එතකොට මම් හිටියේ එක වසරේ. අපේ පංතියට එකපාරම ටීචර්ලා දෙතුන් දෙකෙන් විතර ආවා. ඇවිත් අපේ පංතිභාර ටීචරුත් එක්ක ටික වෙලාවක් කතා කළා. ඊට පස්සේ අපේ පැත්තට හැරිලා අපේ මූනූ දිහා බලාගෙන බලාගෙන ගියා.
එහෙම ටික වෙලාවක් අපේ දිහා බලන් ඉදලා එකපාරට මාවත් එක්කම තව දහ දෙනෙක් විතර තෝරගත්තා. මොකටද කියලා කිව්වේ නෑ. අපිව එක්කන් ලොකු ඉස්කෝලේ (මහ විදුහල් අංශය) සංගීත කාමරේට එක්කන් ගියා.
"පුතාලා අපි ඕගොල්ලන්ව නාට්ටියක චරිත වගයකට ගත්තා. ඔයාලට තියෙන්නේ මේ අක්කලා අයියා කියන විදිහට වැඩ කරන්න !!!" කියලා අපිව එක්කන් ආපු ටීචර් කෙනෙක් කීවා.
ඒ නාට්ටිය කෑලෑවක කතාවක් !!! නම නම් මතක නෑ.
අපි කට්ටියව ගොඩවල් වලට වෙන් කලා. එක කට්ටියක් හාවොයි තව කට්ටියක් මුවොයි උනා. මාත් එක්ක හිටපු කට්ටිය කුරුල්ලෝ !!!!
ඔන්න එදා ඉදන් නාට්ටියේ පුරුදු වීම්. අපිට දෙබස් එහෙම මුකුත් නෑ. මට තිබ්බේ ජවනිකාව ඉවර වෙනකන් තටු ගහන්න. මොකද මම් කුරුල්ලෙක් නේ... ආහ් ... නෑ පුංචිම පුංචි කුරුළු පැටියෙක් !!!. මාත් පන යනකන් තටු ගැහැවුවා.
දවස් දෙකක් තුනක් ඔහොම පුරුදු වීම් යන අතරේ අපිව පුහුණු කරපු ටීචර්ලා අපි දිහා ඈත ඉදන් බලාගෙන හිටියා. එක දවසක් ඔහොම තටු ගගහා ඉන්නකොට එක ටීචර් කෙනෙක් මට තටු ගහන එක නවත්තන්න කියලා පැන පැන හිටපු හාවෙකුවත් නැවැත්තුවා !!!
"ඔය පුතා අද ඉදන් හාවා වෙන්න. මේ පුතා අද ඉදන් කුරුල්ලා වෙන්න" එහෙම කියලා ඒ ටීචර් අපේ චරිත දෙක මාරු කලා.අපේ අම්මා නම් කිව්වේ මම් තටු ගැහැවුවා කැතයි කියලා ටීචර් මාරු කලා කියලා.
කුරුල්ලා වගේ නෙමෙයි හාවා වගේ පනින එක මාරම අමාරුයි. අත් දෙක කන්දෙක වගේ තියාන හොද හුස්මක් අරන් එකපාට්ට පනින්න ඕනා. හාවෙක් වෙලා ටික දවසක් පුහුණුවීම් කරලා පස්සේ අපේ අම්මට කියලා තිබ්බා හා ඇඳුමක් මහන්නෙයි කියලා.
අපේ බාප්පා හා ඇඳුම මහලා ඉවර කලා. ඒ උනාට හාවා කියන්නේ සුදු පුළුන් වගේ බූල් තියෙන සතෙක් නෙව. ඒ නිසා බූල් අලවන්න ඕනා. ඒකට අපේ අප්පච්චි රෑ එළි වෙනකන් බයින්ඩර් ගගා බූල් අලවනවා.
