19 December 2013

ඔතෙලෝ සිංඩ්‍රෝමය

ඔතෙලෝ කියන්නේ වැනීසියේ හමුදාවේ හිටපු දක්ෂ ජෙනරාල් කෙනෙක්. මේ ජෙනරාල්ගේ දකුණු අත වගේ සගයෙක් උන්නා ඉයාගෝ කියලා. ඔතෙලෝ වැනීසියේ හමුදා මෙහෙයුමේ වැඩකටයුතු කරගෙන ඉන්නකොට ඒ සේවයේම හිටපු මයිකල් කාසියෝ කියලා ආධුනික හමුදා සෙබලෙක්ව ලෙෆ්ටිනන් තනතුර දක්වා උසස් කරනවා..

මේ ආධුනික සෙබලාගේ තනතුරු උසස් කිරීම ඉයාගෝගේ ප්‍රසාදයට ලක් වෙන්නේ නෑ.. ඔහුට ඊර්ෂ්‍යාවක් හට ගන්නවා.. තමන්ට වඩා ආධුනික සෙබලෙක්ගේ තනතුර හිටපු ගමන්ම උසස් වෙන එක ගැන. මේ නිසා ඉයාගෝ, ඔතෙලෝගෙන් පලි ගන්න මාන බලමිනුයි ඉන්නේ...

ඉයාගෝ දිවා රෑ මහන්සි වෙනවා ඔතෙලෝගෙන් පලිගන්න සැලැස්මක් හදන්න ! අන්තිමේදි ඉයාගෝ තමන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා...

තව පොඩ්ඩෙං කියන්ඩ අමතක වෙනවා... ඔතෙලෝ කියන දක්ෂ ජනරාල්වරයාට පණ වගේ ආදරෙ කරන බිරින්ඳෑ කෙනෙක් ඉනවා ඩෙස්ඩිමෝනා කියලා... තමන්ගේ පණටත් වඩා ඩෙස්ඩිමෝනා මේ ජෙනරාල්වරයාට ආදරෙයි.. මේ දෙන්නා ආදරේ කරන දවස්වලට ඩෙස්ඩිමෝනාගේ තාත්තා මේ ආදරේට කැමති වෙන්නේ නෑ.. ඒ නිසා ඩෙස්ඩිමෝනා තමන්ගේ තනි කැමැත්තට තමයි මේ ජනරාල්වරයාත් එක්ක විවහා වෙන්නේ..

ඉයාගෝගේ සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ ඩෙස්ඩිමෝනා හරහා... ඒ සැලැස්ම මෙහෙමයි.ඩෙස්ඩිමෝනාත් කාසියෝත් අතර සම්බන්දයක් තියෙනවයි කියලා ඇඟවෙන්න ඩෙස්ඩිමෝනාගේ ලේන්සුවක් අරගෙන ඇවිත් කාටත් නොදැනෙන්න ලෙෆ්ටිනන් කාසියෝගේ කාමරේ ඇතුලෙන් තියනවා.මේ ලේන්සුව ගෙනත් දෙන්නේ ඉයාගෝගේ බිරිඳ එමිලි ! ඒ ඉයාගෝගේ ඉල්ලීමක් නිසා...

දවසක් ඔතෙලෝ මේ ලෙෆ්ටිනන්වරයාගේ කාමරේට එනකොට මේ ලේන්සුව දකිනවා. ඊට පස්සේ ඒ ලේන්සුව තමන්ගේ බිරිඳගේ ලේන්සුව බවත් අඳුනගන්නවා.මේ ලේන්සුව තමා ඔතෙලෝ තමන්ගේ බිරිඳට දීපු මුල්ම තෑග්ග !

තමන්ගේ බිරිඳ මේ ලෙෆ්ටිනන්වරයාත් එක්ක නිදිවදිනවයි කියලා ඔතෙලෝ හිතනවා. ඔහු තුල ඊර්ෂ්‍යාවක් හට ගන්නවා.. ! ලිංගික ඊර්ෂ්‍යාවක් !

මේ ඊර්ෂ්‍යාව කොච්චර ප්‍රබලද කියනවා නම් ඔහු තීරණය කරනවා තමන්ට පණ වාගේ ආදරේ කරපු බිරිඳව මරන්න ! ඒත් එක්කම ඉයාගෝගෙන් ඉල්ලා සිටිනවා කාසියෝව මරන්න.

