මට අපේ ගෙදර ඉදන් ඔපීසියට එන්න පැය දෙකක් දෙකහමාරක් විතර ගත වෙනවා. ඒ නිසා ඒ කාලේ ගෙවා ගන්ඩ මම එක එක දේවල් කලා. මුලදි පොතක් ගෙනාවා බස් එකේදි කියවන්ඩ. ඒත් බස් එකේ යනකොට ඔලුව ගැස්සෙන නිසා කියවන්ඩ වෙන්නේ නෑ. ඇස් වලට හරිම ආයාසයක් දරන්ඩ වෙන්නේ. ඒ නිසා මං සිංදු අහන්ඩ පුරුදු උනා. ඒක මරු වඩේ. ෆෝන් එකේ සිංදු දාගෙන හෙඩ් සෙට් එකත් ගහගෙන අහන් එනවා.
ඒකත් කාලයක් යනකොට එපා උනා !
දැන් නම් ඔය කිසි එකක් නැතුව ජනේලයෙන් එළිය බලාගෙන ඔහේ මනෝ පාරක් ගහගෙන එනවා. අදත් බස් එකේ මනෝ පාර ගහගෙන එනකොට මගේ හිත ඈතට ඈතට ගිහින් නැවතුනේ මනම්පිටියෙන් !
හරියටම තැන කිව්වොත් මනම්පිටිය රේල් බස් පාලම ගාවින්.
මගේ හිත මනම්පිටිය රේල් බස් පාලම ගාවට එනකොට මම අවුරුදු12ක් විතර කාලයෙන් ආපස්සට ගිහින්. එතකොට මම නමයේ පංතියේ හිටපු නිල් කොට කලිසං අඳින කොල්ලෙක් !
අපි ඉස්කෝලෙන් මහියංගනේත් වැඳගෙන දිඹුලාගලත් ගිහින් එමින් ගමන තමයි ඔය මනම්පිටිය රේල් බස් පාලම අහු උනේ. කෝච්චියක් එන නිසා අපි පාලම අයිනේ බස් එක නවත්තගෙන උන්නේ.
එතකොටම අපේ සර් ජනේලයෙන් එළියට ඔලුව දාලා,
"ඕං ළමයිනේ බලාගන්ඩ මනම්පිටිය රේල් බස් පාළම !" කියලා කිව්වා.
කෝච්චිය යනකං බලාගෙන ඉන්නේ...
ටික වෙලාවකින් ලොකු හූවකුත් කියාගෙන මඩකලපු කෝච්චිය ආවා.කෝච්චිය, මඩකලපු ගියාට පස්සේ අපේ බස් එක කෝච්චිය ගිය පාළමෙන් ගියා. හරියටම කියනවා නං රේල් පාර දිගේ බස් එක යනවා.අපිත් පුදුමෙන් වාගේ බලාගෙන උන්නා !
කෝච්චිය ගියාට පස්සේ...
එතකොට තමා රේල්-බස් කතන්දරේ තේරුනේ !
2007 අවුරුද්දේ දී ජපන් මිත්‍රත්ව සාම පාළම ඉදි උනායින් පස්සේ මනම්පිටිය රේල් බස් පාළම උදය දේවියට සින්නක්කරේටම ලියා දුන්නා. ඒ නිසා එදා අපි පුදුමෙන් වාගේ බලාගෙන උන්නු රේල් බස් පාළමේ ගමන අද ඉන්න කිසිම කෙනෙක්ට බස් එකෙං නං යන්ඩ වෙන්නේ නෑ.