"ඒයි !!! අපේ ලොකු එකා හාවෙක් උනාට වඩා හොදයි කුරුල්ලෙක් උනා නම් !!! එතකොට මේ වදවල් කරන්න ඕනේ නෑ නේ !!!"
අපේ අප්පච්චි බැරිම තැන එහෙමත් කියලා තියෙනවාලූ. අම්මා කියනකන් ඒ වගක් මම් දන්නේ නෑ. උදේ ඇහැරිලා බලනකොට බූල් ගොඩක් තියෙන හා ඇඳුමක්. ලස්සනේ බෑ...
කොහොමහරි එදා මම් නාට්ටියේ අපේ ජවනිකාව ඉවර වෙනකන් හාවෝ පැන්නා. ඔන්න ඕක තමයි මගේ ජීවිතේ මම වේදිකාවක ඉදිරිපත් කරපු එකම එක ඉදිරිපත් කිරීම.එතනින් එහාට ඉදලා හිටලා තෑග්ගක් ගන්න එක ඇරුනම ස්ටේජ් එකකට නැඟලා නෑ.
මට මතකයි අපේ නංගි එකපාරක් ගහකට හිටියා
ReplyDeleteමරු නේ....මට මැවිලා පෙනුනා ඔයා හාවෝ පනින හැටි...පොටෝ එකක්වත් නැද්ද අපිට බලන්න ?
ReplyDeleteඑක වසරේදි මාත් ස්ටේජ් එකක කියපු පලවෙනි හා අන්තිම සින්දුව මතක්ල් උනා මේක කියවනකොට... ඒත් ඉතින් ඔය ඉදලා හිටලා හරි පොඩි නාට්ටි කැල්ලක උන්නට ඒවා වැඩිය මතක හිටින ඒවා නෙමේ මගේ හිතේ..
ReplyDeleteමං නම් පොඩිම කාලේ මලකටද ගහකටද මන්ද හිටිය. මං හිතන්නේ ගහකට. මොකද මං ඒ කාලෙත් ටිකක් සද්දන්තයි. පස්සේ මං IDM යන කාලේ කරපු ස්කිට් එක ඒ අවුරුද්දේ IDM ටැලන්ට් සර්ච් එකේ පළවෙනියට අවා. ඒ තම මගේ පලවෙනි එල්ෆින්ස්ටන් වේදිකා ආගමනය. ඊට පස්සේ අවුරුද්දේ ආපහු අපි කරපු ස්කිට් එක අවුරුද්දේ දෙවැනි හොඳම නාට්‍ය උනා.. ඒ මං එල්ෆින්ස්ටන් ගියපු අන්තිම වතාව.
ReplyDeleteඇහ් බොලේ කැම්පස් එකේ වත් මොකටවත් හිටියෙ නැද්ද පස්සෙ කාලෙදී.
ReplyDeleteමදැයි ඉතින් පුදනකොටම කාපි යකා කියල පනින්න තමයි වෙලා තියෙන්නේ.. ඒ කාපු කට්ට නිසා වෙන්න ඇති ආයේ stage එකකට නැග්ගේ නැත්තේ... :D
ReplyDeleteහාවා පනින එකත් ලේසි නෑනේ.කුරුලු පැටියට ලේසි වැඩක්නේ කරන්න තියෙන්නෙ ටටු ගහන එක විතරනේ.අපරාදේ ඒකෙන් වැඩත් වැඩිවෙලා.හිහි..
ReplyDeleteමම ස්ටේජ් එකට නැග්ගෙ මුලින්ම මොන්ඩිසෝරියේ කොන්සට් එකේ පිලිගැනීමෙ කතාව කියන ඇස්ටි හැලෙන්න පාඩම් කරගෙන රියේසල් වලදි බෙල්ල ගැලවෙන්න කතාව දුන්නට ස්ටේජ් එකේ මාව ඉදල තිරේ ඇරිය විතරයි කස්ටිය ඉන්නව දාහක් විතර බලාගෙන මට හැදුන පස්ස්ට චූ බරක් කකෞල් දෙක වෙවුලන්න ගත්ත.... කට ඇරියට වචන එන්නෙ නෑ.... මම කියනව සද්දෙ අහෙන්නෙ නෑ....
