02 December 2013

දික්කසාද කේක් ගෙඩිය

අද අපේ කණ්ඩායමේ ඔක්කෝම අය නිවාඩු ගිහින්... මම විතරයි ඉන්නේ. දන්නවනං මාත් නිවාඩුවක් දාලා ගෙදර ඉන්නවා. කොහෙද ඉතිං මෙවුන් නිවාඩු දානවයි කියලා කලින් දන්න එකක් යෑ.. !

අද වැඩත් එච්චර නෑ... තිබ්බ වැඩ ටික උදෙම්ම ඉවර කර ගත්තා ... කතා කරන්නවත් කවුරුත් නෑ.. මේ පැත්තම පාළුයි.. ඒහින්දම කම්මැලියි ! කම්මැලිකම යන්ඩත්තෙක්ක බ්ලොග් ටික කියෙව්වා.. කමෙන්ට් කලා... ඒත් වෙලාව ඉතුරුයි..

ඉතුරු වෙලාව ගෙවා ගන්න මොනවහරි ලියනවා.. එහෙම හිතලා බ්ලොග් එකට ගොඩ උනා.. කලින් ලියපු පෝස්ට් එකක් එහෙ මෙහේ කරලා ගත්තා... :)

ඒක නෙමේ....අහලා තියෙනවද දික්කසාද කේක් ගැන ?  තවත් තේරෙන විදිහට කියනවා නං ඩිවෝස් කේක් !!

ඩිවෝස් කේක් අපට ආගන්තුක උනාට බටහිර රටවල් වල නම් මේ ජාතියේ කේක් භාවිතා වෙනවා ලූ.

පහලින් තියෙන්නේ ඒ කේක් ගෙඩි ටිකක පින්තූරු !

                         කේක් ගෙඩියෙන් පහලට තල්ලු කර මැරවීම...


                                   මෙහාට්ට වරෙං යන්ඩ.... !


                                    මං උබට වෙඩි තොයනවා යකෝව්... !!
 

                                මූව කුණු ගොඩටම දාන්ඩ ඕන !


                                  බෙල්ල ගලවලා අතට ගත්තා.... !


අන්තර්ජාලයේ හොයලා බැලුවොත් මේ ජාතියේ කේක් ආකෘති සෑහෙන ප්‍රමාණයක් හොයගත්තෑකි. මගේ එකම ප්‍රාර්ථනය වෙන්නේ මේ ජාතියේ කේක් හදන එක සදහටම නවතීවා කියන එක !!!

මොකද ඉතින් මෙහෙම කේක් හදන්න වෙන්නේ දික්කසාද වෙන එවුවොන්ටමනේ... !

38 comments:

  1. දැන් ඉතින් ගෑනු විතරලුද පිරිමි දික්කසාද කරන්නේ? කේක් ගෙඩිවලින් නම් පේන්නේ එහෙමයි. :)

    ReplyDelete
  2. වෙඩින් කේක් නැතුව කෙලින්ම මේකක් හදා ගන්න බැරිද?

    ReplyDelete
  3. කිව්වත් වගේ හැම එකේම ගෑනු නේ පිරිමින්ව දික්කසාස කරලා තියෙන්නේ, එකෙන්ම පේනවා නේද පිරිමි මොන තරම් අහිංසක ජාතියක්ද කියලා ...:D

    ReplyDelete
  4. meken kiyavenne dikkasada vena ekath cake kanna tharam preethiyak bavado mandaa :D

    ReplyDelete
  5. පිරිමින්ට කේක් නෑ !!

    දික්කසාද අරක්කු නං තියනවා ! :-)

    ReplyDelete
  6. මධුරංග මේ බ්ලොග් එකේ කොමෙන්ට් එකකට එතනම රිප්ලයි කර්ම බෑ නේද??? බලන්න අච්චර නිර්ව්‍යාජ ප්‍රකාශයක් කරලා තියෙන ඉවාන්ට හුරේ එකක් දාන්නන විදියක් නැනේ

    ReplyDelete
  7. බැන්දොත් නේද දික්කසාද වෙන්න වෙන්නේ

    ReplyDelete
  8. මැලෙ කියන්න වගෙ ඉවාන් තමයි නියම ඇත්ත දැක්කෙ

    ReplyDelete
  9. උඹට වැරදිලා අර බැඳපු එකාව 'මෙහාට වරෙං යන්ඩ' කියලා හනිමුං කාමරේට ඇදං යන තදියං වෙච්ච උන්දැගේ කේක් එකත් මේ දික්කසාද ගොඩේ දාලනේ.එහෙව් ගෑනු වාසනාවයි බොලව්!

