කලින් ලිපියේදී අපි සුන්දර පරිසර පද්ධතියක් මැදින් පහලට බැස්සා කියලා මම කිව්වා මතක ඇති නේ. ඒ ලිපි දෙක තියවන්න බැරි උනා නම් පහල සබැඳි දෙක ක්ලික් කරලා කියවන්න.
අපි සෑහෙන සීතල වතුරකින් නාලා ආපහු ගමන පටන් ගත්තා. නාලා ඉවර උනහම බඩගින්නකුත් ආපු නිස අපි ඉතුරු වෙලා තිබ්බ පානුයි බිස්කටුයි කෑවා. මේ වලාවට උනුවෙන් බත් ටිකක් කන්න තියෙනවා නං කියලා වැඩක් නෑ. නමුත් දුශ්කර ගමනක් යනකොට ඔය වගේ පහසුකම් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා අපි ගෙනාපු දෙයින් සෑහීමට පත් උනා.
මේ වෙනකොට වෙලාව දවල් දොලහා විතර කිට්ටු වෙලා.
දවල් දොළහා කියන්නේ රටේ ඕනම පැත්තකට අවු රශ්මිය වැඩියෙන් දැනෙන වෙලාවක් කියලා දන්නවා නෙහ්. අපි හිටපු කළුපහන හරියටත් එහෙමයි. චණ්ඩ හිරු රශ්මියක් තියෙන වෙලාවක ඇවිදින එකත් ටිකක් විතර එපා වෙන වැඩක්. විටින් විට හමන සුළං ධාරාව නිසා ඒ අවුවේ තිබ්බ රළු බව ටිකක් විතර අඩු කරන්න සමර්ථ උනා කියලා කිව්වොත් හරි.
අපි යකාගේ පඩි පෙළ පාරේ ටික දුරක් ඇවිදිනකොට ඈතින් කුඩා ප්‍රමාණයේ දිය ඇල්ලක් කඩා හැලෙන හැටි දැක්කා. ඒ තමා අපේ ඊළඟ ගමනාන්තය. ඒ ලංකා ඇල්ල !!
21 July 2018
හැබෑවූ හීනය හෙවත් යකාගේ පඩිපෙළ -3 කොටස
සංකල්පනා වර්ගය :
චාරිකා
හැබෑවූ හීනය හෙවත් යකාගේ පඩිපෙළ -2 කොටස
ගමන පටන් අරන් මුල් හරිය එනකොට අපි දකින දර්ශනය සෑහෙන ලස්සනයි. වටේටම කඳු වලල්ලක් තියෙනවා. ඒ අතරින් පහත් බිමක අතුරපු දුඹුරු පාට සිහින් නූලක් වගේ ඇදෙන පාරක් තියෙනවා. කිසිම මිනිස් පුලුටක් දකින්න හම්බ උනේ නෑ.කිසිම යන්ත්‍ර සූත්‍රයක හඩක්, කිසිම වාහනයක හඩක් අහන්න ලැබුණේ නෑ. කොටින්ම අපි සෑහෙන්න ස්වබාවධර්මයට සමීප වෙලා තිබුණා. තව දෙයක් තමා උදෙන්ම අවදි වෙච්ච කුරුල්ලන්ගේ කිචි බිචි නාදයත් වටින් ගොඩින් ඇහෙන්න තියෙනවා.
රෑ තිස්සෙම පුංචි පුංචි පැලෑටි උඩට වැටිච්ච පිණි බිංදු ඒ වෙනකොටත් දකින්න පුලුවන් උනා. මේ හැම දර්ශනයක්ම කැමරා කාචයක සුන්දරව සටහන් කර ගන්න අපි සමර්ථ උනේ නෑ.
රෑ තිස්සෙම පුංචි පුංචි පැලෑටි උඩට වැටිච්ච පිණි බිංදු ඒ වෙනකොටත් දකින්න පුලුවන් උනා. මේ හැම දර්ශනයක්ම කැමරා කාචයක සුන්දරව සටහන් කර ගන්න අපි සමර්ථ උනේ නෑ.
