29 December 2013

යාපහුවට ගිය ගමන

යාපහුවට යන ගමන මුලින්ම පටන් ගත්තේ මං අපේ නදී අක්කලාගේ ගෙදර ගිය දවසේ. එදා එයත් එක්ක ඇති වෙච්ච කතා බහේ දී අපි යාපහුවේ යන්න ඕන කියල හිතා ගත්තා. එයගේ යාළුවෙකුත් ඉන්නවා යාපහුව රජමහා විහාරය ලඟ. එයාවත් එකතු කරගෙන මේ ගමන යන්ඩයි අපි එදා කතා උනේ.

ඔය කතාවෙන් පස්සේ අද (29 වෙනිදා) යාපහුවේ ගමන යන්න දින දාගත්තා.

මාත් අපේ අම්මවයි මල්ලිවයි එක්ක යන්න හිතුවට මල්ලිට ඉස්පිරිතාලේ යන්න වෙච්ච නිසා එයා ආවේ නෑ. අම්මයි තව අපේ මල්ලිලා නංගිලා රොත්තකුත් එක්ක මේ ගමන යන්න සූදානම් උනා. ගමන සූදානම් උනාට මේ ගමනේ ප්‍රධාන සංවිධායිකාවට ඒ කියන්නේ අපේ නදී අක්කට එන්ඩ උනේ නෑ...

නමුත් එයා අපිට එයාගේ යාළුවාව ලෑස්ති කරලා දුන්නා ගමනේ මග පෙන්වන්නා විදිහට. ඒකත් ලොකු උදව්වක් !

යාපහුවට යන්න කෝච්චියෙන් ගිහින් මහවෙන් බහින්ඩ ඕන. ඊට පස්සේ මහව බස් නැවතුමෙන් ගල්ටැංවැව බස් එකෙන් යාපහුව පංසල ගාවටම ආවෑකි. කුරුණෑගල ඉදලා එනවා නං කුරුණෑගල මහව බස් එකේ ඇවිත් මහවෙන් බැහැලා ගල්ටැංවැව බස් එකේ යන්ඩ ඕන.

ඔන්න කතා කරගත්තු දවසේ ඒ කියන්නේ අද. උදේ 6.05ට තිබ්බ යාල් දේවියෙන් මහව ස්ටේශමට ආවා. ස්ටේශමට අපි එනකොට කියපු වෙලාවට වඩා පෑ බාගයක් ප්‍රමාද වෙලා. ලංකාවේ කෝච්චිනේ ඉතිං !

ඒ වෙනකොට අපේ මග පෙන්වන්නියත් ඇවිත් හිටියා.

එයත්තෙක්ක කතාවක් දාගෙන මහව බස් නැවතුමට ආවා. ඉරිඳා නිසා ද මන්දා ගල්ටැංවැව බස් එක තිබ්බේ නෑ. ඉතිං අපි ටික වෙලාවක් බස් ස්ටෑන්ඩ් එකේ තැග් ගැහි ගැහි ඉන්නකොට ඕං බස් එකක් ආවා. අපි බස් එකට නැග්ගට බස් එක යන්නේ තව පැයකට පස්සේ.

මොනා කරන්නද ඉතිං බස් එකේ නැගලා අපේ මග පෙන්වන්නියත්තෙක්ක පොඩි කතාවක් දාගෙන උන්නා. එයා වැඩ කරන්නෙත් අපේ නදී අක්කා වැඩ කරන කන්තෝරුවේමයි !

ඕං පැයකට පස්සේ බස් එක පිටත් උනා. බස් එක පිටත් වෙලා පෑ කාලක බස් ගමනකින් පස්සේ යාපහුව පන්සල ගාවින් බැහැගත්තා. අපි ඒ වෙනකොට උදේ කෑමත් නොකා හිටියේ. ආපු හැටියෙම කලේ අපි ගෙනාපු සීනි සම්බෝලයි පානුයි අපේ මග පෙන්වන්නියටත් දීලා අපිත් කෑවා. බඩිගින්න වැඩිකමටද මන්දා ඒ සීනි සම්බෝලයයි පානුයි සෑහෙන රසක් තිබ්බා ! :)

උදේ කෑම කාලා ඉවර උනාට පස්සේ අපි කන්ද නගින්ඩ පටං ගත්තා. මේ තියෙන්නේ කන්ද නගින්ඩ පටන් ගත්තු තැන.

