01 June 2022

නයනතාරාවත පූර්වාරම්භය

නයනතාරාවත යනු හුදෙක් ආදර අන්දරයක්ම නොවේ. මේ කතාන්තරය තුලින් ලාංකීය යුවතියකගේ ජීවිතයේ හරස්කඩක් විද්‍යාමාන වන කතා පුවතකි. ඇඟේ ජීවිතය තුල විඳි දුක් ගැහැට හා ඒවාට ඈ ගන්නා ලද උපායමාර්ග යනාදිය මේ කතාව තුලින් පාඨකයාට විද්‍යාමාන කරවයි.


එකල ඇසතු බෝ මුල හිඳගත් සිද්ධාර්ථ ගෞතමයෝ, "බුදු වූවොත් මිස නොනැගිටිමියි" යන පරිද්දෙන් අධිශ්ඨාන කලාක් මෙන් නයනතාරා ද කෙසේ කෝ ආල දිනා ගනිමියි යන්න අධිශ්ඨාන කලාය. 

ඇගේ අධිශ්ඨානය මල්පල ගැන්වූවා ය..


ධර්මදාස වල්පොලයන්ගේ ගීයක මෙසේ තිබේ,

හොඳ හොඳම වේය ලොව

කිසිම තැනක නැහැ

නොහොඳ නරක දිණුවේ

සිත ඊර්ෂ්‍ය මාන ගති

නැති නිසාම අපි

ප්‍රේම තරඟෙ දිණුවේ ...


එලෙසම නයනතාරා ද සිය ප්‍රේම තරඟය දිනීය. එය සිදු වූයේ කෙසේ ද ? දැනගන්නට ඕනෑ නම් මීලඟ කොටසේ සිට නයනතාරාවත කියවන්න.


එය ඔබෙත් මගෙත් ආදර කතාවට සමානකම් තිබෙන්නට පුලුවන. නයනතාරාවත පළමු කොටස මෙතැනින් කියවන්න.

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.