අළුත් පාළමයි පරණ පාළමයි
ඒ නිසා පොලොන්නරුවේ ඉදලා මඩකලපු යන කෙනෙක්ට මනම්පිටිය රේල් බස් පාළම ඈත ඉදලා බලනවා මිසක්කා බස් එහෙකින් නං යන්ඩ ලැබෙන්නේ නෑ. ජීවිතේ එකම එක වතාවක් හරි මනම්පිටිය රේල් බස් පාළමෙන් යන්ඩ ලැබුනා නිසා ඒ අතින් මං හරි වාසනාවන්තයි. :)
ඔය ගමන හොඳටම දැනුනේ පස්සේ කාළෙක මනම්පිටිය අළුත් පාළමෙන් මඩකලපු ගිය දවසේදී. එදා ඈත ඉදන් රේල් බස් පාළම දිහා බලං ඉදලා මාත් එක වතාවක් ඔය පාළමෙන් ගිහිං තියෙනවා නේද කියලා හිතුනා. :)
ඔන්න ඕක තමා අද බස් එකේ එනකොට හිත හිතා ආවේ. හිතත් මහ පුදුමාකාරයි. අපිට යන්ඩ අමාරු තැන් එක මොහොතකින් ගිහින් එනවා. ඒත් මං මගේ හිත අතීතයට යන හැම වතාවකම වාගේ අතීතයේ තියෙන දුක හිතෙන තැන් වර්ථමානයට ගේන එක වලක්වා ගන්ඩ සෑහෙන උත්සහ කරනවා.
ආයේ ඉතින් අතීතයේ වෙච්ච දේවල් වලට වර්ථමානයේ දුක් වෙන්නේ මොකටද නෙහ් ?
එහෙනං මං ගියාවේ.
---------------------------------------------------------------------
ප.ලි. - මනම්පිටිය රේල් බස් පාළම කැන්ටිලිවර් පාළම් (Cantilever bridge) ගණයට අයත් වෙන 1922 අවුරුද්දේදී මහවැලි ගඟ හරහා ඉදි කරපු වානේ පාළමක්. දිගින් මීටර් 302ක් වන අතර එය දෙවැනි වන්නේ කින්නියා පාළමටයි. :)
ප.ප.ලි - ඒ දවස්වල මට පින්තූර ගන්න කැමරාවක් තිඋනේ නෑ. ඒ නිසා මේ පින්තූර අන්තර්ජාළයෙන් ගත්තු ඒවා. :)
අනතුරු වෙන්න පුලුවන් නිසා සහ මාර්ග තදබදයට විසඳුමක් විදිහට වෙන්න ඇති තව පාලමක් හදන්න ඇත්තේ.www.amuthusithuwili.wordpress.com
ReplyDeleteඔහොම තමා ඉතින් ලෝකෙ ඉක්මනට වෙනස් වෙනවනේ. පැය දෙක හමාරක්..?? මට නම් පිස්සු හැදෙයි.
ReplyDeleteමල්ලිට වැරදිලා මල්ලි... :D
ReplyDeleteමල්ලි විතරක් නෙවෙයි මාත් ඔය පාරේ බස් එකෙන් ගිහින් තියෙනවා.. ඕනන හෙට උනත් ගිහින් පෙන්නන්නත් පුළුවන්...
ඇයි බොල දැන් ඔය මාර්ගේ රේල් බස් එකක් දුවනවා නෙව මඩකලපුවට.. මේ තියෙන්නේ ඒකේ විස්තර..
http://ctkumara.blogspot.com/2012/05/blog-post_29.html
හුහ්..ආවා මෙතන එයා විතරයි වාසනාවන්තයා කියන්න.. :D
මෙන්න මම යන ගමන්ම ගත්ත පින්තූරේ...
ReplyDeletehttp://4.bp.blogspot.com/-_YCzEi0CgrY/T8R_tp831nI/AAAAAAAACQs/VROBWchoMi4/s1600/DSCF1826.jpg
Anonymous :
ReplyDeleteඔවු.. ඒක තමා. ඒ දවස්වල වාහන අඩු නිසා තව පාලමක අවශ්‍යතාවය දැනෙන්න නැතුව ඇති. ඒ දැනුනත් දිගින් වැඩි නිසා අළුත් පාලමක් හදන එක කල් යන්ඩ ඇති. :)
කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
ඔවු අප්පේ පෑ දෙකහමාරක් යනවා. පැය දෙකක් කියන්නේ ඉක්මනටම ගියොත්. නැත්නම් පැය දෙකහමාරක් යනවා !
දුක තමයි රංජනී !
මාරයාගේ හෝරාව:
මට ආයෙත් ආස හිතුනා ඔය පාරේ ගිහින් බලන්ඩ. රේල් බස් එකක නං ගිහිං නෑ.. රේල් බස් එකක යන්ඩ ආසාවක් තමා තියෙන්නේ.. කෝච්චියෙන් යනවා වගේ යෑ රේල් බස් ගමන. ඒක මරු.