ReplyDeleteමිස් මට අතින් කියනව ස්ටේජ් එක පැත්තෙ ඉදගෙන ඉස්සරහට යන්න කියල.. මම බොහොම අමාරුවෙන් ඉස්සරහට අඩියක් තිබ්බ.. මයික් එක මගේ මූනෙ වැදිල මයික් බාර් එකත් එක්ක දඩෝන් ගාල බිම... මම පැනල දිවුවා... මිනිස්සු හිනා උනා..
ඔන්න ඔහොමයි අපේ මොන්ඩිසෝරියේ කොන්සට් එක උදේ පාන්දරම මම අල කරේ... :D :D
ෂා මාරයිනේ මල්ලිට හාවො පනින්නත් පුළුවන්නෙ...හික්ස්...
ReplyDeleteමමත් මොන්ටිසෝරියේ කොන්සට් එකට හිටියට පස්සේ වේදිකාවකට නැග්ගේ ම නෑ. කොහොම උනත් චූ බර හැදෙන එක තමයි ලොකුම ලෙඩේ ඔය වෙලාවට....!
ReplyDeleteමම නම් ඉස්සරවෙලාම නට්‍ය ජවනිකාවකට උන්නෙ මොන්ටිසෝරියෙ කොන්සට් එකට... සමනලයෙකුට...හරී ෂෝක්...අත් දෙක වන වනා උන්නා...
ReplyDeleteමරු ඈෑෑෑ.... මම නම් ඉතිං ස්ටේජ් දෙක තුනකම නිතර හිටියා. එක පාරක් හොදම අත්පිටපත/ හොදම නිළිය මේ දෙකටම තෑගි ලැබුනා. දැන්නම් ඉතිං වේදිකාවකට නැග්ගොත් ජන්දෙ ඉල්ලන්න බලාගෙන තමයි. දෙයිනේ කස්ටිය සට සට ගාල මට ජන්දෙ නේද????
ReplyDeleteමම නම් පුංචි කාලෙ ස්කෝලෙ ඉංග්‍රීසී නාට්‍ය වල සින්දු කිව්වා. 4,5 වසරෙදි වගේ........ අනේ මන්දා! ඊට පස්සෙ එහෙම චාන්ස් එකක් ආවෙත් නෑ. දැන් මට සිංදු කියාගන්නවත් බෑ
ReplyDeleteමට නම් මතක නෑ හරියටම කීය වසරෙද කියල... 5 වසරට කලින්... මම හිටිය බොල මාලුකාරයෙකුට... අපරාදෙ කියන්න බෑ ලස්සන කෙලිපොඩ්ඩකුත් හිටිය හාමිනේ විදිහට... ;)
ReplyDeleteමදුරංග අයියට තියෙන ඉල්ලුම.. මූණ බලලා රගපාන්න කතා කරන්නේ..
ReplyDeleteමං මේ කල්පනා කලේ බැරි වෙලාවත් හාවාත් හරි නෑ කියලා මුවා වෙන්න කිව්වනම් අයියා මොකද කරන්නේ කියලා..
:-) හී හී හනේ හනේ :)
ReplyDeleteඅපෝ මමනම් ස්ටේජ් එකට නැග්ගෙම එක එකාට මල් මාල දාන්නයි තැගි ගන්නයි...ඉස්කෝලේ උත්සව වලට එන ප්‍රධාන අමුත්තට මල් මාල දාන එක තමයි මගේ ජොබ් එක..එයලට මාල දාන්න ගිහින් තමයි මට කෙල උනේ...
