10 February 2023

පානදුර - රත්නපුර මාර්ගය

 අපට රත්නපුර දක්වාත් එතැනින් බලංගොඩ, ඇඹිලිපිටිය, තණමල්විල, මොණරාගල, අම්පාර වැනි ගම් බලා ලෙහෙසියෙන් යාමට ඇති එකම මාර්ගය වන්නේ පානදුර - රත්නපුර මාර්ගයයි.

මේ මාර්ගය A ශ්‍රේණියේ ප්‍රධාන මාර්ගයක් වන අතර පානදුර-නාම්බපන-රත්නපුර ප්‍රධාන මාර්ගය ලෙසද හඳුන්වයි. දිගින් කිලෝමීටර් 70ක් පමණ වන අතර සෑහෙන වංගු සහිත මාර්ගයකි.

බොහෝ රියදුරන් මෙම මාර්ගයෙන් ගමන් කිරීමට මැලිකමක් දක්වයි. ඒ මේ මාර්ගයේ එක ළඟ පිහිටි වංගු සහිත වීම නිසා ය. පානදුර සිට ඉංගිරිය දක්වා පවත්වාගෙන එන වේගය පවත්වාගෙන යාමට නොහකි නිසා අප හිතනවාටත් වඩා වැඩි කාළයක් මේ මාර්ගයේ ගමන් කරන්නෙකුට ගත වේ.

මේ මාර්ගයේ වංගු සියල්ලම වාගේ පටන් ගැනෙන්නේ ඉංගිරියේ සිට ය. වංගු ඇයි කීවාට මේවා වැලමිටි වංගු නොවේ. එහෙත් එක් වංගුවකින් හරවන විටදීම අනෙක් වංගුවෙනුත් හැරවීමට සූදානම් වී පැමිණිය යුතු ආකාරයේ වංගු පෙළකි.

 

කළු ගඟට සමාන්තරවම වාගේ මේ පාර දිවෙන අතර මාර්ගය දෙපසින්ම රබර් වතු දැකගත හැකිය. රබර්වතු මැදින් ගමන් නරන මේ මාර්ගයේ පරිසර සුන්දරත්වය මාර්ගයේ වංගු සහිත බව නිසාම රියදුරුට විඳීමට නොහැකි වූවත් අනෙක් මගීන් හට රස විඳීමට හැකි ය. 

ඉංගිරියට පසුව හමුවන නාම්බපන නම් වූ ගමෙහි නාන තොටුප්ප්ළක් ද පිහිටා ඇත. මේ නිසාම සංචාරකයින් මේ තොටුපොළෙන් ඇති ඉසව්වේ වාහන නවත්වා නෑම සිදු කරයි. මෙයට අමතරව මේ මාර්ගය අවසාන හරියට වන්නට සපරගමුව මහ සමන් දේවාලය ද පිහිටා ඇත. බොහෝ විට පානදුරේ සිට එන ඕනම අයෙක් මේ සමන් දේවාලය අසල නවත්වා පඩුරු දැමීමද සිදු කරයි.


මා මෙම මාර්ගයේ කිහිප වතාවක් ගමන් කර ඇත්තෙමි. මා හට නම් මේ වංගු නැමිල්ලට බොහෝ සෙයින් ආසා කරමි. කෙලින් මාර්ගයක වැඩි වේගයකින් යනවාට වඩා ගියර් මාරු කරමින් වංගු නම නම ගමන් කිරීම එක්තරා අන්දමේ ක්‍රීඩාවක් වැනිය.

එහෙත් මා මේ මාර්ගයේ ගමන් කරනවිට බොහෝ සෙයින්ම පරිස්සම් වීමට වග බලා ගන්නෙමි. 


10 comments:

  1. අහම්බෙන් අදමයි ආවේ, පස්සේ අයිත් එන්නම්
    මම විජේබාහු

    ReplyDelete
  2. ලස්සන සටහනක් . මමත් මේ පාරේ කිහිප වතාවක් ගිහින් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. වංගු ටික නියමයි නෙහ්

      Delete
  3. ඔබතුමා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියදුරුමහතෙක්ද

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... මම ලංගමයේ නෙමෙයි

      Delete
  4. මමත් එක සැරයක් විතර ගිහින් තියෙනවා. කොළඹ ඉඳන් අක්කරෙයිපත්තුව යන වෙලාවක.

    ReplyDelete
    Replies
    1. යද්දි වෙලාව යනවා හැබැයි

      Delete
  5. දෙසැමබරයේ දී ගියා ආවා බස් එකේ. ඉංගිරියෙන් පස්සේ එපා වෙනවා.
    බස් එකේ සමහර ගොං බයියන් දේවාල ළඟදී පුක උස්සනවා දැකලා හිනාත් ගියා. කාලෙකින් එහෙම සීන් එකක් දැක්කේ.

    ReplyDelete
    Replies
    1. දේවාල පන්සල් පල්ලි ළඟින් යද්දි ගොඩක් අය පුක උස්සනවා තමයි.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.