03 February 2023

නිදහස් දිනය ?

 ඉස්සර මිනිස්සු අතර කතාවක් තියෙනවා "ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ..." මෙදාපාර නිදහස සැමැරීමත් හරියට ඒ කතාව වගේ. ලංකාවේ මහජනතාවට හරියට පාන් කියාගන්නවත් බැරි කාළයකි. බඩු මිල අහස උසට ගොස් ඇත.

රටම ණය බරින් මිරිකී ඇත. රටේ ණය මුදල් ගෙවා ගැනීමට දහ අතේ විසදුම් සෙවිය යුතු ය. එක ණය වාරිකයක් ගෙවා ගතහොත් අනෙක ගෙවන්නේ කෙසේදැයි සිතිය යුතු ය.

රෝහල් වල අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග සෑහෙන ප්‍රමාණයක් හිඟ ය. ඒවා කවදා කෙසේ ලැබේදැයි සිතාගත නොහැකි අරුම පුදුම කාළයකි.

කොටින්ම මිනිස්සුන්ට ගමනක් බිමණක්වත් හරියට යාගන්න බැරි තරමට බස් ගාස්තු ඉහල ය.



විදුලි කැපීම් වලින් තොරව නොකඩවා විදුලිය දී ගැනීමටවත් නොහැකි ය.

මෙවැනි අටෝරාශියක් ප්‍රශ්ණ තියාගෙන නිදහස් දිනය ජයටම සමරන්නට රජය සූදානම් වෙයි. වෙනදා පැවැත්වූ පෙළපාළි ද සංදර්ශණ ද පැවැත්වීමට සූදානම් වේ.

නිස්කාරණේ මේ වියදම් කරන්නට යන මුදල් වෙනත් වැඩකට ඇති යමකට යෙදෙව්වේ නම් අඩුම තරමේ මේ තියෙන ප්‍රශ්ණ එකකට දෙකකට හෝ කෙටි කාලීන විසදුමක්වත් ලබා ගත හැකි වනු ඇත.

මෙවැනි දෙයක්වත් සිතීමට අකමැති පාළකයින් සිටින රටක මොන නිදහස් සැමරුම් ද ?


No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.