09 February 2023

සැතපුම් කණුව

 මීට සෑහෙන කාළයකට උඩදී මම ලංකාවේ විවිධාකාර සැතපුම් කණු ගන බ්ලොග් ලිපියක් ලිව්වා. ඒ ලිපියෙදි මම දැනට දකින්නට හම්බ වෙන සැතපුම් කණු කිහිපයක් ගැන විස්තර ටිකක් ලිව්වේ.

මේ ලිපිය වෙන් වෙන්නෙත් ඒ වගේ සැතපුම් කණුවක් ගැන කියන්නටම තමයි. මේ සැතපුම් කණුව මට හම්බ උනේ අරුග්ගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලය ආසන්නයේ දී.

සැතපුම් කණුවේ අංක එක ලෙස සටහන් වෙලා තියෙනවා දකින්නට පුලුවන්. හොරණ පානදුර ප්‍රධාන පාරේ ඉඳලා මෙතැනට හරියටම කිලෝමීටර් 1.6ක් විතර තිබෙනවා. ඒ කියන්නේ මේ කණුව සැතපුම් කණුවක්. 

 


මේක කොයි වෙලේක හරි ගැලවිලා ඉවත් වෙයි කියලා හිතෙන නිසා මම පින්තූරයක් ගත්තා. පහලින් තියෙන්නේ ඒ පින්තූරේ..


 මේ පින්තූරේ අරගෙනත් දැන් සෑහෙන කාළයක් වෙනවා. මීට දින කිහිපයකට උඩදි මට ආයෙමත් මේ සැතපුම් කණුවේ පින්තූරයක් ගන්න පුලුවන් උනා. ඒ පැත්තම සුද්ද කරලා තිබුනා. කවුරුහරි මේ කිට්ටුවෙන්ම ගිහි ගොඩක් ගහලා තිබිච්ච නිසා කණුව කළු පැහැ ගැන්විලා තිබුණා.


 එහෙනම් මම ගියාවේ... ජය වේවා !

2 comments:

  1. නිකමට ගූගල් මැප් එකේ බැළුවා. තියනවා නේන්නං.
    ඒ විතරක් නෙවෙයි, ඔය පාර දිගටම ගිහින් පාරු පාලම පැනලා යද්දි හම්බවෙන පරණ වලව්වෙ ගේට්ටුව ලඟ, දෙකේ කණුවත් තියනවා දැක්කා.

    https://www.google.com/maps/@6.7256269,79.9684681,3a,75y,356.74h,75.82t/data=!3m6!1e1!3m4!1s7vUsH2QjYKqkJxpTlJ2MJA!2e0!7i13312!8i6656

    ReplyDelete
    Replies
    1. දවසක ගිහින් ඒකෙත් ෆොටෝ එකක් ගහගෙන එන්ඩ ඕන

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.