ReplyDeleteමධුරංග මල්ලිගේ කතාව කියෙව්වම මටත් ගිය අව්රුද්දෙ අපේ දහම් පාසලේ ළමයි කණ්ඩායමක් නාට්‍ය තරගෙකට කරපු වෙස්සන්තර නාට්ටිය මතක් උනා. වංකගිරි වනේ ලස්සනට නිර්මාණය කරලා තිබුණ, වේදිකා පසු තලය හැටියට. ඒ කැලේත් හා පැටියෙක්, සමනලයෙක්, කුරුල්ලෙක් එහෙම හිටිය. හා පැටියා ඇරෙන්න අනෙක් හැමෝම රඟ පෑවේ ප්‍රේක්ෂකයන් දිහාම බල බල. වෙස්සන්තර රජ්ජුරුවෝ මන්ත්‍රී දේවිට දෙබස් කිව්වෙත් මන්ත්‍රී දෙවිගේ පැත්තට නෙමේ බලන් හිටපු අය දිහාට. හුඟක් යට ඕනේ උනේ ප්‍රේක්ෂකාගාරේ අය තමන් දිහා බලනවද කියල ෂුවර් කරගන්න. හා පැටියා විතරක් අනේ පාඩුවේ උඳුපියලිය කකා පැන පැන හිටිය. අන්තිමට ඒ නාට්ටියේ හොඳම නළුවා උනේ හා පැටියා.
ReplyDeleteදැන් ඉතිං පනින්නේ වෙන වෙන එව්වනේ නේ බං...? දැන් මොන හාවොද....
ReplyDeleteමධුරංගට මුවාගේ චරිතේ හම්බුනානම් මරු. අංතට්ටුවත් තියාගෙන ඔලුව වන වන ඉන්න හැටි මට මැවිලා පේනවා...!
මම නම් ඉස්සෙලාම මොන්ටිසෝරියේ මොකද්ද එකකට මලකට හිටියෙ. වැනි වැනී ඉන්න තමා තිබ්බෙ.
ReplyDeleteමම ඉඳලා තියනවා සින්ඩරැල්ලාට. අම්මෝ අර කුමාරයාට හිටපු එක්කෙනෙත් එක්ක නටපු නැටිල්ලක්. කොච්චර නැටුවද කීවොත්, අම්මා කියනවා, යටිපතුල් තවන්ටත් උනාලු. ඒත් මට ඒ කුමාරයාට හිටපු කොල්ලගේ නම මතක නෑ අය්යෝ...:D
ReplyDeleteටීචර්ලා ඔයාව හාවට තෝරගන්ට ඇත්තේ ඔයාට 'හා' කන් ඇති.:)
හික්ස්...කවුරු කවුරුත් එක වගේ නේ.. :D :D
ReplyDeleteමටත් මතක ඇති කාලෙක ඔහොම දෙයක් කරේ නෑ මොන්ටිසෝරියේ කාරයින් පස්සේ..
හි හි මරු කතාව..මටත් මතක ඇති කාලෙක ඔහොම දෙයක් කරේ නෑ මොන්ටිසෝරියේ කාරයින් පස්සේ..
ReplyDelete:ඩි
මධුරංග මල්ලි ඕනාවට වඩා අත්තටු ගහන්න ගිහිල්ලා තමයි ඒ චරිතෙට කෙලවෙයි කියලා බයට ටීචර් හාවට දාලා ඇත්තෙ..අපරාදේ මුවාට දැම්මනම් ඉවරයිනේ..
ReplyDeleteඅඩේ මරුනේ හා පැටියා ......
ReplyDeleteමට නං ඔහොම චාන්ස් හම්බ වෙලා නැහැ ......
මේ ඒක නෙමේ කොහොමද මූණ බලලා එයා හොඳයි මෙයා හොඳයි කියලා තෝරන්නෙ, එතකොට අනිත් අයට මොකද වෙන්නෙ ...
ReplyDeleteනැද්ද බං එදා හා ඇදුම ඇදගෙන ඉන්න කොට ගහපු ෆොටො එකක් එහෙම...
