11 February 2023

ගජමෑන්

 මේ දිනවල අති සාර්ථක අන්දමින් තිරගත වන ගජමෑන් චිත්‍රපටිය නරඹන්නට මට ද අවස්ථාවක් ලැබුණි. ගජමෑන් චිත්‍රපටිය පිළිබඳ පූර්ව ප්‍රචාරක කටයුතු සිදු වුනේ මීට අවුරුදු 5කට පමණ උඩ දී බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. විවිධ හේතූන් නිසා තිරගත වීම කල් ගිය ද මේ වසරේ ජනවාරි 20 වනදා පටන් ලාංකීය සිනමා රසික රසිකාවියන්ට ගජමෑන් චිත්‍රපටය රස විඳින්නට හැකියාව ලැබී තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ හා අනෙකුත් ප්‍රචාරණ මාධ්‍යන් ඔස්සේ සදහන් කළ පරිදි මෙය ශ්‍රී ලංකාවේ පළමු ත්‍රිමාණ චිත්‍රපටය වේ.

මෙහි ඇත්තේ ඉතාම සරල කතා තේමාවක් උවත් පොඩි මල්ලි හා චූටි මල්ලි දෙපලගේ හඬ කැවීම් නිසා කතාවට අපූරත්වයක් එකතු වී ඇත. එසේම ත්‍රිමාන රූප ද යම්තාක් දුරට යහපත් මට්ටමක පැවතුණි. හොලිවුඩ් චිත්‍රපට තරම්ම ගුණාට්මක බවින් ඉහල නොවූනද යම්කිසි සාර්ථකත්වයක පළමු පියවරක් ලෙස මා මෙම චිත්‍රපටය හැදින්වීමට කැමැත්තෙමි.


ප්‍රකට කාටූන් ශිල්පී කැමිලස් පෙරේරාගේ ගජමෑන් චරිතය චිත්‍රපටයට පිවිසීමක් ලෙස පූර්ව ප්‍රචාරණයේදි සඳහන් විය. එසේම මේ චිත්‍රපටයට මෝශන් කැප්චර් තාක්ෂණය ද උපයෝගී කර තිබූ බව ද සදහන් විය.

අවස්ථාවක් ලැබුණොත් ඔබත් ගොස් නරඹන්න.

8 comments:

  1. බලන්න හිතං ඉන්නෙ බලලම කියන්නං. හුඟක් අය හැබැයි දෙන්නෙ බෑඩ් රිවිව්ස්. බට් නමුත් බලනව. ඒ්මයි හිතං ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. බෑඩ් රිවීව්ස් තමයි ඉතින් ගොඩක් තියෙන්නේ. ඒත් ඉතින් හිත හදාගෙන බලන්න.

      Delete
  2. වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලනය තුල ජන ජීවිතය යථා තත්වයට පත්ව ඇති බව පෙන්වීමට හොදම උදාහරණයක් නම් සංකපාල බ්ලොග් අඩවිය තුලින් ඔහු හෙළිදරව් කරන ඔහුගේ අති ධාවනකාරී ජීවන විලාසිතාවයි.

    කටට රසට රසමලවුළු කමින් අරක්කු බොමින් අධිබලැති ඩීසල් එන්ජිම සහිත ටර්බෝ වාහන වලින් කෑම්පින් යයි. කිසිදු මුල්‍යමය ඉන්ධන ගැටළුවක් නැත.

    සති අන්තයේ දහස් ගානක් වියදම් කරමින් චිත්‍රපට නැරඹ විනෝද වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔවු ඒක හරි. අපි සල්ලි හොයනවා. ඒවා වියදම් කරනවා. රනිල්ගෙන් වැඩක් නෑ.

      Delete
  3. රනිල් ගැන ගොඩක් අය‍ අදහන බොරු අතරෙ මං විශ්වාස කරන බොරුවකුත් තියෙනවා. මං හිතන්නෙ නෑ රනිල් ගැන ඇත්ත අපි කිසි කෙනෙක් දන්නවා කියල. එහෙම කවුරුවත් ගැන දැනගන්න තරම් දේශපාලනයේදී සාවධාන වීමක් සිද්ද වෙන්නෙ නෑ කොයි පැත්තකින් වුනත්. ඒත් මෙහෙම දෙයක් තියෙනවා. හැමවෙලාවකම බහුතරය ඉන්න පැත්ත කියන්නෙ අනිවාර්ය ලෙසම වැරදි පැත්ත. අසංවේදී පැත්ත. වඩා අන්ධ වූ ඇදහිලිවන්ත පැත්ත.

    රනිල් ගැන මගේ බොරුව මෙහෙමයි. රනිල් කියන්නෙ තමන්ගෙ දේශපාලන ඉතිහාසය ඇතුලෙ කිසිම දවසක ජාතිවාදය, වර්ගවාදය වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් නෙමෙයි. දේශපාලන බලය වෙනුවෙන් මේ තුරුම්පුව ලංකාවෙ අනිත් හැම කෙනෙක්ම පාවිච්චි කරලා තියෙනවා. ජවිපෙ මේක උඩින්ම පාවිච්චි කරපු පක්ෂයක්. අදත් ජවිපෙට මේ අන්තය අතාරින්න අමාරුයි. සජිත් ඕන වෙලාවක මෙතන හිටගන්නවා. ඒක තමයි ලංකාවෙ බලය දිනන ලේසිම ක්‍රමය.
    අනික ලංකාවෙ බහුතරයට රනිල් එක්ක තියෙන්නෙ පුද්ගලික ප්‍රශ්නයක්. උන් රනිල්ට කැමති නෑ. රනිල් විසින් උන්ව ඉන්ටිමේඩේට් කරනවා. අපහසුතාවයට පත්කරනවා. හීනමානයක් ඇති කරනවා. මං කැමතියි එහෙම පෞර්ෂයන්ට. අපිව පර්සනලි අවුල් කරන මිනිස්සුන්ට. ආදරෙන් බදා වැළඳගෙන පපුවෙන් කතා කරන හැගුම්බර මිනිස්සුන්ට වඩා අපිව එකසිස්ටන්ෂල් ක්‍රයිසිස් එකකට දාන මිනිස්සු අසිරිමත්.

