27 January 2023

විහිළු

 සමහර ජෝක්ස් තියෙනවා ඒක අහන වෙලාවෙදිම හිනාවෙන්න පුලුවන්. ඒවා පට්ට. ඒ වෙලාවෙදි ඇහුවා. ඒකට හිනා උනා. කතාව ඉවරයි ! චැප්ටර් ක්ලෝස් !


තව සමහර ජෝක්ස් වර්ග තියෙනවා, ඒවා අහලා ටික වෙලාවක් ඉන්නැද්දි හිනා යන ඒවා. හරියට ටියුබ් ලයිට් වගේ ජෝක්ස්. ජෝක් එක අහලා ටික වෙලාවක් ගියාට පස්සෙයි හිනාව පත්තු වෙන්නේ. ඒවත් කමක් නෑ කියමුකෝ..


තව ජෝක්ස් කැටගරි එකක් තියෙනවා. ඒවා අහන වෙලාවට හිනා යන්නෙත් නෑ. පස්සේ හිනා යන්නෙත් නෑ. හරියට අපිට හිතෙන්නෙම ඒක සීරියස් කතාවක් කියලා. ජෝක් එකක් කියලම හිතෙන්නේ නෑ.

නමුත් ටික කාලයක් ගිහින් ඒක අපටම අවබෝධ වෙනවා මේ කියයලා තියෙන්නෙත් විහිළු කතාවක්මයි කියලා.

පල්ලෙහා පින්තූරේ කට්ටිය ශෙයාර් කරනවා දැකලා නිකන් දැම්මේ. මේ පෝස්ට් එකට කිසිම අදාලතාවයක් නෑ.


 

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.