    ReplyDelete
  10. ලඟ පිකප් වාහන වල ඉක්මනට ක්ලච් ප්ලේට් යනව ආයිබොන්ඩ !!

    ReplyDelete
  11. කේක් නම් හරි රසයි. අද උදේ අපේ මිස් කෙනෙක්ගේ බර්ත් ඩේ එකක් මං අනික් සෙක්සන් එකටගියාම අපේ ටේනිං නංග කිව්වා යන්නෙපා ඉන්න තව විනාඩි දහයක් කියලා. බෙදුවා කේක් එකක් මරු ආහ්..
    බොසාට තිබුන කෑල්ලත් අපි දෙන්නම ගිලල දාන්න ඉදලා එහෙම කරාම ලබනාත්පෙ අපි දෙන්න බොසෙක් වුනොත් කේක් ලැබෙන එකක් නැති නිසා නිකං ඉන්න තීරණය කලා..

    ReplyDelete
  12. මෙහෙම කේක් හදන්න හිතේ තියෙන අය වෙඩින් කේක්වලට වියදම් කරන්නේ අපරාදේ :(

    ReplyDelete
  13. මෙහෙම කේක් හදන්න හිතාගෙන වෙඩින් කේක් හදන්නෙ නෑ නේ ධාරා... හි හි

    මං නං මේවට මුකුත් කියන්නේ නෑ.. මොකද මෙහෙන් පටං ගත්තොත් ඉතිං ඒ ඕඩර් ටිකත් අපෙ අම්මටනෙ... හි හි..

    හැබැයි ඉති ඩිවෝස් වෙලා ජීවිත කාලෙම දෙන්න එක්ක වෛර බැඳන්, එකාට එකා කුණු කතා කිය කිය ඉන්නවට වඩා ඩිවෝස් වෙලා යාලුවෝ නෑයෝ එක්ක ජොලියට කේක් එක්ක කපලා පාටියක් දාලා, තමන් ලැබූ නිදහස සමරලා, එතනින් එහාට අලුත් ජීවියතක් පටං ගන්න එක බොහොම හොඳ වැඩක් කියල මං පෞද්ගලිකව හිතනවා... කොහෙද අපේ කොරන්නෙම ඩිවෝස් උනත් අනිත් එකාට වල කපන්න හදන එකනේ...

    ReplyDelete
  14. දික්කසාද නඩුවක් ඉවර උනාම දෙන්ඩ පටන් ගත්තනම් වටිනව :D

    ReplyDelete
  15. දැනටනම් කොහොමද දන්නෙ නැහැ.හැබැයි ලංකාවෙත් මේ වගේ කේක් හදන එක වැඩි ඈතක නෙවෙයි.

    ReplyDelete
  16. දික්කසාද කේක් ගැන නෙමේ දැන් නං මධුරංග මලයගෙ වෙඩින් කේක් එක ගැන පෝස්ට් එකක් ලියන්න කාලෙ හරි‍ නේද?

    ReplyDelete
  17. එතකොට දික්කසාදේ සමරන උත්සවේටද මෙහෙම කේක් හදන්නේ ?

    ReplyDelete
  18. අපිට නම් ඉතින් ඕන එකකට රහමෙර තමයි. ඒත් ක්‍රිස්මස් එකට නම් මම බොන්නේ ක්‍රිස්මස් කේක් එක්ක. පුදුම රහක් නේ ඒකේ තියෙන්නේ. අපේ ඒවට හදන්නේ බටර් කේක් නේ. මට දිරවන්නෙම නැති කේක් එකක්.

    ReplyDelete
  19. මේ අයිඩියා එකත් නරකම නෑ........

    ReplyDelete
  20. ගෙදරට වෙලා කාලෙ කකා ඉන්න වෙලේ කේක් හදන්න පුරුදු වෙන්න හිතාගත්තා. බර්ත්ඩේ කේක්, වෙඩින් කේක් වගේම ඩිවෝස් කේක් වලටත් ඇණවුම් ලැබෙයි නෙව. :)

    කොයි හැටි වෙතත් අර ධාරා අක්ක කිව්වත් වගේ මේ කේක් කන්න වෙනව නම් වෙඩින් කේක් කන්නෙ අපරාදෙ.

