17 February 2016

මගේ හොඳම යාළුවා - 2 වන කොටස

අසංක සංජීව කියන මගේ හොඳම යාළුවා ගැන ලියන ලිපියේ දෙවැන්න තමා මේ ලියන්නේ.

අපි දෙන්නම සිස්සත්තේ ෆේල් වෙච්ච නිසා ඒ ඉස්කෝලෙම රැඳෙන්ඩ උනා කියලා ආයේ අමුතුවෙං කියන්ඩ ඕන නෑ නේ.දැන් වගේ නෙමේ ඒ කාලේ සිස්සත්තේ ප්‍රතිපල එනකොට අපි හයේ පන්තියේ ඉගෙන ගන්නවා.

හයේ පංතියේ ඉගෙන ගන්න දවස්වලදි මගේ මතකයේ තිබ්බ සිද්ධිය තමා ඌයි මායි සරුංගල් අරින්ඩ ගියපු දවස්. දවසක් සරුංගල් අරින්ඩ ගිය වෙලේක මගේ අතින් උගේ සරුංගලේ වතුරට වැටුනා. ඊට පස්සේ ඌයි මායි වෙල මැද්දේ මරා ගත්තා.


හතේ පංතිය...  හතේදී සුමුදු වාසනා ලොකු ළමේක් උනා කියලා මතයක් ඇරෙන්ඩ අසංකයායි මායි කරපු දේවල් නං මතක නෑ. 

ඊට පස්සේ අටේ පංතිය... ආහ් හා... සෞම්‍යා නිර්මාණි ලොකු ළමේක් උනේ ඒ අවුරුද්දේ දි.. මායි අසංකයයි ඒකිට විහිලු කලා මතකයි. ඒක නං වෙනම පෝස්ට් එකකිං කියන්ඩ වටිනවා. :)


ඒ ඇරෙන්ඩ ඉංග්‍රීසි කවි පාඩං කරන්ඩ දීපු සිද්ධියක් තමා තියෙන්නේ. ඒකත් පෝස්ට් එකකින්ම කියන්ඩ ඕන. ඒ නිසා පසුවට ලියනවා.

අටේ පංතියේදි මට මතක හිටිනම සිද්ධිය උනේ දවසක් අපේ පංතියේ එකෙක් බෝල විදින තුවක්කුවක් ඉස්කෝලෙට ගෙනාවා. ඒක ගෙනාවට පස්සේ අසංකයා ඒ තුවක්කුවෙං බෝල විද විද හිටියා. මාත් උගෙං තුවක්කුව ඉල්ලගෙන එහාපැත්ත මෙහා පැත්ත පෙරල පෙරල බලනකොට එක වතාවෙම කොක ගැස්සුනා.

හිතාගන්ඩ පුලුවන් ද මොකද උනේ කියලා...

තුවක්කුවේ ලෝඩ් කරලා තිබ්බ බෝලයක් විසික් උනා. ඒ චූටි බෝලය විසිවෙලා නැවතුනේ අසංකයාගේ නාස් පුඩුව ඇතුලේ. නාස් පුඩුවේ බෝලය හිර වෙලා එන්නේ නැති උනොත් කියලා හිතුන නිසා මම සෑහෙන්ඩ බය උනා. 

නමුත් මගේ වාසනාවට ඌ හෙලපු එක හුස්මකින් නාහේ ඇතුලට ගියපු ප්ලාස්ටික් බෝලය එලියට ආවා. ඒ වෙලාවේ තමා මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඒත් එක්කම මගේ අතේ තිබ්බ තුවක්කුව උදුරගෙන ඒකෙන් මට දෙපාරක් වෙඩි තිබ්බා. ඒ පාරවල් දෙකටම මගේ ඇඟේ රුපියලක් සයිස් පලු දෙකක් ආවා.

මං ඊට පස්සේ ඌ ගෙදර යනකං ඉදලා වෙල මැද්දෙදි ඌව අල්ලගෙන උගේ බඩට දෙකක් ඇනලා ගෙදර දිව්වා. :)

දහය පංතිය !