ඔතෙලෝ තමන්ගේ බිරිඳ නිදාගෙන ඉන්න යහනට ඇවිත්, නිදි යහනෙදිම ඇගේ ගෙල සිරකිරීමකිනුයි මරන්නේ. තමන්ගේ හිතේ ඇති වෙච්ච ඊර්ෂ්‍යාවකින් තමන්ට පණ වාගේ ආදරේ කරපු බිරිඳව මරා දමන්න තරම් ඔතෙලෝ සහාසික වෙනවා !

ඊට පස්සේ ඉයාගෝගේ බිරිඳ එමිලි ඔතෙලෝ ලඟට ඇවිත් ඇත්තම කාරණය පැහැදිලි කරනවා. ඒත් එක්කම ඒ ලේන්සුව ගෙනාවේ තමන්ගේ ස්වාමිපුරුෂයාගේ ඉල්ලීමක් නිසාවෙන් බවත් ඔතෙලෝට පැහැදිලි කරනවා. ඒ මොහොතේ ඔතෙලෝගේ හිතේ ලොකු ශෝකයක් හට ගන්නවා.එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි !

ඔතෙලෝ සියදිවි නසා ගන්නවා !

ඕක තමයි ලෝක පූජිත විලියම් ෂේක්ශ්පියර්ගේ ඔතෙලෝ නාට්‍යයේ එන කතාව කෙටියෙන් ! ඔය නාට්‍යය වේදිකාවෙන් එලියට එනවා... ඇවිත් අපි අතර ජීවත් වෙනවා... ඒ එන්නේ ඔතෙලෝ සිංඩ්‍රෝමය විදිහට !

ඔතෙලෝ සිංඩ්‍රෝමය කියන්නේ  තමන්ගේ ස්වාමිපුරුෂයා හෝ බිරිඳ වෙන කෙනෙක්ට ආදරේ කරනවා හෝ වෙන කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වනවයි කියලා හිතෙන එකට.  මේ සිංඩ්‍රෝමය මෝබිඩ් ජෙලසි කියලාත් හඳුන්වනවා !

මේ සිංඩ්‍රෝමය තියෙන කෙනෙක් හැම වෙලේම තමන්ගේ සහකරු හෝ සහකාරිය කෙරෙහි ඉන්නේ සැකයකිනුයි අවිස්වාසයකිනුයි.. ඒක ඒ තරම් හොඳ මානසික මට්ටමක් නෙමේ !

නිරන්තරයෙන්ම තම සහකරුට හෝ සහකාරියට චෝදනාකිරීම,  නිතරම තම සහකරුගේ හෝ සහකාරියගේ විශ්වාසවන්තබාවය පරික්ෂා කිරීම වගේදේවල් තමා මෙම සිංඩ්‍රෝමයේ රෝග ලක්ෂණ !

මේ රෝගයට ගොදුරු වෙච්ච අය සියදිවි නසා ගැනීමට පෙළබීම තමා මේ රෝගී තත්වයේ භයානකම ලක්ෂණය !

ඔය අන්තිම ටික අපේ මලයා පැහැදිලි කලහම තමා මට මේ සිංඩ්‍රෝමයේ නිධාන කතාවත් එක්ක ලියන්න හිතුනේ... අන්තිමේදි මට හිතුනේ සැකය අවිස්වාසය කියන දේ කොයි තරම් සමාජයට හානියක් කරනවාද කියලා...

එහෙනං මං ගිහින් එන්නම්.. සුබ දවසක් !

---------------------------------------------------------------------
ප.ලි. - මෝබිඩ් ජෙලසි  (Morbid Jealousy) ගැන තවදුරටත් කියවන්න ඕන නම් මෙන්න විකිපීඩියා සබැඳිය... 

26 comments:

  1. අන්න හොදයි.. හැමෝම ඔතෙලෝ ඔතෙලෝ කිව්වට කතාව දන්නෑ හුගක් අය.. සෑහෙන්න වටිනවා මේක.. ඔය පුරස්නය හැමදාම තියෙන එකක් බං ඒක අඩු වෙන එකක් නං නැහැ.. මටත් සමහර වෙලාවට ඕක තියෙනවා නැහැ මටත් බලපානවා.. හැක්.. නියම ලිපියක්..