සංකල්පනා වර්ගය :
චාරිකා
හැබෑවූ හීනය හෙවත් යකාගේ පඩිපෙළ -1 කොටස
මීට අවුරුදු හතරකට විතර උඩහදී මම ලක් දසුන් වෙබ් අඩවියේ තිබ්බ ලිපියක් දැක්කා. ඒ ලිපියේ තිබුණේ යකාගේ පඩිපෙළ කියල පාරක සංචාරය කරපු සංචාරක සටහනක් ගැන. ඒ ලිපිය කියවලා පින්තූර ටික දැක්කට පස්සේ මගේ හිතෙත් පොඩි පහේ දොළ දුකක් උපන්නා මේ පාරේ සංචාරය කරන්න. ඒක ඒ තරමටම සුන්දර පාරක්.
මම ඉතින් ඒ ආසාවට අන්තර්ජාලය පීරලා කරුණු හෙව්වා. ඒත් එක්කම ගූගල් සිතියමෙන් පාරේ දුර ප්‍රමාණයත් බැලුවා. ඒ පාර පටන් ගන්නේ ඔහියෙන්. අවසන් වෙන්නේ කළුපහන හන්දියෙන්. මුළු දුර කිලෝමීටර් 15ක් විතර වෙනවයි කියලා තමා ගූගල් සිතියමේ සදහන් උනේ.
ඒ එක්කම ගමන යන විදිහයි යන්න ඕන බස් එක මොකද්ද කෝච්චිය මොකද්ද යනාදී නානාප්‍රකාර විස්තර හොයා ගත්තා.
ඊට පස්සේ තමා කට්ටිය හොයාගන්න ගේමට බැස්සේ. ට්‍රිප් එකකට කට්ටියක් හොයාගන්න එක අපි හිතනවටත් වඩා අමාරු වැඩක්.ට්‍රිප් එකක් යමුයි කියලා කිව්වහම අපේ කට්ටියගේ ප්‍රතිචාර කොටස් තුනකට වර්ග කරන්න පුලුවන්. පළවෙනි සෙට් එක ගත් කටටම හා කියනවා. හා කියලා ගමන යන්න අනිවාර්යයෙන්ම එනවා. දෙවෙනි සෙට් එක හා කියලා කිව්වට දිනය ලං වෙනකොට බෑ කියනවා. තුන්වෙනි සෙට් එක අදාල දවසේ උදේ එන්නේ නැතුව පොලු තියනවා.

12 July 2018
සිත නිවන කළුගල ආරණ්‍යය සෙනසුන
මාකෙළි ඇල්ල බලන්න ගිහින් සතියකට දෙකකට විතර පස්සේ මම වැඩ කරන තැන යාළුවෝ කිහිප දෙනෙක් සෙට් කරගෙන කළුගල ආරණ්‍යය බලන්ඩ යමු කියලා කතා උනා. කළුගල ආරණ්‍යය විතරක්ම ගිහින් එන එක අපරාදේ නිසා මාකෙළි ඇල්ලත් බලාගෙනම යමුයි කියලා තමයි පස්සේ අපේ සැට් එක තීරණය කලේ.
මුලින් මුලින් අපේ කන්තෝරුවේ වැඩ කරපු අයගෙන් සීමිත කොටසක් තෝරා බේරාගෙන ආරාධනා කරන්නයි අපි හිතන් හිටියේ. මොකද අපි යන්න උන්නේ කාර් දෙකක නිසා වැඩි පිරිසක් ගෙනියන එක කරන්න බෑ. ඒ නිසා කාර් දෙකට හරියන පිරිසක් තෝරන්න මුලින් මුලින් අපහසු උනා. මොකද එකෙක්ට කියලා අනිත් එකාට නොකිය හිටියොත් ඌ තරහා වෙනවා.
ඌට කියලා තව එකෙක්ට නොකිව්වොත් අරූ තරහා වෙනවා. ඒ නිසා අපි සීමිත පිරිසක් තෝරාගත්තා.
