03 December 2013

පුදුම මිනිස්සු

අම්මා...පල්ල ! ඇත්තමයි මිනිස්සු කියන ජාතිය නං කිසිමදාක විස්වාසයට ගන්න හොඳ නැති ජාතියක්..කොච්චර හොඳ හිත පෙන්නගෙන හිටියත් උන් කවදාහරි අපිටත් නොදැනිම අපිට අංචිය ඇදලා හිමීට මාරු වෙන ජාතියක් !

මට අද මෙහෙම හිතුනේ අපිත් එක්ක වැඩ හරපු හාදයෙක් කරපු වැඩක් හන්දා..

මේකයි උනේ...

අපි මේ ටිකේ කරගෙන යන ව්‍යාපෘතියේ සාම්පල් එක පෙන්නන්ඩ තිබ්බේ පහුගිය සිකුරාදා. ඔන්න එදාට කලින් දවස් දෙකක ඉදලා මේ සිද්ධියට අදාල පුද්ගලයා වැඩට ආවේ නෑ. ඒකට හේතුව විදිහට ඉදිරිපත් කරලා තිඋනේ අම්මට සනීප නෑ කියලා... ඒකත් කමන් නෑ කියමු !

මානුශික හේතුවක් නේ !

ඔන්න මේ මනුස්සයා සඳුදා ඇවිත් කට්ටියත්තෙක්ක බුල කෙලලා අද (අඟහරුවාදා) දවල්  වෙනකොට මුළු කණ්ඩායමටම ඇහෙන විදිහට කියපි "සාම්පල් එක ඉදිරිපත් කරන්න උනේ නැත්තේ අහවල් කෙනා හරියට වැඩ කරපු නැති නිසයි" කියලා. තමන්ට කර ගන්න බැරි කම කියන් නෑ.. ඒ වැරැද්ද වෙන කෙනෙක් පිට පටවන්ඩයි ලැහැස්තිය.

අර හාදයා වැරැද්ද පැටෙව්වේ කණ්ඩායමේ හිටපු පොඩිම එකාට.  අපි දන්න තරමට ඌ සේරෝම වැඩ ටික ඉවර කරලා හිටපු එකෙක්. ඒ නිසා ඒ පොඩි එකාට වරදක් කියන්ඩ බෑ...පහත් තැනින් ගලා යයි ජලේ කියන්නා වගේ  තමන්ගේ වැරදි සේරම පොඩි එකෙක් පිට පටවලා අරූ අත හෝද ගත්තා. සික් ඉතරක් !

ඔය හන්දයි මම කිව්වේ මිනිස්සු කියන ජාතිය විස්වාස කරන්ඩ අමාරු ජාතියක් ය කියලා. කොච්චර දිවෙන් දිව ගාගෙන උන්නත් අවස්ථාව ලැබුනම කාටහරි වරද පටවලා පැදුරටත් නොකියා මාරු වෙන්න දස්ස ජාතියක් මිනිස්සු කියන්නේ.

එක අතකට බලාගෙන යනකොට මිනිස්සුන්ට වඩා වනේ සත සිව්පාවා හොඳයි.. මිනිස්සු වාගේ දෙබඩි චරිත රඟපාන්නේ නෑ..  !!

25 comments:

  1. අපේ කොම්පැනියෙත් ඔහොම උනා බන් කීපසැරයක්ම. කට්ටිය අස් කරලත් දැම්මා.

    ReplyDelete
  2. “එක අතකට බලාගෙන යනකොට මිනිස්සුන්ට වඩා වනේ සත සිව්පාවා හොඳයි.. මිනිස්සු වාගේ දෙබඩි චරිත රඟපාන්නේ නෑ.. !! “

    මේ කතාව නම් සහතික ඇත්ත..........

    ReplyDelete
  3. ඒක නම් ඇත්ත... පරිස්සමින් ඉන්න ඕනේ.

    ReplyDelete
  4. ඔව්වා ඔහොම තමයි මලේ. මම මගේ මුළු ජීවිත කාලෙටම 2013 අවුරුද්දේ ගොඩාක් දේ තේරුම් ගත්තා මිනිස්සු ගැන. කොටින්ම කිවුවොත් පිට වුනුත් නෙමෙයි තමන්ගේය කියාගෙන ඉන්න උන් ගැන. ඉතින් පිට මිනිසුන් ගැන මොන කතාද මලේ.

    ReplyDelete
  5. හපොයි...මනු සතා ගැන නම් කතා කොරලා වැඩක් නෑ....

    ReplyDelete
  6. ඔෆිස්වල විතරක් නෙමෙයි අනේ ඉස්කෝලවලත් ඕක තදේ‍ට ම කෙරෙනවා. හැබැයි, එක මනුස්සයෙක් වැරදි කරා කියලා හැමෝම ඒ මිම්මෙන් මනින එක වැරද යි. කොහොම වුණත් මිනිස්සුන්ට වඩා සත්තු ළඟ සෑහෙන්න උසස් ගුණදම් තියෙනවා :)

    ReplyDelete
  7. සිරාවටම කොච්චර උනත් හැම තැනම ඔය වගේ සත්තු ඉන්නවා බං. ඌව ගනන් ගන්න එපා. ඌටම තේරෙන්න ඇරහන් ඌගේ වැරද්ද

    ReplyDelete
  8. පහත් තැනින් ජලේ ගලා යන එක හැම කොම්පනියේම හොඳටම තියෙන දෙයක්. අලුතෙන් ආපු එකා පිටින් ඔක්කොම යවන එක අපේ එවුන්ගේ තියෙන කතම පුරුද්දක්.

