මගේ ජීවිතයට සම්බන්ධ ගොඩ දෙනෙක් ගැන බ්ලොග් අඩවියේ ලියලා තියෙනවා. ඒත් මගේ හොඳම යාළුවා ගැන තාම පෝස්ට් එකක් ලියලා නෑ. අද ඒ අඩුව සම්පූර්ණ කරන්ඩ ඕන කියලා හිතුනා.
අසංක සංජීව ! ඌ තමා මගේ හොඳම යාළුවා !
මූව මට මුන ගැහුනේ එකේ පන්තියේදි. එදා ඉස්කෝලේ එකේ පංතියට අළුතෙන් ළමයි භාර ගත්තු දවස. පළවෙනි දවස නිසා හැම ළමයම අම්මලාත් එක්ක ඉස්කොලෙට ඇවිත් හිටියා. එක ශ්‍රේණියේ ටීචර්ලා තම තමන්ගේ පංතියට ළමයි භාර ගත්තට පස්සේ අම්මලා ගෙවල් වලට ගියා.
අම්මලා පංතියන් එලියට ගිය හැටියෙම ගොඩක් ළමයි කෑමොර දීලා අඩන්ඩ ගත්තා. ඒ අතරේ මූත් ඉස්කෝලේ කොට බිත්තිය බදාගෙන ඇඬුවා මට තාම මතකයි. මම පොඩි කාලේ ඉදලා හැදුනේ ආච්චි අම්මා ගාව නිසා අම්මා දාලා ගිය එක මගේ පොඩි හිතට ඒ තරම්ම දැනුනෙ නෑ. ඒ නිසා ඇඬුවෙත් නෑ.
ළමයින්ගේ ඇඬිල්ල අඩු උනාට පස්සේ අපේ පංතිය භාර ටීචර් පංතියේ ළමයි ටික කණ්ඩායම් වලට බෙදුවා. ඒ ඒ කණ්ඩායම් වාඩි වෙන්ඩ ඕන ඩෙස්ක ටිකත් පෙන්නුවා. මගේ කණ්ඩායමට වැටුනේ මායි අසංකයායි රිචඩ් හැරිසනුයි නුවන් චාමරයි. ආහ් තව පොඩ්ඩඩෙං කියන්ඩ අමතක වෙනවා අමන්දා ප්‍රියදර්ශනීයි පුබුදු සුගන්ධිකායි කියලා ගෑල්ලමයි දෙන්නෙකුත් හිටියා !
ඔය කෙල්ලෝ දෙන්නා නං කසාඳ බැඳලා පොඩි ළමයිනුත් ඉන්නවා !
එකේ පංතියට ඇවිත් මාස කීපයක් ගත උනා කියමු. ඉස්කෝලේ නාට්ටියක සුළු චරිත වලට අපේ පංතියෙන් කට්ටිය තේරුවා . ඒකට මාවයි අසංකයාවයි තේරුනා. මාව තේරුනේ කුරුල්ලෙක්ට.. අසංකයාව තේරුනේ මුවෙක්ට !
මම තටු ගහනවා කැතයි කියලා මාව හාවෙක් කෙරුවයි කියලා මතක ඇතිනේ. අරූ නම් මුවා විදිහටම උන්නා. ඔය නාට්ටිය තමා මගේ පාසල් ජීවිතයේ එකම වේදිකාගමනය !
දෙක තුන හතර පංති වලදි කට්ටියම අල්ලං සෙල්ලං කලා මතකයි. ඒ වගේම කොළ ගුලි කරල හදාගත්තු බෝලයකින් එල්ලේ ගැහුවාත් මතකයි. ඒ ඇරෙන්න කියන්න තරම් විශේෂයක් තිබ්බේ නෑ.
ඊට පස්සේ මගේ මතකයේ තිබ්බ හොඳම පංතිය තමා පහේ පංතිය කියන්නේ !
ඒ අවුරුද්දෙදි මාව අපේ අම්මා එඩේරමුල්ලේ තක්සලාව කියලා අමතර පංතියකට දැම්මා. ඒකේ උන්නු සර් මහ අමාරුකාරයෙක්. ළමුන්ට සෑහෙන්ඩ වේවැල් කසාය දුන්නු සර් කෙනෙක් !