ReplyDeleteඅම්මේ... ඔන්න තව කාඩ් එකක්.. හා මධුවා.. මම මුලින් ස්ටේජ් නැග්ගේ මොන්ටෙසොරියේ කොන්සට් එක දා.. ලේසි නෑ පානදුරේ පුරහලේ තිබ්බේ.. හික් හික්..
ReplyDeleteජය...
හිකිස්ස්ස්ස්ස්ස්... මධුරංග අයියා හාව පනිද්දි කොහොම ඉන්න ඇත්ද?? ආසවෙ බෑ බලන්න.. මරු අයියේ..
ReplyDeleteඅයියාට හිතුණෙ නැද්ද පටන් ගත්ත ගමන දිගටම ගියා නම් හොඳයි කියලා.. එහෙම උනා නම් හොඳ පළපුරුදු හාවෙක් වත් වෙන්න තිබුණා.
ReplyDeleteවිස්වාස කරන්න, මමත් ලේනෙක්ට හිටියා,,,...
ReplyDeleteමන් ආදරේ කරපු කැල්ලත් එ මොන්ටිසොරියෙම කුරුල්ලෙක්ට හිටියා
නියමයි අයියා....!
හික්෴.මධුරංග අයියාත් හාවෙක් උනා එහෙනම්.මාත් පොඩි කාලෙ ස්ටේජ් එකට නෑග්ගෙ ඔය වගේ හාවෙක් කුරුල්ලෙක් වගේ චරිතයක් කරන්න තමයි.මම නම් හිටියෙ ගහකට.පස්සෙ කාලෙ නම් ඉස්කෝලෙ එක එක ඒවට හිටියා.ස්ටේජ් එකත් හොද තැනක් කෙනෙක්ට ඉස්සරහට එන්න
ReplyDeleteඅපරාදෙ කියන්න බෑ ඔය පොඩි කාලෙ එක එක ඒවට හිටියෙ නැති උනාට තෘතියික අද්‍යාපනේ පටංගත්තට පස්සෙ වේදිකාවෙම තමයි.අද්‍යාපනේටත් කෙළවෙනවා, ඒක හින්දා දැං නං සමුගන්න කාලෙ හරි.මොනව උනත් හාවෙක්ට හරි හිටපු එක වටිනවා.නැත්තං පොඩි එකෙක් හරි ඇහුවොත් විළි ලැජ්ජයිනෙ.දැං ඉතිං ආඩම්බරෙං කියන්න පුළුවන්නෙ මම හාවෙක්ගේ චරිතයකට පණ පෙව්වා කියලා නේද?
ReplyDelete@ශානු :
ReplyDeleteවැනි වැනි ඉන්න තියෙන්නේ. නියමයි
@සයුරි :
ඒකාලේ අපේ අම්මලාට එච්චර උවමනාවක් තිබ්බේ නෑනේ ෆොටෝ කෑල්ලක් ගහන්න. අපරාදේ
@දේවා ගේ අඩවිය :
මල්ලි පොඩි පොඩි නාට්ටි වලටත් ඉදලා තියෙනවද ? නියමයි නේ
@ක්සැන්ඩර් | Xander :
ReplyDeleteමම නම් එල්ෆීස්ටන් එක ඇතුලට ගිහින් නෑ. යන්න අවස්ථාවක් ලැබිලා නෑනේ. ඒ අතින් අයියා වාසනාවන්තයා !!!
@Anonymous :
නෑනේ අක්කා. මම් ඕවට වැඩිය ආස නෑ.
@Ice (අයේෂා කුලතුංග) :
ඒකනේ. අපරාදේ !!!
මට කුරුල්ලෙක් වෙන්න ලැබුනා නම් නියමයි.
@නදී :
ReplyDeleteඒකනේ අක්කා. කුරුලු පැටියෙක් වෙලා ටටු ගගහා ඉන්න තිබ්බා නම් ඉවරයි !!!