    ReplyDelete
  9. දෙබිඩි මිනිස්සු, වචන වෙනස් කරන මිනිස්සු, ප්‍රතිපත්තියක් නැති මිනිස්සු....මේ වගේ මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා.ඒත් ඒ මිනිස්සුන්ගෙ දෙබිඩිකම් ආත්මාර්ථකාමීකම් තාවකාලිකයි. සුලු වෙලාවක ගැලවිල්ලකට මේ වගේ දේවල් කරාට හැමදාම ගැලවෙන්න බෑ. කවදහරි දිනන්නෙ ඇත්ත විතරයි.

    ReplyDelete
  10. මේ කතාව මම ගොඩක් කාලෙක ඉඳන් තේරුම් අරන් තියෙන දෙයක්. පෝස්ට් එකක් දාන්න හිතන් ඉන්නෙ මේ කරුණ ගැන මමත්.

    ReplyDelete
  11. සීයට දෙසීයක් එකඟයි. ගෑණු ඊටත් එහා.

    ReplyDelete
  12. එතකොට ඔක්කොම අර වැරද්දක් නැති එකාගේ පිටින් යනකම් ඔයා ලා කට පියාගෙන හිටියද

    ReplyDelete
  13. මං අහන්න ආව එක මැලේ රාළ ආහලා...

    හැබැයි ඉතිං උත්තර නැතත් කමක් නැහැ.. මං ලංකාවේ මිනිස්සු ගැන දන්නවා...

    ReplyDelete
  14. ඔහෙ පලයං දැන් දීපන්කෝ උත්තර මේ දෙන්නට

    ReplyDelete
  15. ඉතිං පොඩි එකා පිටේ වැරැද්ද පටවනකල් බොලා කටවහගෙන බලං හිටියද.

    ReplyDelete
  16. කාලයට අනුව අනුවර්තනය විය හැකි අවස්ථාවාදි කටුස්සන්...

    කොහෙත් ඉන්නවලුනේ ඔය ජාතියෙ කටුස්සෝ.

    ReplyDelete
  17. හෙහ් හෙහ් රස්සාවේ එක්ස්පිරියන්ස් කියන්නේ ඕවට බන්... සබ්ජෙක්ට් එක දැන ගන්න එක විතරක් මදි... මොන රටේ මොන රස්සාව කලත් ඔය වගේ ඩයල් ඉන්නවා..

    ReplyDelete
  18. අඩුපාඩුවක් හරි වැ‍රැද්දක් හරි නම් පහත් තැනින් ගලා යයි ජලේ.. හැබැයි හොඳක් නම් ඒ මූලධර්මෙන් පිට...

    ReplyDelete
  19. මිනිසා කියන සතා තමයි විශ්වාස කරන්නම බැරි. සතා සිව්පාවෝ ඇත්තටම හොඳයි. හැබැයි මලේ අපි කාටවත් වරදක් නොකරනවානම් අපිට වරද්දන එකත් ඒතරම්ම ලේසි වෙන්නේ නෑ. උඹට ජය මලේ!!

    ReplyDelete
  20. ඒකනම් ඇත්ත තමයි කවදාවත් බෙහෙත් දෙන්න බැරි ලෙඩක් තමයි ඕක

    ReplyDelete
  21. මං අහන්න හදපු දේ අර මැලේ රාළයා අහලා තියෙන්නෙ...මම ඔතන හිටිය නම් ඒකා මොන ලොක්කා උනත් රෙදි ගැලවෙන්න කථා කරන්නෙ...අයුක්තියට එරෙහිව කථා කරන්න භය වෙන්න එපා බන්...මම ඔහොම අනුන් වෙනුවෙන් කථා කරලා ඇති සෑහෙන වාර ගානක්...මාත් එක්ක එකට වැඩ කරපු උන් ඒ ගැන හොදට දන්නවා...

    ReplyDelete
  22. ඕකනේ මම කිව්වේ මධු

    "සත්තු ළඟ තියෙන ගුණේ නැති අය මට එපා."

    කියලා...

    දැන් පේනවද මම මේවා කට කහනවට කියන ජාති නෙවෙයි කියලා ...

    ReplyDelete
  23. මිනිස්සු පුදුම ජාතියක් නේන්නම්. පාට පාට මල් වගේ . සමහර ඒවාල ඉතින් නටුවල කටුත් තියෙනවලු. :)

    ReplyDelete
  24. හැමෝම ඔහොම තමයි තමන්ට වාසියක් වෙන්නයි වැඩ කරන්නෙ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.