මාව ඒ පංතියට දාලා ටික දවසක් යනකොට අසංකයාත් ඒ පංතියට ආවා.
තක්සලාවේ උන්නු වසවර්ති සර් නිසා මම ඒ අමතර පංතියට යන්න ආස උනේ නෑ. ගෙදරින් පෙරැත්ත කරලා එලෝන නිසා පොත් ටිකත් අරගෙන එනවා. ගෙදරින් පිටවෙලා මම ඊලඟට එන්නේ අසංකයාලගේ දිහෑවට. ඌ ගෙදර නැත්නං ඉන්නේ වෙලට ගිහින්.
ඒ වෙනකොට උන්ගේ අම්මා රට ගිහිං නිසා ඌ පංති ආවේ අවාරෙට පොල් වැටෙන්නා වාගේ. මොකද ඉතිං මට වාගේ පංති පල කියලා ගෙදරින් එලවන්ඩ කවුරුත් නෑ නේ. අම්මා රට නිසා ඌ හරි ජොලියෙන් උන්නේ. මොකද රට ටොපි චොක්ලට් එහෙමත් ලැබෙනවා නෙහ්.
උන්ගේ ගේ ගාවට ගිහින් කෑ ගහලා කෑ ගහලා සද්දයක් නැත්තං මං ඊලඟට බලන්නේ වෙල ගාව ඉන්නවද කියලා. ෂුවර් ඇන්ඩ් ෂොට් ඌ වෙල ගාව ඉන්නවා. ඌ වෙලේදි කරන එකම වැඩේ තමා වලවල් හාරන එක. ලොකු වලක් හාරලා ඒකට වතුර පුරවලා, ඉස්ගෙඩි අල්ලලා දානවා ඊට පස්සේ වතුර හිදෙන්ඩ හිදෙන්ඩ තව තවත් වතුර පුරවන එක තමා මූ හවස් වෙනකංම කරන්නේ !
" උබ අද පංති එන්නේ නැද්ද බං ! " මම උගෙන් අහනවා.
"අද බෑ බං... උබ පලයං.. සර් ඇහුවොත් කියහං මට සනීප නෑ කියලා" හොර හිනාවකුත් දාලා ඌ එහෙම කියනවා.
මම පංති ගිහිං එනකන්ම මූ වෙලට වෙලා ඌ හාරපු වලට වතුර පුරව පුරවා ඉන්නවා !
පහේ පංතියේදි අපිට තිබ්බ ලොකුම හිසේ ඇම්ම තමා සිස්සත්තේ ! ඕක පාස් වෙන්ඩ තමා ලොකුම උත්සහය දැම්මේ. ඒ දවස්වල ගණන් වලටත් ලකුණු 15 ගත්තු නිසා මම නං කලිංම දැනං උන්නා මම නං මේ කපේදි පාස් වෙන්නේ නෑයි කියලා. අරූත් පාස් උනේ නෑ.
නමුත් අපි දෙන්නටම ලකුණු 100ට උඩින් තිබ්බා.
මට තාම මතකයි උමඟකින් දුවන මීයෙක්ගේ ගානක් තිබිලා වරුවක්ම ඒක ගැන කල්පනා කර කර හිටිය නිසා රචනාව ලියන්ඩ බැරි උනයි කියලා. මීයා කීවතාවක් බිත්තියේ හැප්පෙනවද කීවතාවක් හැරෙනවද කියලා ප්‍රශ්නත් තිබ්බා. :)
---------------------------------------------------------------------
ප.ලි. - නිදිමතයි වාගේ... හෙට ඉතුරු ටික ලියනවා. සුබ රාත්‍රියක් ! :)
අපි හැමෝටම වගේ ඔය වගේ අපූරැ පාසල් කාළයක් තියෙනවා. හිතං යනකොට කොචිචර දුරට යනවද කියලා හිතා ගන්න බෑ. හරිම සුන්දරයි. ඉතුරැ ටිකත් කියවන්න එන්නම්.
ReplyDeleteමීයා හප්පන්න ඕනේ නිසා නේද කතාව නැවැත්තුවේ
ReplyDeleteමුලින්ම මතු සම්බන්ද උන එකට දැඩි විරෝධය ප්‍රකාශ කරනවා.