ට්‍රිප් එක ලෑස්ති කරනකොට කාර් දෙකට වඩා වැඩි පිරිසක් හිටියා. පස්සේ පස්සේ එකා දෙන්නා හැලිලා ගිහින් අන්තිමේදි දෙන්නයි ඉතුරු උනේ. මමයි කාර් එකක් අයිති අපේ යාළුවෙකුයි.
මොනවා කරන්නද ?
අපි දෙන්නා මේ ගමන එන්ඩ තීරණය කලා.අපි දෙන්නා කතා කර ගත්තේ හොරණ හරහා ගිහින් පාහියංගල බලලා එතැනින් මාකෙලි ඇල්ල බලන්න්න කියලා. ඊට පස්සේ කළුගල ආරණ්‍යය බලන්න තමයි අදහස උනේ.
මගේ යාළුවා කොහිලවත්ත පැත්තේ එක්කෙනෙක්. ඒ නිසා එයා කොළඹ ඉදලා හයිවේ එකෙන් ගැලනිගමට ආවා. මම කාර් එකට ගොඩ උනේ ගැලනිගම හරියෙදි. එතන ඉදලා අපි දෙන්නා අනිත් සෙට් එකට බැන බැන හොරණට ආවා.

01 July 2018
මාකෙළි ඇල්ලට ගිය ගමන
ගිය මාසේම හැම සති අන්තයකම මම කළුතර දිස්ත්‍රික්කයේ එකේක පැති වල ඇවිද්දා. කොළඹට ගොඩක්ම ළඟින් කැලෑවක් හරි දිය ඇල්ලක් හරි බලන්න යන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඒකට කළුතර දිස්ත්‍රික්කය කියාපුම පැත්තක්. ඒ තරමටම සුන්දර පරිසරයක් තමයි කළුතර තියෙන්නේ.
කළුතර කියන්නේ මතුගම බදුරලිය පැලවත්ත අගලවත්ත වගේ පැති. ඒ පැති වලට කොච්චර ගියත් එපා වෙන්නේ නෑ. මං පාහියංගල ගිය දවසේම මාකෙළි ඇල්ල බලන්න යන්න ඕන උනත් අපේ උන්දෑගේ බර බරේ හන්දා එහේ යන්ඩ උනේ නෑ. ඔන්න ඒ නිසා මම ඊලඟ සතියේ ඒ පැත්තේ ගිහින් එන්ඩ ඕන කමක් තිබ්බා.
මාකෙළි ඇල්ල ගැන මම මුලින්ම දැක්කේ පානදුරේ ස්ටේෂන් එකේ තිබ්බ බෝඩ් එකකින්. ඒ බෝඩ් එකේ තිබ්බ මාකෙළි ඇල්ල පින්තූරේ නිසා මට එහේ යන්ඩ ආසාවක් තිබ්බා. නමුත් යන්ඩ එන්ඩ විදිහක් නැති නිසා ඒ ආසාව කල් දාන්ඩ උනා. ඒ ආසාව ආයේ දළු දාලා වැඩෙන්න ගත්තේ මට බයික් එක හම්බ උනාට පස්සේ.
මාකෙළි ඇල්ල පිහිටලා තියෙන්නේ පැලෑද එහෙම නැත්නම් පාලින්ද නුවර ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ. පාලින්ද නුවර රජකම් කරපු වීදිය බණ්ඩාර කුමරුන් දිය කෙළි ඇල්ල නිසා මේ ඇල්ලට "මා කෙළි ඇල්ල" විදිහට නම් ලැබිලා තියෙනවයි කියලා තමා සදහන් වෙන්නේ.
ජූනි මාසේ 9 වනදා අපි දෙන්නා උදේ දහයට විතර අළුබෝමුල්ලෙන් පිටත් උනා. අපි දෙන්නයි කිව්වේ මායි අපේ උන්දැයි. අළුබෝමුල්ලේ ඉදලා එච්චර දුරක් නැති නිසයි අපි ඒ වගේ වෙලාවක පිටත් උනේ. නැත්තං උදේ දහය කියන්නේ ට්‍රිප් එකක් යන්ඩ හොඳ වෙලාවක් නෙමේ.

සංකල්පනා RSS සබැඳිය :
Comments (Atom)