08 December 2013

ඉස්කෝලෙට පාලමක්

සෙනසුරාදා දවසේ හැන්දෑවරුවේ නිවාඩු පාඩුවේ ඉන්නකොට නිකමට වගේ හිතුනා රෑට කඩේකින් කෑම එකක් ගෙනත් කෑවොත් හොඳා කියලා. හැමදාම නැතත් ඉදලා හිටලා හරි කඩේකින් කෑම කන එකෙත් පොඩි ගතියක් තියෙනවා. ඒ නිසා හවස් අතේ හන්දියට ගිහින් ආවා. ගිහින් එනකොට මාමා අපේ ගෙදර ඇවිදින් !

මුන්දෑ මූඩ් එකත් එච්චර හොඳ මට්ටමක නෑ....

මං ගෙට ගොඩ වෙනකොටම,

"බලහං ලොකු එකෝ... මගේ පර්ස් එක බස් එකේදි වැටිලා..."

"කීයක් විතර තිබුනද ? "

"දෙදාස් ගානක් විතරයි තිබුනේ... ඒක නං කමන් නෑ.. මගේ අයිඩෙන්ටි කාඩ් එකයි... බැංකු කාඩ් එකයි ඔක්කොම තිබ්බේ පර්ස් එකේ.. ඒකයි ප්‍රශ්නේ !"

අයිඩෙන්ටිටි කාඩ් එක නැති උන එකට පොලිසියේ ඇන්ට්‍රියකුත් දාලා එන ගමන් අපේ දිහා ඇවිදින් තියෙන්නේ බැංකු කාඩ් එක නැති වෙච්ච එකට මොකෑ කරන්නේ කියල අහගන්ඩ. මං මගේ කාඩ් එක පිටිපස්සේ තිබුන ෆෝන් නම්බර් එකට කතා කරලා මාමෑ ගිනුම අත්හිටවලා දුන්නා.

හොඳ වෙලාවට කාඩ් එකෙන්  සල්ලි අරං තිබුනේ නෑ..හොඳම වැඩේ කියන්නේ කාඩ් එකයි කාඩ් එකේ රහස් අංකයයි එකම තැන දාලා..හොරාටත් හරිම ලේසියි !

ඊට පස්සේ මාමට තේරුං කරලා දුන්නා කවදාවත් කාඩ් එකයි රහස් අංකෙයි එක තැන තියන්ඩ එපා ය කියලා..කාඩ් එකේ වැඩේ ඉවර වෙලා කතාවක් දාගෙන උන්නා.

අපේ මාමා ගැන කිව්වොත් උන්දෑ ඉදිකිරීම් ආයතනයක මේසන් බාස් කෙනෙක්. මේ ලඟදි ඉදන් ඉස්කෝලෙක පාලමක් හදන වැඩවලට උන්දෑව අනුයුක්ත කරලයි ඉන්නේ. ඔය පාලම මේ ලඟදි පටං ගත්තට මොකෝ  ඒක මීට ගොඩ කාලෙකට කලින් කරන්න තිබ්බ වැඩක් ලූ.

ඔය පාලමට වෙලා තියෙන්නේ මේකයි.

එක වතාවක් ඇමතිතුමෙක් මේ ඉස්කෝලේ උත්සවේකට ඇවිල්ලා කරපු කතාවක කියලා තියෙනවා ඉස්කෝලේ ළමයින්ට පාර මාරු වෙන්ඩ පාලමක් හදා දෙනවයි කියලා.   එදා කතාවෙදි ඕක කියලා ගියා ගියාමයි ලූ ඊට පස්සේ ඒ ඇමතිතුමා නෙමේලූ ඒ පැත්ත පලාතටවත් ආවේ.

අවුරුද්දක් විතර ගියාට පස්සෙත් ඉස්කෝලේ උත්සවේකට ඒ ඇමතිතුමාටම එන්ඩයි කියලා. ඒ ආපු වෙලේක පිලිගැනීමේ උත්සවේ හිටපු කෙලි පැංචියෙක්ව වඩාගෙන... !

වඩා ගත්තට පස්සේ ඒ කෙලී ඇමතිතුමා දිහෑට හැරිලා,

"කෝ අංකල් ඔයා අපිට පාලමක් හදලා දෙනවා කිව්වට තාම හදලා දුන්නේ නෑනේ..  !"   කියලා කියලා.

දන්නවනේ ළමයින්ගේ කටවල් වල සද්දේ... වටේ පිටේ සේරෝමත් අහගෙන ඉදලා.ඇමතිතුමාගේ රෙදි නෑලූ... ඇමතිතුමා හිමිහිට මේ කෙලීව බිමින් තියලා, අදාල පාර්ශ්ව වලට කෝල් කරලා මේ වැඩේ කරලා ඉක්මනට කරලා දාන්න කියලා බල කරලා.

ඔහොමයිලූ කාලාන්තරයක් ඇදි ඇදී තිබ්බ පාලමේ වැඩ පටං ගැනුනේ..  ඊට පස්සේ ඉස්කෝලෙනුත් මේ පුංචි ගෑල්ලමයට හරි සැලකිලිලූ.

පාලමේ වැඩ ටිකත් මේ දවස්වල යස අගේට කෙරෙනවලු...!

23 comments:

  1. අනේ වාසනාවන් ..පුංචි කෙලි නිසා සුදු වෑන් ගෙදරට ගිහුන් නෑ මන් හිතන්නේ:)

    ReplyDelete
  2. අනූවේ දශකයේ අග හරියේ කොලොන්නේ ඉස්කෝලෙක ඔය හා සමාන වැඩක් වෙලා අන්තිමේදී ප්‍රින්සිපල් එදා රෑ ඇමති කාන්තාවගේ තගාලගෙන් ගුටිකාලා තියෙනවා.