    ReplyDelete
  21. හපොයි මේ කේක් නම් ඕනම නැහැ. ඔව්වා කෑව වගේ නෙමෙයි ළමයින්ගේ වැඩ තනියෙන් කරගහන්න ගියාම.

    ReplyDelete
  22. දැන් ඔය ඔක්කොම තියෙන්නේ ගෑනු පිරිමියා එලවන එවුවද? හරි අසාධාරනයි හැබැයි..

    ReplyDelete
  23. මධුරංගත් හොයාගන්න එව්වා හැබෑටම...

    ReplyDelete
  24. යකෝ කේක් ගෙඩියෙන් උනත් මේ අහිංසක පිරිමි අපිටනෙ මුං හිංසා කරන්නෙ.

    ReplyDelete
  25. මඟුල් කනවා මරණෙත් කනවානෙ.. ඉතින් දික්කසාදෙත් කන ක්‍රමයෛ හොයාගත්තාම කන බොන අයට වාසියි..

    ReplyDelete
  26. රාජ් :
    හ්ම්ම්ම් ...

    Podi Kumarihami :
    නෑ.. ගෑනු විතරයි කේක් හදන්නේ.. පිරිමි කරන්නේ බොන එක නෙහ්..

    යකා :
    ඔවු.. ඒක ලාබයි නෙ :)
    සාදරයෙන් පිලිගන්නවා මගේ අඩවියට !

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    බොලාගේ කටේ රුපියල් 5කාසි පෝලිමක්ම දාන්ඩ හිතෙනවා :)

    කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    හොඳ ප්‍රශ්නයක් !

    පත්තර මල්ලි :
    මල්ලි හරි මල්ලි... !
    දික්කසාද පෙම්බරී කියන්නේ සිංදුවක් නේද මල්ලි ??

    ReplyDelete
  27. S. L. මැලේ රාළ :
    එකපාරක් ඒක හැදුවා.. ඊට පස්සේ බ්ලොග් එක අවුල් යනවා.. ඔතන ඉදන් හුරේ පාරක් දාන්න. කට්ටිය ටිකක් නිසා ඔක්කෝටම ඇහෙයි !

    Naleen Dilruksha :
    නොබැඳ ලිවින් ටුගෙදර් හිටියා නං හරි !

    Damith Gunawaredane :
    ඒක නේන්නම්.. ඉවාන් දක්ෂයා... !

    දිනුක :
    අනේද කියන්නේ එහෙම එවුං වාසනාවයි !

    පත්තර මල්ලි :
    මල්ලිගේ කතාව හරි.. කොට මොඩ්ල් ලඟ පිකප් !

    amila chathuranga :
    ඔවු කියන්ඩ බෑ.. ලබන ආත්මේ බොසෙක් උනොත් ඔය කරපු පවු පලදෙයි :)

    ReplyDelete
  28. ධාරා :
    ඕවා හිතේ තියාගෙන නෙමේද දරුවෝ ඒ දෙන්නා එකතු වෙන්නේ :)

    හිරු :
    කොහෙං උනත් කේක් එකක් නං හිරු එතන !
    ඔවු.. හොඳ වෙලාවට ඒ වගේ සංස්කෘතියක් ලංකාවේ නෑ.. තිබ්බා නං එහෙම ඒ ඕඩර් ටිකත් හිරූ ලෑ අම්මට !

    සසිදු :
    ඔවු.. උසාවියක් ගානේ කඩයක් අටවගෙන හිටියා නං හොඳ බිස්නස් එක !

    රජ වීදිය :
    ඒක නං කියන්ඩ බෑ තමා... ලංකාවේ මිනිස්සු ඕනම දෙයක් ඉස් මුදුනින්ම පිලිගන්න ජාතියක් නේ...

    සිඟිති :
    බොහෝ දුරට ඒක ඊලඟ අවුරුද්දේ වේවි.. බලමු නෙහ්... ! :)

    තුශානි :
    උත්සවයක් සමරන්නේ නෑ තුශා... කේක් එක අදාල කෙනාගේ ගෙදරට යවන එක කරන්නේ.

    ReplyDelete
  29. Maathalan - Priyantha Hewage :
    කේක් කාලා බොන කෙනෙක් ගැන ඇහුවමයි.. එහෙමත් ට්‍රයි එකක් දීලා බලන්න ඕනා..