රේල් බස් එකෙන් බැස්සට පස්සේ ගුටි කෑවා වාගේ ඇඟ රිදෙන එක තමා අවුල.
පින්තූරෙට තැන්කියු ඈ.. :)
ශෙහ්.. මට ඒ දවස්වල කැමරාවක් තිබ්බා නං ! :(
මම නම් ඔය ගැන අහලත් නෑ දන්නෙත් නෑ.. දැන් දන්නව මධූ අයිය නිසා හිහ් හී....
ReplyDelete///ආයේ ඉතින් අතීතයේ වෙච්ච දේවල් වලට වර්ථමානයේ දුක් වෙන්නේ මොකටද...///
ReplyDeletesahathika aththa kathawa.....
එහෙනම් මමත් වාසනාවන්තයි.මොකද මමත් පරණ පාලමෙන් ගිහින් තියෙනව..
ReplyDeleteහිත ගැන නම් කතා කරලා වැඩක් නෑ මධූ.
ReplyDeleteමම නම් කරන්නෙ බස් එකේ යත්දි මිනිස්සු පිලිබද නිරික්ශණය කරන එක. අනෙ අම්මෝ එක එක විකාර ගොඩයි. හිනා යන සිදුවීමෙ ඉදන් අතීශයින් වැඩිහිටියන්ට පමණක් සීමා වූ භයන්කාර සිදුවීම් දක්වා ඒවා හොයා ගන්න පුළුවන්.
මමත් ගියා හැබැයි ගොඩක් චූටි කාලේ....
ReplyDeleteඔබේ මනම්පිටිය පාලම පිළිබද ලිපියෙන් මම 80 දසකය ගියා.80 ගනන් වල මම මහවැලියේ වැඩ කල කාලයේ ඔය පාලමෙන් දහස් වතාවක් විතර එහාට මෙහාට ගිහින් ඇති .
ReplyDeleteසිතේ තියන එක කතාවක් මේ මාදුරුඔය වියාපාරයේ වැඩ පටන් ගත්ත කලේ එකට ගෙනාපු බර වාහන පාලමෙන් එහාට ගෙනියන්න විදියක් නැතිව සුද්දෝ කම්මුලේ ඇත තියාගෙන කල්පනා කර කර ඉන්නකොට ඔය පොළොන්නරුවේ තිලක් කියලා (පසු කාලීනව මගේ මිත්රය) ඔතනට ඇවිත් සුද්දට කියල තියනවා මිනිහට පුළුවන් කියල වාහන ටික එහපැත්තට ගෙනියන්න සුද්දෝ පුදුම වෙලා කියල තියෙනවා ගෙනියන්න කියල මිනිහ වාහන වල තියෙන විශාල රෝද වල හුලන් ප්රමාණයක් ඇරලා වාහන එහා පැත්තට අරගෙන තියෙනවා .මේ කල උපකාරයට එය කාලයක් මාදුරුඔය රියදුරෙක් වසයෙන් සේවය කරලා පසුව මහවැලියේ වැඩ කළා.තවමත් ඔහු පොළොන්නරුවේ ඇති .
මමත් 1999 අවුුරුද්දෙ ගියා ZD ඇල හමුවෙන තැන තියෙනවා පොඩි ටවුන් එකක් දැන්නම් නමත් මතක් වෙන්නැ.ඥාති ගෙදරකට.ඒත් ඒ දවස්වල රේල් පාරක් තිබුණා වගේ මතකයක් තියෙනවානෙ.නැත්තම් කොහොමද ඒ දවස්වල කට්ටිය මඩකලපු ගියෙ කෝච්චියෙන්
ReplyDeleteඔතන පහළ ගඟේ නානව නේද,මට ඒවාගේ මතකයක් තියෙනව.
ReplyDeleteමම ගිහින් නෑ නේ මේ ඕක ගැන අහුවමයි
ReplyDeleteඇයි ඔයා විතරක් නෙමෙයි අපිත් ඕනේ තරම් ගිහින් තියෙනවා ඔය පාලමෙන්. ඒ කාලේ අර ආරක්ශක හේතු හින්දා වාහන වලින් බස්සවලා චෙක් කරන කාලේ මම වාහනේ චෙක් කරනකම් ගඟෙ බැහැලාත් තියෙනවා. ගඟ දැකලා කඩාගෙන දුවපු විදියට පොලිසියේ අය මට වෙඩි තියන්නත් හදලා. මම කොටියෙක් කියලා. පස්සේ මගෙ යාළුවෝ කියලා කොටියෙක් නෙමෙයි වතුර දැක්කම පනින ගෙම්බෙක් කියලා. යම්තම් වෙඩි නොකා බේරුනේ ඒක හින්දා.