    ReplyDelete
  2. මේ විදියට සැක කරලා ඛේදවාචකයකින් ඉවර වුණු හොදම යාලුවෙක්ගෙ පෙම් සම්බන්ධයක් ගැන අත්දැකීමක් තියනවා. ඉතාම වටිනා කතාවක්

    ReplyDelete
  3. අම්මෝ පොඩ්ඩක් බයත් හිතුණා. හැබැයි මේ සිංඩ්‍රෝමය කාගේ කාගේත් හිත් ඇතුලේ ටික ටික හරි තියෙනවා. ඒත් මරණ තරමට දරුණු නෑ මම හිතන්නේ. එහෙම තියනවා නම් ඉතින් තද ලෙඩක්ම තමා. :)

    'ඔම්කාරා' කියන හින්දි ෆිල්ම් එක මතක් උණා. ඒකේ තියෙන්නෙත් මේ කතාව.

    ReplyDelete
  4. ආදරයට සැකය කියන්නේ ආහාරයට ලුණු වගේ.ගානට තියෙන්න ඕන දෙයක්.ආදරය කොහොමත් පදනම් වෙන්නේ මට,මගේ කියන ආත්මාර්ථකාමී සිතුවිල්ලත් එක්ක නිසා සැකය, යම් පමණකින් හෝ තිබ්බේ නැත්නම් එයාව වෙනත් කෙනෙක් සතුවෙන්න බොහොම ලේසියෙන් පුලුවන්.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  5. බය හිතෙන සීන් එක ...හැබැයි හැම කෙනෙක් අතරේම අඩුවැඩි වශයෙන් මේක තියෙනවා මං හිතන්නේ ,

    "ගංජා ගැට " වලට වඩා භයානකයි ගෑනු ගැට

    ReplyDelete
  6. ඔතෙලෝ නාට්‍යය ගැන අහලා තිබුණට කතාව දැනගත්තේ අදයි. කාගෙ කාගෙ කිල්ලෝට වලත් හුණු ටික ටික හරි තියෙනවා නොවැ....

    ReplyDelete
  7. වටිනා කථාවක් මලේ. ආදරය කරන කොට ඊර්ෂ්‍යාව ඇතිවීම ස්වාභාවිකයි. ඒත් ඒ ගැන සැකකරමින් හැම විටම කාළය ගත කිරීමනම් ඒ තරම් හොඳ දෙයක් නෙමේ. හොඳම දේ තමයි මොනවා හරි තියෙනවානම් තනි තනිවම විඳවන්නේ නැතිව කථා බහ කරලා විසඳා ගන්න එක. උඹට ජය මලේ!!!

    ReplyDelete
  8. ඔතෙලෝ මතක් කරන්න එපා.විභාගේ මතක් වෙද්දි මරාගෙන මැරෙන්න හිතෙනවා.. ඒක මේ අපි වගේ ඒ ලෙවල් කරන අහිංසක පුංචි ළමයින්ට නිර්දේශ කරන්න සුදුසු පොතක්ද මං අහන්නේ... ඒ මදිවට ඒක ලියලා තියෙන බාසාව තේරෙන්නෙත් නැහැ!!!!

    ReplyDelete
  9. මේ දවස් වල අහන්න ලැබෙන දේවල් දිහා බැලුවමත් හිතෙනව තාමත් ඔතෙලෝ වගේ අය ඉන්නව කියල..

    ReplyDelete
  10. බොහොම හොඳ කාලීන ලිපියක්. විවාහකයන් කා තුළත් අඩු වැඩි වශයෙන් ඔතෙලෝ සින්ඩ්‍රෝමය තිබෙනවා. නමුත් ඔබ කියන ආකාරයේ කනගාටුදායක තත්වයට පත්වන්නේ එකිනෙකා අතර තිබෙන ගැටළු විවෘතව සාකච්ඡා නොකිරීමෙන්. අපි සමහරවිට බොහොම උගත් බුධිමත් කියලා හිතාගෙන ඉන්න විවාහකයන් අතරෙත් මේ ගැටලුව තිබෙන බව මගේ සමහර මිතුරන්ගේ විවාහ ජීවිත දෙස බැලීමෙන් මා තේරුම් අරන් තියනවා.