ReplyDeleteඇත්තටම ජීවිතෙ පාසල් කාලෙ තරම් අමතක නොවන තවත් මතකයක් නැති තරම් මධූ.
මටත් මතක් උනා ඉස්කෝලෙ ගිය දවස. මාත් ඇඬුවද කොහෙද!
ReplyDeleteහැක් හැක්. නිදිමතයි
ReplyDeleteහේ හේ.. තාමත් ඒ යාලුකම් තියෙනවද??
ReplyDeleteඑතකොට මීයා නිසා ශිෂ්‍යත්වේ පේල් වුනා එහෙනම්. ඕකනේ කියන්නේ මීයට සලකපන් කියල
ReplyDeleteChandana Gunasekera :
ReplyDeleteඅනිවාර්යෙන්ම කියවන්න එන්න.. ඉතුරු ටික හෙට දිහාට දාන්නම් :)
Anonymous :
ෂ්....ෂ්.... ඇහෙයි යකෝ.... (රහසින්) ඔවු ඔවු...ඒකට තමා :)
Chathuranga Priyashad :
ඉතුරු එකත් මේකට වඩා දිග නිසයි දෙකට කැඩුවේ.. හෙට පල කරන්නම්.
රාජ් :
හෙහෙහ්..... මම ඇඬුවේ නෑ.. හූඌඌඌ :)
දේශක යා :
ReplyDeleteඑහෙනං මං ලස්සනට ලියලා... ස්තූතියි දේශකයෝ.. ආහ් නෑ දේශ් !
වර්ෂා ( Rain_Girl ) :
යාළුකම නං තියෙනවා... ඒත් මනුස්සයාව දැක්කේ නෑ සෑහෙන කාලෙකින්
ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
මීයා නිසාම නෙමෙයි.. මීයා එක හේතුවක් විතරයි !
නිදිමත පැත්තක තියල ඔක්කොම ලියපන් බං..අපිට ඉවසල පුරුදු නැහැ..
ReplyDeleteපාසල් කාලේ තමයි ජීවිතේ සුන්දරම කාලේ.. පාසල් යාළුවොත් ඒ තරම්ම සුන්දරයි.. යාළුවා ගැන තව විස්තර ඊලඟ පෝස්ටුවෙන් බලමු එහෙනම් ...
ReplyDeleteඒ නියම ළමාකාලයක් තියෙන්න ඇති. ඒකට අපිට -_- සැක් මට නම් තිබ්බේ ගෙයි ගෙම්බා කාලයක්.
ReplyDeleteවලවල් හාරල වතුර පුරෝ පුරෝ ඉන්න වැඩේ තමා නියම. හැමදාම කරද්දි එපා වෙන්නෙ නැද්ද දන්නෙ නෑ නේද? හි හි...
ReplyDeleteඅනේ ඉස්කෝලෙ කාලෙ නං කොච්චර ජොලිද.. දැං නං ඒ යාළුවො හම්බ වෙන්නෙවත් නෑනෙ.
මංනං සිස්සත්තෙට තිබුන ගනං වලට වඩා ලිව්වෙ රචනාවලට එහෙම තමා. අර වාක්‍ය පහකින් ලියන්න දීපු මාතෘකාවට මට නං ලියන්න ජාති ගොඩක් තිබුන. ‘මං කුරුල්ලෙක් වුනොත්‘ ද කොහෙද මාතෘකාව. වාක්‍ය 5 තිබුන ඉඩේ ලියල තව යටින් තිබුන ඉඩේ හිතේ ඉතුරු වෙච්ච වාක්‍ය ටිකත් ලියලමයි ආවෙ.
මල්ලී උඹ මගේ කවියට දාපු කොමෙන්ටුව අත්වැරදීමකින් ඩිලීට් උනා බං. උඹට කරදරයක් නැත්නම් ආයිත් ඒක දාන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
ReplyDeleteස්තූතියි උඹට!!