ReplyDeleteමනම්පිටිය පාලම, පොඩි කාලේ ඉදන්ම අහලා තිබබා දිගම පාලම කියලා. ඒත් කවදාවත් ගිහින් නෑ, ඒ අතින් අපි අවාසනාවන්තයි නේද
ReplyDeleteමමනම් යුද්දේ තිබුන කාලේ අවම වසයෙන් සිය වාරයක්වත් ගිහින් ඇති ඔය රේල් බස් පාලමෙන්. මුලින්ම ගියේ පාසල් සිසුවකු ලෙස 1966 දී.
ReplyDeleteමධු මලයාගේ මනෝ පාරට පිංසිද්ධ වෙන්න වැඳගත් කරැණු ටිකක් දැන ගත්තා. ආයිත් යනකොට ඔය වගේ වැඳගත් දෙයක්ම හිතපං. එතකොට අපට ඒක ප්‍රයෝජනවත් වෙයිනේ.
ReplyDeleteහැබැයි ගොයියෝ ඔය මඟ දිඟට දකින නෑම්බියෝ ගැන හිතෙන දේවල් නම් පොඩ්ඩක් සංශෝධනය කරලා දාපං. උඹට ජය!!
මේම රේල් පාරක් ගැන මන් දැනන් හිටියෙ නෑනේ......අගෙයි විස්තරේ
ReplyDeleteඅයියෝ මම ගිහින් නෑනේ.......
ReplyDeleteඅපි ගිය මාසේ පොලොන්නරු ගියා. ඹය පාලම දැන් වෙනස් වෙලා තමයි. දන්න උදවිය නොදන්න අපිට පෙන්නලා දුන්නා.
ReplyDeleteඅපේ ප්‍රාන්තේ ගැන නේ මේ කියල තියෙන්නේ. ඔය පාලමෙන් නම් නිතර නිතර එහාට මෙහාට ගිහින් තියෙනවා ඒ කාලේ. ඉස්සර ඔය පාලමෙන් යන්න මමත් හරි කැමති. වැහි කාලෙට ගග දෙගොඩතලා ගියාම පිහිටට හිටියේ ඔය කොච්චි පාර විතරයි. දැන් නම් මහා පාර වතුරට යට වෙන්නේ නෑ මම හිතන්නේ
ReplyDeleteදන්නවද යාළුවා. ඔය ජාතියේම පාලමක් තමයි .ඔය පාරේම මඩකලපුවට යනකොට හම්බවෙන .ඔඩ්ඩමාවඩි පාලමත්, දැන් නම් එකටත් අලුත් පාලමක් හදල නොවැ .. එක මේ තරම් ප්‍රසිද්ද නැත්තේ යුද්දය තිබුන පළාත නිසා වෙනඩ ඇති,
ReplyDeleteමම හිතන හැටියට මම නම් මෙතනට ගිහින් නෑ.. දැන් ඉතින් ප්‍රමාදයි නේ..
ReplyDeleteපාලම ගැන කියලා දුන්නට ගොඩක් ස්තූතියි. හිත ඔය වගේ තැන්වලට ඇරියට කමක් නෑ දුක්වෙන තැන්වලට අරින්ට එපා. අනෙක දැන් දුක්වෙන්ට දේකුත් නෑලුනේ...:)
ReplyDeleteඔන්න ඔහොම හිත, හිතා බස් එකේ යන්ට. ගිහින් තව අපි නොගිය තැන්වල ගෙනියන්ටකෝ. හැබැයි කාරෙකක් ගත්තු දවසක නම් ඒ වැඩේ කරන්ට එපා හොඳේ. :D
Anonymous :
ReplyDeleteනොදන්න දෙයක් දැනගත්තා නං ඒක මගේ සතුටයි. :)
Amila Prabath Samarakkodi :
ඒකනේ මල්ලි. පරණ දේවල් වලට දුක් වෙවී ඉන්න කාළයක්ද මේ... :)
රජ වීදියේ උමේෂ් :
එල කොල්ලෙක්නේ.. රජ කොල්ලෙක් !