    ReplyDelete
  11. වැදගත්ම ලිපියක් මධු... ඒක නෙවේ මධු කැමතිද ඔතලෝ සින්ඩ්‍රෝමය ඔබට වැළඳී ඇතිදැයි දැනගන්න ...? බැඳපු කාලෙක මට කෝල් එකක් දෙන්නකෝ...

    ReplyDelete
  12. මම ඔතෙලෝ ෆිල්ම් එක බලලා තියෙනවා :) ඒකේ නං ඔතෙලෝට අරගෙන තිබුණේ කළු ජාතිකයෙක්. කතාවක් පොඩ්ඩක් වෙනස්. ඒත් සමස්තයක් විදියට ගත්තොත් මේක තමයි. මම නං කියන්නේ ආදරේට සැකය කියන දේ තියෙන්න ඕනේ. නැත්තං ඉඳලා හිටලා හරි රණ්ඩු වෙන්නේවත් කොහොම ද :D හැබැයි, ඔතෙලෝ සින්ඩ්‍රෝමය තරම් දරුණුවට නෙමෙයි!

    ReplyDelete
  13. අප්පේ බයේ බෑ!

    ReplyDelete
  14. ඔතෙලෝ නට්‍යය බලන්න නම් අවස්ථාවක් ලැබිලා නම් නෑ..

    සැකේ කොච්චර භයානකයිද ....

    ReplyDelete
  15. අද තමා ඔතෙලෝ ගැන හරියටම දැනගත්තේ. පවුල් අතර තියන ප්‍රශ්න ගොඩාක් අඩුවෙනවා, දෙදෙනා හැම වෙලාවෙම සාකච්ඡා කරලා තීන්දු තීරණ වලට එනවනම්. මේකට හොඳම වෙලාව ආහාර ගන්න වෙලාව, අඩුම තරමේ රාත්‍රී ආහාරය වත් පවුලේ අයට එකට ගන්න පුළුවන් නම් දවස තුළ වුණ දේවල් ගැන සාකච්ඡා කරන්න පුළුවන්. මේ විදිහට එකිනෙකාට විවෘත වෙන තරමට ප්‍රශ්න අඩුයි.

    ReplyDelete
  16. ස්තූතියි මධූ ඔතෙලෝ ගැන දැම්මට.

    සැකය කියන්නෙ ආදරයෙ මළගම. සැකය ඇති තැන පිවිතුරු ආදරයක් වත්. සාර්ථක විවාහ ජීවිතයක් වත් නෑ.

    ReplyDelete
  17. මේ මානසික රෝගය බොහොම භයානක එකක්...සමහර වෙලාවට පලි ගන්න ගියාම සහකාරියගෙ පවුලෙ කීප දෙනෙකුත් එක්කම වල පල්ලට යවපු අවස්ථා මම අහලා තියෙනවා...ඒ නිසා තමන්ට හැම වෙලේම තමන්ගෙ සහකාරියව හෝ සහකාරයව සැක හිතෙනවා නම් බදින්න කලියෙන් මානසික වෛද්‍යවරයෙක් හමුවෙලා ඒ ගැන කථා බහ කරන එක තමයි හොදම වැඩේ....

    ReplyDelete
  18. අපොයි දෙයියනේ කියල ඔය ලේදෙනම් හැදෙන්න හොඳ නැහැ

    ReplyDelete
  19. දේශක යා :
    ඒකනේ දේශකයා... පරිස්සමින් !
    ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ... :)

    යක්ෂයා :
    ඕ.. මාත් දන්න එහෙම කෙනෙක්ගේ අත්දැකීමක් තියෙනවා..

    Podi Kumarihami :
    ඕම්කාරා ෆිල්ම් එක බලලා නෑ පොඩ්ඩි. බලන්න ඕන... දැන් ඉතින් උරහිසට හේත්තු වෙලා මිනි තියටර් වල ෆිල්ම් බලන්න පුලුවං නේ :)

    Anonymous :
    ඒක ඇත්ත... අඩුවෙන්නත් බෑ.. වැඩි වෙන්නත් බෑ... :)

    ReplyDelete
  20. ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    ගංජා ගැට ??? ඒ මොනවද ඒ...

