12 October 2025

අද දවසේ ගණිත ගැටළුව

 අද ඉතින් ඉරිදා දවසේ කට්ටියම ගෙදරට වෙලා විවේකි සුවයෙන් ඉන්න ඇති කියලා හිතනවා. ඉරිදා දවස විවේකි සුවයෙන් ගතකරලා හවස් වෙනකොට තමයි ටික ටික මතක් වෙන්නේ හෙට සඳුදා නේද කියලා.

දුර බැහැර පලාත් වල ඉඳලා කොළඹට වැඩට එන අයට හෙට උදේම්ම ඇහැරිලා බස් වලට දුවන්ඩ ඕන කියලා මතක් වෙනකොට කේන්තිත් යනවැති. මොනවා කරන්නද ඉතින් ජීවත් වෙන්ඩ රස්සාවකුත් කරන්ඩ එපෑ.

සති අන්තයේ ගම්බිම් වල ගියපු අය උදෙම්ම වැඩට එන්න පිටත් වෙන නිසා වාහන තදබදයත් ටිකක් විතර වැඩි දවසක් තමයි හෙට....!

ඒවයින් කාරි නෑ...

තාම ඉරිදා නේ. ඔන්න එහෙනම් අද දවසටත් මම ගණිත ගැටළුවක් ගෙනාවා. මේක මේ මුහුණු පොතේ කරක් ගහනකොට හම්බ වෙච්ච ගණිත ගැටළුවක්.. !

බල්ලාගෙයි පූසාගෙයි හාවාගෙයි බර වල එකතුව තමයි හොයන්ඩ තියෙන්නේ. පොඩ්ඩක් කල්පනා කලොත් විසඳගන්න පොටක් පාදගන්ඩත් බැරි වෙන එකක් නෑ. 

පුළු පුළුවන් කට්ටිය විසදුම පහලින් කමෙන්ට් කරන්නකෝ. ගණිත ගැටළු අරහන් කට්ටිය නම් විසඳුවේ නැතත් කමක් නෑ.

එහෙනම් මම ගියාවේ.. ජය වේවා !

1 comment:

  1. අජිත් ධර්මකීර්තිOctober 12, 2025 at 10:20 PM

    බල්ලාගේ පුසගේ හාවාගේ බර
    වඩා අඩුයි මල්ලියා මගේ හිතේ බර
    අපි දෙදෙනා හමුවෙලා හෙට
    විසදමු මගේ ගතේ බර

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.