    රනිල් ඉන්නෙ තනියම. රනිල් කියන්නෙ පක්ෂයක් නෙමෙයි. හැමෝටම තමන්ගේ පිරිස වැඩි කරගන්න කියන්න වෙන බොරු, ඇති කරගන්න වෙන එකගතාවලට වඩා තනියම තමන් පිළිගන්න ස්ථාවරයක පෙනී ඉන්න මිනිස්සුන්ට මං කැමතියි. මිනිස්සු තමන් ඉන්න පැත්තට ආවොත් මිස තමන් මිනිස්සු ඉන්න පැත්තට නොයන එළඹුමට මං ගරු කරනවා. ජවිපෙ මෙතනදි ඉතාම දුර්වලයි. ඊයෙ විවේචනය කරපු දේ වෙනුවෙන් අද පෙනී ඉන්න තරම් පෞර්ෂයෙන් දුර්වලයි. උදා විදිහට මෑතක වෙනකල්ම ජවිපෙ විශ්වාස කලේ සමලිංගිකත්වය රෝගයක් කියල. කාන්තාවන් මත්පැන් පානය කිරීම වැලැක්විය යුතුයි කියල. ආගම අබිං කියල. අයිඑම්එෆ් යන්නෙ නෑ කියල. රජයේ රස්සා වැඩි කරන්න ඕන කියල. තව බොහෝ දේවල්. අඩුම තරමෙ ඒ පෙනී හිටපු අතීත තැන ගැන විවේචනයක් හෝ නැතිව ජවිපෙ ආස්ථාන මාරු කරනවා. ඒක මානසික රෝගී තත්වයක්.
    මං කැමතියි හුදකලා වෙන මිනිස්සුන්ට. රංචුව විසින් ඔසවා ගන්න මිනිස්සුන්ට වඩා. ගෝටාබය වුනත් ජනාධිපති ධුරයෙන් ඉවත් වෙලා හුදකලා වුනු තැන පටන් මං මනුස්සයෙක් විදිහට ගෝටාට ආදරය කරනවා. ඒ වේදනාව හෝ හුදකලාව බෙදාගන්න පුළුවන් නම් ඒක කරනවා. හුදකලාව විසින් මිනිස් පැවැත්මේ ඉතා ගැඹුරු තලයන් ස්පර්ශ කරනවා.

    රනිල් කියන්නෙ හුදකලා මිනිහෙක්. ලිංගික අනන්‍යතාවයක් විදිහට මහා සමාජය විසින් හුදකලා කළ මිනිහෙක්. පොදු සංස්කෘතියට පිටස්තර සංස්කෘතියක් දැරීම නිසා හුදකලා කරන මිනිහෙක්. පොදු විශ්වාසයන් සමග අනන්‍ය නොවන නිසා හුදකලා කරන මිනිහෙක්. එතනදි රනිල්ව මට දැනෙන ප්‍රමාණය පොදු එක සමග අනන්‍ය මිනිහෙක් දැනෙන ප්‍රමාණයට වඩා වැඩියි.
    අනික මේ වෙලාවෙ රනිල් පිහිටන තැන. ඒක ඓතිහාසිකයි. ජනවරමකින් නැතිව ව්‍යවස්ථා වරමකින් ලැබුණු ධුරයක්. බංකොලොත් රටක්. පිස්සු කෙළින ජනතාවක්. තමන්ගෙ එකම හයියට ඉන්නෙ ඉතිහාසයක් පුරා තමන්ගෙ ප්‍රතිවාදියාම වුනු තැනක්. අවසාන අවස්ථාවක්.
    ඒක තනි මිනිහෙකුට සෙල්ලම් කරන්න ලේසි ගේම් එකක් නෙමෙයි. අනුර වගේ කෙනෙක් නම් කලිසමේ මුත්‍රා පහවෙන තරමෙ එකක්. ඒත් රනිල් තෝරගන්නවා උත්සාහ කරමින් මියැදීම යහපත් කියල. ඒක මිනිහෙක් විදිහට ජීවිතේ ගහන අවසාන කැරැල්ලක්. ඒ ගැන මට තියෙනවා ගෞරවයක්.

    ඉතිං ඔය විදිහට රනිල් ගැන මගේ බොරුව තව දුර යනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකු කමෙන්ට් එකක් පළ කලාට.

      Delete
  4. අනේ මංදා.. මටනං තාම ඔය ඇනිමේශන් ෆිල්ම් ඒ හැටි රස විඳින්න බෑ

    ReplyDelete
    Replies
    1. අපේ උන්දැටත් එම මයි. කාටූන් ෆිල්ම්ස් බලන්න කැමති නෑ.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.