Chathuranga Priyashad :
අපොයි ඔවු. මාත් එහෙම දේවල් නං දැකලා තියෙනවා. සීට් එකක් ලැබුනොත් තමා ඉතිං මනෝ ගහගෙන යන්න පුලුවන් වෙන්නේ.
ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
ඒත් කමන් නෑ ඉතිං මතක ඇති කාලෙක ගියානේ. :)
Anonymous :
බොහොම ස්තූතියි අගේ ඇති කමෙන්ටුවක් එකතු කලාට.ඒ අතින් බලාගෙන ගියහම ඔබ තුමා සෑහෙන වාසනාවන්තයි. මොකද ඔය පැතිවල සෑහෙන කාලයක් ඉදපු කෙනෙක්නේ.
වැව් ඉස්මත්ත :
මොකද්ද ඔය ඇළේ නම ??
Helapa kade :
ReplyDeleteඒ අඹන් ගඟේද මන්දා... මතක නෑ මාමා.
නදී :
ආයේ කවදාහරි පොලොන්නරු ගියහම යන්ඩ තියෙන්නේ.එතකොට දෙයියනේ කියලා බලාගෙන එන්ඩ. :)
Il mondo di una povera pazza :
ඒ වගේ කාලෙකදි තමා මාත් ගියේ. අපිවත් බස්සවලා චෙක් කලා. ඒ කාලේ අපට අයිඩෙන්ටිටි කාඩ් එකක්වත් තිබුනේ නෑ. ඒ නිසා ටිකක්චෙක් කරලා යැවුවා.
යක්ෂයා :
පාළමෙන් නොගියට පාළම බලාගෙන ගියෑකි නෙහ්. :)
Wicharaka Asami Dakimi Soyami :
ඔබතුමා හමුදාවේවත් උන්නා ද ? අඩේ මරුනේ.. ඒ කාලේ ගැන අහන්නත් ආසයි.
Chandana Gunasekera :
කෙල්ලෝ ගැන නං ලියවෙන්නේ නැති වෙයි.. :)
ශානු :
ReplyDeleteඅයියෝ.. අපරාදේ. ඔන්න දැන් දන්නවනේ. දවසක ලංකාවට ආපුවහම කැමරාවත් අරගෙන ගිහින් බලන්ඩ. කැමරාව මානලා පින්තූරත් ගන්ඩ බැරුව යෑ.
උමා(දසුන්):
පාළමේ නොගියට පොලොන්නරු ගිය වෙලේක මතක ඇතුව ගිහිං බලන්ඩ. :)
malmi :
මේ ලඟදිත් ගිහිං තියෙන්නේ. ශෝක් නේ !
chaminda wickramasinghe :
ආයේ ඉතිං පොලොන්නරුවේ අයට මේ ගැන කියන්ඩ ඕන යෑ.. ගහ දන්නා අයට කොළ කඩාපෑමක් වෙනවා නෙහ්. :)
Hemantha :
ආහ්... ඒ පාළමෙනුයි ගිහිං තියෙනවා. ඔඩ්ඩමාවඩි පාළමත් මේ වාගේ. අපි යනකොට සෑහෙන අබලන් ඒ පාළම.
Dinesh :
2007 අවුරුද්දට කලින් පොලොන්නරුව හරහා මඩකලපු ගිහිං තියේ නං මේ පාළමේ ගිහිං තියෙනවා.
Podi Kumarihami :
ඒක නෙමේ, පොඩ්ඩි ගිහිං නෑද මේ පාළමෙං ? ඒකනේ.. දුක් වෙන්ඩ කාරණාවක් නෑ. :)
ඇත්තටම ඔය පාලමෙන් එගොඩ මෙගොඩ ගියේ බස් කෝච්චි ඒති කාලයත් එක්කම ඒ පාර අයිනෙන් අලුත් පාලම හැදුනා. දැන් ඒකෙ යන්නෙ කෝච්චිය විතරයි. සුන්දරම මතකයක් මටත් තියෙනවා....
ReplyDeleteමාත් චූටි කාලේ ගිහිං තියෙනවා වගේ මතකයි.ඕං බලහංකෝ ඒකෙත් වැඩේ හැටි වාසනාව හරියට මතක නෑ නෙව.