ඔය පඩි පෙල් ටික නැගගෙන එනකොට  යාපහුවට ප්‍රසිද්ධ යාපහුවේ සිංහයා උන්නා. මේ ඉන්නේ ඔය කියන සිංහයා. රුපියල් දහයේ නෝට්ටුවෙත් ඉන්නේ ඔය සිංහයාලුනේ... :)


මේං මේ වාගේ පඩි පෙලක් තමා කන්ද නගින්ඩ තියෙන්නේ.. මම් ඉස්කෝලෙන් එන දවස්වල මෙච්චර හොඳ පඩි පෙලක් තිබුනේ නෑ. ගස් ගල් වල එල්ලි එල්ලි කන්ද නැග්ගේ. දැං නං මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් පඩිපෙල් හදලයි කියලා අපේ මගපෙන්වන්නිය පැහැදිලි කලා.


කන්ද නගිනකොට වටාපිටාව පෙන්නේ මෙහෙමයි. ඔය ලඟින්ම තියෙන කන්දේ ඉදලා යාපහුව කන්දට උමගක් තියෙනවලූ. ඒකත් කිව්වේ අපේ මගපෙන්වන්නිය !


මේකත් කන්දට පෙනෙන දර්ශනයක් !


කන්ද නගින අතරෙදි අපි දැකපු පොකුණක් තමයි මේ.


මේ තව ටිකක් දුරට කන්ද නැග්ගහම තියෙන ගුහාවක්...


අමාරුවෙන් අමාරුවෙන් කන්ද මුදුනට නැග්ගහම මුලින්ම හමු වෙන්නේ මේ තියෙන ගරා වැටුනු චෛත්‍යය රාජයා. මේ චෛත්‍යය ඒ දවස්වල ලස්සනට තියෙන්ඩ ඇති...


මේකත් ගරා වැටුනු සෑයක් මයේ හිතේ...


කන්ද උඩට නැග්ගහම අපි කන්ද නගින්ඩ පටන් ගත්තු තැන පේන්නේ මෙන්න මෙහෙම..


 කන්ද නැගලා බහිනකොට සෑහෙන මහන්සියි. ඒ වගේම බඩගිනියි.අපේ මගපෙන්වන්නිය අපට කෑම ගෙනත් තිබුන නිසා හාවක් හූවක් නැතුව ඒ කෑම ටික රසවින්දා !

කෑම කාලා නෙල්ලි ගස් හෙවනේ ටික වෙලාවක් ඉදලා අපි විහාරය පැත්තට ගියා. මේ තියෙන්නේ විහාරගෙයි ඉදිරිපස පෙනුම.


මේ තියෙන්නේ විහාරගෙයි ඇතුලත දර්ශන කිහිපයක් !



විහාරෙත් වැඳපුදාගෙන අපි ගෙදර එන්න බස් එකට නැග්ගා.බස් එකෙන් මහවට ඇවිත් පුරුදු විදිහට කෝච්චියේ එල්ලුනා. ගෙදර එනකොට හය හමාර පහු වෙලා !

අද දවසත් සතුටින් ගත කලා කියන සිතුවිල්ලෙන් ඉන්න ගමන් මේ පොස්ට් එක ලිව්වා... !

අපේ මග පෙන්වන්නියටයි නදී අක්කටයි ස්තූතියි. ! ඒත් අපේ නදී අක්කට එන්ඩ උනේ නැති එක නිසා පොඩි දුකකුත් හිතේ නැතුවාම නෙමෙයි... !

29 comments:

  1. මහා ලොකු දුරක් නෑ එක අතකින් ගෙදර ඉදන්. ඒත් තවම යන්න බැරි උණානේ

    ReplyDelete
  2. මාත් තාම නොගිය තැනක් තමයි ඔය....

    ReplyDelete
  3. ගිහින් නැති තැනක්..

    ReplyDelete
  4. යාපහුවේ තියන සිංහ රූප දෙකෙන් එකක පින්තූරයක් ඔබ මෙහි දක්වා තියනවා. මෙවැනි සිංහ රූප දෙකක් තියනවා. ඒ දෙක අතර එකම එක වෙනසක් තියනවා. මොකක්ද ඒ?

    ReplyDelete
  5. මේ දවස් ටිකේ ඇවිදිනව වගේ :)

    මං මේ යන්න හිතාගෙනම ඉන්නෙ රුපියල් දහයෙ සිංහයව බලන්න ..මේ දක්වා තාම කිසිම දවසක යන්න හම්බුනේ නෑ .. යන්ටෝනි :)

    ReplyDelete
  6. අවුරුද්ද ගෙවෙද්දී දැන් කට්ටියම ඇවිදිනවා වගේ.. මාත් යපහුවේ නම් ගියා දැන් හුඟ කාලෙකට කලින්..

