පායා එන්න.. පායා එන්න..
මේ දුක් අහසට....
විකසිත කරන්න.. විකසිත කරන්න..
මගේ මේ මිහිකත....
සියලු දන හද සනසා..
පායා එන්න.. පායා එන්න..
විගසින්ම.. විගසින්ම..
පුබුදු කරනු මැන.. පුබුදු කරනු මැන..
මගේ ලක් මාතාව..
ඔබේ උණුසුම් රැස් දහරින්......
රැක ගනු මැනව.. රැක ගනු මැනව..
මගේ ලක් මාතාව..
පෙර රැකූ ලෙසටත් වඩා..
මහත් අදරින්.. මහත් අදරින්.......
ප්‍රියංජලී මංගලිකාගේ කවි සංකල්පනාවක්
19 May 2016
හිරු දෙවිඳේ...
සංකල්පනා වර්ගය :
කවි,
ප්රියංජලීගේ සංකල්පනා
09 April 2016
නුබ හරිම නපුරුයී...
අද හරිම අදුරැයි.....
සද තවම නොපෙනෙයි.....
කළු වරට පිපෙන කල.....
මල් හරිම සුවදයි......
සද තවම නොපෙනෙයි.....
කළු වරට පිපෙන කල.....
මල් හරිම සුවදයි......
සංකල්පනා වර්ගය :
කවි,
ප්රියංජලීගේ සංකල්පනා
30 March 2016
කාර්යබහුල වීම හා අමතක වීම
මීට අවුරුදු කීපයක ඉදලා ලියාගෙන එන බ්ලොගයක් තියෙනවා කියලා මට ඊයේ පෙරේදා ඉදලා හිතීගෙන ආවා. නිකමට වාගේ බ්ලොගයට ගොඩවෙලා බලනකොට තමා ගිය අවුරුද්දේ නොවම්බර් මාසේ ඉදලා එකම එක ලිපියක්වත් බ්ලොගයේ ලියලා නෑ..
ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ වෙනකොට අපි දෙන්නා පානදුරේට සංක්‍රමණය උනා. පානදුරේ කියන්නේ මගේ ජීවිතේ ඉතුරු කාලෙම ගෙවන්න හිතාගෙන ඉන්න තැන.
අපි දෙන්නා පානදුරේ පදිංචියට ආවේ කුලියට ගෙයක් අරගෙන. ඒ කුලී ගෙයි ඉදලා අපේ ඉඩමේ ගේ හදන්නයි මං හිතාගෙන ඉන්නේ. ඒ නිසාම ටිකක් ටිකක් අමතර වැඩ අරගෙන අමතර ආදායමක් හොයනවා. ඒ නිසා මම සෑහෙන්න කාර්ය බහුල උනා.
ඔන්න ඔය නිසයි බ්ලොගය අමතක උනේ.
පානදුරේ ඉදලා හොරණ පාරේ කිලෝමීටර් 5ක් ගියහම කුරුස හන්දියට එන්ඩ පුලුවන්. එතනින් රුක් ගහ පාරට හැරුණහම තමා මං ගත්තු ඉඩම තියෙන්නේ.

අනං මනං
25 February 2016
අද ඈගේ අවසන් දිනයයි
කාලෙකට උඩදි ඉන්දියාවේ ජනාධිපති වෙලා හිටපු මහාචාර්ය අබ්දුල් කලාම් මහත්මයා කියලා තියෙනවා මෙහෙම කතාවක්.
"ඔබ, ඔබේ රැකියාවට ආදරය කරන්න. නමුත් ඔබ රැකියාව කරන ආයතනයට ආදරය නොකරන්න.ඒ මන්දයත් ඔබ රැකියාව කරන ආයතනය, ඔබට දක්වන ආදරය නවත්වන දින ඔබවත් නොදන්නා බැවිනි."
ඔන්න ඔය කතාව කොච්චරක් දුරට නිවැරදිද කියලා තේරුම් ගත්ත දවසක් අද.ඒකට මූලිකවම හේතුව උනේ මීට අවුරුද්දකුත් මාස දහයකට කලින් අපේ ආයතනයට තේ හදන්න ආපු මැදිවයසේ ගෑනු කෙනාගේ රස්සවේ අන්තිම දවස අද වෙච්ච නිසා.
ඒ ගෑනු කෙනාව මං ශාන්ති කියලා හඳුන්වන්නම්. ශාන්ති මැදිවියත් පසු කරපු අවිවාහක කාන්තාවක්.
ශාන්තිගේ පවුලේ හිටියේ එයයි එයාගේ අම්මයි තාත්තයි. මුළු ගෙදරටම රස්සාව කලේ ශාන්ති විතරක්ම නිසා පවුලේ තිබ්බ එකම ආදායම් මාර්ගය උනේ ශාන්තිගේ තේ හදන රස්සාව විතරයි.

17 February 2016
මගේ හොඳම යාළුවා - 2 වන කොටස
අසංක සංජීව කියන මගේ හොඳම යාළුවා ගැන ලියන ලිපියේ දෙවැන්න තමා මේ ලියන්නේ.
අපි දෙන්නම සිස්සත්තේ ෆේල් වෙච්ච නිසා ඒ ඉස්කෝලෙම රැඳෙන්ඩ උනා කියලා ආයේ අමුතුවෙං කියන්ඩ ඕන නෑ නේ.දැන් වගේ නෙමේ ඒ කාලේ සිස්සත්තේ ප්‍රතිපල එනකොට අපි හයේ පන්තියේ ඉගෙන ගන්නවා.
හයේ පංතියේ ඉගෙන ගන්න දවස්වලදි මගේ මතකයේ තිබ්බ සිද්ධිය තමා ඌයි මායි සරුංගල් අරින්ඩ ගියපු දවස්. දවසක් සරුංගල් අරින්ඩ ගිය වෙලේක මගේ අතින් උගේ සරුංගලේ වතුරට වැටුනා. ඊට පස්සේ ඌයි මායි වෙල මැද්දේ මරා ගත්තා.
හතේ පංතිය... හතේදී සුමුදු වාසනා ලොකු ළමේක් උනා කියලා මතයක් ඇරෙන්ඩ අසංකයායි මායි කරපු දේවල් නං මතක නෑ.
ඊට පස්සේ අටේ පංතිය... ආහ් හා... සෞම්‍යා නිර්මාණි ලොකු ළමේක් උනේ ඒ අවුරුද්දේ දි.. මායි අසංකයයි ඒකිට විහිලු කලා මතකයි. ඒක නං වෙනම පෝස්ට් එකකිං කියන්ඩ වටිනවා. :)

සංකල්පනා RSS සබැඳිය :
Posts (Atom)