08 July 2022

රට තුල අර්බුද

 මේ දිනවල ශ්‍රී ලංකාවේ ජීවත් වන පුරවැසියෝ ගත කරන්නේ කරුමක්කාර ජීවිතයකි. අප එක අර්බුදයකින් නොව අර්බුද කිහිපයකින් පීඩා විඳී. මූලිකම අර්බුදය වන්නේ රට තුල ඩොලර් නොමැතිකමයි. මේ නිසා ආනයන සීමා වී ඇත. අද්‍යවශ්‍යම දෙයක් හැරුනකොට වෙනත් කිසිඳු දෙයක් ගෙන්වන්නට නොහැකි වී තිබේ. 

මේ නිසාම දුරකතන, ලැප්ටොප් පරිගණක, විදුලි උපාංග  ආදිය රටට ගෙන්වීම සීමා වි ඇත. දැනට මිලදී ගැනීමට තිබෙන දේවල් වල මිල ද සීග්‍රයෙන් ඉහල ගොස් ඇත. 


අනිත් අර්බුධය වන්නේ ඉන්දන නොමැතිකමයි. මේ නිසාම රටේ ප්‍රවාහන කටයුතු මුළුමනින්ම වාගේ ඇන හිට ඇත. ඉන්දන ලබා ගැනීම සඳහා රට තුල දිගු පෝලිම් ද දැක ගැනීම මේ කාලයේ සුළබ දසුනකි. මේ ඉන්දන හිඟය නිසාම මිනිසුන් විකල්ප බලශක්ති කෙරෙහි උනන්දු වී ඇත. කොටින්ම ප්‍රවාහන කටයුතු සඳහා පෙල කළ පැවති පාපැදි වැනි දෑ භාවිතයට ඔවුහු හුරු වන්නට පටන් ගෙන ඇත.

ඉන්දන පෝලිම


වෙනදාට මාර්ග තදබදයකින් යුතු මහාමාර්ග, අද පාළුවට ගොසින් ය.

ප්‍රවාහන කටයුතු අඩපන වීම නිසා එදිනෙදා රැකියාවල් වලට යන අයවලුන් මහත් අසීරුතා වලට මුහුණ පෑමට සිදු වේ. 

මීට අමතරව එදිනෙදා පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍ය වලද මිල සීග්‍රයෙන් ඉහල යාම නිසාම රටවැසියන්ට ආහාර සඳහා අධික මිලක් ගෙවීමට සිදුවී ඇත. ඔවුන්ගේ දෛනික හෝ මාසික වේතනයෙන් සෑහෙන කොටසක් එදිනෙදා වියදම් වලට වැය වේ.

ගෑස් පෝලිම


මෙවැනි අටෝරාසියක් වද බන්ධනයන්ට නතුව රට්වැසියන්ට ජීවත් වීමට සිදුවී ඇත.

රටවැසිය මෙවැනි අර්බුධ වලින් මිරිකී සිටියත් පාලක පන්තියට මේ පිළිබඳ කිසිදු වගක් නැත. ඔවුන් සුපුරුදු පරිදි සතුටින් ජීවත් වේ. මෙවැනි පාලකයින් රැසක් යටතේ පාලිතයින් වීම අප ලද අභාග්‍යයක් මැයි.


No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.