@පොඩි මෑන් :
මල්ලි වැඩේ අල කරපු නිසා ටීචර්ට මල පයින්න ඇති නේ. පවු ඒ ටීචර් මහන්සියෙන් පුරුදු කරපුවා. එහෙම් පිටින්ම වතුරේ !!!
@රූ.... :
හික්ස් :)
ඒකනේ රූ අක්කේ. මට හාවෝ පනින්නත් පුලුවන්.
@ලහිරු :
ReplyDeleteහික්ස් :)
මටත් ඔය ලෙඩේම තිබුනා ඉස්සර
@දිල් :
නරක සමනලයා !!! :)
මට මැවි මැවි පේනවා දිල් අක්කා සලමනයෙක් වෙලා වැනි වැනි ඉන්නවා.
@malmi :
අනිවාර්යෙන් අනිවාර්යෙන් !!
මම අනිවාර්යෙන් අක්කට ඡන්දේ දෙනවා. අක්කගේ ලාංඡනය ගොළු බෙල්ලා නේ ?? එහෙනම් ඡන්දෙත් එක්ක මනාප ටිකත් අක්කට
@විසිතුරු | visituru :
ReplyDeleteඅම්මෝ ඉංග්‍රිසි නාට්ටි ???
මම නම් ඔය ඉංග්‍රිසි කියන නාමයක් ගෑවිච්ච තැනක ඉදලා නෑ.
@සාතන් :
ඒ කාලේ අපි ඔවුවා පස්සේ එච්චර එලවන්නේ නැති නිසා හොදා. මේ කාලේ උනා නම් බලාගන්න තිබ්බා වැඩේ !!
@Dinesh :
මුවා නම් එච්චර අවුලක් නෑ. කෝමත් අන් තට්ටුවත් තිබ්බ එකනේ.
@ජීවිතේ මල් :
ReplyDeleteජීවිතේ මල් දිල් අක්කගේ පලවෙනි කමෙන්ටුව !!!
ස්තුතියි අක්කා
@Gimhani :
ඇයි මොකද්ද අක්කට කෙල වෙන්න සිද්ද උන වැඩේ !!! :)
@පොත් ගුල්ලා :
දෙබසුත් නැති හන්දා රඟපාන්නත් ගොඩක්ම ලේසි වෙන්ටෑ. අනික ඉතින් පටන් ගත්ත වෙලේ ඉදන් කන එකමනේ කෝමත් කරන්න තියෙන්නේ. ඒක ඉතින් හමදාම කරන එකනේ.
@prasanna86k :
ReplyDeleteඔවුනේ. වෙන වෙන ඒවා තමා පනින්නේ.
මට අං තට්ටුව දාන්න තමා බොලාලා බලාගෙන ඉන්නේ !!!
@පිණිබිඳු... :
තාමත් ඉතින් මලක් වගේ ලස්සන ඒක වෙන්ටෑ. හික් හික් :)
@Podi Kumarihami :
අක්කටත් ඉතින් කාවහරි හවු උනාම නටන්නමනේ හිත !!! හික්ස් :)
අම්මා බැන බැන ඉන්න ඇති.
@ගිනි කුරුල්ලා :
ReplyDeleteකවුරු කවුරුත් පොඩි කාලේ ඔහොම වෙන්නැති.
@cjgayan :
ඒක තමා අයියා. ඕනවට වඩා රඟපාන්න ගියාම ඕම වෙනවා මයේ හිතේ !!
@පන්සල් හංදිය :
මොකද දනේ නෑ අයියා. ටීචර්ලා ඇවිත් අපි ටික දෙනෙක්ව අරගෙන ගියා. කොහොම තේරුවාද දන්නේ නෑ.
@පැන්ඩා :
ReplyDeleteඒක තමයි තියෙන එකම දුක !!!
අපේ අම්මලා ෆොටෝ එකක් ගන්න උනන්දු වෙලා නෑනේ.
