09 January 2023

ඉන්ධන කෝටා ක්‍රමය

 වෙලාවකට මේ ඉන්ධන කෝටා ක්‍රමය නම් හෙන සාපයක් අප්පා. වාහනේ හිතේ හැටියකට ගමනක් ගිහින් එන්න බෑ. මොකද සතියකටම හම්බ වෙන්නේ පෙට්‍රල් ලීටර් 20යි. ටිකක් දුරකට ගියොත් ආයේ එන්න වෙන්නේ නෑ. තෙල් මදි වෙනවා.

අපි රස්සාවක් කරලා සල්ලි හම්බ කරනවා නම් අපිට හිතේ හැටියට දේවල් කරන්න පුළුවන් ආර්ථිකයක් හදන්න රටේ පාලකයෝ දැන ගන්න ඕන. උන්ට මෙහෙම මිරිකි මිරිකී ජීවත් වෙන්න සිද්ධ වෙලා නැති නිසා ඒවයින් ගානක් දැනෙන්නේ නෑ.

කොටින්ම මේ වගේ ජහුට පාලකයන්ව පත් කරලා යවපු උන්ට ඉස්සෙල්ලම මඩු වලිගයකින් තලන්ඩ ඕන.



වැරදිලා හරි මුන්ව පත් කරලා යවලා ඒ ගැන දුක් වෙවී ඉන්න උන්ව ටිකකට අමතක කරමුකෝ. මොකද මිනිස්සුන්ට වරදින්න තියෙන සම්බාවිතාවයක් තියෙනවයි කියමුකෝ. ඒ කරලත් තාමත් මුන්ටම කත් අදින උන් දැක්කහම යස්ස කේන්තියක් එන්නේ අප්පා !

මේ කිව් ආර් ක්‍රමය නිසා මම නම් කරන්නේ සති දෙක තුනක ඉඳලා පුල් ටෑන්ක් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ සෙනසුරාදා දවසක ගමන ගිහින් යන මගදි ලීටර් 20 ගහ ගන්නවා. ඊට පස්සේ ආයෙම එන්නේ සඳුදා වගේ දවසක. එතකොට ආයෙම 20ක් සෙට් වෙනවනේ. ඒකත් ගහගෙන ගෙදර එනවා.

ඔහොම තමා අපට දුර ගමනක් යන්න වෙලා තියෙන්නේ !

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.