ක්‍රිස්තු පූර්ව 5 වන සිය වසේ ලංකාවට පැමිණි චීන ජාතික දේශ සංචාරක පාහියන් හිමියන් නවාතැන් ගත්තු ලෙන නිසා මේ ලෙන් විහාරයට පාහියන්ගල කියල ප්‍රසිද්ධ උනාලු. නමුත් පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් මේ බව තාම තහවුරු කරගෙන නෑයි කියලා තැන් තැන් වල ප්‍රදර්ශනය කරලා තියෙන පුවරු වල සදහන් උනා.
නියම සංචාරකයෙක් නං සංචාරයෙන් පස්සේ එතැන පා සටහන් විතරයි ඉතුරු කරලා යන්නේ. ඒ ඇරෙන්න කිසිවක් දාලා යන්නේ නෑ. ඒ අතින් උන්නාන්සේ නියම සංචාරකයෙක් කියලා පැහැදිලි වෙනවා.
පාහියංගල විහාරයේ ජනප්‍රියම ස්ථානය තමා පාහියංගල ලෙනයි. ඒ ලෙනට ලඟා වෙන්න පඩි පෙලක් නගින්න ඕන. ඔය පහලින් තියෙන්නේ ඒ පඩි පෙළේ පින්තූරයක්.
ඔය ටික නැගගෙන ගියහම කන්දේ සමතලා හරියක් හම්බ වෙනවා. පස්සේ තමයි දන්නේ මේ සමතලා හරියට වෙනකන් එන්න තාර දමපු පාරක් තියෙනවයි කියලා. මේ ටික නැගගෙන ආපු ටිකට අපේ උන්දෑ තුම්මුණින් දාඩිය දාගෙන හති හල හල උන්නා. උන්දෑට ඔය කඳු නැගිල්ල කියන මාතෘකාව අරහං !
සමතලා හරියෙන් පස්සෙත් කන්ද නගින්න ටිකක් විතර තියෙනවා. ඊට පස්සේ තමයි අපි ලෙනට කිට්ටු වෙන්නේ.
මුලින්ම අපි ගියෙ විහාර ගෙයට. විහාර ගෙයි සැතපෙන පිලිම වහන්සේ නමක් වැඩ උන්නා.
ඊට පස්සේ තමා අපි ලෙන බලන්න ගියේ. බුදු අම්මෝ ඒ ලෙනේ විශාල. සැහෙන්න විශාල ලෙනක්. ඒ වගේම සෑහෙන දෙනෙක්ට නොතෙමී ඉන්න තරම් ඒ ලෙන විශාලයි කියලා අපිට තේරුනා. ඒ වගේම ලෙනේ එක් තැනක කැණීම් සිදු කරලා පිහිටි පොළව හොයාගෙන තිබුණා. පිහිටි පොලවේ ඉදලා බැලුවොත් ඒ ලෙන තවත් විශාලෙට පෙනෙනවා මිසක් ඊට අඩුවෙන් නං පේන්නේ නෑ.
පේනවා නේද මනුස්සයෙක්ගේ තරමයි ලෙනේ ඉහලම බිත්තියේ උසයි කොහොමද කියලා.
ඔය පහල පින්තූරයේ තියෙන්නේ පිහිටි පොලව වෙනකන් කරපු කැණීමක්. තව දුරටත් හිතාගත්තෑකි නෙහ් කොච්චරක් ලෙන උසද කියලා. ඔය පිහිටි පොළවේ කතන්දරේ අපේ උන්දෑට පැහැදිලි කරන්න මට සෑහෙන කට්ටක් කන්ඩ උනා. :)
පාහියංගල ප්‍රධාන ලෙනේ ඉදලා අපි පඩි පෙල් කිහිපයක් පහලට ආවා. ඒ පාහියංගල උප ලෙන බලන්ඩ. පාහියංගල උප ලෙනේ කැණීම් වලින් ආදී මානවයාගේ සම්පූර්ණ ඇට සැකිල්ලක් ලැබුණයි කියලා සදහන් වෙන පුවරුවකුත් ඒ අසල ගහලා තිබුණා.
ඔය පහලින් තියෙන පින්තූරෙන් පේන්න තියෙන්නේ පාහියංගල උප ලෙනයි. පාහියංගලින් හොයාගත්ත මානව අස්ථි කොටස් වල වයස අවුරුදු 38,000ක් විතර පරණයි කියලා තමා සදහන් වෙන්නේ.
