05 October 2025

ජේම්ස් මොරියාටි

 රහස් පරීක්ෂණ ශානරයේ පොත් කියවන කෙනෙක් නම් ජේම්ස් මොරියාටි එහෙම නැත්නම් ජිම් මොරියාටි. නිකන්ම නිකන් මොරියාටි නෙමේ. ඔහු මහාචාර්ය ජේම්ස් මොර්යාටි... !

ගණිත විෂයය සම්භන්ධ මහාචාර්යය කෙනෙක් විදිහට තමයි ජේම්ස් මොරියාටිව ලන්ඩනයේ ජනතාව හඳුනා ගන්නේ. එහෙත් රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ට නම් ඔහු පාතාලයෙ සෑහෙන්න නමක් දිනාගෙන ඉන්න කුප්‍රකට අපරාධකරුවෙක්.

ෂර්ලොක් හෝම්ස් සදහන් කරන විදිහට ඔහු ලන්ඩනයේ විශ්ව විද්‍යාලයක සිය සිසුන්ට ද්විපද ප්‍රමේයය ආශ්‍රිත සාධනය කිරීම් උගන්වනවිට ඔහුගේ සහචරයින් ලන්ඩනය පුරාම භීෂණය වගුරුවනවයි කියලා. ඒ කියන්නේ මුහුණු දෙකක් සහිත පුද්ගලයෙක් !

ඔය පහලින් තියෙන පින්තූරයේ ඉන්නේ ඔහු...!

සාහිත්‍යය මාසයේ ගත්තු පොත් වලින් ෂර්ලොක් හෝම්ස්ගේ අන්තිම ගැටළුව පොත අරගෙන තියේ නම් අනිවාර්යයෙන්ම ජෙම්ස් මොරියාටිව හමු වෙලා ඇති.

කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් කියවලා බලන්න.

 

2 comments:

  1. ඔව්, නැවත නැවතත් කියවිය හැකි ගුණය තියනවා.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට චන්දන මෙන්ඩිස් දැන් ෂර්ලොක්ව අල්ලගෙන කතා ටික හානවා.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.