@Gayan Rupasinghe :
උබලා මට කාඩ් දාන්නමයි බලාගෙන ඉන්නේ !!! හික්ස් :)
@හිතුවක්කාරි :
ගොඩක් කට්ටිය බලන් ඉන්නේ මං හාවා පනිනකන් තමා !!! නෑ නෑ හා පැටියා.
@හංසි :
ReplyDeleteදන් එහෙම හාවෙක් උනා නම් මෙන්න තඩි හාවෙක් කියලා කට්ටිය මාව මරන් කන්නත් ඉඩ තියෙනවා !!! හික්ස් :)
@රහස් පරික්ෂකයා :
ආදරේ කරපු ???? ඒ කියන්නේ දැන් ඒ ආදරේ නෑ කියන එකද. දුක සීන් එකක්නේ මලේ
@හිම හංසි :
ඒ උනට මට අත දෙන්න කවුරුවත් තාම හොයාගන්න බැරි උනානේ. නංගි ගහකටත් තිටියද. උඩ එක්කෙනෙක්ගේ නංගි කෙනෙකුත් ගහකට හිටියලු !!
@දිනුක ජයකොඩි :
ReplyDeleteපණ පෙවුවා නෙමෙයි පණ කෑවා !!
අර කිව්වත් වගේ විලි ලැජ්ජයි නේ බොල. හොද වෙලාවට මම් හාවෙක්ට හරි හිටියේ. ඒ උනාට පොඩි උන්ට නම් බොරුවක් හරි කියන්න බැරුව යෑ.
මම නම් සෑහෙන්න රඟපාලා තියේ... සහතික තියෙන තරමක් නාට්‍ය වලින්... හාවා පැනපු එක තමා ෂෝයි
ReplyDeleteහික්z මධූ අයියා වෙලාවට හාවෙක් කරේ...ටීචට හිතෙන්න ඇති මූ කුරුල්ලෙක් කරොත් නාට්ටිය මැද්දේ කුරුලු රැඟුම් දාන්න පියාඹා යයි කියලා......හාවා පැනලා ගෙදර ඇවිත් අම්මා කකුල් වල තෙල් ගාන්න ඇති....
ReplyDeleteබලපුවහම මදුරංග මල්ලි හෙන නලුවෙක් නෙව.. !!!
ReplyDeleteඉස්කෝලේ යන කාලේ පහ වසරේදී මම අපේ පන්තිබාර ටීචර් විසින් හදාපු බුලත් හුරුල්ල නාට්ටියේ අති විශිෂ්ඨ රංගනයක නිරත වුණා කියලා . හැමෝම කිවුවා
ReplyDeleteමට තිබුනේ බුලත් ගෙනල්ලා ප්‍රධාන නලුට දීලා යන්න විතරමයි ..
ඒත් ඒක මට වටිනවා
ශෝයියන් හා පැටියෙක් හිතේ මැවුනා යාලු ...අගේට ඉන්ට ඇති...
ReplyDeleteඅපේ මොන්ටිසෝරියේ නම් එක එක වැඩ ගොඩක් තිබුනා.ලස්සන ගවුමක් ඇදගෙන ස්ටේජ් එක මැද නටන්නත් තිබුනා.
ReplyDeleteමාත් ඉස්සර මලකට හිටියා..දැන්නම් මතක් වෙනකොටත් හිනා යනවා :D :D
ReplyDeleteමත් හිටියා පුහුල් හොරා කරෙන් දැනේ ඩ්‍රාමා එකේ පුහුල් හොරාට
ReplyDeleteපුංචිම පුංචි කුරුළු පැටියෙක් ...??? ඔයාව තෝරගත්තෙ පැස්බර පැටියෙක්ටද..හිකිස්.. :D
ReplyDeleteනදීර සඳරුවන් ලියනගේ :
ReplyDeleteමම නං දෙබස් තියෙන නාට්ටි වලට ඉදලම නෑ. !
මකුළු පැංචි :
පැස්බරාත් කුරුල්ලෙක් මංචි යෝ !