25 June 2022

තෙල් අර්බුදයට පාපැදියෙන්

 මේ දවස්වල ලංකාවේ හොයාගන්නම අමාරු දේ තමයි පෙට්‍රල් කියන්නේ. පෙට්‍රල් ගන්න කිලෝමීටර ගණන් දිග පෝලිම් පාර දෙපැත්තෙම තියෙනවා. ඒ පෝලිමකට ගිහින් පෙට්‍රල් ටිකක් ගහ ගත්තහම ගමනක් ගිහින් ඒ ටික පුච්චලා දාන්න මොකද්ද වගේ.

ලඟ පාතකට ගිහින් ආවත් හිතේ ගින්දරෙන් යන්ඩ වෙන්නේ. කොච්චරක් පෙට්‍රල් පිච්චිලාද දන්නේ නෑ. ආයෙම කවද්ද තෙල් ගහගන්න වෙන්නේ කිය කියා හිතන්න වෙච්ච මහ ඩස්ප කාළයක් මේක.

ඒ නිසාම මම පොඩි බයිසිකලයක් ගත්තා. 

තෙල් කේස් නිසාම බයිසිකලුත් දැන් අස්ප ගනන් ගිහින්. ගේ මුල්ලකට කරලා තිබ්බ බයිසිකල් කටුත් දැන් තිස් හතලිස් දාහට එහා පැත්තේ ගනන් ගිහින්.

මම ගත්තේ ලේඩිස් ටයිප් එකේ රෝඩ් බයිසිකලයක්.මේකෙන් මටයි අපේ උන්දැටයි දෙන්නටම ලඟපාත ගමන් බිමන් ටික කවර් කරගන්ඩ පුලුවන්. මේක ලංකාවේ එකලස් කරපු එකක්. ඒකත් රුපියල් පනස්දාහකට කිට්ටු ගානක් උනා. අනේ මන්දා හොඳට තිබුන රටක් - අපි වැටිච්ච තැනක්.

පහලින් තියෙන්නේ මම ගත්තු බයිසිකයේ පින්තූරයක්. මුලින් මුලින් පදින්න අමාරු උනත් දැන් නම් ටිකක් ෂේප්. එච්චර අමාරුවක් නෑ. 

සමහරු නම් කියන්නේ අර්බුදයට හුරු වෙන එක නෙමෙයි අර්බුදය ඇති කරපු එවුන්ව එලවලා දාන එකයි කරන්න ඕන කියල. ඒක හරි තමා. එකෙන්ම ඒ අදහස අනුමත කරනවා. ඒත් එහෙම කියලා එදිනෙදා වැඩ ටික කරගන්න ලේසි ක්‍රමයකුත් තියෙන්ඩ එපෑ. එහෙම නැතුව හැමදේටම පයින් බඩගාන්න කියලා යෑ. 


No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.