ඒක බලන්න ආපු අපේ මානවයෝ උන්ගේ නූගත්කම පෙන්නන්ඩ උන්ගේ එක එකාගේ නම් ටික ගල් වල කොටලා ගිහින් තිබුණා. කවුරුහරි මෙහේ යනවා නං මේ වගේ දේවල් නොකර එන්ඩ වග බලාගෙනම යන්ඩ.
වාහන නවත්වන තැනට පාහියංගල කදු මුදුන ලස්සනට පේනවා. පහලින් තියෙන්නේ මම වාහන නැවතුම් පොලේ ඉදලා ගත්තු පින්තූරයක්.
අපි පාහියංගලින් පස්සේ මාකෙලි ඇල්ල බලන්ඩ යන්ඩ හිතුවත් අපේ උන්දැට අමාරුයි කියලා චුරු චුරු ගාපු නිසා ඒ ගමන යන්ඩ උනේ නෑ. බුලත්සිංහල මෝල්කාව පාරේ කිලෝමීටර් 12ක් විතර ගියහම මාකෙලි ඇල්ල බලන්න එන්න පුලුවන්. තව දවසක ඒ ගැන සටහනක් ලියන්නම්.
අපි ප්‍රධාන පාරට එනකොට වෙලාව හවස 1 විතර වෙලා. සෑහන බඩගින්නකුත් තියෙනවා. අපි කොහොමහරි ඉක්මන් කරලා ආපහු ආවා. එතකොටම කොබවක බෝධිය කිට්ටුව පොල් රොටි දන්සලක් තිබ්බා.
අපි දන්සලේ පෝලිමේ ගිහින් රොටියක් කෑවා. උනු උනුවේ පොල් රොටියි පරිප්පුවකුයි ලුනු මිරිසකුයි තිබ්බා. අම්බේ පරිප්පුව නම් කියලා වැඩක් නෑ. මුන් කොහොම ඉව්වද මන්දා. පට්ට රසයි ! පාන් බාගයකුත් තිබ්බා නං පරිප්පුවත් එක්ක කන්න තිබ්බා.
එක රොටියක් කාලා තව එකක් ගන්න හිතුනත් ඒ වෙනකොට දන්සැල් පෝලිම දිග්ගැහිලා තිබ්බ නිසා ආයෙම රොටි ගන්ඩ ගියේ නෑ.එතනින් රොටී කාලා අපි හොරණට කිට්ටු උනා. කදන හරියෙදි අපිට ෆ්‍රයිඩ් රයිස් දන්සලක් හම්බ උනා. පොල් රොටියකින් තව් මරාගෙන උන්නු අපේ බඩගින්න සම්පූර්ණයෙන් නිවාගත්තේ මේ දන්සලේ කියලා කිව්වොත් තමා හරි !
කෑමත් රහයි. ඒ නිසාම බඩ පුරා බත් කෑවා. එහෙන් කාලා ඉවර වෙලා අතුරුපසට අයිස් ක්‍රීමුත් දුන්නා. ඒකත් කාගෙනම ආයේ ආපහු ගෙදර ආවා.
ක්ෂණිකවම ලෑස්ති වෙලා ගියපු ගමනක් අවසන් උනේ ඔන්න ඔහොමයි. ආයෙම දවසක මාකෙලි ඇල්ල බලන්න ඔය පැත්තේ ගිහින් එන්ඩ හිතාගෙන ඉන්නේ.
ඒ ගැන පසුවට ලියන්නං.
දඹුල්ලෙ (පාහියංගල) ගිහිල්ල තලගොයි (දන්සැල්) ත් මරාගෙන ඇවිල්ල තියෙන්නෙ. අගෙයි.
ReplyDeleteආච්චිට හාල් ගරන කමෙන්ට්
Delete@ප්‍රසන්න අයියා :
Deleteනැතුව නැතුව. එකෙක් නෙමෙයි තලගොයි සෙට් එකක්ම.
ඔන්නොයි පිහිටි පොළව කියන එක පැහැදිලි කරහං හරියට
ReplyDelete@දේශකයා :
Deleteඒක තමයි මේ ගමනේ අමාරුම එක. දැනට පිහිටි පොලොව තියෙන්නේ කැනීම් කරපු පොළොවේ මට්ටමේ කියන එක තේරුම් කරන්න මාරම අමාරුයි.