හොඳ වෙලාවට අපිට නම් ඔය දුවන මීයන්ගේ ප්‍රශ්න තිබුනේ නෑ :D
ReplyDeleteමට තාමත් මතකයි මම ලිව්ව රචනාව නම් ..."මහ වැස්සකට අසුවීමි" වගේ එකක්. මට මතකයි එකේදී මම වැස්සේ කුඹුරක් මැදින් යන්ඩ ගිහින් වැටිලා, තව බෝක්කුවක් කැඩිලා, ගංවතුරත් ගලලා මහා ලොකු විජ්ජුම්බරයක් උනා!
//ඌ වෙලේදි කරන එකම වැඩේ තමා වලවල් හාරන එක.//
එයා නම් ගිය ආත්මේ මැණික් පතළක් අයිතිකාරයෙක් වෙන්ඩ ඕනෑ :D
ඔය කාලෙට ඉස්ගෙඩි පිස්සුවක් ගහනවා තමා. අපිත් ඔය කාලේදී ඉස්ගෙඩි ජෑම් බෝතල් වල දාගෙන උන්ගේ වර්ධනය සටහන් කරාද කොහෙද!
පොඩි කාලෙ යාළුවො මතක් වුණා මටත්....
ReplyDeleteදැන් මේක යාලුවා ගැනද තියන්නේ බලහන්. ඒ ටික එතකොට පස්සේ?
ReplyDeleteආපහු ඒ කාලේ එනවනම්...........
ReplyDeleteමෙයාට දැන් දැන් මොනා ලිවුවත් දැන් කම්මැලි කම ඔළුවට එනවනේ..
ReplyDeleteමම මේ කල්පනා කරන්නේ හොඳම යාලුවා කවුද කියලා. හී හී...ඒ කියන්නේ යාලුවෝ ගොඩයි.
ReplyDeleteman hithanne mama sathutinma hitiye iskole yanakota kiyala.kochchara yaluwo hamba unath mage hithe thamath innawa e kale mage athi jathaka mithraya.mama hithanne danata mata jiwithe hamba una hondama yaluwa eya kiyala.eyage nama yeshani nisansala harshani.api denna e kale kaloth karanne jada wadak mai.api dennata teacherslath kiyanne indi katuwai nulai kiyala.
ReplyDeleteගෑල්ලමයි දෙන්නගේ නමුත් මතකයි...හිහි.
ReplyDeleteරජ වීදියේ උමේෂ් :
ReplyDeleteහරියෝ... ඉක්මනටම ලියන්නම්.. :)
තුශානි :
ඊළඟ පෝස්ටුව තාම ලියනවා.. ඉවර කරපු හැටියෙම දාන්නම්.
සිහින මදාරා :
එහෙම කියන්ඩ එපා චූටි නෝනා !
සිඟිති :
ඒ අතිං ඔයා වාසනාවන්තයි සිඟිති අක්කෝ.. මම රචනාව ලිව්වෙම නෑ නේ.
ඒ කාලේ තමා අපේ සුන්දරම කාලේ.
Chandana Gunasekera :
ReplyDeleteඔන්න ආයෙම කමෙන්ට් කලා..
niroshini :
එහෙනං ඔයත් ඒ දේවල් කරලා තියෙනවා නෙහ්.. මම ඔහොම ගප්පි ඇති කලා. ඒත් උන් එච්චර කල් ජීවත් වෙන්නේ නෑ... :(
කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
එහෙනං හිස් පිටුවක් අරගෙන ඒ ටික ලියමු !
යක්ෂයා :
ඉතිං ඔහේ ලියාගෙන යනකොට එක එක දේවල් ලියවිලා. :)
Amila Prabath Samarakkodi :
ReplyDeleteඒකනේ.. එන්නේ නෑ නේ :(
Dinesh :
හ්ම්.. කම්මැලිකම හිතෙනවා :)
Podi Kumarihami :
තාම ලියාගෙන යනවා... ඉතුරු ටික ඊළඟ පෝස්ට් එකෙන් දෙන්නම්
omali wathsala :
ඒ කාලේ හරි සුන්දරයි... ආයේ ආයේ මතක් කරලා සතුටු වෙන්න පුලුවං කාළයක්.
සයුරි :
ReplyDeleteනැතුව නැතුව.... එකට හිටපු ළමයිනේ.. :)
ඇයි මතක නැද්ද ඒ පේපරේම තමයි ""සිංහයෙක් කතා කරයි"" රචනාව ලියන්න තිබුනේ..1997
ReplyDelete