    ගිනි අවි සහ ගිනි කෙලි පොතක දැක්කේ.

    ReplyDelete
  3. මාමගෙයි, බෑණගෙයි දෙන්නගෙම ගිණුම් තියෙන්නේ එකම බැංකුවේ වගේ...

    පුංචි උණත් කෙල්ලන්ගේ වැඩ පේනවනේ...:)

    ReplyDelete
  4. එකනේ කියන්නේ පොඩි එවුන්ව රවට්ටන්න බෑ කියලා. අනික දැන් පීඩියා ප්‍රෝ නේ බොන්නේ

    ReplyDelete
  5. පොඩි එකා හරි එඩිතරයි නේ...

    ReplyDelete
  6. ඉස්කෝලේ ප්‍රින්සිපල් දක්ෂයෙක් වගේ.. වැඩේ ගානට සෙට් කරලා.. :D

    ReplyDelete
  7. ෂා කෙල්ලගෙ මොලේ තමයි මොලේ..

    ReplyDelete
  8. මොනවා වුනත් ඔය ඇමතිට පොඩ්ඩක් විතර හිතක් පපුවක් තියනවා වගේ. ඒකනේ ඔය පොඩි ළමයා කියපු ගම්න් හරි වැඩේ කළේ, නැත්නම් සමහර අය නම් ඉස්කෝලේ ප්‍රින්සිපල්ට විරුද්ධව පියවර ගන්න පුළුවන්නේ පොඩි එක්කෙනාව පුරුදු කරලා කියලා.

    ReplyDelete
  9. අනේ වාසනාවන් එහෙම හරි හැදුනා නේ

    ReplyDelete
  10. එහෙනම් ඉතින් දැන් අපේ මහා එව්වෝ ඇමතිලා එන තැන් බල බලා පොඩි එව්වෝ කඩේ අරියි

    ReplyDelete
  11. අමතක වෙන අයට මතක් කරලා දෙන්න ඕන අන්න ඒ විදිහටම තමයි.. ආයෙම උත්සවේකට එන්න කියන්න ඇත්තෙත් ඒකම තමයි..

    ReplyDelete
  12. ඔය වගේ දෙයක් කර ගන්න ඉතින් සෑහෙන්න මතක් කරන්න එපෑ. කෙලි පොඩ්ඩගේ කටේ සද්දෙට ලැජ්ජා හිතලා වැඩේ ඉක්මන් කරන්න ඇති!

    ReplyDelete
  13. අනේ සාදු එහෙමවත් වැඩේ කෙරුන නම්

    ReplyDelete
  14. අන්න බලන්න කෙල්ලෙක් නිසා සමාජයට වෙච්ච සුභ සිද්ධිය.. කෙල්ලෙක්ගෙ කට නිසානෙ.
    බැංකු කාඩ් නං නම්බර් එක ඇතුව නැති වුනත්, නැතුව නැති වුනත් වහාම ගිනුම අත්හිටුවන්න ඕන. මොකද කාඩ් එකේ නම්බර් එක නැතුව සල්ලි ගන්න බැරි වුනාට සුපර්මාකට්වලින් බඩු ගන්න පුළුවන්නෙ. ඒ කවුන්ටර් වල වැඩ කරන ලමයි හරි හමන් විදියට අත්සන සැසදීම කරල නියම අයිතිකාරය ද කියල තහවුරු කර ගන්නෙත් නෑනෙ. බැංකු කාඩ්වල පිටිපස්සෙ අත්සන දාන්නෙත් ඒ ආරක්ෂාව පාරිභෝගිකයාට සපයන්න වුනාට මම නං කිසිම කඩේකින් කාඩ් එකෙන් බඩු ගද්දි අත්සන සසදල බලනව දැකල නෑ...

    ReplyDelete
  15. කොහොමින් හරි පාලම හදන වැඩේ කෙරුනනෙ. :)

    නැණ ඇති, රුව ඇති, කට ඇති දරුවෝ...

    ReplyDelete
  16. ඕක ඇමතියෙක්ට නෙමේ කරන්ඩ තිබ්බේ අර ලොක්කා වඩා ගන්න වඩා ගන්න පොඩි එකා ඔහොම චින්තනේ වෙච්ච පොරොන්දු එක එක මතක් කළා නං තමයි වැඩේ

    ReplyDelete
  17. පොඩි කෙල්ලෙක් කියලා එහෙම හරි වැඩේ පටන් ගත්ත එක මදිද බන්...රටක සමස්ත ජනතාවක් කියද්දිත් සමහර දේවල නොවෙන කොට...

    ReplyDelete
  18. ඇමතිතුමා ළමයෙක්ට හරි අහුම්කන්දීලා වැඩේ කරපු එක වටිනවා ...

    ReplyDelete
  19. ඇති යාන්තම් එහෙනම් පාලමක්වත් හැදුනා..
    පුංචි ලමයෙක් කරපු හරියක් නේද..?

    ReplyDelete
  20. //අන්න බලන්න කෙල්ලෙක් නිසා සමාජයට වෙච්ච සුභ සිද්ධිය.. // ++++++ දාන්න සිඟිති පහක්!

    ReplyDelete
  21. පුන්චි පහෙ හපන්නු

    ReplyDelete
  22. පොඩි කෙලිට ගණදෙවි නුවණ පහළ වුණ හින්දා යාන්තමට පාලමක් වැටුණා.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.