    ලහිරු :
    තියෙනවා නේන්නං.. !
    චුට්ට චුට්ට තියෙනවා !

    sandunsevana.blogspot.com :
    ඒක තමා.. ඔය ලෙඩේට කරන්නෙත් මනෝ විද්‍ය උපදේශනය කියලා අපේ මලයා මට කියලාඅ දුන්නා.

    වර්ෂා ( Rain_Girl ) :
    හෑ.. ? මොකද්ද ඒ විශය ? සිංහල වලට ද ? නාට්‍ය හා රංග කළාවට ද ?

    ReplyDelete
  21. රජ වීදිය :
    අනිවාර්යෙන්ම ඔහොම එවුං ඇති :)

    Wicharaka Asami Dakimi Sඔයම :
    ඔවු විචාරකයෝ... කතා බහ කරලා ඕනම ප්‍රශ්නයක් විසදා ගත්තෑකි !

    SilentSahan :
    හෑ... මට ඉහිං කනිං වාගේ තේරුනා මේ උන්දෑ මොකාටෙයි එන්ඩ හදන්නේ කියලා... !

    ධාරා :
    අන්න හරි ධාරා.. ඔතෙලෝ කියන්නේ කළු ජාතික ජෙනරල් කෙනෙක් ! ඒක නේන්නං.. මේ චූටි කෙලී දන්න දේවල් හැබෑට !

    කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    බයවෙන්ඩෙපා.. ඔයාට මං ඉන්නවනේ ! :)

    තුශානි :
    ඔවු.. ගොඩක් භයානකයි !

    ReplyDelete
  22. Gihan (ගිහාන්) :
    ඔවු.. ගොඩක් දේවල් හිතේ හිරකරගෙන ඉන්නකොට තමා සැකය අවිස්වාසය වගේ දේවල් වැඩි වෙන්නේ.. ඒ නිසා ඒවා කතා කරලා විසදගන්න පුලුවං නං හොඳා !

    Chathuranga Priyashad :
    ඒකනේ.. ඔන්න ඕවා පාඩම් හැටියට හිතේ තියාගන්ඩ... හික්ස් :)

    සිරාගෙ කාමරේ :
    ඒක නං ඇත්ත සිරා... සමහර මරණ වලට ආසන්නම හේතු වෙන්නේ සැකය අවිස්වාසය වගේ දේවල් !

    කෝරලේ මහත්තයා :
    මාත් ප්‍රාර්ථනා කරන්නේ එහෙම තමා.. !

    ReplyDelete
  23. ලාවට හීනියට වගේ ඔය ඔතෙලෝ සින්ඩ්‍රෝමය තියෙන්නත් ඕන ඉතිං. නැත්තං සින්ඩ්‍රෝමෙ හැදෙන කොට අස්සය පැනල ගිහිං ඉදිවි. පරාර්ථකාමී වෙලා ආදරේ කරන්නත් බෑ නෙව. නැද්ද මධුවො...?

    ReplyDelete
  24. සිඟිති :
    සිඟිති හරි සිඟිති !
    ටිකක් විතරවත් තියෙන්න ඕන.. ලෙඩක් තරම්ම උත්සන්න නොවී !

    ReplyDelete
  25. මමත් අද තමයි ඔතෙලෝ කතාව දැන ගත්තේ

    ReplyDelete
  26. අද ලංකාවේ ගත්තම බොහොමයක් තරුණියට මෙමෙ රෝගය තිබෙනවා. මගේ බිරිදටත් මෙමෙ රෝගය තිබෙනවා. එයා සැක කරනවා මම මගේම නංගි එක්ක සම්බන්දයක් තියෙනවා කියල. නමුත් මෙයට බෙහෙත් තියෙනව. අවාසනාවකට මගේ බිරිද පිළිගන්නේ නැහැ එයට මෙම රෝගය තිබෙන බව. මෙම රෝගය තිබෙන කාන්තාවක් හෝ පිරිමියෙක් සමග විවාහ වන තැනැත්තා හෝ තැනැත්තියගේ අනාගතයනම් අදුරුයි.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.