    ReplyDelete
  7. යාපහුවේ ගිහින් නෑනේ. :( විස්තරේ දැක්කට පස්සේ රුපියල් දහයේ සිංහයා බලන්ටම හිතුණා.

    මෙයා නිවාඩුවේ හොඳට ඇවිදිනවා. ඉතින් අර නංගිත් ඔයා එක්ක යනවද හැමතැනම. :)

    හැමෝටම කේක් බෙදන්ට වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා මධූට.:D

    ReplyDelete
  8. යාපහුවට උදේ හවස ගිය කාලයක් තිබුණා... මේ ගල් ගුහාව එහෙම හොඳට මතකයි. තව උඩත් තියනවා පොකුණක්.

    ReplyDelete
  9. පෝස්ට්කටුවක් දාන්නම ගිය ගමණක් වගේ.. හැක්..

    ReplyDelete
  10. හරි ශෝක් ගමනක් නේ පඩිපෙල දැක්කම නම් බඩ දනව උඩටම නැගින්නත් එපැයි

    ReplyDelete
  11. අපිත් යාපහුවෙ ගියා ඉස්කෝලෙ ට්‍රිප් එකක් යද්දි... ළඟකදි නම් ගියෙ නෑ.

    හැබෑට ඔහොම ට්‍රිප් ගිහින් කන කෑමවල පුදුම රසක් නේද තියෙන්නේ?

    ReplyDelete
  12. මමත් යන්න හිතන් ඉන්න තැනක්

    ReplyDelete
  13. යක්ෂයා :
    ඒකනේ.. ලඟ ඉදලත් යන්න බැරි උනා කියන්නේ නැතුව දෙතුන් දෙනෙක්වත් එක්කාසු කරගෙන යන්ඩ.. :)

    Amila Prabath Samarakkodi :
    මං ඔය කියලා තියෙන්නේ යන විදිහ. කට්ටියකුත් සෙට් කරගෙන ගිහින් එන්ඩ. දවසින් ගිහින් එතෑකි.

    හරී :
    දෙන්නා දෙමහල්ලෝ සෙට් උනා නං දවසින් ගිහින් එතෑකි. ආයේ එනකොට 1.10ට තියෙම මහව අල්ල ගත්තා නං 4 වෙද්දි රාගම !

    Wicharaka Asami Dakimi Soyami :
    මොකද්ද ඒ වෙනස ? දැනගන්නත් ආසයි.. කියමුද බලන්න.

    ReplyDelete
  14. සමී :
    ඔවු.. කම්මැලිකම යන්නත් එක්ක ඇවිදිනවා.

    Dinesh :
    ආයේ ලංකාවට ආපු දාක බලන්ඩ යන්න ඕන ලිස්ට් එකට යාපහුවත් දමා ගන්න. එතකොට දෙන්නත්තෙක්ක ගිහින් එතෑකි. මල්ලි කොහොමද ඔපරේශන් එක සාර්ථකව උනා නේද ? දැන් සම්පූර්ණ සුවයි නේද ?

    Podi Kumarihami :
    අනිවාර්යෙන්... සමහරවිට ඊලඟ අවුරුද්දේ මම කේක් බෙදාවි. :)
    නෑ.. නෑ.. ඒ නංගි ගියේ නෑ.

    තිසර :
    ඒ මොකෑ උදේ හවස ගියේ ? වැඩ කලේ එහේ ද ?

    ReplyDelete
  15. බැලින්නන් කට්ටියම ට්‍රිප් ගිහින් මේ දවස් ටිකේ -_- හ්ම්ම්

    ReplyDelete
  16. දේශක යා :
    හික්ස් :)
    අපෝ නෑ.. කලින් ඉදන්ම ප්ලෑන් කරගෙන ගියපු ගමනක් මේක. තිබ්බ පින්තූර ටිකෙන් පෝස්ට් එකක් ලීවා.

    නදී :
    ඔවු.. ඒ පඩි ටික නම් ටිකක් අමාරුයි. ඒ ඇරෙන්න අනිත් ටික නම් හිට ඉට නැග්ගෑකි. ඔයාව සෑහෙන්න මතක් උනා මට. අපි ආයෙම දවසක යමු !!

