිතේ

    ReplyDelete
    Replies
    1. අඩෙ අෆ්ෆා උඹත් ඔය පැත්තෙද?

      හරියන්නෑ බොල මම ගම රට දාලා යනවා. :-)

      Delete
  9. ගවලෙන් තරඟය වගේ ද එළඹෙන මංගල්ලය කිව්වලු ...සුබ පැතුම් ආ

    ReplyDelete
  10. ඊට පස්සේ ගැල්ලමයා ආවද ???? නැත්නම් ගවලෙන් බලලා සසර කලකිරිලා ඔයා ගෙදර ගියාද ??

    ReplyDelete
  11. කෝ බන් නංගි බබා..මම දැක්කේ නැහැනේ ....

    ReplyDelete
  12. යකඩො දැන් බලන් ගියාම මෙතන අටම්, මඟියා, මධූ, මම ඔක්කොම මේ විනාඩි ගානක දුරනෙ ඉන්නෙ.

    ReplyDelete
  13. වෙලාවෙන් උපරිම ප්‍රයෝජන අරන් වගේ..කොහොමත් රාගම පැත්තෙ නත්තල් සරුයිනේ..

    ReplyDelete
  14. මොකක්ද බන් අර VIP කියලා ගහලා තියෙන එක

    ReplyDelete
  15. මාර අයිඩියාස්නේ අෆ්ෆා.... ලග හිටියනන් මාත් එකක් හදන් ඉදිරිපත් වෙනවා -_-

    ReplyDelete
  16. ගෑල්ලමයා? බොලේ මධුරංග අයියා අපිට කිවුවෙත් නැහැනේ..

    ReplyDelete
  17. පල්ලියේ ගවලෙන් කතාවක් ඉස්සරහට දාලා හරි මධුරංග මේ වගේ ආරංචියක් හරි කිව්ව එක කොයිතරම් දෙයක්ද... ඒකයැ මේකනෙ කතන්දරේ...... ජයවේවා!

    ReplyDelete
  18. සමහරක් ඒවා සාම්ප්‍රධායික ගවලෙන ආකෘතියෙන් බැහැර වෙලා වගේ. වර්තමාන කාලේට ගැලැපෙන විදියට වෙනස් කම් ඇතිවෙලා වගේ නේද?

    ReplyDelete
  19. ඒ පැත්තෙ යන්න වෙන්නෙ නෑ නෙ ඉතින්. ඔන්න පින්තූර ටික නම් බැලුවා.

    ReplyDelete
  20. මට නං බලන්න වෙන්නෑ බං...

    ReplyDelete
  21. හරිම ලස්සන නිර්මාණ මල්ලී! මෙහේ නම් පල්ලි වේලෙනවා. මිනිස්සු තම තමංගේ ගෙවල් බල්බ් දාලා හැඩ කරගෙන නත්තල් ගහකුත් ගහගෙන නත්තල් කන්න සැරසෙනවා. නත්තල් සීයා සහ පිනි මුවෝ හැම තැනම. ඒත් සාමයේ කුමරැ ජේසු ස්වාමි දරැවන්ව හැමෝටම අමතක වෙලා. එතුමා පල්ලිය ගාව තියෙන දියසෙවෙල බැඳිලා කළු වෙච්චි කුරැසයේ එල්ලිලා මේ කරන විකාර දිහා දුකින් බලං ඉන්නවා.....

    ReplyDelete
  22. @ගෝල්ඩ් ෆිෂ් :
    නෑ.. මම යනකොට තරඟයේ පළවෙනි දවස !

    හරී :
    තෑන්ක්ස් හරී ! :)

    අටම්පහුර :
    බලන්ඩ බලන්ඩ.. රාගම ඉන්න මිනිස්සු නෙව :)

    Gihan (ගිහාන්) :
    හ්ම්ම්.. ඒක නේන්නං... :)

    Podi Kumarihami :
    ඒක නේන්නං පොඩ්ඩි... අනිත් හැමෝම දන්නවා හරී දන්නේ නෑ !

    Chathuranga Priyashad :
    ඔවු මයි හිතේ... කෙල්ලෝ කොහොමත් අපට පස්සනේ පෙන්නන්නේ :)

    ReplyDelete
  23. හරී :
    අම්බෝ මේකෑ හිනාව ! :)

    හරී - පිණිපළස :
    තැන්කිවු තැන්කිවු !