    Amila Prabath Samarakkodi :
    ඒක නේන්නම්... :)

    අසෙනි :
    ඒවා ඉතින් හිතාගෙන කසාද බඳින්නේ නෑනේ දරුවෝ...
    කේක් හදන්න නෙමේ.. කොයි දේ ඉගෙන ගත්තත් අහක යන්නේ නෑ.. කවදාහරි ප්‍රයෝජනවත් වෙනවා..

    malmi :
    එපා එපා එපාමයි !
    ඒක තමා අක්කේ.. දරුවෝ ගැනත් බලන්න එපෑ..

    Dinesh :
    පිරිමි කවදැයි කේක් යැව්වේ.. උන් කරන්නෙ බොන එකනේ... !

    රෙහානි :
    හිහ්.. ඒකනේ රෙහානි ! :)

    Chathuranga Priyashad :
    ඒකනේ.. කේක් කෑල්ලෙන් හරි හිංසා කරන්න පුලුවන් නං කරයි.. පුලුං කෑල්ලෙන් ගැහුවම මැරෙනවා නං ඒකෙන් උනත් ගහලා මරයි.. :)

    සරත් ලංකාප්‍රිය :
    කොහෙං ගියත් කන බොන මිනිස්සුන්ට තමා වාසිය ! :)

    ReplyDelete
  30. ඔතන වෙන්නේ තිබහ නිසා බීම සැදීම නොව බීම නිසා තිබහ ඇති කරවීම කියන වැඩේ.දික්කසාද හෝ කසාද හෝ මරණ හෝ උපන්දින හෝ මොකක් හෝ වෙනුවෙන් තමන්ගේ කේක් එක අලෙවි කර ගැනීමට පොඩි හේතුවක් සැපයීම තමයි ඔය කරන්නෙ.හරියට ලංකාවේ අද හැම එකකටම ගුප්ත බලවේග පස්සේ යන එක වගේ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  31. බලපුවම ඔක්කොම තියෙන්නෙ ගෑනි මිනිහව දික්කසාද කොරපු කේක් නොවැ,ඇත්තටම මිනිහ ගෑනිව දික්කසාද කරන්නෙම නැද්ද බං.

    ReplyDelete
  32. හෙහ් හෙහ් දික් කසාද කේක් කවද හරි ලංකාවේ තියෙයි දික් කසාද කිරිබත්..

    ReplyDelete
  33. බටහිර උන් හොදයි බන්...උන් ගැලපෙන්නෙ නෑ කියලා දැනුන ගමන් වෙන් වෙනවා...නමුත් ඊට පස්සෙ ඔවුන් හොද යාලුවො...ජීවිතේ එතනින් පස්සෙ විදවීමක් නෑ...ආසියාවෙ නෑදෑයන්ට, අසල්වැසියන්ට භයේ නොගැලපීම ආයාසයෙන් දරාගෙන ජීවිත කාලෙම විදවනවා...නමට විතරක් එක වහලක් යට ඉන්නවා...

    ReplyDelete
  34. සමාවෙයං මධූ මලේ වැඩ පොලේ හරිම කලබල කාරීයි පහුගිය දින කීපය. ඉතිං පරක්කු උනා බ්ලොග් සංචාරය.
    උඹේ කථාව ඇත්ත මලේ. අපිත් එක්ක වැඩ කරන සුද්දෝ 100 කින් ඇහුවොත් පවුල් ගැන 95 ක්ම අවුල්. හරිම සංකීර්ණ ජීවිත. ජීවත් වෙන්නේ අළුත් පෙම්වතා හෝ පෙම්වතිය සමඟ. නිකන් නෙමේ පරණ කසාද වල ළමයිනුත් ඒ අස්සේ.
    අනේ මන්දා ලෝකයට ගිය කලක්. ඉස්සර අපි පොඩි කාලේ ඔය වචනයවත් අහන්න නෑනේ.
    ගෑණු ගෑණු සමඟත් පිරිමි පිරිමි සමඟත් විවාහ වෙනඑකේ
    දික්කසාදේ සුළු දෙයක්. අබුද්දස්ස කාළේ කිව්වලු....

    ReplyDelete

  35. එක කේක් කෑල්ලක් දෙන්න හිතෙන්නේ නැහැ මට නම් .. සේරම ටික මම කනවා !

    ReplyDelete
  36. හරිම පුරුෂ පාක්ෂික කේක් ගෙඩි ටිකක්

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.