01 February 2023

බඹරකිරි ඇල්ල

 2021 වර්ෂයේදී අපේ මිතුරන් පිරිසක් සමඟ මා වස්ගමුව නැරඹීමට ගියෙමි. සාමාන්‍යයෙන් වස්ගමු යන්නට නම් දඹුල්ලට ගොස් යෑම ලෙහෙසි පහසු වූවත් අප තීරණය කළේ රිවර්ස්ටර්න් හරහා වස්ගමුවට යෑම ගමනේ අගය තව තවත් වැඩි කරවන්නක් වන බව ය.අනෙක් අතට කෙලින්ම වස්ගමු යන්නේ නැතිව මගදිගට තව තවත් දේ දැකබලා ගමන යන්නට තිබේ නම් කොච්චර වටී දැයි අප කා තුලත් තිබූ අදහසක් විය. ගමනේ මහන්සියත් නිවාගෙන යාමට ද එය පිටිවහලකි.

 ඒ නිසාවෙන්ම අප රිවර්ස්ටර්න් හරහා වස්ගමු යන්නට එදින උදේ පිටත් වූවෙමු.

අපේ චාරිකාව දින තුනක එකක් වූ අතර පළමු දින අපේ ගමනාන්තය වන්නේ වස්ගමුව වනයේ පිහිටුවා ඇති කඳුරුපිටිය වන නිවහනයි. දින දෙකක්ම වනය තුල වූ නිවහනක ගෙවා පසුදින නැවතත් ගම් රටවල් බලා ඒමට අප සැලසුම් කර තිබුණි.

අළුයම අප පිටත් වී පෑ කිහිපයක ගමනකින් අනතුරුව අපට රිවර්ස්ටන් දක්කා වූ මාර්ගයට අවතීර්ණ වීමට හැකි විය. රිවර්ස්ටර්න් එන ගමනේදී අපට මුලින්ම හමු වන්නේ බඹරකිරි ඇල්ලයි.

තරමක බිහිසුණු ගතියක් උසුලන ඇල්ල අතීශයින්ම චමත්කාරජනක ය. 





 

ඇල්ල හරහා වැටී ඇති වැල් පාලම නිසා ඇල්ලේ සුන්දරත්වය ද තරමක ඉහල නැංවීමට රුකුලක් වන බව මගේ අදහසයි. හරිත පැහැ ගත් පරිසරයක සුදු පෙණ නගමින් ඇල්ල පහලට කඩා වැටේ. එතරම් උසකින් යුක්ත වන ඇල්ලක් නොවන බව මා කිව යුතු ය. බඹරකිරි ඇල්ල උසින් මීටර් 10ක් පමණ වන අතර මාතලේ දිස්ත්‍රික්කය තුල ඇල්ල පිහිටා ඇත.


 

මද වේලාවක් අප බඹරකිරි ඇල්ලේ සුන්දරත්වයට වශී වී නැවතත් රිවර්ස්ටර්න් දක්වා ගමන ඇරඹුවෙමු.

2 comments:

  1. අගෙයි....!
    බඹරකිරි ඇල්ල කියල නම වැටුනෙ ඇයි කියල හෝඩුවාවක් දන්නව ද?

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි සහෝදරයා !
      නම හැදුන හැටි ගැන නම් හොයාගන්න බැරි උනා.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.