23 December 2013

සිත්තරාගේ බිරිඳ

නත්තල හන්දා මේ සතිය ම මට නිවාඩු.. ඒ නිසා නිවාඩුවේ කියවන්න හොඳ පොත් ටිකක් ගත්තා. පොත් කිව්වහම තමා මතක් වෙන්නේ අපේ මල්ලි යාළු වෙලා ඉන්න ගෑල්ලමයගේ මාමණ්ඩියත් පොත් කාවෙක්.. කාවෙක් විතරක් නෙමේ ලේඛකයෙක් !

උන්දෑ කෙටි කතා පොතක් ලියලා සිත්තරාගේ බිරිඳ කියලා.මටත් ඔයින් කොපියක් දුන්නා කතු තුමාගේ තිළිණයක් විදිහට.. මාත් ඉතින් ආසාවෙන් කියෙව්වා. ඇත්තටම පොත හොඳයි...

මේ ලඟදි මට මලයගේ මාමණ්ඩියව හම්බ උනා. ඒ වෙලේ ඔය පොත ගැනත් කතා උනා.

"මාමේ, මං ඔයා ලියපු පොත කියෙව්වා.. "

 "කොහොමද පොත ගැන අදහස් ?" මාමා මගෙන් ඇහුවා.

"වරදක් නෑ.. ලස්සන කෙටි කතා ටිකක්... ඒ උනාට සිත්තරාගේ බිරිඳ කියන කතාව ලස්සන නෑ.. ඒ ඇරෙන්න අනිත් ටික ලස්සනයි."

ඕං ඔහොම කිව්වා විතරයි උන්දෑ මූන වහින්න ලං වෙච්ච අහසක් වාගේ කළු උනා. මල්ලිත් මට මුකුත් නොකියා බිම් බලාගෙන හිටියා. මං ඉතිං වරදක් කිව්වේ නෑ නේ... මං කිව්වේ මගේ අදහස් නේ.

ඔහොම පොත් ගැන කතා වෙවී ඉදලා ගෙදර ගියයි කියමුකෝ.

"මොකෝ බං අයියේ පොත ගැන අරෙහෙම කිව්වේ ?" අපේ මලයා මගෙන් ඇහුවා.

"නෑ ඉතිං මට හිතුන දේනේ කිව්වේ.. මගේ අදහස් නේ.. ඉතිං හම්බ වෙච්ච වෙලේ මූණටම කිව්වා."

"යකෝ... ඒක ඒ මනුස්සයාගේ ජීවිත කතාව... ඒකයි අරහෙම අප්සෙට් උනේ !"

"හුටා !  ඉතිං කවුද බං ඕවා දන්නේ..."

දැං ඉතිං උන්දෑ ලියන ඊලඟ පොත තිළියක් විදිහට ලැබෙනවා බොරු ! පාඨක අදහස් වලට ලේඛකයා මෙච්චර උරණ වෙනවයි කියලා දන්නේ අදනේ.
මාත් කර ගන්න විනාස !

22 comments:

  1. ඔය වගෙ මුනට කියල කෙලව ගත්ත සීන් එකක් හැලපෙටත් වෙලා තිබුන

    ReplyDelete
  2. අඩේ තමන්ගේ නිර්මාණ වලට ගොඩක් අය සංවේදී. ඒකෙන් කියන්නේ නෑ වැරැද්දක් පෙන්නලා දෙන එක වැරදි කියලා. මෝල් ගහෙන් දමලා ගැහුවා වගේ ඔහොම කියද්දී අර මනුස්සයාට අවුල් ගහන්න ඇති අනිවා. හොඳ වෙලාවට ඒ උඹේ මාමණ්ඩියා නොවුණේ. නැතිනම් ඉතිං මඟුලත් ඉවරයි

    ReplyDelete
  3. සතියක්ම නිවාඩු දුන්නෙ උඹලගෙ ඔපීසියෙ ලොක්කො නත්තල් පප්පට ඇදලා ගෙවල් ගානෙ යනවද ?

    ReplyDelete
  4. ශෝක් නත්තල් නිවාඩුව...

    පාඨක අදහස් කියන්න ගිහින් හරිම වැඩේ නේද වෙලා තියෙන්නේ....

    ReplyDelete
  5. ඒක තමයි යකෝ කියන්නෙ පනින්න පෙර සිතා බලනු කියල.මේව කට කහනවට කියපුව නෙවෙයි..

    ReplyDelete
  6. හපූයි. මාමණ්ඩිට වහකන්න හිතෙන්න ඇති.

    ReplyDelete
  7. your brother's girlfriend's "maamandi" is your father... :)

    ReplyDelete
  8. ඔයා ඒ කෙටි කතාවේ කතාව ගැන මුකුත් සඳහන් කරලා නෑ.

    දැන් කාලේ ඇත්ත උණත්, බොරු උණත්, තමන්ගේ අදහස් උණත් ඒවා ප්‍රකාශ කරන එක පරිස්සම් විය යුතු වැඩක්.:(

    දැන් එහෙනම් අය්යට වගේම මල්ලිටත් ගෑනු ලමයෙක් ඉන්නවා නේ? :D

    ReplyDelete
  9. ඒ උනාට මමනම් හිතන්නේ අපි සාර්ථක හා පරිනත නිර්මාණ කරැවකු වන්නේ අසුභවාදී විවේචනත් සුභවාදී විවේචන මෙන්ම අපට දරාගන්න පුළුවන් උනදාට.
    පහත තියෙන්නේ මම මගේ කවි ගැන විවේචනයක් දෙන්න කිව්වාම මංජුල වෙඩිවර්ධනයන් මට කී දේ
    " මම ඒ ගැන කියන්නම්. හදිසියෙ යමක් කියන එක සාධාරණ නෑ. මේ කලබල ටිකක් අඩුවණාම මම නිදහසේ ඒ ගැන කියන්නම්. ඇත්ත විතරයි කිව යුත්තේ. ව්‍යාජ වැනීම් විසින් සිදුකෙරෙන්නේ බරපතල නරකක්."