ඒක නං මරුම පංතියක්. මම ඒ පංතියේදි හිටියේ අන්තිම පේලියේ අසංකයාත් මට එහා පැත්තේ ඩෙස්ක් එකේ උන්නේ.අපි දෙන්නා නිදහස් කාළ පරිච්ඡේද වලදි කරපු එකම වැඩේ බිත්තියේ එක එක කවි ලියපු එක. දවසක් ඔහොම බිත්තියේ ලියනවා සර් කෙනෙක්ට අහුවෙලා ඌටයි මටයි ඔපිස් එකට එන්ඩ කිව්වා. 

එන්ඩ කියලා දෙන්නටම කොළ දෙකක් දීලා දෙන්නා කරපු වැරදි ටිකයි ඒකට සම්බන්ධ අනිත් අයගේ නම් ටිකයි ලියන්ඩ කිව්වා.   මායි අසංකයායි කතා වෙලා දෙන්නට දෙන්නා පාවා දෙන විදිහට ලියුම් දෙක ලියලා සර්ට දීලා දන ගැහුව්වා වරුවක්ම. :)

ඒ වගේම අපි දෙන්නා වැල පත්තර බැලුවෙත්  ඔය පංතියේ දි.ඩෙස්ක් යට තියාගෙන පත්තර බැලුවා තාම මතකයි. ශ්‍රීදේවි, මියුරුසර වගේ අපේ ජනප්‍රියම පත්තර. ඒ ටු ඉසෙඩ් කියලා පත්තරයක් තිබ්බා. ඒක නං මෙලෝ රහක් නෑ. හොඳම හරියට එනකොට කතාව මතු සම්බන්ධයි වෙනවා.

මේ කාලේ වෙනකොට කොන්ඩම් එකක් කොයි වාගේද කියලා දැනගෙන උන්නේ නෑ. ඒ නිසා අපි ට්‍රයි කලේ කොහොමහරි කොන්ඩම් එකක් මොන වාගේද කියලා බලන්ඩ.

ඒකට ඉදිරිපත් උනෙත් අපේ අසංකයා !

ඌ කිව්වා කඩවත ටවුමේ කොන්ඩම් බූත් එකක් තියෙනවයි කියලා. ඒකෙන් එකක් ගේමුයි කියලා. මායි අනිත් යාළුවොයි එකතු වෙලා අසංකයාට සල්ලි හොයලා දුන්නා. පහේ කාසි වලිං තමා සල්ලි දුන්නේ. ඌ කොහොමහරි කඩවත කොන්ඩම් බූත් එකට සල්ලි දාලා දහ දොලොස් වතාවක් බොත්තම ඔබලා ඔබලා කොන්ඩම් එකක් අරගෙන තිබ්බා.

පහුවෙනිදා ඌ ඒක ඉස්කෝලේ ගෙනත් තිබ්බා.

අපිට සේරෝටම මැජික් වාගේ. අතින් අත යව යව කොන්ඩම් එකේ තෙල් ගතිය බැලුවා. ඉස්කෝලේ ඇරුනට පස්සේ ඕක ගෙදර ගෙනියන්ඩ බැරි නිසා මම ඒක පුම්බලා වොලිබෝල් කණුවේ එල්ලලා ගියා. :)

එකොලහ පංතියේදි...

ඔය කාලෙදි තමා පාම්පරා, බාබුල් වගේ මත් වෙන ජාති අත්හදා බැලුවේ. ඒ වගේම කැස්සට බොන පැණියක් තිබ්බා. ඒක ගොඩක් බිව්වහම මත් වෙනවා.

මායි අසංකයයි දවසක් ඕක පාමසියකින් ගෙනාවා. ඒ දවස්වල ලොකු බෝතලයක් 95යි පොඩි එක 65යි. අපි ලොකු එකක් ගෙනාවා.ගෙනල්ලා මායි අසංකයයි බීලා තව එකෙක්ට ටිකක් දුන්නා. මේං ටික වෙලාවකින් ඔලුව කැරෙකෙන්ඩ වාගේ ගත්තා.

මට බෝඩ් එකේ ගණං දෙක ගානේ පේන්ඩ ගත්තා... !

එදායිං පස්සේ ඔය මත් වෙන ජාති උන අඩු උනා.
 

1 comment:

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.