    සිතුවිලි සිතූ :
    අනිවාර්යෙන්ම.. මහන්සියයි බඩගින්නයි එක්ක කන කෑමවල රසත් වැඩියි.

    කෝරලේ මහත්තයා :
    එහෙනම් දවසක ගිහින් එමු !
    තව එකෙක් සෙට් උනත් ඇති ගිහින් එන්න පුලුවන්.

    ReplyDelete
  17. සිහින මදාරා :
    ඒක නේන්නම්...
    ඔයත් දවසක මහත්තයත් එක්ක සෙට් වෙලා යමු. එතකොටනේ ශෝක් ! :)

    ReplyDelete
  18. මධුරංග මේ දවස් වල හැම තැනම ඇවිදින්න පටන් අරගෙන..හොදයි හොදයි අපිටත් අලුත් විස්තර දැන ගන්න පුලුවන්නෙ..

    ReplyDelete
  19. යාපහුවෙ නම් ගිහින් තියෙනවා... ශෝක් ගමන...

    ReplyDelete
  20. @Wicharaka Asami Dakimi Soyami :,

    වෙනස තමයි එක සිංහ රූපයක් තියෙන තැන නෙමෙයි අනික තියෙන්නෙ. තියෙන තැන් දෙක වෙනස්. :D

    ReplyDelete
  21. මධුවෝ කමෙන්ට් වලට එතනම රිප්ලයි දාන්න පුළුවන් විදිහට මේක හදපන්කො.

    ReplyDelete
  22. අඩේ පට්ට ගති යන්ට ඕනෙ ඒ පැත්ත බලා කියා ගන්න,.... එල එල....

    සුබ අලුත් අවුරුද්දක් වේවා මඩුවෝ....

    ReplyDelete
  23. යාපහුවෙනම් ගිහින් තියෙනවා. අර කලින් ගියා වගේ නම කියන්න බැරි තැනකට ආයේ ගියේ නැද්ද?

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. මධූ අයියා මේ දවස්වල සංචාරකයෙක් වෙලා වගේ :) මමත් තාම යාපහුවේ ගිහින් නෑ. අර ‍පඩි පෙළ දැක්ක ම යන්න බෑ බෑ වගේ. ලබන 2014 සුභ ම සුභ වසරක් වේවා!

    ReplyDelete
  26. අදහස් දැක්වීම් වලට එතනම් පිළිතුරු ලියන්න හැකි ආකාරයට සකසනවානම් මගේ ප්‍රශ්නයට පිළිතුර පැහැදිලිව සහ සවිස්තරාත්මකව ලියන්න පුළුවන්.

    ReplyDelete
  27. රජ වීදියේ උමේෂ් :
    වෙලාවක බ්ලොග් සෙට් එක එකතු වෙලා යමුකෝ කොහේ හරි !

    තුශානි :
    හ්ම්ම්.. ශෝක් ගමන !

    හරී :
    එහෙම රිප්ලයි දාන්න හැදුවහම ටෙම්ප්ලේට් එක ඇල ගහනවා නේ.

    ගාලු කොල්ලා :
    සුබ අවුරුද්දක් වේවා ගාලු කොල්ලෝ !

    ReplyDelete
  28. ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    ආයේ එහෙම ගමනක් ගියේ නෑ.. ගියහම කියන්නම්කෝ..

    ධාරා :
    අපෝ පුංචි කෙල්ලෝ ඔහොම හිතන්ඩ නාකයි. ඔය කාලේ යන ගමනක් තමා ඉතිං ආයේ වයසට ගිහින් මෙවුවෑ නගින්ඩ කියලා යෑ.. :)

    Wicharaka Asami Dakimi Soyami :
    ආයෙම ට්‍රයි කරලා බලන්නම්කෝ.. දැං උත්තරේ කියන්ඩකෝ !

    ReplyDelete
  29. හම්මේ යාපහුව... :)
    අපි දෙන්න පතාගෙන ගියපු ඉංගිරිසි පන්තියෙ විනෝද චාරිකාව ගියෙත් ඔහෙ නොවැ. ඉතිං ඒ කාලෙ අපි හොද යාලුවො නිසා මට ඔය කන්ද නගින්න මහත්තය නොකරපු උදව්වක් නෑ. අර යන්න අමාරු තැන්වලට එයා කලිං නැගල මට අත දෙනව උඩට නැග ගන්න.. :)
    ආයෙ යනව නං ඉතිං දූ පැටිය ලොකු උනාම තමා..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.