    ReplyDelete
  10. කොරල තියෙන්නේ ..ඔය අවංක අදහස් කියන්න ගොඉහින් මටත් ඔහොම වැඩ වෙලා තියෙනව . ලියවිලි වලට විතරක් නෙමේ . කෑම බිම වලටත් ඔය සේතේම තමයි . දැන් නම් ඉතින් වෙච්ච මහන්සිය ගැන හිතල එක්කෝ හොඳයි කියනව . කියන්නම බැරි වෙලාවක මුකුත් නොකියා ඉන්නවා . සතියක්ම ..අම්මෝ ..මෙහෙ නම් ජාත්‍යන්තර පාසල් විතරයි නිවාඩු . මෙහෙ ඉස්කොලවත් නිවාඩු නැහැ . කොටින්ම කිසිම ආගමික නිවාඩුවක් නැහැ මෙහේ. කඩවල් හෙම සරසලා තිබ්බට .

    ReplyDelete
  11. මොන දේ ගැන උනත් කෙළින්ම අදහස් ප්‍රකාශ කරන එක හෙනම බයානකයි දැන්.. හොඳක් කියන්න බැරි නම් නිශ්ශබ්දව ඉන්න එක තමයි හොඳම දේ..

    ඒත් එහෙමයි කියලා ඉතින් වැරදි නොපෙන්වලම ඉන්නත් බැහැනේ..

    ReplyDelete
  12. මටත් ඔහොම වෙලා තියෙනවා. කරුමේ කියන්නේ වෙන කෙනෙක් එක්ක නෙවෙයි අපේ අම්මගේ පොතක් විවේචනය කළා එයාගේ යාළුවො ටිකක් ඉන්න කොට. දවස් 2ක් විතර කතා කලෙත් නැහැනේ. පස්සේ බැලුවම කේස් එක මගේ පොතේ වරදක් නෙවෙයි. හික් හික් හික්

    ReplyDelete
  13. අයියු සල්ලි..... කෙටි කතා පොත හොයන් බලන්න ඕනේ... හැක්

    ReplyDelete
  14. කාට කියන්ඩද මේවා.ඔන්න විවේචනේ කරනවනං ඇනෝ කොමෙන්ට් එකක් දාපං.හොඳ කියනවනං මූණටා කියපං නියම ප්‍රොෆයිල් එකෙන් ඇවිත්

    ReplyDelete
  15. මම නං ආයෙම ඒ මෝඩ වැඩේ කරන්න යන්නෙ නෑ,නත්තලට මෙහෙත් නිවාඩු නෑ බින්දිලට වගේම හැබැයි අපිට නං නිවාඩුවක් හම්බවුනා

    ReplyDelete
  16. ඔහොම් වැඩක් මටත් වුනා බං , මොකද කියවපුවා ආයේ ඉල්ල ගන්න කියලද? මිනිහා දැන් මාව ඩෝන්ට් කෙයාර් .

    ReplyDelete
  17. මධූ, ලියලා තියෙන විදියට තේරෙන්නෙ ලේඛක අංකල් බොලා ගෙ තාත්තා කියලානෙ බොල.

    //මල්ලිගෙ ගෑණූලමයගෙ මාමණ්ඩි// :-) (ඒ ගෑණු ලමයගෙ අම්මගෙ සහෝදරයෙක්ද?)

    කොහොම උනත් තමන්ගෙ ජීවිතේට ඒ තරම් සමීප නිර්මාණයක් විවේචනය කරත්දි දුක හිතෙනවා නේන්නම්.

    ReplyDelete
  18. හුටා නේන්නං මධුවො. අදහස් ප්‍රකාශ කරන්න කලිං මලයත් එක්ක විස්තර කතා කරා නං බොට මෙහෙම වෙන්නෙ නෑ. මලයගෙ කසාදෙට අවුලක් නෑනෙ නේද? :)

    ReplyDelete
  19. දිනුක සමග එකඟයි.... :D

    ජීවිතේට දැකලා නැති ඇනෝලා එනවා කේස් එකක් යද්දී නම්... හැබැයි හොඳක් කියන්නේ ප්‍රොෆයිල් කාරයෝ විතරයි...මොනවා උනත් මධු ඔය මාමණ්ඩියා රිටන් එක දෙයි බොට... වයසක උන්දලා නෙව... හිත රිද්දන්න යනවා හෙම නෙවේ ඕන්...

    ReplyDelete
  20. මොනවා කරන්නද බං....ඇත්ත කියන්නත් එපැයි. කතාවේ තේමාවද අප්සට්..ලියලා තියෙන විදිහද?

    ReplyDelete
  21. කතාව කොයි වගේ ද දන්නෙ නෑ නේ. එහෙනම් දුක්බර කතාවක් වෙන්න ඇති.

    ReplyDelete
  22. හපොයි... කෙලින්ම කියන්න ගිහින් වුන දෙයක්..:D

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.