    ගමන් මගේ මඟියා :
    මම රාගම නෙමේ... රාගමට ආවේ කෑල්ල බලන්න ! :)

    Bindi :
    ඒක නේන්නං.. ඒකත් ජයසිරි මංගලම් කිව්වාලු. :)

    S. L. මැලේ රාළ :
    ඒත් කොයි... තවත් ටික වෙලාවක් ඉන්න උනා.. කලකිරෙනවා බං !

    SilentSahan :
    අර ඉන්නේ කකුල් දෙකටම ඩෙනිම් කලිසමක් ඇඳලා.... :)

    Chathuranga Priyashad :
    ඒක නේන්නම්.. බලාගෙන ගියහම අපි නෙට් එක හන්දා ඈත් වෙලා උන්නට එක ලඟ ඉන්න ඈයෝ !

    රජ වීදිය :
    අනිවාර්යෙන්ම.. රාගම නත්තල් සරුයි !

    ReplyDelete
  24. සිරාගෙ කාමරේ :
    ඒකත් ඔය ගවලෙනක කෑල්ලක්නේ.. කතෝලික එකෙක්ගෙන් තමා අහන්ඩ වෙන්නේ !

    සිහින මදාරා :
    එහෙනං මාත් එනවා ඔයාව ෆොටෝ ගහන්ඩ... ආහ් නෑ... ඔයාගේ ගවලෙනේ ෆොටෝ ගහන්ඩ :)

    Dinesh :
    කියන්ඩ වෙලාවක් හම්බුනේ නෑනේ :)

    ලහිරු :
    ඔයි ඉතින් උබලත් එක්ක බෑ නෙ !

    යක්ෂයා :
    ඒක හරි.. ගවලෙනෙන් වෙනස් පණිවිඩයක් දෙන්න තමයි ගොඩක් අය උත්සහ කරලා තියෙන්නේ..

    කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    ඔයා එනවා නං එක්ක යන්නම්... :)

    දේශක යා :
    අර මොකෝ ???

    Chandana Gunasekera :
    හැමදේම වාණිජකරණය වෙලා තම තමන් තම තමන්ට ආවේණික වෙච්ච තරඟයක දුවනවා !
    නත්තල උනත් කාලා බීලා විනෝද වෙන අවස්ථාවක් මිසක් අධ්‍යාත්මික වෙනසක් කරගන්න අවස්ථාව යොදනවා අඩුයි !

    Anonymous :
    මම දන්න කියන ඇනෝ කෙනෙක් නේද ඔයා ??

    ReplyDelete
  25. ලග පාතකවත් නං බලන්න යන්නවත් තිබුනා. යන්න බැරි එකේ බලාගන්න පොටෝ දාපු එකනං හරිම අගෙයි.
    මේ මධුවො ගෑල්ලමයට කෑල්ල කියපු එකට නං මං සෑහෙන්න විරුද්ධයි ඕං...

    ReplyDelete
  26. සිඟිති :
    ඕහ්... මම ඒ වචනේ ඉල්ලා අස් කර ගනිමි !
    කොහෙද බොලේ මෙච්චර කල් ගිහිං හිටියේ ???

    ReplyDelete
  27. ඒකනේ කියන්නේ ඒ දැරිවියගේ පමාවීම කොයිතරම් හොදද කියලා. අර පිංතූරේ නංගි බබාගෙ මූණ පොඩ්ඩ වැටුණනම් තමයි අගේ...

    ReplyDelete
  28. පරක්කු වෙච්ච එකත් හොඳට ගියා නේද ...

    පුලුවන්කමක් තිබුනොත් ගවලෙන් බලන්න එන්නම්කෝ..

    ReplyDelete
  29. උඹත් පොටෝ කාරයෙක් නෙව. වහාම පලයන් අයිලාස් අයියගේ ක්ලාස් එකට

    ReplyDelete
  30. මරුනේ බං...
    නියම වැඩක්...
    නත්තලට මෙදා සැරේ අපිත් පුංචියට යමක් කරන්න ඉන්නෙ අපේ ස්ෙට් ශමේ....
    රාගම නේ තියෙන්නේ.. වෙලාවක් හදාගෙන හරි බලන්න යන්න ඕනෙ...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.