ReplyDeleteදැකල නැතෝ... ඒක නිසා අහන්න හරි පෝස්ට් එකක් දාපු එක ලොකු දෙයක් මධු..
ReplyDeleteදයානන්ද රත්නායක :
ReplyDeleteඒකනේ... ඒ මතකය මටත් සෑහෙන්න සුන්දරයි !
දිනුක :
වාසනාව මතක නැති වීම අවාසනාවයි.. හික්ස් :)
සිඟිති :
අහන්නයි දකින්නයි දෙකටම තමා මේ දැම්මේ... හික්ස් :)
Where is my comment? :(
ReplyDeleteමතක හැටියට ඒකට කිව්වෙ ඉෂෙඩ් ඩී ඇල කියල තමා. මාදුරු ඔයෙන් වතුර අරගෙන යන ඇල මාර්ගයක්. ඒකෙ පළල අඩි 18 යි. ගැඹූර අඩි 18 යි. පතුලෙ පලල අඩි 01 යි. ඒක පතුලට යනකම් ක්‍රමානුකූලව නිර්මාණය කරල තියෙනවා.අලියෙක් වැටුනත් ගොඩ එන්න අමාරුයි.ඒකත් හරිම විශිෂ්ඨ නිර්මානයක් කියල තමයි මට හිතුනෙ.
ReplyDeleteඔය පාරේ ලේලන්ඩ් රේල් බස් එක තාම දුවනවද බං..
ReplyDeleteදුරුත්තෙ හත්දා වැස්සට පස්සෙ ගංවතුරට මනම්පිටිය යටවෙනව. එතකොට අපි රේල් පාර දිගේ පොළොන්නරුවට පයින් ගිහිල්ල තමයි ගෙවල් වලට යන්නෙ. රේල් පාර මහපාරට ඉහළින් තියෙන නිසා ඒක යට වෙන්නෙ නෑ.
ReplyDeleteමනම්පිටිය පාළමට මීටර් 400 වගෙ මඩකලපුව පැත්තට වෙන්ට තියන පාලම 86 විතර පාදම් ඔක්කොම හේදිල ගිහිල්ල රේල් පාර විතරක් පාත්වෙල ඉතුරු උනා. පල්ලෙහයිං ගන සැරේට බොර පාට වතුර කැරකි කැරකි ගලනව සිල්බර කොට අස්සෙං පේනකොටත් පපුව හීතල වෙනව. හෙහ්, හෙහ්, මම ඕකෙ ගියේ හතර ගාතෙං ආය කිව්වම මොකද? අපෙ අනික් එවුං පණ යන්ට හිනා උනා. ආය කෙහෙල්මල හිනාව ...ලෝඩ් පකීර් වගෙ ඇවිදගෙන යන්ට ගිහිල්ල කකුල ලිස්සල වැටුනනං ආය කාට කියනටද..නැද්ද?
ස්තූතියි මධුරංග ...අතීත ස්මරණය හරිම ආහ්ලාදජනකයි...
gewal pettha gena katha karanakota kata wahagena inna be wage, oya kiyana ZD ela laga thamai mage gewal thiyenne, a paalame hebe lassana balanna nam eka udin evidagena yanna oni, mahaveli gaga goda galana kaale thamai eketh hodhama :D hebei parissamin, podi kaalema idala ehe heduna unath thaamat mm gedara yanakota podi ekek wage bus eken eliyata bella dagena balagena yanne a tharamma a parisaraya sundara nisa, kauru hari nogiya kenek innawanam ikmnata gihin balanna, mokada a sundarathwayata vina karana godak dewal ehe sidda vena nisat, a sundaratwaya oyalata magaerenna puluwan nisat
ReplyDeleteමම නං මේම දෙයක් අහලවත් තිබුනෙ නෑ.. මම දන්නව ඕස්ටේලියාවෙද කොහෙද නැව් යනකොට අකුලල ඊට පස්සෙ ආයෙ දාන පාලමක්..
ReplyDeleteමේම දෙයක් තිබුනා කියල දැනං හිටියෙ නෑ.. ස්තුතියි :)
maath gihin thiyanawa oya paalamen eka paarak. ea kiyanne maath wasanawanthai neh?
ReplyDelete